Thursday, October 24, 2013
ජීවිතේ ජය ගන්න
ගොඩාක් අත්දැකීම්
ඕනෙ කියල අහල
තිබුණා
ලොකෙ ජයගත්ත මිනිස්සුන්ට
විවිධාකාර අත්දැකීම් තියෙන්න ඇති
විවිධාකාර
මමත් ගියා
ලෝකෙ ජය ගන්න නෙමේ
ජීවිතේ ජය ගන්න
හැබැයි
ඒකෙන් වුනේ
මට කෙලවිච්ච එක විතරයි
කොරා කොරා
ගොඩාරියක්
මෝඩකම් කරා
ඒව මෝඩකම් කියල කියන්නෙ වෙන කවුරුවත් නෙමේ
මගෙ ආදරණිය
අැඹෙණියම තමා
ඒ වෙන මොකවත් හින්ද නෙමේ
හිතන්නෙ නැතිව
කරපු හින්ද තමයි කියල
උන්දැම මට දැන්
දහස්වතාවකට වැඩිය
කියල තියෙනවා
මොනව කරන්නද
කියල
දහහතේ කල්පනා කොර කොර ඉන්නවා
එහෙම කල්පනා කොර කොර
ඉන්කොට තමා තේරුනේ
ඒ මෝඩකම් කරල තියෙන්නෙ
අත්දැකීම් ගොඩාරියක් එකතු කර ගන්න කියල................
(නිර්මානයක් කරන්න හිත ඉඩ නොදුන්නෙ වෙනදේකට නෙමේ ඒ දේටම තමා....... මෝඩකම් කරල පසුතැවී තැවී ඉන්නවට වඩා ඒ ගැන කල්පනා නොකර මොනව හරි කරන්න ඕනෙ කියල දහස්වාරයක් හිතුණ වගේම නොයෙක් දේවල් කරා ....ඇත්තටම ප්‍රතිපල නැත්තෙම නෑ කියන්නත් නෑ.......මේකෙ මගේ මොකක් හෝ නිර්මාණයක් පළවෙනවා කියන්නෙ ඒ මගේ සතුට වගේම නිකන් ඉන්නෙ නැතිව මොකකින් හරි ජයගත්තු වෙලාවක ) සමාවෙන්න ටික දොහක් එන්න බැරිවුණාට. ගොඩක් දේවල් තියෙනවා ලියන්න එත් වෙලාවක් නැත්තෙ ජීවිතයත් එක්ක පොර බදින නිසා...
Subscribe to:
Post Comments (Atom)
කාලෙකින්, මොකද නිකන් අවුලෙන් වගේ.......!
ReplyDeleteඅවුල් ගොඩක් ඉවාන් උත්සාහ කරමින් ඉන්නෙ විසදගන්න ස්තුතියි ඔබට
Deleteහෙඩිම දාන්න අදත් අමතක වෙලා. මොකක් හරි අවුලක් වගේ නම් තමා. ගනන් ගන්න එපා බං සතුටින් හිටපන්...මොන දේ උනත්...
ReplyDeleteඇත්තටම ඒක අමතක වුණා බොහොම ස්තුතියි ආවට
Deleteඋබ ගැන අටම්යි මමයි අද හවසත් කතාකල.කරදර වගයක් වුනා නෙද.සියල්ලන්ටම දැන් සනිපද.ආපහු ලියපු එකට සතුටුයි මචො
ReplyDeleteහය හතර
ඇත්තටමද අටම කිවුවද තාම එයාල ගමේ ගිහින් ආවෙ නැ. පොඩිවුන් හීනෙනුත් තාම බය වෙනවලු. පොඩි එකීනම් දැන් මැස්සන්ටත් බයයි දමිත් අයියා
Deleteදැන් ඉතින් උනදේ උනා ඉස්සරහට වෙන දෙයක් බලමු
ReplyDeleteඅනිවා
Deleteහය හතර
Deleteකෝ බං මාත්තුරුකාව
ReplyDeleteමාත්තුරුකාවක් දාන්න අමතක වුණා. කෝල් එකක් ගත්තා ඊියේ මොකෝ කතා නැත්තෙ ගෙදර ඈයො සනීපෙන්ද
Deleteඒ හන්දමද බං මේකේ මාතෘකාවක්වත් නැත්තේ?
ReplyDeleteදකින්න ලැබීමත් සතුටක් වැව් ඉස්මත්ත.
ඉතින් ඩුඩ් අයියා යන්නෙ නෑ දාල අමාරුවෙන් හදාගත්තු පැල්කොටේ දාල එහෙමත් යනවද
Deleteමෝඩ කං කරානං මෝඩ කං අමතක කරහං ඒවා කරේ තියාගෙන ඇවිදින්නේ නැතිව
ReplyDeleteඒක නම් ඇත්ත
Deleteවැටි වැටි තමයි නැගිටින්න ඕනෙ. එක පාරට නැගිටපු කවුරුත් නෑ නෙ මේ ලෝකෙ.
ReplyDeleteසහතික ඇත්ත දිලිනි
ReplyDeleteමොකද මචෝ උනේ... පුළුවන් වෙලාවක මට කෝල් එකක් දියන්කෝ..එක්කෝ අටමට හරි මට කතා කරන්න කියපන්කො ... පුළුවන් දෙයක් තියේ නම් කරන්න එපැයි බන් ...
ReplyDeleteසහන් , ඕකට හොද වෙලාවක් දාගන්න ඕනෙ රවුන්ඩ් ටේබල් එකක වාඩිවෙලා ලගදිම සෙට් වෙමුකො අටමත් එක්ක
ReplyDeleteමේවට තමයි මම නම් අත්දැකීම් කියන්නේ....
ReplyDeleteමොකෝ බන් වුනේ ? පොඩි උන් හීනෙන් බය වෙන කතාවකුත් කියලා තියෙන්නෙ...
ReplyDeleteසෙන්නා ගෙදර ඔක්කෝටම බමරු විද්දා. සිය ගණනක්. මගෙ දරු පැටව්ගෙ ජීවිතේ බේරුනේ පෙර ආත්මෙදි කරල තිබුණු පිනකට මම කෑම්ප් එකේ හිටියෙ. වයිෆ් මරලතෝනි දිදි මට කෝල් කරල කිව්වෙ. ලග පාතක කවුරුවත් ඉදල නැ.පස්සෙ මම අයියට කතා කරල කිවුව පාර අයිය ඇවිත් තමා මගෙ දරුවො දෙන්නයි වයිෆුයි මගෙ අම්මයි නැන්දම්මයි කට්ටිය ඔක්කොම හොස්පිට්ල් අරන් ගිහින් තියෙන්නෙ. සෙන්නා බමරු දෙන්නෙක් විදලත් ජීවිතේ අහිමි වුණූ මිනිසුන් රටේ අනන්තවත් ඉන්නව.මම එවලෙම ගෙදර ගියා. මට හිතාගන්න බැරිවුණා මගෙ කෙල්ලයි කොල්ලයි දකිද්දි ඒතරමටම බඹරු විදල. ගණන් කරන්න බැරි තරමටම . දැන්නම් අඩුයි ඒ්ත් මැස්සෙක් එහෙම ඇගේ වැහුවොත් කෙල්ල තාම බයවෙනවා
Deleteමට මතක් වුණේ කලේ පැන් ඇත නැවුම් රහ නැත කියන සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතය. මොනවා වුණත් දකින්න ලැබීම සතුටක්. මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් නොවෙන තවත් බ්ලොග් එකක් මේක.
ReplyDeleteවයිෆ් නම් නෑගම් ගිහින් නොවේ ගමේ ගිහින් සුදීක ඒත් සිංදුව ගැළපෙනව වගේ
Deleteකරදර නිමා වී ජීවිතය හොඳ අතට හැරේවා කියලා පතනවා
ReplyDeleteටික කාලයක් යනවා රෙහානි අපි තුන්වෙනි පන්තියෙ මිනිස්සු හින්දා එකවර ප්‍රස්න විසදන්න අමාරුයිනෙ නේද. එක තප්පරයක් වත නිකන් යන්න දෙන්නෙ නෑ ඒත් කාලයට විතරයි මගෙ ප්‍රස්නයට විසදුම් දෙන්න පුළුවන් රෙහානි ස්තුතියි ආවට
Deleteබොහොම ස්තුතියි රෙහානි
ReplyDeleteහුඟ දවසකින් ! ....සතුටුයි ආයෙත් ලියන්න පටන් ගත් එක , ඔබ සිංහල බ්ලොග් පරිශ්‍රෙය් සිටිය යුතුම කතුවරයෙක් ..... ඉඩ ලද විටෙක් ලියන්න , එනවා කියවන්නට ..
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට
ReplyDeleteමම වැව් ඉස්මත්තට පය තිබ්බමයි..අපු දවසෙම මොකද මේ පෝස්ටුව නිකන් අප්සැට් වෙලා වගේ ලියල තියෙන්නෙ..
ReplyDeleteඔන්න අපිත් ආවා වැව් ඉස්මත්තට
ReplyDelete