Wednesday, October 19, 2016

සෙනෙහස ගිනි අරං


ඈ.........
එරමිණිය ලන්දක
කුඩුමීරිසිය කන්දක
කටු අතර හිරවෙලා
බලනවලු
රූරා වැටෙන
දිය ගංඟාවක
කිමැයි  මේ ලුණු රස කියා
ඈ............
වුවනත කඳුලු කැට
රුධිරය වැක්කෙරෙන විට
දෙකම්මුල් මතින් පහළට,
සිහිවුණි මෙමට
ගලන හැටි සුවිශාල ගංගා
මහා කඳු මතින් පහළට
 ඈ............
හෙමි හෙමින් තඩි බායි
ඉඳගෙන
හිර වෙච්චි
බත්වෙලං පඳුරට.
පූරුවේ කරුමෙට
විසිවී වැදුනි නළලට
කැපී වෙන්වුණූ වෙලං ලීයක්,
එයින්  ආ ගෙඩියක්
නොවේමැයි එය
ලකුණකි  ශේෂ කන්දක
ඈ.............
දිලිසුණු නෙතු සඟල
හංගා හිරුට බිය වී
බලයි අවපස
නළල්තල රැළි ගන්වා
කලු ගැහුණු
හොඬු යුගල උස්සා...
ඈ...............
පොල් හනස් පන්දම
සිවු අත දුවන අන්දම
දැවී අළු වී යනෙන විට සැම
සිතා ගනු බෑ
ගියාදෝ යැයි
ඇගේ සෙනෙහෙත්
ඒත් එක්කම

23 comments:

  1. උඹ රස්සාවෙන් අස් උනාද....?

    ReplyDelete
    Replies
    1. නෑ මාතයිය....තව අටයි+ එකයි තියෙන්නෙ නිදහස් මාධ්‍යට

      Delete
  2. මොකක් ගැනද මේ?ඇයගේ නික්මීමක් කියලනම් පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. හේනක වැඩ කරන ගැහැණියක් ගැන රෝමා...

      Delete
  3. මේ කවිය කියෙව්වාම නිකං ශාස්ත්‍රීය චිත්‍රයක් බැලුවා වගේ. තේරුනේ නම් බූට් එකක් කාලා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. අඩේ.....එහෙම එකක් නෙවෙයි මල් මල්ලියා

      Delete
  4. මටත් හරියට තේරුම හොයාගන්න බැහැ, වැව්. බෙහෙත් පැළෑටි හොයන කාන්තාවක්ද?......කොහොම වුණත් නිර්මාණය ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,
      ඈ.........
      එරමිණිය ලන්දක
      කුඩුමීරිසිය කන්දක...........( හේන් කොටන කොට අත් විඳින්ට ලැබෙන වේදනාව..ගොඩාක් දුරට එරමිණිය,කුඩුමීරිසිය කටු වලට මූණ අතපය හීරෙනව, මූණෙන් බෙරෙන දහඩිය ලුණු රසයි එයා එ් රසයත් බලනවා)

      ඈ............
      වුවනත කඳුලු කැට
      රුධිරය වැක්කෙරෙන විට
      දෙකම්මුල් මතින් පහළට,(කටු වලට මූන හීරිලා බේරෙන රුධිරය හා දාඩිය ගලන්නෙ හරියට ගංගා ගලා බසිනව වගේ)

      ඈ............
      හෙමි හෙමින් තඩි බායි
      ඉඳගෙන
      හිර වෙච්චි
      බත්වෙලං පඳුරට.( හේන කොටන කොට වෙච්චි අකරතැබ්බයක් ගැනයි කියන්නෙ..වෙලං කෝටුව නළලෙ වැදිල ගෙඩි ගැහෙනව)

      ඈ.............
      දිලිසුණු නෙතු සඟල
      හංගා හිරුට බිය වී
      බලයි අවපස
      නළල්තල රැළි ගන්වා
      කලු ගැහුණු .........( හේන කොටල ඒ වේදනාව ඇයගේ මුහුණ අව්වට වෙනස් වෙන විදිය)

      ඈ...............
      පොල් හනස් පන්දම
      සිවු අත දුවන අන්දම
      දැවී අළු වී යනෙන විට සැම ( අන්තිමේට හේන ගිනි තියනවා..සියල්ල ගිනිගෙන දැවී යනකොට මම හිතනවා ඇයගේ සෙනෙහසත් ඒත් එක්කම වියැකිලා යාවිද කියල....)

      දුමී මං දන්නෑ මේක කොච්චර දුරට සාධාරණයිද කියල.....ඒක ඔබට භාරයි.....බොහොම ස්තූතියි

      Delete
    2. පැහැදිලි කිරීමට ස්තූතියි වැව්. මට හිතුනෙම බෙහෙත් පැළෑටි හොයන කාන්තාවක් ගැන කියනවා කියළා. තමන්ගේ සමීපතමයෙක්ගේ අසනීපයට ගිණි අව්වේ කටු ඇනි ඇනී දාඩිය ලේ පෙරාගෙන නළල තුවාල කරගෙන බෙහෙත් හොයාගත්තත් ඒවා අරන් යද්දී ඒ රෝගියා ඇගේ සෙනෙහසත් රැගෙන අවසන් ගමන් ගිය කථාවක් ගැනයි මට හිතුණේ. කොහොම වුණත් වැව් සාර්ථක නිර්මාණයක්.

      ජයවේවා!!!

      Delete
    3. ඔව් ඒක ඇත්ත.තමන්ට කැමති විදියකට හිතන්න අයිතියක් තියෙනවා....එහෙමනම් මාත් සාර්තකයි එහෙම නේද දුමී

      Delete
    4. කවිය සහ තේරුම් කිරීම සමඟ නියමයි. මේවගේ එකක් ලියන්න විෂයය ගැන හොඳ දැනීමක් ඕන.

      Delete
  5. මට කවිය කියවන් යද්දි හිතුණෙ ඇළක් දොළක් ගැන. කොහොම වුනත් අදහස් කියවන් යද්දි තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිති දීපිකා

      Delete
    2. මටත් ඇත්තෙන්ම හිතුනේ එහෙමයි...

      Delete
  6. Replies
    1. ස්තීතියි දිනේ (වා) නුඹ

      Delete
  7. සුන්දරයි වැව්............. සුන්දර ම සුන්දරයි....... ජයවේවා

    ReplyDelete
  8. දුක් කරදර ගැහැට විඳින ප්‍රමාණය අසීමිතව වැඩි වෙන කොට හිතේ තියන සෙනෙහස, තෙත් ගතිය වියැකිලා යන්න ඉඩ වැඩියි.. සමහරවිට සදාකාලිකවම.. ඔබේ පැහැදිලි කිරිමත් එක්ක කියෙව්වම හරි අපුරුයි වැව්...

    ReplyDelete