අද දවස කළුවරයි
අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
රැළි වෙරළ හා පෙමින්
මොනවදෝ මුමුණමින්
මුදු සුලඟ තරහින්ද
විසල් රුක් ඇත නළවමින්
පැද්දෙමින් එහෙ මෙහෙට
අතු විටෙක වට්ටමින්
අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
නොඒ කිසිවක් කුරුටු ගෑමට
හිතේ සැනසුම කොහි ගිහින්
"හිතේ සැනසුම කොහෙද ගිහින්" කොහෙද ගියේ
ReplyDeleteකොහේදේ ඈතකට ගිහින්..
Deleteසාලිත පිළිගන්නව ඔබව සාදරයෙන් වැව් ඉස්මත්තට
අදුරු අහසක
ReplyDeleteහැමූ සුළගක
ගසා ගියෙදෝ
නුඹේ සැනසුම
හිතට දිරි ගෙන
නිස්කලංකව
මෙනෙහි කළවිට
ලැබෙයි සැනසුම....
ජයවේවා!!!
තෑන්ක්ස් දුමී
Deleteමන් කියන්නද වැඩක්.. ගන්න ලොකු බකට් එකකට වතුර, සබන් දියරයකුත් ගන්න.. ඊලඟට නූල් කැල්ලකුත් ඕන.. ටිකක් දිග කෝටු කෑල්ලක ඔය නූල තොන්ඩුවක් වගේ පහළට එල්ලෙන විදිහට ගැට ගහන්න.. හරි දැන් අර සබන් දියරයෙන් තමන් කැමති ප්‍රමාණයක් ගත්ත වතුර බාජනේට දල මික්ස් කරන්න.. දැන් රෙඩි... දැන් ඉතින් හොඳට ඉඩ තියන තැනකට ගිහින් වඩාත් විනෝදජනකයි හොඳට හුලං තියන තැනක් නම් (කවියේ කියලා තියනවා වගේ)... පටන් ගන්න සබන් බෝල හදන්න,, පොඩි පොඩි ඒවා නෙමේ .. මේ වැඩේ සාර්ථකව කලා නම් ලොකුම ලොකු සබන් බෝල හැදේවි..හිතේ සැනසුම ආපහු එවී ගිය තැනකින් :)
ReplyDeleteමාත් ඒ කාලේ ඔය වැඩේ කෙරුවා. හැබැයි මම ගත්තේ ගස්ලබු බටයක්.
Deleteජයවේවා!!!
හි හී දුමී , අපි පොඩිම කාලේ කලේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතරෙන් සබන් වතුර පිඹලා.. ගස් ලබු බටේ අදහසත් නියමයි...
Deleteහොඳම වැඩේ මේ වගේ පද පෙළක් කුරුටු ගාන එක තමයි...කවියකට, ගීතයකට හැකියි හිතේ ඇති භාවයන් වෙනස් කරන්න...
ReplyDeleteඒක ඇත්ත පොකුරු.....
Delete++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete--------------------------------------
Deleteසමහර දවස් තියෙනවා,පාලුවෙන් කලුවරින් පිරිච්ච.. ඒත් ආයෙ ඊළඟ දවසට අලුත් ඉරක් උදා වෙනවා..
ReplyDeleteඔව් වැසි....අපි දෙන්නගෙනම නම් පටන් ගන්නෙ " වැ " අකුරින්......ඔයා හිතපු දේ හරියටම හරි....
Delete//නොඒ කිසිවක් කුරුටු ගෑමට
ReplyDeleteහිතේ සැනසුම කොහි ගිහින්//
කුරුටු ගාන්න මොකුත් නැතුව මෙහෙම ලියනවානම් මොනාහරි තිබ්බානම් කොහොම ලියයිද???
මිස්ටර් විභීසන, මටත් හිතාගන්ඩ බැරැව ඉන්නෙ අන්න ඒක තමා
Delete