Friday, December 27, 2013
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක
පිය කෙනෙකුගෙ සතුට නිම් හිම් නැතිය කියා
කාටත් කියනු නොහැකිය ඒ නොහිද කියා
ගැඹුරින් හදේ ඇති අදරැති සෙනේ දයා
දැක අැගෙ සිනා නෙත කදුලින් බරව ගියා
නැගෙනාහිර අඹර දෙස බැලුවෙමි එක් රැයක
තරුවක් දිලිසෙමින් මා වෙත ඔච්චමක
දියණිය නිදාගෙන ඇද මත සිතුමිණක
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක
ඇද මත නිදාගෙන ඒ මේ අත පෙරැලේ
මොනවද මුමුණන්නෙ හිදගෙන මව් තුරුලේ
පියවන් නිදන හැටි නුඹෙ ඔය නෙත් සගලේ
දැකුමට තරු පන්ති ටික ටික උඩ ඉගිලේ
කියනා කියුම් නිතරම හුරතල් ලෙසට
යන්නට එපා නුඹ සුදු යව්වන වියට
උම්මා දෙන්න වෙනදා මෙන් මගෙ මුවට
එනවද මෙදා මෙන් හෙටටත් මගෙ පැලට
බමරුන් විදපු දින මට දුක කියපු හැටී
ගැහුනා මගේ රුධිරය එක තැනම කැටී
උඩුබැලි අතට ඇද මත නුඹ හිටපු හැටී
සයුරට ගලා ගොස් වැටුනිය කදුලු කැටී
හැම කවියෙකුම සරසති තම දූගෙ සිනා
මෙමටත් එයින් පැන යන්නට නොහැකි වුණා
හීනෙන් හිනා වෙන මා දෙස බලන මෙනා
දන්නෙම නැතුව රැය නිදිවර එළිය වුණා
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
දාපංකෝ බං හොද මාත්තුරුකාවක් මේකට.. එතකොට නේ ගති.. (ටයිට්ල් එක)
ReplyDeleteතෑන්ක්ස් ඔන්න දැම්මා
Deleteහැක්...හැක්...වැව් ,පේනවා නේද අපේ කොල්ලන්ට තරහ යන හැටි..
Deleteහයියෙන්ම කියන්න ඕන ටයිටලේ දාන්නත්.... :)
ඒක නේනනම් කෙන්ජියො
Deleteතාත්තාගේ ආදරේ මේ විදියට ඉස්මතු වෙලා පේනවා ගොඩාක් අඩුයි. නියම කවි ටික
ReplyDeleteහදවතට දැනෙන හැගෙන ආදරේ කවියකට නගන්න හරි අමාරුයි පූමා.ඒක හරියට............කියන්න අමාරුයි
Deleteලස්සණ යි... සුන්දර යි.
ReplyDeleteඇත්තටම
Deleteකාලෙකින් වැව ඉස්මත්තේ කවි කියෙව්වේ ..පංකාදු පහයි..මේකට මාතෘකාවක් දාපං බං .
ReplyDeleteහදිස්සියට අමතක වුණා ඉවාන් හරිම අමාරුවෙන් අමුණ ගත්තෙ එක වෙලාවක් දුව දිහා බලාන හිටියා තව වෙලාවක් තරු දිහා බලාන හිටියා. එහෙම කරල අමුණගත්ත පද ටිකක්
Deleteසතුටුයි බ්ලොග් අවකාශේ තාත්තාගේ ආදරේ ගැන ලියවෙච්ච දකිද්දී ,, ලස්සනයි කවි ටික
ReplyDeleteතාත්තලාගෙ ආදරේ ගැන ලියැවෙනව අඩුයි.මොකද ඒ ආදරේ හදවතේ විතරයි ලියැවිලා තියෙන්නෙ. ඒහෙම නේද අපූර්වි. ස්තුතියි කියෙව්වට කවි පන්තිය
Deleteනියමයි මලයා මේ සදැස් කවි බ්ලොග් ගත කරද්දි මෙන්න මේ ලිංකුව භාවිතා කර දාන්න ලස්සනට එලිවැට එනවා එතකොට..http://siwpada.blogspot.com/
ReplyDeleteස්තුතියි නලින් අයිය
Deleteඇති යන්තං ලියලා
ReplyDeleteඇති යන්තං කොමෙන්ටුවක් දාලා
Deleteහෙක් ...හෙක්... ඉවාන් මල්ල....
Deleteකියල වැඩක් නෑ....
Deleteනිරන්තර ලබන අත්දැකීම්ක්
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteම්ම්ම්ම්...... වැව්,තාත්තලට පමණක් නොවේ තාත්තල වෙන්න ඉන්න අපි වගේ කොල්ලන්ටත් දැනෙන කවි පොජ්ජ....
ReplyDeleteසුපිරිය,.,.,.
දැනෙන හැගිම් ඒ විදියටම රසකරල ලියන්න අමාරුයි. මොකද අපි තාම ආධූනිකයෝ නිසා.ස්තුතියි කෙන්ජී
ReplyDeleteම්ම්ම්ම්...... ඒ කියන්නෙ කෙන්ජි බැදල නැද්ද.... නැද්ද?
Deleteකෙන්ජි බැඳලා නෑ ...ලබන දෙසම්බර්නේ වෙඩිම ..(පුතාගේ වෙඩිම නෙවෙයි බෝල කෙන්ජිගේම වෙඩිම තමා )
Deleteහිතට දැනුන කවි පන්තියක්....ස්තුතියි වැව්
ReplyDeleteරෙහානි හිතට දැනුනනම් මට ඒ ඇති.තෑන්ක්ස්
ReplyDeleteඅපි හිතෙ හිරකරගත්ත එක උබ එලියට දාල.නියමයි මචො
ReplyDeleteටිකයි නේද
Deleteපිය සෙනහසට ලියවුනු අපූරු කවියක්..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDelete