Friday, December 27, 2013

ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක

                                                             

 ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක

පිය කෙනෙකුගෙ සතුට නිම් හිම් නැතිය කියා
කාටත් කියනු නොහැකිය ඒ නොහිද කියා
ගැඹුරින් හදේ ඇති අදරැති  සෙනේ දයා
දැක අැගෙ සිනා නෙත කදුලින් බරව ගියා

නැගෙනාහිර අඹර දෙස බැලුවෙමි එක් රැයක
තරුවක් දිලිසෙමින් මා වෙත ඔච්චමක
දියණිය නිදාගෙන ඇද මත සිතුමිණක
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක

ඇද මත නිදාගෙන ඒ මේ අත පෙරැලේ
මොනවද මුමුණන්නෙ හිදගෙන මව් තුරුලේ
පියවන් නිදන හැටි නුඹෙ ඔය නෙත් සගලේ
දැකුමට තරු පන්ති ටික ටික උඩ ඉගිලේ

 කියනා කියුම් නිතරම හුරතල් ලෙසට
යන්නට එපා නුඹ සුදු යව්වන වියට
උම්මා දෙන්න වෙනදා මෙන්  මගෙ මුවට
එනවද මෙදා මෙන් හෙටටත් මගෙ පැලට

බමරුන් විදපු දින මට දුක කියපු හැටී
ගැහුනා මගේ රුධිරය එක තැනම කැටී
උඩුබැලි අතට ඇද මත නුඹ හිටපු හැටී
සයුරට ගලා ගොස් වැටුනිය කදුලු කැටී

හැම කවියෙකුම සරසති තම දූගෙ සිනා
මෙමටත් එයින් පැන යන්නට නොහැකි වුණා
හීනෙන් හිනා වෙන මා දෙස බලන මෙනා
දන්නෙම නැතුව රැය නිදිවර එළිය වුණා

30 comments:

  1. දාපංකෝ බං හොද මාත්තුරුකාවක් මේකට.. එතකොට නේ ගති.. (ටයිට්ල් එක)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඔන්න දැම්මා

      Delete
    2. හැක්...හැක්...වැව් ,පේනවා නේද අපේ කොල්ලන්ට තරහ යන හැටි..
      හයියෙන්ම කියන්න ඕන ටයිටලේ දාන්නත්.... :)

      Delete
    3. ඒක නේනනම් කෙන්ජියො

      Delete
  2. තාත්තාගේ ආදරේ මේ විදියට ඉස්මතු වෙලා පේනවා ගොඩාක් අඩුයි. නියම කවි ටික

    ReplyDelete
    Replies
    1. හදවතට දැනෙන හැගෙන ආදරේ කවියකට නගන්න හරි අමාරුයි පූමා.ඒක හරියට............කියන්න අමාරුයි

      Delete
  3. ලස්සණ යි... සුන්දර යි.

    ReplyDelete
  4. කාලෙකින් වැව ඉස්මත්තේ කවි කියෙව්වේ ..පංකාදු පහයි..මේකට මාතෘකාවක් දාපං බං .

    ReplyDelete
    Replies
    1. හදිස්සියට අමතක වුණා ඉවාන් හරිම අමාරුවෙන් අමුණ ගත්තෙ එක වෙලාවක් දුව දිහා බලාන හිටියා තව වෙලාවක් තරු දිහා බලාන හිටියා. එහෙම කරල අමුණගත්ත පද ටිකක්

      Delete
  5. සතුටුයි බ්ලොග් අවකාශේ තාත්තාගේ ආදරේ ගැන ලියවෙච්ච දකිද්දී ,, ලස්සනයි කවි ටික

    ReplyDelete
    Replies
    1. තාත්තලාගෙ ආදරේ ගැන ලියැවෙනව අඩුයි.මොකද ඒ ආදරේ හදවතේ විතරයි ලියැවිලා තියෙන්නෙ. ඒහෙම නේද අපූර්වි. ස්තුතියි කියෙව්වට කවි පන්තිය

      Delete
  6. නියමයි මලයා මේ සදැස් කවි බ්ලොග් ගත කරද්දි මෙන්න මේ ලිංකුව භාවිතා කර දාන්න ලස්සනට එලිවැට එනවා එතකොට..http://siwpada.blogspot.com/

    ReplyDelete
  7. Replies
    1. ඇති යන්තං කොමෙන්ටුවක් දාලා

      Delete
    2. හෙක් ...හෙක්... ඉවාන් මල්ල....

      Delete
  8. නිරන්තර ලබන අත්දැකීම්ක්

    ReplyDelete
  9. ම්ම්ම්ම්...... වැව්,තාත්තලට පමණක් නොවේ තාත්තල වෙන්න ඉන්න අපි වගේ කොල්ලන්ටත් දැනෙන කවි පොජ්ජ....
    සුපිරිය,.,.,.

    ReplyDelete
  10. දැනෙන හැගිම් ඒ විදියටම රසකරල ලියන්න අමාරුයි. මොකද අපි තාම ආධූනිකයෝ නිසා.ස්තුතියි කෙන්ජී

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...... ඒ කියන්නෙ කෙන්ජි බැදල නැද්ද.... නැද්ද?

      Delete
    2. කෙන්ජි බැඳලා නෑ ...ලබන දෙසම්බර්නේ වෙඩිම ..(පුතාගේ වෙඩිම නෙවෙයි බෝල කෙන්ජිගේම වෙඩිම තමා )

      Delete
  11. හිතට දැනුන කවි පන්තියක්....ස්තුතියි වැව්

    ReplyDelete
  12. රෙහානි හිතට දැනුනනම් මට ඒ ඇති.තෑන්ක්ස්

    ReplyDelete
  13. අපි හිතෙ හිරකරගත්ත එක උබ එලියට දාල.නියමයි මචො

    ReplyDelete
  14. පිය සෙනහසට ලියවුනු අපූරු කවියක්..

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete