Saturday, September 17, 2016

අද දවස කළුවරයි


අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
රැළි වෙරළ හා පෙමින්
මොනවදෝ මුමුණමින්

මුදු සුලඟ තරහින්ද
විසල් රුක් ඇත නළවමින්
පැද්දෙමින් එහෙ මෙහෙට
අතු විටෙක වට්ටමින්

අද දවස කළුවරයි නිදිබරයි
හිතත් හරි හරියට බරයි
නොඒ කිසිවක් කුරුටු ගෑමට
හිතේ සැනසුම කොහි ගිහින්

15 comments:

  1. "හිතේ සැනසුම කොහෙද ගිහින්" කොහෙද ගියේ

    ReplyDelete
    Replies
    1. කොහේදේ ඈතකට ගිහින්..
      සාලිත පිළිගන්නව ඔබව සාදරයෙන් වැව් ඉස්මත්තට

      Delete
  2. අදුරු අහසක
    හැමූ සුළගක
    ගසා ගියෙදෝ
    නුඹේ සැනසුම
    හිතට දිරි ගෙන
    නිස්කලංකව
    මෙනෙහි කළවිට
    ලැබෙයි සැනසුම....

    ජයවේවා!!!

    ReplyDelete
  3. මන් කියන්නද වැඩක්.. ගන්න ලොකු බකට් එකකට වතුර, සබන් දියරයකුත් ගන්න.. ඊලඟට නූල් කැල්ලකුත් ඕන.. ටිකක් දිග කෝටු කෑල්ලක ඔය නූල තොන්ඩුවක් වගේ පහළට එල්ලෙන විදිහට ගැට ගහන්න.. හරි දැන් අර සබන් දියරයෙන් තමන් කැමති ප්‍රමාණයක් ගත්ත වතුර බාජනේට දල මික්ස් කරන්න.. දැන් රෙඩි... දැන් ඉතින් හොඳට ඉඩ තියන තැනකට ගිහින් වඩාත් විනෝදජනකයි හොඳට හුලං තියන තැනක් නම් (කවියේ කියලා තියනවා වගේ)... පටන් ගන්න සබන් බෝල හදන්න,, පොඩි පොඩි ඒවා නෙමේ .. මේ වැඩේ සාර්ථකව කලා නම් ලොකුම ලොකු සබන් බෝල හැදේවි..හිතේ සැනසුම ආපහු එවී ගිය තැනකින් :)

    ReplyDelete
    Replies
    1. මාත් ඒ කාලේ ඔය වැඩේ කෙරුවා. හැබැයි මම ගත්තේ ගස්ලබු බටයක්.

      ජයවේවා!!!

      Delete
    2. හි හී දුමී , අපි පොඩිම කාලේ කලේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතරෙන් සබන් වතුර පිඹලා.. ගස් ලබු බටේ අදහසත් නියමයි...

      Delete
  4. හොඳම වැඩේ මේ වගේ පද පෙළක් කුරුටු ගාන එක තමයි...කවියකට, ගීතයකට හැකියි හිතේ ඇති භාවයන් වෙනස් කරන්න...

    ReplyDelete
  5. සමහර දවස් තියෙනවා,පාලුවෙන් කලුවරින් පිරිච්ච.. ඒත් ආයෙ ඊළඟ දවසට අලුත් ඉරක් උදා වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් වැසි....අපි දෙන්නගෙනම නම් පටන් ගන්නෙ " වැ " අකුරින්......ඔයා හිතපු දේ හරියටම හරි....

      Delete
  6. //නොඒ කිසිවක් කුරුටු ගෑමට
    හිතේ සැනසුම කොහි ගිහින්//

    කුරුටු ගාන්න මොකුත් නැතුව මෙහෙම ලියනවානම් මොනාහරි තිබ්බානම් කොහොම ලියයිද???

    ReplyDelete
    Replies
    1. මිස්ටර් විභීසන, මටත් හිතාගන්ඩ බැරැව ඉන්නෙ අන්න ඒක තමා

      Delete