Tuesday, January 14, 2014
පොඩියක් තවන්නද නුඹෙ පා දෙක රිදෙන
තිබෙනා හැටි නුඹේ රණ තිසරුන් යුගල
මගෙ සිත පාරවයි උණුසුම් ලෙස වපුල
සීගිරි ලදුන් පරදන නුඹෙ නෙත් සගල
තැන්පත් වුණිය ඇතුලත මගෙ හද මඩල
තොල්දෙක නුඹේ දිලිසෙන රන්වන් පාට
හැකිවෙද සම කරන්නට මේ ලොව කාට
මුහුණේ තිබෙන ලස්සන සැක නැතිවාට
දිව අගනක්ය ලදුනේ සද ඇති රෑට
මං තීරුව දිගේ හෙමිහිට හෙමිහිට ඇදෙන
කවුරුත් බලයි ඇගෙ පා මිණිගෙඩි සැලෙන
පොඩියක් තවන්නද නුඹෙ පා දෙක රිදෙන
ඇසුමට වුව සිතේ කාටත් ඇය දකින
එදවස රජදවස රජ දූ ඇදපු සළු
සුර අංගනාවන් සුර ලොව ඇදපු සළු
හීනෙන්වත් දකින්නට සිතු ඒ කසී සළු
නුඹෙ ඔය වතට රළු වැඩිදෝ අදින සළු
අඩියක් පමන පහලට නුඹෙ කන් ඇද්දේ
ඒ මේ අතට සුදුවන් තෝඩුව පැද්දේ
තව කළු තෝඩුවක් ඇත නුඹෙ කන මැද්දේ
කවුරුද නුඹට සුදු ඔය තරමට විද්දේ
දෙරියන් පමණ ඉහළින් ඇති කොට සාය
පෙන්වයි නුඹේ දිලිසෙන ඔය යටකාය
දුටුවොත් නුඹව නර රකුසෙකු ඇති ගාය
නුඹ හට පුදයි ලදුනේ දුක්බර සෑය
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
මේ නදීශා ගැනෙයි ලියලා තියෙන්නේ...
ReplyDeleteඅපෝ මෙයා මේක චන්ද පෝස්ටරේකට දායි....!!!
කන විතරයිද විදල තියෙන්නෙ.
ReplyDeleteතව තැන් තියෙනව ඒව පස්සෙ
ReplyDelete