ගෑණූන්ගෙනුත් ගෑණූ අම්මප මෙහෙමත් ගෑණූ දැකල නෑ මන්නං සම්මජ්ජාතියකට ඕං. වැඩකරත් වැරදියි වැඩ නොකර හිටියත් වැරදියි. ඔයවගේ පොසිටිව් නෙගටිව් අහවල් ඒවනං අනන්තයි අප්ප්‍රමාණයි. එක දවසයි වැඩට ගියෙ.. අත් කොට කමිසයක් ඇඳගෙන, වැලමිටෙන් පල්ලෙහාට අඟුරු වෙලා. මූණ බලන්ඩ බෑ. හැබැයි මටනං නෙවෙයි. මගෙ ගෙදර උන්දෑට.
" යකෝ..." මට ඌරු ජුවල් නැංග....
" අහගනින්... මේ සරීර කූඩුව තව කාලයක් යද්දි කොහොමත් ගන්ඩ දෙයක් නැති පරඬැලක් වගේ පැද්දි පැද්දි තියෙයි....වැඩ කරත් වෙනව, නොකරත් වෙනව. ඊට මීට වැඩිය හොඳ නැද්ද මේකෙන් හොඳට වැඩ ගන්න එක...මේ කෙහෙල්මල් අැඟේ මොන මොන ලෙඩ රෝග තියෙනවද කියන්න අපි දන්නෑ. අපිත් දන්නැතුව දෙය්යොත් දන්නැතුව පරාන කූඩුව හග් ගාපුවහම ඉන්ඩ වෙයි නිකං කට බලියාන...මරලතෝනි දෙයි බොරුවට අනේ අප්පේ මගෙ දෙයියා කොයියියියි......කියාගෙන
"හිනාවෙන්ඩ එපා මෙතැන...." මම හෙමින් සැරේ අමාලි ලඟට කිට්ටු වුණා... මං දන්නව එයා මට තියෙන ආදරේට තමයි එහෙම කිව්වෙ කියල.
" මොනව කරන්ඩද වස්තුවේ.....මාත් කැමතියි..මගෙ මේ ඇඟ මීටත් වැඩිය ලස්සනට තියාගන්ඩ. මාත් කැමතියි මගෙ රත්තරං මේ ගේ ඇතුළෙම තියාගෙන ඉන්ඩ, ඉර අව්ව ගෑවෙන්ඩවත් නොදී තියාගන්ඩ. මට පුළුවන්කමක් තිබුණනම් මං ඔයාවත් අරන් මේ ගිනි ගන්න කාෂ්ඨකේ හේනට යන්නෑනෙ. ඔයාගෙ අත්දෙකේ දියපට්ට දානකං උදලු ගාව ගන්නෑනෙ. උදේ ඉඳන් රෑ වෙනකං වතුර හරවන්ඩ කියන්නෑනෙ....මේ ඔක්කොම අපෙ නැති බැරි කම හිංදනෙ....බය වෙන්ඩ එපා. කවදාක හරි දවසක අපිටත් අලුත් ඉරක් පායයි. මන් කියන්නෙ ඒ දවස එනකං අපිට පිනට වගේ ණයට කකා බිබී ඉන්ඩ හොඳ නෑ. අපිත් පුළුවන් හැටියට මොනාහරි කරන්ඩ ඕනෑ.....එහෙම නේද..?" එහෙම කියමින් මං අමාලිගෙ නළලට හීනියට වගේ පුංචි හාදුවක් තිබ්බා. එයා මගෙ මූණ දිහා ඇස් අඩවන් කරල බලාගෙන ඉඳල මගෙ උරහිස ළගින් මුණ තියා ගත්ත.
" ඒත් ඔයාට මීට වැඩිය දෙයක් කරන්ඩ ඇත්තෙම නැද්ද..." මම පාත්වෙලා අමාලිගෙ මූණ දිහා බැලුව..
" මොනවද මං කරන්ඩ ඕනෙ..? මොනවද මට කරන්ඩ පුළුවන්...? මොනවද අපිට කරන්ඩ ඉතිරිවෙලා තියෙන්නෙ.? " මං එයාගේ උරිස් දෙක මිරිකාගෙන ඇහුව.
" ඔයා ආපහු පින්තූර රාමු කරන්ඩ...."
" පින්තූර රාමු කරන්ඩ...! " මං පුදුමයෙන් වගේ ඇහුව.....
" ඇයි ඔයා කැමති නැද්ද ඒක කරන්න...මන්නං හිතන්නෙ ඔයා ආපහු ඒ වැඩේ කරනවනං හොඳයි කියලයි. එතකොට ඔයාට ආයෙ ගිනි අව්වෙ තපින්ඩ වෙන්නෑ...මටත් පුළුවන් ඔයාට උදව් කරන්ඩ...ඒක කරන ගමන් අපිට පුළුවන් ඒකට තව වෙනින් දෙයක් එකතු කරන්ඩ....."
එදා සති අන්ත නිවාඩුවට ගෙදර එන්න කියල හිතාන මං කොළඹ කොටුවෙන් ගමට යන එකම බස් එකට ගොඩ වැදුන. කොළඹ වැඩ කරන හැම කෙනෙක්ම වගේ මේ බස් එකේ ගෙදර යන නිසා ගමේ හුඟ දෙනෙක්ම බස් එකේදි හම්බ වෙනව. නානාප්‍රකාර යාචකාදීන්ගෙන් විතරක් නෙවෙයි නොයෙක් අන්දමේ භාණ්ඩ රැගත් වෙළෙන්දන්ගෙන්ද බස් රථය පිරී ඉතිරී යයි.
" රුපියල් සීයයි....රුප්පියල් සීයය්.. ගන්න ලස්සන බුද්ද පින්තූරයක් ගන්න ගෙදරට දොර උඩින් තියල හැමදාම මල් තියල වඳින්න සීවලී පින්තූරයක්...හේනට පැළට යනකොට කොල අත්තක් කඩල එල්ලන්න ගන්න පුල්ලෙයාර දෙයියන්ගෙ පින්තුරයක් ගෙදරට සීදේවිය කැන්දන සරස්වතී දේවියගේ පින්තූරයක් ගන්න..! ගන්න..!! මේ අන්තිම ටික රුපියල් සීයයි." එහෙම කිය කිය පින්තූර ටිකකුත් අතේ තියන් ආපු වෙළෙන්දෙක් අපි හිටිය බස් එකට ගොඩ වැදුන. මේ ජීවිතේටවත් අසා නැති දෙවිවරුන්ගේ පින්තූර ඔහු අත ඇත. ඒ විතරක් නොවේ ඒ හෑම දෙවි කෙනෙක් ගැනම පුංචි විවරණයක් තබන්නටද වෙළෙන්ඳා අමතක නොකලේය. මන්ද හුඟ දෙනෙක් දන්නේ සුමන සමන් දෙවියන් වහන්සේ අයියනායක විශ්නු වැනි අල්පයක් දෙවියන්ගේ රූපයන්ය. ඇත්තවශයෙන්ම මාද දැන සිටියේ ඉන් ස්වල්ප දෙනෙක් පමණි.
බසයේ හුඟ දෙනෙක් බුද්ධ පින්තූර කෙසේ වෙතත් දේව පින්තූර බොහොමයක් මිලදී ගන්නා අයුරු දුටිමි.
එහෙත් රුපියල් සීයයක් දී පින්තූරයක් ගැනීමට මගේ සිත අදි මදි කළේය. වෙළෙන්ඳා ගිය පසු බසයෙන් බැසගත් මා ඔහු පසුපසම ඇදුනෙමි...
" අයියෙ .. අයියෙ.." ඔහු ආපසු හැරිණ.
" අයියෙ , පොඩි උදව්වක් කරන්ඩ පුළුවන්ද ...." මම විමසුවෙමි. එහෙත් මා ඔහුගෙන් හරි පිළිතුරක් අපේක්ෂා නොකළෙමි. මන්ද එය අල්ලපු ගෙදරින් ණයට මුදලක් ඉල්ලගන්නා සේය.
" කියන්ඩ...කියන්ඩ ඉක්මණට ...මට වැඩ තියෙනවා....." පෙනුම රෞද්‍ර වු මුත් ඔහු කරුණාවන්ත මහතෙකැයි මට සිතුණී.
" අයියෙ මට තරහ නැතුව කියන්ඩ පුළුවන්ද ඔය පින්තූර අයිය ගන්නෙ කොහෙන්ද කියල..."මම බැගෑපත් වුණෙමි.
" හරස් වීදියෙන්...දෙවැනි හරස්වීදියෙන්....." යැයි කියාගෙන ඔහු ඊළඟ බසයට නැඟ ගත්තේය.
බසය පිටත් වීමට පෑ භාගයක් පමණ තිබුණි. මම දිව්වෙමි. වේගයෙන් දිව්වෙමි. දෙවැනි හරස්වීදිය සොයා දිව ගියෙමි. එහෙත් ඒ වන විටත් හරස්වීදි වසා දමා පැය පහාමාරකුත් ගෙවී තිබුණී. එදින මම නොදැන සිටියෙමි. හරස්වීදියේ සාප්පු කඩ වසා දමන වේලාව. බලාපොරොත්තු කඩවුණු දෙනෙතින් මම බස්රථය වෙත දිව ආවෙමි. එහෙත් මගේ සිරුර පුරා පමණක් නොව ශරීරයේ ඇති හැම නහරයක් පුරාම මා, පින්තූර රැගෙන වෙළඳාම් කරන යුරු ගලා ගියේ අධික වේගයෙනි.
නැවත දිනෙක මම දෙවන හරස්වීදියේ කඩයකින් විවිධ වර්ගයේ පින්තූර තෝරන අයුරුත් ඒවායේ මිළ ගණන් කතා කරන අයුරුත් බසයේ යන අතරතුර සිහිනයෙන් පෙනුනි.
ජීවන අරගලයට මුහුනුදීමේ නව ක්‍රම, තමන් ජීවත්වන පරිසරය තුළින්ම, අහඹු ලෙස හමුවන/හමුවූ අය, ඒ ඔස්සේ ගොස්, තම ජීවන අරගලය ජයගත් අවස්ථා බොහොමයි.
ReplyDeleteදිරිය යුවලක්. දැන් තමා කතාව නව මානයකට ඇවිත් තියෙන්නේ.
ස්තූතියි විචා මාමෙ
Deleteවිචාරකගේ කථාවට මාත් එකඟයි.
ReplyDeleteඒ වගේම වැව්ගේ කථාව හැමදාමත් වගේ අපූරුවට ඉදිරියට යනවා. හැබෑ සිදුවීමක්ද කියලත් වෙලාවකට හිතෙනවා.
ජයවේවා!!!
ස්තූතියි දුමී...
Deleteබලමු ඉසරහට තත්ත්වය...
ReplyDeleteබලමු ලොකූ...උත්සාහ කරනවා
Deleteඇත්ත කථාවක් වේවා, ප්‍රබන්ධයක් වේවා කථාවේ ගලායාම ඉතාමත් ලස්සනයි. හොඳ නවකථා කාරයෙක්ගේ ලියවිල්ලක් වගේ. තව ටිකක් විතර වටේ පඳුරු තැලුවනම් කියලත් හිතුන. මේවගේ කථා වලින් එකෙක් හරි යමක් ඉගෙන ගෙන හැදුණොත් ඒකත් පිනක්
ReplyDeleteඉයන් අයියෙ. ඒ දෙකම අතර මධ්‍යස්තයි කියන්න පුළුවන්......
Deleteඑච්චරම උඩින් තියන්න එපා...මාව
ස්තූතියි ඔබට
ඔය දේව පින්තූර රාමු කරල ජීවත්වෙන පොරක් මෙහෙත් ඉන්නව. මිනිහ මගෙන් තමයි රූප ලැමිනේට් කරගෙන යන්නෙ. මාත් සමහර දෙවි වරු දැකල තියෙන්නෙ ඒ රූප වලින් තමයි.
ReplyDeleteකතාව හොඳට යනව. නියමයි.
ස්තුතියි ප්‍රසන්න
Deleteඅපිත් කාලයක් අයිස් පැකට් වික්කා.. මට තාම මතකයි බයිසිකලේ පැදගෙන ගිහින් අයිස් පැකට් ටික කඩේට දාල කලින් දවසේ විකුනපු ඒවායේ සල්ලි අරන් එන හැටි.. :)
ReplyDeleteඒකත් එකතු කරගන්න පුළුවන් වුණොත් නියමෙට තියෙයි නේද පැතුම්
Deleteස්තූතියි ඔබට
එල කිරි ... මේකෙ සමහර සීන් කලින් අහල තියනව වගේ මතකයි ....
ReplyDeleteඑහෙම තමයි බං...ඉස්සරහටත් කියවපංකො සංකල්ප රූප එහෙම මැවෙයි උඹට...හැක් හැක්....
Deleteඔපචුනිටීස් කවුරුත් ගෙදරට වඩම්මන්නෙ නැහැ. අදහසක් ආවාම ඒක ක්‍රියාත්මක කරන්න හිත හිත ඉදලා බැහැ. වැව් ඉස්මත්ත ඊගාවට මොකක්ද කලේ... වැඩේට බැස්සද?
ReplyDeleteඅනිවා....තට්ටු කරොත් දොර ඇරේ...
Deleteස්තූතියි කොච්චි මිරිස්
ඔපචුනිටීස් කවුරුත් ගෙදරට වඩම්මන්නෙ නැහැ. අදහසක් ආවාම ඒක ක්‍රියාත්මක කරන්න හිත හිත ඉදලා බැහැ. වැව් ඉස්මත්ත ඊගාවට මොකක්ද කලේ... වැඩේට බැස්සද?
ReplyDeleteබොලේ මේකේ මඟ ඇරුන ඒවා 4ක්ම තියෙනවනේ. බලමු බලමු.
ReplyDeleteස්තූතියි දිනේෂ්
Deleteමේක ඇත්ත කතාවක් නෙවෙයිද.හිටිං මන් අනිත් ඒවා බලලා එන්ට
ReplyDeleteඕකේ රෝමා
Deleteඔයා කටහ්වේ කොටසක් කියවන අභාෂාවෙන් දාල එකපාරටම ලියන භාෂාවෙන් දානවා. ටිකක් අවුල් වගේ මොකද මමත් ඔහොම කාලයක් කලා. කතාව නියමයි.
ReplyDelete