Thursday, January 23, 2014

ඇය දෙවියන්ගේමය


 අපූූර්වත්වයන්ගෙන් පිරි ළමා මනස තේරුම් ගැනීම මහත් වු අපහසුවක් දනවන්නෙකි. ඒ සා පුංචිම පුංචි අවධියක් පසුකල අයෙකුගේ මනස තේරුම් ගැනීම ඒ තරමටම දුෂ්කර වන්නේ නම් වයස මුහුකුරා ගිය පුද්ගලයෙකුගේ හැගීම්  තේරුම් ගැනීමට පෘතග්ජන යමෙකු උත්සාහ කරයිද එය කිසිදාක ඵලයක් නොලැබෙන ගොවිතැක් කිරීමක් බදුය.

මව් කුසයේ පිළිසිද ගත් දා පටන් පුද්ගලයා විවිධ  වු භාවයන්ට යොමු කරලීමට කුස තුළ ඇති  කළලයට වුව හැකියාවක් ඇත. මිනිස් වර්ගයාම වෙනස්කරලීමේ බලයක් මෙන්ම   බිළිදාට ඇති හැකියාවද අලංකාරය. කොතරම්  භයානක පුද්ගලයෙකුට දාව වුව ගැහැණියක් කුස තුල දරුවකු පිලිසිද  ගනීද, ඒ භයංකාර ගති ලක්ෂණ ඇති පිරිමියාගේ මුළු මහත් සර්වාංගයම ලිහිල් වන ස්වරූපයක් පෙනේ.වෙනදා තම බිරියට සළකන ආකාරයෙන් නොව ඉතාමත් ආදරයෙන් ඇයට ඇප උපස්ථාන කිරීමට ඔහු වගබලා ගනී.ඇයට ආදරයෙන් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරයි. එමෙන්ම ඔහුගේ හදවත ළයාන්විත වේ. බොළද වු අදහස් වලින් ඔහුගේ හදවත පිරීඉතිරී යනු ඇත. ඔහු ඔවුන්ටම උරුම වූ ලෝකයක් ගැන සිහින මවයි.

මා කුඩා කල උත්පලවන්නා නම් වු  නව කතාවක් හෝ කතාවක් කියවා ඇත්තෙමි.ඒය කා විසින් ලියන ලද්දකදැයි මා නොදනිමි. නමුත් ඉහත මා ලියු ආකාරයට එහි ඇති චරිතයක් වූ මිනිසාද මහත් රෞද්‍ර ගති ලක්ෂණ වලින් හෙබි මනුසතකු විය. ඔහුගේ එකම ආසාව වූයේ දියණියක් ලබා ගැනීමය. සිටු දියණියක් වූ උත්පලවන්නාට  ඉහත රෞද්‍ර වු මිනිසාට දාව දරුවෙකු පිලිසිද ගනී. දියණියක් ලබා ගැනීමේ ආසාවෙන් සිටි ඔහුගේ රෞද්‍ර ගති ලක්ෂණ ටිකෙන් ටික වියැකි යන්නට විය. ඒ වූ කලීද කුඩා දරුවෙකු වෙනුවෙන් වන්නා වූ වෙනස් වීමකි.

දැඩි හදවතක් ඇත්තෙකු සැනෙකින් හැඩවීමට බිලිදාට  ඇති හැකියාව අපූරුය.හැඩවීම පමණක් නොව බිලිදාගේ  හැම ඉරියව්වක්ම  අපගේ සිත් මෝහනය කරයි.  ඇය ගීතයකි. ඇය ජීවිතයේ රස  නිෂ්පත්තියයි.කවියා කවියක් නිර්මාණයේදී  විරිත් ,එළිවැට,යවහන් දොස් , එළිසමය වැනි එකී නොකී  සියළු දෙයක්ම යොදා කවියක්  එළි දක්වන්නා සේම  ඇය මෙලොව එළිය දක්න්නේ ඒ සියළු දේ සපිරිවරාගෙනය. කවියක් රසාස්වාදය කල හැකිවා මෙන්ම විවේචනය කිරීමද කල හැකිය. එහෙත් දරු සිගිත්තා නමැති  කාව්‍ය කිසිදා විචාරය කලනොහැකි අන්දමින් නිමවී ඇත.කල හැක්කේ රසාස්වාදය කිරීම පමණකි.

මෙලොව වසන්නන්ගෙන් වැඩි ප්‍රතිසතය කල්පනා කරන්නේ දුක සතුට තනිකම වේදනාව කේන්තිය තරහව වැනි  භාවයන් උපදින්නේ තමන් හට පමණක් බවය.එය එසේනම්  අලුත උපන් දරුවාට දිය යුතු වෙලාවේදී කිරි පුඩුව කටේ නොගසා ටික මොහොතක අත්දැකීමක් විදගන්න. එවිට දැනේවී තමන්ටම මෙන්ම හය හතර නොතේරෙන දරුවාටද  භාවයන් උපදිනා බව. ඇය තනිකර දමා මොහොතක්  රැදෙන්න. ඇයටද තනිකමේ වේදනාව දැනෙනු ඇත.

ඇය අපිව සන්තෘෂ්ටියට පත් කරයි. ඇය නිළියකි. ඇය අපිව සිනාගන්වයි. ඇය විහිළු කාරියෙකි.ඇය අපිව හඩවයි. වේදනාබර කාව්‍යයකි.ඇය අපිව සනසවයි . ඇය පැද්දෙන තොටිල්ලකි. කිසිදාක නොසිතන්න ඇය අපගේ ලේ වලින් නිර්මාණය වූවක් බව . ඇය දෙවියන් විසින්ම මවන ලද නිර්මාණයක්ම පමණකි.


















9 comments:

  1. මචන් මේක බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නෑ, අනිත් අයගේ රෝල් වලත් එහෙමද දන්නේ නෑ පොඩ්ඩක් හොයා බලපන්. මාතල්න්ගේ සින්ඩියෙන් දැකලා ආවේ

    ReplyDelete
    Replies
    1. u l r එක වෙනස් වෙලා තියෙන්නේ කට්ටියම ආයේ බ්ලොග් රෝල් වලට දාන්න

      Delete
    2. අටං මට තේරෙන්නෑ මේක

      Delete
  2. ඒ පාර දාර්ශනිකයෙක් වෙන්නද කල්පනාව.. ඔය දෙවියන්ගේ කතාවට මගේ එතරම් මනාපයක් නෑ..

    ReplyDelete
  3. නෑ මාතලන් මිනිස්සු විවිධාකාරයි. දෙවියන් විසින් මවන දේ ඉතාමත් චමත්කාරජනක ලෙසටයි මිනිසුන් දකින්න‍ේ එකයි මම එහෙම ලිව්වෙ. එහෙම නැතුව මානවයා දෙවියන් විසින් මවන ලද්දකැයි කියන මතයේ මා එල්බගෙන නෑ

    ReplyDelete
  4. වෙනසක් කොරල තියෙනවා පෝස්ටුවෙන්..

    ReplyDelete
  5. සිතුවිල්ලනං හොඳයි ඒත් හැමදේම දෙයියන්ට භාරදුන්නොත් තමයි වැඩේ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පුංචි අදහසක් විතරයි ප්‍රසන්න

      Delete