සමස්ථ ප්‍රජාවම විවිධ වූ මතයයන් හි එල්බ සිටී. ගස් මුදුන් වල එල්ලී මියයන ලද තරුණ තරැණීයෝය.ක්ෂණයකින් මුළුමහත් ශ්‍රී ලංකාවම ආන්දෝලනයට තුඩුදෙමින් රැව්පිළි්රැව් දෙන ප්‍රවෘත්තියකි.නිවේදකයින් මුහුණට ආරූඩ කරගත් ශෝක ජනක හැගීමකින් යුතුව ප්‍රවෘත්තිය කියවාගෙන යයි.එකී මෙකී නොකී සැමටම වැරැද්ද පටවයි.අවසානයේ කෙසේ හෝ කොහේවත් යන අහිංසකයෙකු මත වැරැද්ද පටවා ඔහු හෝ ඇයව සිපිරිගෙට යවයි. එයයි අවසානය.
ලංකාව පුරා ගිනිය නොහැකි තරම් විකාශන ජාලයන් ස්ථාපිත කර ඇත.මොන දේ කොතැනක වුවත් හොද හෝ නරක හෝ එය ඊලග ක්ෂණයේදී මුළු ලොවටම දකින්නට සලස්සවයි.එය වත්මන් ජනසන්නිවේදනයේ එක් දියුණූ වූ අවස්ථාවක් ලෙසට මා දකිමි.එක් එක් ආයතනයයන් විවිධ වූ ප්‍රයෝගයන් උපයෝගී කර ගනිමින් තමන්ගේ සාර්ථකත්වය කරා පැමිණෙයි.එමෙන්ම එය ඔවුන්ගේ සමාජ වගකීමක් මෙන්ම කාර්යභාරයක් ලෙසට සළකති.මේ තුලින් බොහෝ දේ ඉගෙන ගැනීමට රටේ සෑම පුරවැසියෙකු හටම අවස්ථාව උදාවී ඇත.මේ තුලින් තමන් වෙත අනාගතයේ ඒමට ඇති වේ යැයි සිතිය හැකි ග්‍රහ චක්‍රය පවා වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත.
රූමත් තරුණීයක්, පාසල් යන දැරිවියක් එල්ලී මිය ගොස් ඇත.
මෙය හෙළි කිරීමේ වැරැද්ද මා නොදනිමි. මුහුණූ පොත තහනම් කිරීමෙන් මේ වැරැද්ද නිවැරැදි කිරීමට හැකියාවක් ඇති වේවිද යන්න මගේ හැගීමයි.
මෑතකදී පාසලේ පින්තුර සහ අනෙකුත් දේ තම මුහුණුපොතේ පෙන්වීමේ වරදට මුල් ගුරුතුමා තමාට බැනවැදුනේ යැයි වෙනූෂා දියණීය එල්ලී මිය යන ලදී.වැරැද්ද මුල්ගුරුට පටවන ලදී.සමස්ථ ප්‍රජාවම පාසල් දැරිවියගේ පැත්තේ සිටගෙන මුල්ගුරුට ප්‍රහාර පිට ප්‍රහාර දියත් කරන්නේය.එසේනම් දැන් ගුරුවරුන්ට දඩුවම් දීමේ සහ බිනීමේ අයිතිය ප්‍රජාව විසින් උදුරාගෙන ඇත.කලයුතු වන්නේ දෙමාපියන් කැදවා ඔවුන් දැනුවත් කිරීමය.එසේද කල නොහැකිය.මන්ද එසේ කිවහොත් පාසල් දරුවන් ගෙල වැල ලා මියයන බැවිනි.ඔවුන් එල්ලී මිය යන්නේ කජු කනවා මෙන්ය.එසේ වුවහොත් එය පහසුදෙයකැයි සිතා සියළු තරුණ තරුණියෝ එල්ලී මිය යති.හැම පාසලකම මුල් ගුරුවරුන් හට සිරබත් කෑමට එන දවස වැඩි ඈතක නොවේ.
වත්මන් ගුරුවරුන් පඹයන් සේ ඔවුන්ගෙන් විය යුත්තේ සිංහල බාසාවේ අකුරු ස්වල්පය ඉගැන්වීම පමණක්ද?සමාජයට අවැසි වන්නේ උගත්කමින් පමණක් පිරි පුරවැසියන් පිරිසක් පමණද?
ඇතැම් දෙමාපියන් ගුරුවරු වනාහි පිටස්තරයින් පිරිසක් සේ සළකති.සැබෑවකි.ඔවුන් පිටස්තර පුද්ගලයින්ය.නමුත් පාසල් බිමේ දී ඔබේ දරුවාගේ සම්පූර්ණ අයිතිය හිමිවිය යුත්තේ ගුරුවරයාටය.මගේ දරුවාද ඒ පැය කීපය ඒ ගුරුවරයාට පූජා කලේ යහපත් පුරවැසියෙක් කරදෙන මෙන් ඉල්ලාය.
මගේ පියා මගේ පාසල් කල ගුරුවරුන්ට කීවේ හදන්න බැරිනම් කෝටුමස් කරන ලෙසටය.ඒ එදවසය.ඒ වචනයේ පිහිටෙන් මා සියදිවි හානි නොකරගෙන හොරෙක් මංපහරන්නෙකු නොවී අද සුවසේ ජීවත්වෙමි.
නමුත් අද එවැන්නක් නොමැත.එවැනි පියවරුද හිගය.මා එදා මෙන් අද සංසන්දනය කිරීමට යනවාද නොවේ.
ඇතැම් දරුවන් තමන්ගේ පියා කලුද සුදුද කියා නොදනී.පාන්දරින්ම වැඩට යන පියා නැවත එන්නේ රෑබෝවී ය.එයයි මේ සමාජ ක්‍රමයේ සත්‍යය.නමුත් දෙමාපියන් වශයෙන් දරුවන්ගේ වගකීම ඔවුන් අතද තබාගතයුතුවා මෙන්ම ඔවුන්ට සීමා සහිත නිදහසක් ලබා දීමට වගබලා ගත යුතුය.නොඑසේනම් ඔවුන් ඉබාගාතේ යන බලු රැළක් සේ තම ජීවිතය මෙහෙයවන්නට උත්සාහ ගනී.
වෙනූෂා දියණිය මුහුණු පොතේ සැරිසරා ඇත්තේ පාසලේද නැත එසේනම් ඒ ගෙදරදීය.මෙවැන්නකට මව්පියන් ඉඩ දී ඇත.එසේනම් වැරැද්ද කාගේ අතද?
පාසල් ගුරුවරුන් සුළුකොට නොතැකිය යුතුය.ඔවුන් දෙවිවරුය.ඔවුන් විසින් සිපිරිගෙයිවල කම්බිකූරු ගනින්නට කටයුතු කරන්න එපා.එය අානන්තර්ය පාපකර්මයට සමාන නොවන්නේද?ගුරුවරුන්ට නිදහස දෙන්න තම දරුවාව යහපත්,ගුණවත්,වැඩදායී උගත් බුද්ධිමත් ජවසම්පන්න පුරවැසියෙක් කරන්න.දෙමාපියන් වශයෙන් අපගේ කාර්යභාරය එයයි.තමන් සිහියට ගන්න අද තමන් සිටින තැන තමන් වැජඹෙන්නේ කවුරුන් නිසාදැයි සිහියට ගන්න. අම්මා තාත්තා අපව වැදූ හැදූ එක ඇත්තය.එනමුදු අපිව සමාජයට හැරලුවේ විදු මෑණීයන්ය, ඒ ගුරුදෙවිවරුය.
පුද්ගලයෙකු ජීවත්වන්නේ හෝ මියයන්නේ සන්නිවේදනය නිසා නොව,ඒ ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව අනුවය. එසේනම් විය යුත්තේ ඔවුන් ශක්ති සම්පන්න පුද්ගලයින් කිරීමය. ඒ සදහා කල යුත්තේ ගුරුවරුන් හා නිරන්තර සහයෝගයෙන් යුක්තව තම දරුවන් ගැන අවධානයෙන් සිටීමය.මුහුණු පොත නිසා පමණක්ම තරුණ තරුණීයන් මිය යන්නේ නම්, හා ඒ මගින් පමණක්ම දරුවන් විනාශමුඛය කරා ගමන්කරන්නේ නම් පමණක් මුහුණුපොත තහනම් කලාට වරදක්ද නොවන්නේය.
තම දරුවන් උගත්කමින් මෙන්ම ගුණවත්කමින්ද පෝෂණය වන්නේ නම් ඔවුන් අකාලයේ මිය නොයනු ඇත.මෙයට හොදම උදාහරණය ධර්මපාල ජතක කතා වස්තුව නොවේද?
මා හට අයනු ආයනු ඉගැන්වූ මගේ මුල්ගුරුතුමිය තව නොබෝ දිනකින් විශ්‍රාම යාමට නියමිතය.ඒ මගේ පුංචි පුතුටත් දෙවසරක් උගන්වාය.ඇය කියන්නේ ඔහුද මාමෙන්ම දඩබ්බරයෙකු බවයි.මා කුමක් කියන්නද මට හොද නරක කියා දුන් මගේ පුංචි පුතුටද ඇය හොද නරක උගන්වාවි.ඒ ගුරුදෙවිවරුන්ගේ හැටිය.
ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලිංකන් සිහියට ගන්න.තම පුතාගේ ඉස්කෝලේ මුල් ගුරුට යැව් ලිපිය කියවන්න.එය සෑම මව්පියවරයෙකුටම වැදගත් වනු ඇත.
අවසන් වශයෙන් කිවයුත්තේ , අපට අවැසි වන්නේ මීටරයක් මිස මෝටරයක් නොවේ.
විශ්‍රාම යන මගේ මුල්ගුරුතුමිය වන ප්‍රේමලතා ගුරුතුමියට විවේක සුවය ප්‍රාර්ථනා කරමි