Friday, September 1, 2017

නිට්ටාවට සුවනොවන රෝගයකි “ ගබ්සාව”








ගබ්සාව නීතිගත කිරීමත් නොකිරීමත් මහා කඹ ඇදිල්ලක් බවට පත් වී ඇති බව මම දන්නෙ සත්‍ය වශයෙන්ම බ්ලොග් අවකාශයෙනි. පුජ්‍ය පක්ෂය ගබ්සා කිරීම තහනම් කරවන තැනට වැඩ කටයුතු කරද්දී තවත් පිරිසක් ගර්භාසය ඇගේය. එහි තීරණ ගැනීම ඇය සතුවන්නේය. යනුවෙන් විවිධාකාර අදහස්  ගෙන හැර දක්වයි. ඇත්තෙන්ම තමන්ගේ කුසින් උපන් දරුවාට පහරක් ගැසීමට පවා මේ රටේ නීතියට අනුව  තහනම්ය. එහෙත් තම දරුවන් යහපත් පුරවැසියන් කිරීමේ අරමුණින් මව් පියවරුන් තම දරුවන්ට ගුටිබැට දීමට කිසිවිට පසු නොබාති. නීතය පවතින්නේ අසික්කිත ලෙස දරුවන් ට පහර දී ඔවුන් විනාශ මුඛයට හෙලන වුන් බිලී බා ගැනීමටය. මැදිරිගිරියේ කුඩා දරුවෙකු මිය ගියේ අම්මාත්  ඇයගේ අනියම් සැමියාත් පහර දීය. කුඩා දරුවෙකු හට එසේ පහර දීමට තරම් තිරිසන් කුලේ සතකුවත් පෙළඹෙන්නේ නැත. එය එසේ නම් එවැනි අය හට ගබ්සා කිරීමද සුලු දෙයක් වනු ඇත.
ගබ්සා කිරීම සුළුපටු දෙයක්දැයි මා නොදනිමි. එහෙත්  සාම්ප්‍රදායික කෙම් ක්‍රම ගොඩබෙහෙත් උපයෝගි කර ගනිමින් ගොඩ ගබ්සා කරන හොර ගොඩ වෙද්දුන් සිටින බවත්  ඔවුන් වෙත ගොස් ගබ්සා කරගත්  කාන්තාවන් ඔ්නෑතරම් මේ රටේ හිදී. එය දරුවෙකු පිලිසිද ගන්නවාටත් වඩා භයානක විය හැක. මන්ද ඔවුන් ගබ්සා කරන්නේ ගොඩ හෝ වේවා බටහිර හෝ වේවා පිලිගත් ක්‍රමයකට නොවන බැවිනි. එයින් අසරණ කාන්තාවගේ හෝ ළදැරියගේ ජීවිතය අනතුරට පත්වන්නේය.  දරුවෙකු පිළිසිදීමේදී සියක් වේදනාවක් ගැබිණියක  එසේ ගබ්සා කිරීමකදී අනන්ත අප්‍රමාණ වේදනා නොවිදින්නේ යැයි කාට නම් කිව හැකිද..
ඇගේ නොවන දරුවෙකු ඇයට කුමටද? ඔව් අන් දරුවෙකු කුස දරන් කුමට වෙිදනා විදින්නේ ද .ඉක්මනින්ම කුසහොත් දරුවා නැතිකරගෙන සමාජ ගර්හාවෙන් මිදීමට ඇයත් මුදවීමට දෙමාපියන්ද හරිම  කැමතිය. පාසල් යන වයසැති දියණියක නම් ගබ්සාව සිදුකොට වෙනත් පාසලකට හෝ යැවිය හැක. එවිට සියලු අපවාදයන්ගෙන් මිදීමට හැකිය.
එහෙත් එය මිදීමක් පමණි. යළි දළු දමා මුල් ඇදී පැළවෙනු ඇත. නිට්ටාවට සුව නොවනු ඇත. එසේ මේ රටේ බොහෝ කාන්තාවන් ගබ්සා වනු ඇත. ගබ්සාව නීති ගත කල හොත් මේ රටේ බොහෝ තැන්හි ගමක් නගරයක් පාසා ගබ්සා මධ්‍යස්ථාන ඉදිවනු ඇත. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තව දුරටත් නොපවතිනු ඇත. දියණිය මවටද හොරා ගබ්සා මධ්‍යස්ථානය වෙත ගොස් ගබ්සා කරන් පැමිණෙනු ඇත. එය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කාර්යයක් වනු ඇත.
“ මම කෑමට ගිහින් එන්නම් “ කියන්නා සේ “ මම ගබ්සාකරගෙන් එන්න යනවා” වශයෙන් අනාගතයේදී පවසනු ඇත. මතු අනාතයේදී අපගේ දරුවන්ගෙන් අපටද එවදන් බලාපොරොත්තුවෙන් හිදීමට සිදුවනු ඇත. එපමණක් නොව ලිංගික අපයෝජකයන් හිතු හිතූ පරිද්දෙන් තම අවශ්‍යතා කර ගනිති. ඔවුන් මුදල් වියදම් කරති. තරුණියන් ගබ්සාකරගනිති. මන්ද නීතියෙන් තහනමක් නොමැති බැවිනි.

බුදුන් වහන්සේ දේශනා කල පරිදි දුකක් නොවන්නේ කුමක්ද. සියල්ලම දුකක්ය. ඉපදීම දුකක්නම් තවත් කුමට උපද්දවන්නේ ද යන්න මෑතක් වන තුරුම මගේ හැගීම විය. එහෙත් අවට අවශ්‍ය ආකාරයටම ඉපදීමත් සිදු නොවනු යන්න බුදුදහම පැහැදිලි කරයි. අපට ඉපදීම නැවත්වීමටද නොහැකිය. එයත් සිදු නොවනු ඇත. එසේම ගබ්සා කිරීමද දුකකි. එසේ කිරීමට පත් වීමද දුකෙකි. පවකි. කළලය ජීවියෙක් නම් , එය විනාශ කිරීම බුදු දහමට අනුව පවකි. නීතියට අනුව වරදකි. අපි බුදු දහම පැත්තකින් තබා නීතියට අනුව වැඩ කලයුතුව ඇත. මන්ද නීතිය පොදු එකඟතාවකින් බිහිවන්නක් නිසාත් එය සමාජයේ යහපැවැත්ම උදෙසා මූලික දෙයක් වන නිසාත්ය.  ඒ අනුව කළලය විනාශ කිරීමට අපට හැකියාවක් නොමැත.
බුදුන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ  හේතුවක් නැතිව ඵලයක් හට නොගන්නා බවය. එසේනම්, ගබ්සාවක් සිදුකිරීමට එයට හේතුවක් තිබිය යුතුය. එය සැමියාට දාව බිරිදතුල ගැබ් ගන්නා කළලය  හෝ පිරිමියකු අතින් දූෂණයට පත් වී හටගන්නා කලලයක් හෝ වෙනත් ආකාරයකින් ගැබ් ගන්නා කලලයක් විය හැක. මෙයින් දෙවැන්න මත බොහෝ ගබ්සා කිරීම්  නිසි හෝ අනිසි ආකාරයෙන් සිදු කරයි. ගබ්සාව මෙන්ම කිසියම් දෙයක් කරලියට පැමිණෙන්නේ එයින් ලැබෙන අනිටුප්‍රතිඵලය අගිගිස්සටම පැමිණි කල්හිය. එයින් කියැවෙන්නේ මෙරටේ ස්ත්‍රීන් විවිධාකාරවලට දූෂණය වීමේ ප්‍රවණතාවය වැඩි වීමය. එයටත් හේතුවක් හෝ හේතූන් තිබිය යුතුය. නිසිබලධාරීන් විසින්  එම හිඩැසට පිළියමක් යෙදවිය හැකිනම් බොහෝ කාන්තාවන් හට ගබ්සා කිරීමක් අවශ්‍ය නොවනු ඇත. ළදැරියකට දුකක් වේදනාවක් අත්පත්කර නොදීමට හැකිය. නොකරම බැරි ගබ්සාවන් සිදුකිරීමට සදාචාරාත්මක හා අධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පෝෂිත වෛද්‍යවරුන් වුව පසුපට නොවනු ඇත. රජය මගින් පියවර ගත යුත්තේ රටේ දිළිදු බව තුරන් කිරීමට කටයුතු කිරීමට මෙන්ම විශේෂයෙන් ගැහැණු දරුවන් කෙරෙහි මනා අධ්‍යාපනයක් ලබා දීමය.  ගැහැණු ළමයින් කෙරෙහි ලිංගික සෞඛ්‍යය සම්බන්ධ අධ්‍යාපනයක්  ලබා දීමද ප්‍රඥාගෝචර යැයි මට සිතේ. පවුලක ගැහැණු අය පමණක්ම සිටීනම්, එහෙම ගෙවල් බොහෝ ඇතැයි සිතමි. ඔවුන්ගේ ජීවනෝපාය උසස් මට්ටමකට ගෙන ඒමට රජය සුපහන් සිතින් පියවර ගත යුතු සේම  ස්ත්‍රී දූෂකයින්, ලිංගික අපයෝජකයින් හට ඥාතීත්වයක් තරාතිරමක් නොබලා දඩුවම් කිරීමට නීතිය දැඩි කල යුතුය. එවිට මතු අනාගතයේ ගබ්සාව නීතිගත කිරීමට අවැසි නොවනු ඇත.

13 comments:

  1. Replies
    1. මාතෘකාව ? එක මොකටද ....ඇනෝ වහලා බජට් නැති ගේම් දෙන්න නේද හදන්නේ
      අපොයි මෙහෙම හොරෙක් ... එහෙම නැහැ නේද.....

      මන් තරු ගහපු රණවිරුවෙක් අතේ ගහපු කුරුල්ලන්ගෙන් ඉල්ලන් කෑවට

      Delete
    2. ඇත්තද.මගේ ගෞරවය ඔබට. අන්තිම වචන පහට පිලිතුරු නොදෙමි

      Delete
    3. මං අතේ ගහපු රණවිරුවෙක්.. හපොයි.. ඕවා මෙහෙම පෙසිද්දියේ කියනවැයි? :)))))

      Delete
  2. හුග කාලෙකින් නොලිව්ව නිසා ඒකත් අමතක වුණා. ඔන්න දැම්ම. ස්තූතියි කමී

    ReplyDelete
  3. අනේ මංදා. මේ වගේ පෝස්ට් වලට පිළිතුරු ලියන්න වෙනම බ්ලොග් පෝස්ට් එකක්ම ලියන්න වෙනවා.

    ReplyDelete
  4. ගොන් තඩින්ට කොම්ප්යුටරුයි ඉන්ටර්නේටුයි හම්බ උනාම අපිට මේවගේ ලිපි කියවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ මහත්මයා

      Delete
  5. කාරණා දෙකක් කියන්නම් වැදගත් කියල හිතෙන නිසා(අනෙක්වා ගැන කතා කරන්නේ නැහැ. විස්තරාත්මකව ලියන්න අදහසක් නැති නිසා)

    1. ගබ්සාව සම්පූර්ණයෙන්ම හෝ පාලිත තත්ව යටතේ සිදු කිරීම වරදක් නොවේ නම් එය වරදක් නොවේ. කාරණය එසේ නම් හන්දි හන්දි ගානේ නොව ගබ්සා මධ්‍යස්ථාන වලින් පිරුනු වීදි පිටින් ඇති වුවද කම් නැත. මන්ද ගබ්සාවේ වරදක් නැති හෙයිනි. නමුත් ගබ්සාව සම්පූර්ණයෙන්ම වැරදි නම් හන්දියට එකක් පමණක් නොව මුලු ලංකාවටම එකක් තිබුනත් එය වැරදිය. එය නැවැත්විය යුතුය. නීතිවිරෝධී විය යුතුය. නීති විරෝධී දේ කරන්නන්ට දඬුවම් කල යුතුය.

    එනිසා ගබ්සාව හරිද වැරදිද යන කාරණය ගැන සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කල යුත්තේ එය හරිද වැරදිද කියා පමණි. නැතුව ගබ්සාව නීතිගත කලහොත් හන්දි හන්දි ගානේ ගබ්සා මධ්‍යස්ථාන ඇතිවේය කියන කතාව ගබ්සාව යනු සිදු නොකල යුතු දෙයක්ය යන මතය ඔප්පු කිරීමට යොදාගත හැකි තර්කයක් නොවේ.

    2. ඔබ මෙම ලිපියේ ලාංකික අනන්‍යතාවයක් ගැන සඳහන් කොට ඇත. ඔවැනි මෝඩ සංකල්ප වල භයානක කම ගැන දැනට වසර ගණනක් පුරා සයිබරය තුල අප පැහැදිළි කලෙමු. අප ජීවත් වෙන්නේ අතීතය විසින් නිර්මාණය කල මොන යම් හෝ අනන්‍යතාවයක් රැකීම උදෙසා නොවේ. අවැසි විට අතීතය විසින් නිර්මාණය කර ඇති අනන්‍යතා වෙනස් කොට, විනාශ කොට නව අනන්‍යතා නිර්මාණය කර ගැනීමටය. වෙනස් වන ලෝකයේ ලාංකීය හෝ මොනයම් අනන්‍යතාවයක් හෝ කිසිදා වෙනස් නොවිය යුතුය යන මතයේ සිටියි නම් ඔහු අතීතයේ ජීවත් වන ඇවිදින මළමිනියකි.

    හරි දේ තේරුම්ගෙන එය ක්‍රියාත්මක කිරීමේදී ලාංකික අනන්‍යතාවය වෙනස් වේ නම්, විනාශ වේ නම්.. ඉතින් මොකද?

    එනිසා යම් දෙයක සුදුසු නුසුදුසුකම ගැන, හොඳ නරක ගැන, හරි වැරැද්ද ගැන කතා කරන විට ඊනියා අනන්‍යතා රැකගැනීමේ තර්ක පසෙක තබා එන්න.

    ඔබ සිටින්නේ අතීත අනන්‍යතා රැකිය යුතුය කියන තැන නම් කිසිම කරුණක් ගැන බුද්ධිමය සංවාදයක නිරත වීමට ඔබ සුදුස්සෙක් නොවේ.

    ReplyDelete
  6. පැන නගින හැම ප්‍රශ්නෙකටම ආගම ගාවගන උත්තර හොයන්න බෑ වැවා. මේ කතාකරන්නේ කලලයක් ගැන ප්‍රශ්නෙකට වඩා දැනට මහපොලවේ ජීව්ත්වෙන ගැහැනියෙක්ගේ ජීවිතේ ගැනයි. කාන්තාවක් දූශ්නය වෙනවා කියන්නෙම ඒ ගැහැනියගේ ජීවිතයම ඛේදවාචකයක් වෙනවා කියන එකයි. එතනදි පැන නගින එකම ප්‍රශ්නය ඇය ගැබ්බර වීමම නෙමෙයි. ඇගේ සමාජීය ජීවිතේ, මානසික තත්වය වගේ පැති ගොඩක් ආපහු 100%ක් යතාතත්වයට පත්කල නොහැකි තත්වයට ඇදවැටෙනවා කියන එකයි. ඒ වගේ ගැහැනියෙක් තමන්ගේ ජීවිත කාලයම දූශකයාගේ ලෙයින් ජාතකවුන දරුවෙක් ලඟ තියාගන ඉන්න ඕනෙද? අනාගත හීන මහගොඩක් ඔලුවේ තියාගන හිටපු කෙල්ලෙක් බලෙන් දුන්න බඩක් නිසා තමන්ගේ හීන නැතිකරගන්න ඕනේද? අන්න එතනදියි ඔය නීතිය අවශ්‍ය වෙන්නේ. නූපන් එකාව ජීවත් කරන්න නෙමෙයි. ජීවත්වෙන එකීව ජීවත්කරන්න.

    ඕකේ අනිත් කරුන, මාරාන්තික ලෙඩ රෝග කියන්නේ පූර්නකාලීන අබාධිත වලට නෙමෙයි.( සිංහලෙන් කිවුවොත් අංගවිකල තත්වයන්ට නෙමෙයි). ඒ දෙක පටලවගන්බ එපා. ඕක ගැන අදහසක් ගන්නම ඕනෙනම් කුරුණෑගල තියන තැලසීමියා රෝහලට ගිහින් පැය දෙකක් හිටපන්.( තැලසීමියාවට වඩා දරුණු ලෙඩ ගොඩක් තියනවා ,උප්පත්තියෙන්ම තෑගි විදිහට ලැබෙන).

    අනිත් වැදගත් දේ , මේ නීතියේම තියනවා ඒ අවස්තා දෙකේදීම ගබ්සාවක් කරගතයුතුයිනම් අවසරය ඇත්තේ රජයේ රෝහලකින් පමණක්ම විතරයි කියන එක. ඒක නිසා හංදියක් ගානේ ඇබෝශන් සෙන්ටර් හැදෙයි කියලා බය වෙන්නත් එපා.

    අර "අනිත් කොන" කිවුවා වගේ ඇගේ ගර්භාශය ඇයටම දීපන්.

    ReplyDelete
  7. වැව් ඉස්මත්ත,

    මම මාතලන් අඩවියේ http://maathalan.blogspot.com/2017/08/by-dr-bodhini-samaratunga.html දමපු කොම්න්ටුව මෙහෙමම අලවන්නම්
    මේකේ කොමෙන්ට් අනුව ,මම විතරයි මේ අදහස ඉදිරිපත් කලේ ඒ නිසා මම නවීන ලෝකයට නොගැලපෙන්න පුළුවන්, නමුත් තව දුරටත් බලන කොට ඔබේ අඩවිය දැක්ක.

    උබ හරි මම මෙවැනි අපරාදයක් සදහා කිසිම විටක සහබාගිවෙලා නෑ, මගේ දැනුවත් නෑයෙක් වත් මිත්‍රයෙක් වත් මෙවැනි ප්‍රශ්නයක් තිබුන බව මට කියලත් නෑ ඒ අතින් මචෝ මට මේ ගැන අද්දැකීම් නෑ මට තියෙන්නේ හර්ද සාක්ෂියයි, ඔබටවත් මේකේ කොටලා තියන එකෙකුටත් වැඩිය අද්දැකීම් ඇති දොස්තර වරයකු ගේ උපදේසයක් පමණයි.

    https://www.youtube.com/watch?v=ESqdmQFTNhE

    Finally expert knows the best! so try to listen to a expert!!!

    ReplyDelete
  8. කිසිවක් නොපවසමි.

    ReplyDelete
    Replies
    1. කවුද උඹ ගෙන් ඇහුවේ????? අනික උඹ කවුද මේගැන මොනවත් කියන්න ...
      කිව්වත් කවුද ගණන් ගන්නේ .......

      කෝලන් නොකර පල අඩුකුලේ පද්දා එනවා මෙතන වැදගත් කතාවලට හොටදාන්න ..කොට්ටෝරුවා !

      Delete