අයියනායක දෙවිඳුනේ මගේ හිමියන්
එළිකරන්නට බැද්ද, හේනට ගොහිං
සමාවෙනු මැන කොහොඹ අත්තක්
නොඑල්ලූ හිංදා ලඟින්
බුදුන් වැන්ඳා ගෙයි දොරින්
පිටවෙන්න පෙර සත්තයි
එපා හමූ වෙනු විෂඝෝර සත්තුන්
කැපී යයි ගෑවිලා කැත්තේ
වතුර බොන්නට එකම ලබ්බයි
ගෙනියන්ට පුරවලා දුන්නේ
එපා තිබහක් දැනෙන්නට
පුන්සඳක් සේ සිසිලස සදන්නේ
රන්වන් අස්වැන්න ගෙට ගන්නා තුරුම
නුඹගේ බැල්ම පමණිය අප හට උරුම
කෙම්මුර දිනෙක එක් වීගෙන අප සැවොම
සිවුමංසලේ කරනෙමි කිරිබත් පිදුම
අපිට එළවලු ලබාදීමට ඔවුන් විදින දුක්ගැහැට කොපමණද ? අපූරුයි නිර්මාණය.
ReplyDeleteජයවේවා!!!
ඔහේ ගහගෙන ගහගෙන (නෙලන්න දවසක් තියාගෙනත්) නොගිහින් ප්‍රමිතියට පමණක් කෘමි/වල් නාශක දානවනම් තවත් අගෙයි
Deleteතෑන්ක්ස් දුමින්ද.....
Deleteමට තේරෙනව ප්‍රා කියන දේ....ඒත්...
Deleteතෑන්ක්ස් ප්‍රා ජේ...
හෙට, හෙටින් පස්සෙත් හෙට, ඊට පස්සෙත් හෙට. ඒ තමයි ජීවිතය පවත්වාගෙන යාමට එල්ලිලා ඉන්න නූල් පොට.
ReplyDeleteපින්තූරේ නම් ගැලපෙන්නේ නෑ. අපේ රටේ පින්තූරයක් තමයි හරියන්නේ.
ඔව් මටත් එහෙම හිතුනා......ඊලග ඒවට එහෙම දාන්න උත්සාහ කරන්නම් විචා මාමෙ
Deleteඅපූරුයි.. හරම ලස්සනයි..
ReplyDeleteතෑන්ක්ස් නිර්මාණි
Deleteමරු..මරේ මරු...
ReplyDeleteතැන්ක්ස් The Boss
Deleteකටුක යථාර්ථය.
ReplyDeleteකිසිම හවු හරණක් නැති ඒ මිනිස්සුන්ට හයියට ඉන්නෙ දෙවියන් බුදුන් විතරයි.
නියමයි.
තෑන්ක්ස් ප්‍රසන්න සහෝ
Delete'දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
Deleteකටු පොකුර සිප ගනිමි
හෙට මලක් වනු පිණිස...' රත්න ශ්‍රී ගේ කවියක කොටසක් මට මතක් වුණා ඔබගේ කවිය කියවද්දි. එය අපගේ ජීවිත ඉදිරියට ගෙනයන එකම පැතුම කියා සිතෙනවා. ඒ විශ්වාසයෙන් වැඩ කරමු සහෝ.
ප්‍රභාත් සහෝ ස්තුතිය ඔබට
Delete