Sunday, October 16, 2016
දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ (මම ලිවීම අත් ඇරියෙමි - 6)
සති අන්ත නිවාඩුව පැමිණ කිසි දිනෙක මා හට හරස් වීදියෙන් කිසිවක් ගත නොහැකිවනු ඇත. ඒ, සති අන්ත නිවාඩු ලැබෙන විට සවස්වන බැවිනුත් ඒ වන විටත් හරස්වීදියන් හි ඇති කඩ සාප්පු වසා දමන බැවිනි. එම නිසා මා ආයතන ප්‍රධානියාට බොරුවක් කියා දිනක නිවාඩුවක් ඉල්ලා ගත්තද,
''තමුසෙගෙ ඔය ප්‍රශ්න කවදද ඕයි ඉවර වෙන්නෙ...?'' යන උදාන වැකිය කියන්නටද අමතක නොකළේය.
එදින උදෑසනම නියමිත වේලාවටත් කලින් මා නිවස බලා යාමට පිටත් විය. මා බසයකට නගිද්දීත් බසිද්දීත් මැවී පෙනෙන්නේ මා පින්තූර විකුණන අයුරුය. මම එදා බසයේ පින්තූර විකුණු වෙළෙන්දා පින්තූර විකිණූ අයුරු අනුකරණය කරන්නට වීමි. මම සිතින් ඒ සියල්ල පුරුදු පුහුණු වීමට උත්සාහ දැරීමි.එහෙත් මා එතරම්ම දක්ෂ නැතැයි සිතුණි.
මා බසයෙන් බැස, දෙවන හරස් වීදිය සොයා පා නැගුවෙමි. ඇතැම් වෙළෙන්දන්ගෙන් පවා දෙවන හරස් වීදිය කොහේ ඇද්දයි විමසුවෙමි. සමහරුන් මට දෙවන හරස් වීදිය යැයි ගසා ඇති නාම පුවරුව පවා පෙන්වයි. මා මල පොතේ අකුරක් නොදන්නෙකැයි ඔවුන් සිතන්නට ඇතැයි මට සිතුණි. මාද එසේ යෙහෙකැයි සිතා වීදි ඔස්සේ ඇවිද ගියෙමි. පින්තූර සෙවීම මූලික අරමුණූ කොටගෙන මා විවිධ භාණ්ඩ ඇති කඩ සාප්පුවලට ගොඩ වී ඒවායේ මිල ගණන් ඇසුවෙමි. ඔවුන් තොග මිළත් සිල්ලරට විකුණන මිලත් වෙන වෙනම කියයි. පස්සෙ එන්නම් කියා හෝ වෙනත් අයුරකින් ඔවුන්ගේ සිත් නොපෑරෙන ලෙස කුමක් හෝ පවසා මම වෙනත් සාප්පුවකට ගොඩ වීමි. පැය ගණනක් යන තුරු විවිධාකාර භාණ්ඩයන්හි මිල ගණන් කැදවීමි. මම ඔවුන් තුළින් ඉවසීම ප්‍රගුණ කළෙමි. පාරිභෝගියෙකුට භාණ්ඩයක් විකිණිමට නම් මනා ඉවසීමේ හැකියාවක් තිබිය යුතු බව ඒ පැය කිහිපය තුළදී ඔවුන් විසින් මා හට උගන්වනු ලැබූ පාඩම් මාලාවේ පළමු පාඩම විය. ඒ තරමටම ඔවුන්ගේ ඉවසීමේ ගුණය උසස්ය. නොඑසේ නම් ඔවුන් විසින් මා ඒ වන විටත් පන්නා දැමීමට ඉඩ තිබුණී.
මම තවත් කඩයකට ගොඩ වැදුනෙමි. එහි තිබුනේ කලාළ පැදුරු වැනි අයිතමයන්ය. ඒවායේ මිල අපේ නගරයේ කඩවල මිල හා සසදා බලද්දී එකකට එකකටත් වඩා මිල අඩුය. මම එයින් පැදුරු දහයක් මිල දී ගෙන එළියට නොපෙනෙන සේ නිරාවරණය කොට රැගෙන යන්නට නැවත එන්නේ යැයි පවසා පින්තූර කඩය සොයා ගියෙමි.
නේක නේක වර්ණයන්යන්ගෙන් යුතු විවිධාකාර පින්තූර සිය ගණනින් වෙන් කර තබා ඇත. දේව පින්තූර බුද්ධ පින්තූර පුංචි දරුවන්ගේ පින්තූර සොභාවික සෞන්දර්යයෙන් පිරි මනස්කාන්ත දර්ශන ඇතුලත් පින්තූර ආදි සිය ගණන් පින්තූර ගොඩ ගසා තබා ඇත. ඒවායින් එක එක ප්‍රදර්ශනය සදහා තබා ඇත. මම බොහෝ වේලා පින්තූර එකින් එක ඈත් මෑත් කර බැලුවෙමි.
'' ගන්න මහත්තයා....කීයක් විතරද ගන්න බැලුවෙ...''
මම නිහඩවම එකින් එක පෙරළ පෙරළා පින්තූර බැලුවෙමි. විකිණීම පසෙකලා ඒ වායේ ඇති අති සුන්දරත්වය මනසින් වින්දෙමි. නැවතත් පින්තූර රාශියක් පපුවට තුරුලු කරන් විකුණන අයුරු මට මැවී පෙනෙන්නට විය.
'' මේ එකක් කීයක් වෙනවද මුදලාලි...''
'' එකක් රුපියල් තිස්පහක් වෙනව... ඒත් අපි එකක් විකුණන්නෙ නෑ මහත්තයෝ...ඕරසෙල් තමා අපි දෙන්නෙ... ගන්ඩ මහත්තයෝ අපි අඩු කරල දෙන්නම්....''
මම නිහඩව උන්නෙමි. ඕරසෙල් යනු කුමක්දැයි මම කල්පනා කරන්නට වීමි. එය තේරුම් ගැනීමට මට නොහැකි විය. එහෙත් පසු කාලීනව එය හොල් සේල් යන්න බවත් එය එදා මට ඇසී තිබෙන්නේ ඕරසෙල් විදියටත් යන්න මතකයට ඒමෙන් ස්වයං ලජ්ජාවක් මසිත හට ගත්තේය.
'' ම්.....එහෙනම් කීයක් විතර දාල දෙනවද...?''
'' රුපියල් තිහක් දාල දෙන්නම් මහත්තයා.... මහත්තයාට කීයක් ඕනෙද....?''
'' මට පින්තූර තිස්පහක් විතර දෙන්න... '' '' එතකොට මුදලාලි මේ පින්තූර මීට වැඩියඅඩුවෙන් ගන්ඩ තැනක් නැද්ද?''
'' මීට වැඩිය අඩුවෙන් ගන්න කොහේවත් නෑ....මෙතන විතරයි තියෙන්නෙ...ඇයි මේත් ගණන් වැඩියිද මහත්තයා.....?''
මම සිනාසුනෙමි.'' ඔව් ඉතින් මං බැලුවෙ තවත් ටිකක් අඩුවෙන් ගන්න තැනක් තියෙනවනම් හොදයිනෙ නේද ?''
ඔවුන් සිනාසුනා පමණි...අපේ ගමේ කඩේ නම් වෙනත් කඩේකින් බඩු රැගෙන යන්න යැයි කියනවා නොඅනුමානය...ඒ තරමටම මේ මුදලාලිලා ඉවසිලිවන්ත කාරුණික පිරිසක් බව මට පසක් විය. මම වර්ග කිහිපයක පින්තූර තෝරා ගත්තෙමි. පසුව එයින් වැඩි හරියක් දේව පින්තූරත් බුද්ධ පින්තූරත් සොභාවික සෞන්දර්යයෙන් හෙබි පින්තූරත් ඇතුළත්වන සේ පින්තූර තිස් පහක් රුපියල් තිහ ගානේ මිල දී ගත්තෙමි.
ගත් පින්තූර ටික විකුණා නැවත එන්නම් යැයි කියා ඔවුන්ගේ විසිටින්ග් කාඩ් එකක්ද ඉල්වාගෙන මිළ දී ගත් පැදුරු ටික ද ගෙන මම බස් එකට ගොඩ වැදුනෙමි. බසයේ පිටු පසම අසුනට ගොස් ඉද ගත්තේ එය ගමනාගමනයට අපහසු වුවත් මා ගෙන ගිය බඩු ටික මා ලගම තබා ගැනීමේ අපේක්ෂාවෙනි. සුළු මුදලකින් ගත් බඩු ස්වල්පයක් පමණක් වුවද මාගේ පළමු ව්‍යාපාරය එය බැවින් හදිසියේ හෝ එ්වා අන්තරස්දාන වුවහොත් පුදනකොටම කාපි යකා කිව්වා සේ ව්‍යාපාරය බිද වැටෙනවාට මා අකමැති වීම එසේ කරන්නට හේතු විය. ඒ කෙසේ වුවත් බිරිදට කියා රුපියල් පන්දහසක් බැංකු ගිණූමට දා ගත්තේ මුදල් අතේ තිබිලා ද නොවේය. සීයට දහයේ පොලියට අරගෙනය.
බසයේ ඉදන් ගෙදරට යනතුරුම මිල ගණන් හැදුවෙමි. පින්තූරයක් විකුණන ගණන් හා පැදුරු විකුණන ගණන් කී පාරක් නම් හදන්නට ඇද්දයි මට සිතාගත නොහැකිය. ඒ කෙසේ හැදුවත් ලාභය එකකට දෙකක් වෙනසේ එන්නේය.
පින්තූර මට විකිණිය හැකිය. පැදුරු ටික බිරිදට දී සීට්ටුවක් දාන්න කියනවාය. සීට්ටුවට දහදෙනෙක් පමණ අල්ලා ගතහොත් එක් මසකට පැදුරු දහයක් අනිවාර්යෙන් විකුණාගත හැකිය. අඩුම තරමේ එවැනි සීට්ටු දෙක තුනක් අල්ලා ගතහොත් මසකට රුපියල් පන්දහසක පමණ ලාභයක් පැදුරුවලින් පමණක් උපයාගත හැකි වනු ඇත. නැවත එනවිට තවත් පොඩි පොඩි අයිටම් ටිකක් රැගෙන ගිය හොත් ඒවාද විකුණා පොඩි හෝ ලාභයක් උපයා ගැනීමට පුළුවන් වෙයි. කොටුවේ බස්වල විකුණන මිලටම මට පින්තූර විකිණිය හැකිය. අම්මාගේ ස්කූටියේ ගෙවල් වලටම ගොස් විකිණිය යුතුය. ගෙදරටම යන බැවින් අඩුම තරමේ එක පින්තූරයක් හෝ මිළ දී ගනු ඇත. එකක් විකිණීමෙන් රුපියල් හැත්තෑවක ලාභයක් ලැබේ. අඩුම තරමේ පින්තූර විස්සක් පමණ විකුණා ගතහොත් රුපියල් එක්දාස් හාරසීයක ලාභයක් ලැබෙනු ඇත. ගෙදරට වී කාලය කාබාසිනිය කිරීමට වඩා මෙයින් ආත්ම තෘප්තියත් ඒ විතරක් නොව පවතින ආර්ථික දුෂ්කරතාවයන්ට පොඩි හෝ පැලැස්තරයක් වනු ඇතිය යන්න මගේ හැගීම විය.
දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන පැදුරු ටික එක අතකත් පින්තූර ටික අනෙක් අතෙත් එල්ලාගෙන ගෙදරට ගොඩ වුණෙමි.
Subscribe to:
Post Comments (Atom)
හෙහ් හෙහ්, බිස්නස් එක නැගලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි පුතෝ ඔය පිටකොටුවේ වෙළෙන්දෝ මහා අංකුට්ටෝ. ඉස්සර මමත් රේඩියෝ කෑලි ගන්න ගිහින් අහුවෙලා තියනවා.
ReplyDelete// මම එයින් පැදුරු දහයක් මිල දී ගෙන එළියට නොපෙනෙන සේ නිරාවරණය කොට රැගෙන යන්නට නැවත එන්නේ යැයි පවසා පින්තූර කඩය සොයා ගියෙමි//
'එලියට නොපෙනෙන සේ ආවරණය කොට' නෙවෙයිද හරි?
බොහොම ස්තූතියි විචා මාමෙ..මං එය නිවැරැදි කරන්නම්
Deleteමේ කථාව දියුණු වීමට වීරිය ඇති අයට ආදර්ශයක් වන සේ ගලා යනු ඇතැයි බලාපොරොත්තුවක් ඇත.
ReplyDeleteබොහොම ස්තූතියි ඉයන්. හිත කුමන මොහොතක වෙනස් වෙයිද කියා කියන්න බෑ
Deleteමට එහෙම හිතෙන්නේ නැහැ හැබැයි. ඉයන් සුභවාදී විධිහටනේ බලන්නේ
Deleteකතාව කොටයි වගේ මචං, කොහොම උනත් ලස්සනට ලියල තියෙනවා...
ReplyDeleteබොහොම ස්තූතියි ලොකු
Deleteඋත්සහයෙන්වැඩ කරන චරිතයක්... කතාවේ මුල් කොටස් කියෙවුවට කොටස් කීපයක්ම මගහැරිලා.. ඒවත් කියවන්න ඕනේ...
ReplyDeleteබොහොම ස්තූතියි නිර්මාණි
Delete++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රා
Deleteහැක්.. ඔය පිටෝටුවෙ වෙළෙන්දංගෙන් ඔය කියන ගානට වඩා හෙට්ටු කරල ගන්න පුලුවන්. උං කීයටවත් කස්ටෙක් පිට යනවට කැමති නෑ.
ReplyDeleteමොනව උනත් බලමු මනුස්සය බිස්නස් එක කරන හැටි.
බොහොම ස්තූතියි ප්‍රසන්න..
Deleteබලමු බලමු මගෙ මිත්‍රයා බිස්නස් කරන විදිය
ReplyDeleteදී කිරි දි කිරි , මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි...
කැකුලු බතුත් එක්කත් කා හැකි මී කිරි
Deleteපිටකොටුවෙන් තමයි ගම් වල ඉන්න කෝටිපතින් බිහි උනේ...
ReplyDeleteනැතුව නැතුව.......
Deleteපොඩ්ඩක් කියනවද මේක ඇත්ත එකක්ද කියලා.මොනව වුනත් අපූරු ලිවිල්ලක් සහ කතාවක්
ReplyDeleteරෝමා ඇත්තත් නැත්තත් අතරෙ මිනිස්සු හිරවෙලා...සමහර වෙලාවට ඇත්ත කියනවද බොරුවක් කියනවද කියල හිත් දෙකක පටලැවෙනව...
Deleteඇත්තටම රෝමා, මේක සත්‍ය කතාවක්
මේ කොටසත් ආසාවෙන් කියෙව්වේ වැව්. කතාවේ මේ රසය දිගටම තියෙයි කියළා හිතනවා.
Deleteජයවේවා!!!
මට කතාව මග හැරුනා, පහු ගිය දවස් වල වැඩ වැඩි උන නිසා මේ පැත්තේ එන්න බැරි උනා...
ReplyDeleteබොහොම ධනාත්මක චින්තයක් ඇති චරිතයක් වුනත් ව්‍යාපාරිකකුට අවැසි සුක්ෂම බව මේ කතා නායකයගේ මට දැනෙන්නේ නැහැ...ඔහු බොහොම සුන්දර හිතක් ඇති මිනිහෙක් විදියටයි දැනෙන්නේ...කොහොම වුනත් ඔබ චරිතය අධ්‍යනය කරන්න ඉඩක් තියල තියනවා...
මට මතක් වුනේ අපේ මලයව...එයා හැමෝගෙම හිත් හොඳ කරන්න බිස්නස් කරන්න ගිහින් පාඩු විඳපු කෙනෙක්...
ස්තූතියි පොකුරු
ReplyDeleteමටත් මග ඇරිලා අද කොටස් 3ක් බැලුව.
ReplyDelete