Wednesday, May 4, 2016
ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං ච කාකයො: මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්- නාරි චිත්තං න විශ්වශේත්
අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
සැමියෙක් නැති ගමන් තනි මග කිම්ද නගෝ
අම්බලමේ නැවතීලා යම්ද නගෝ
තනිපංගලමේ යන එක් තරුණ කාන්තාවකට එක් තරුණයෙක් මෙහෙම ආරාධනාවක් කරනව. ඒ ආරාධනය කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකරන ඇය,
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හිංදා
වසාගෙන දෙතන බිළීදුගෙ කිරි හිංදා
බාල මස්සිනා පස්සෙන් එන හිංදා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා
මඩ ගොහොරුන් පිරුණු, සතා සීපාවා උදේ හවා ඇවිද යන අලි කකුල් වලින් වල ගැසුනු අමාරුවෙන් කරත්ත දක්කගෙන යන කරත්ත පාරකයි මේ කියන කතා නායිකාව මෙන්ම නායකයාව දැන් ඇවිදන් යන්නෙ. පාර මඩ ගොහොරුවලින් පිරී ඉතිරී තියෙන හිංදම මේ තරුණ කාන්තාව චීත්ත රෙද්දෙ යට කොටස අතකින් උස්සා ගෙන ගමන් කරනව. ලතාවකට නැළවි නැළවී යන කාන්තාවගේ පිරුණූ පාදයන්හි සුන්දරත්වයෙන් හදවත සලිත වන තරුණයාගෙ සිත රාගයෙන් මුසපත් වෙනව. ඒ හිංදම ඔහු ඇයගෙන් අහනවා ඇයි මේ එක අතකින් නෙරිය අල්ලාගෙන කියල . නෙරිය යන්න ඇතැම් අය දකින්නෙ චීත්තය හැදගත්විට පහතට වැටෙන රැලි සහිත පොටට බවයි. නමුත් මෙහිදී ඒ පොටෙහි මඩ ගෑවිය නොහැකි බැවින් එය චීත්තයේ යට කොටසම විය යුතුය යන්න මගේ පුද්ගලික හැගීමයි. ඇය විවාහක තරුණ කාන්තාවක්. නමුත් ඒ කිසිවක් හෙළි නොකරන ඇය නිහතමානීව පිළිතුරු දෙනව, මේ පාරෙ ගමන් කරන්න අපහසුයි මඩ නිසා මගේ චීත්තය ජරාවෙනවා ඒ නිසයි මා නෙරිය අල්ලන් යන්නෙ කියල.
ඒ විතරක් නෙවෙයි තරුණ කාන්තාවකගේ මුළු ශරීරයම ඒකාලෝක කරන්නෙ ඇගෙ සුන්දර පුන් පයෝදර යුග්මයයි. අතීතයේ පටන් රණ හංසයින්ට උපමා කරන, ඇගේ පිරුණා වු පියයුරු දැක ඔහු වශීකෘත වෙනව. එහෙව් ලස්සන දෙතන කුමක් නිසා නුඹ අතකින් වසාගෙන යන්නේද කියා තරුණයා ඇගෙන් විමසනව. මේ කව මෑතක කියනලද කවියක් නෙමේ දැනට වසර සිය ගණනකට පෙර කියු කවකි. අතීතයේ කාන්තාවන් උඩුකය නිරුවත්ව සිටි බවට ඇතැම් පොත්පත් සාක්ෂී දරයි. රොබට් නොක්ස් කියන ඉංග්‍රීසි ලේඛකයා ලියා ඇති එදා හෙළදිව කෘතියෙ ඒ පිළිබද මනාව පෙන්වා තිබෙනව. (සියළු කාන්තාවන් නොවේ). ඉතිං අලුත උපන් දරුවෙක් ඉන්න කාන්තාවකගෙ පියයුරු කිරෙන් බර වෙලා තියෙන්නෙ..සමහර විට තම දරුවා බොහෝ වෙලාවකින් කිරි උරා බොන්නත් නැතුව ඇති. ඒ වෙලාවට මව් කෙනෙකුට දැනෙන වේදනාවද ඒ අයම මිසක් පිරිමි අපි දනිත්ද ? ඉතිං හයියෙන් හයියෙන් පයින් යනවිට ඒ බර තමන්ට දරා ගන්න බැහැ. ඒ නිසාම එක අතකින් පියයුරු වසාගෙන යන තරුණ කාන්තාව මේ මොකුත්ම කියන්නෙ නැතුව කියන්නෙ බිලිදුගෙ කිරි නිසා තමන් දෙතන වසාගෙන යන බවයි. කාන්තාව නොකියා කියන්නෙ තමන් මවක් බවයි.
මෝරා වැඩෙන තාරුණ්‍යයේ ප්‍රේමණීය හැඟීම්වලින් සන්නද්ධ තරුණයාද තම අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීමට කෙසේ හෝ ප්‍රයත්න දරයි . තරුණියගේ සංවරශීලි බවින් දිරිමත් වන තරුණයා නැවතත් ඇයගෙන් ප්‍රශ්න කරයි. සැමියෙක් නැතිව තනිපංගලමේ නුඹ මේ කොහේ යන්නෙද ?. අතීතයේ පමණක් නෙමේ වත්මනෙහිද තනිවම තරුණ කාන්තාවක් එළිබැසහොත්, ඇතැම් තරුණයින්ගේ පමණක් නොව ඉතා වයසක මිනිසුන්ගෙන් පවා නානප්‍රකාර වචන අහන්නට සිදුවීම කාලයේ අවාසනාවය. නමුත් මේ කාන්තාව ගරු ගාම්භීරව තරුණයාට පිළිතුරු දෙනව. මගේ බාල මස්සිනා පිටිපස්සෙන් එනවා. ඒකයි මං මේ කිසි බියක් නැතිව මේ පාරෙ ගමන් කරන්නෙ කියල. මේ කවි පදයෙන් කරුණු කීපයක් පිළිබද කියැවෙනව. එකක් තමන්ගෙ ස්වාමියා මිය ගිය කාන්තාවක්. ස්වාමියා මිය ගියාට පසුව ඔහුගෙ සහෝදරයින් විසින් තම නෑනණ්ඩිය ආරක්ෂා කරගන්නව. ඒ වගේම තමා මේ කාන්තාවගේ ස්වාමියා ජීවත්වෙලා ඉන්නවා සහ එයාගෙ පුංචි මල්ලිත් එක්ක තමා මේ ගමන යන්නෙ. ඉතිං ඒකත් වෙන්න බැරි කමක් නෑ. එමෙන්ම බුදු දහමින් පෝෂණය වු එදා ගැමියා තුල තිබු ඥානය පිළිබිඹු කරන්නට කියු වදනක් වුවද විය හැක. එසේනම් ඇය තම ස්ථානෝචිත ප්‍රඥා මහිමයෙන් අසත්‍යයක් පවසා ඔහුගෙන් ගැලවීමට උත්සාහ කළා වුවද විය හැකිය.
තරුණයාට නොදැනෙන්න බිය වද්දන කතා කිව්වද තරුණයාද බියවෙන ස්වරූපයක් පෙනෙන්නට නැත. ඒ හිංදම තරුණයා අවසානයේ අර කාන්තාවගෙන් අහන්නෙ අම්බලමේ නැවතිලා ටිකක් විවේක අරගෙන යමුද කියලා. තරුණ කාන්තාව දන්නවා මේ ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්නටම බව. ඇය ඔහුගේ කිසිදු උගුලකට අසුවන්නේ නැහැ. තරුණයා විමසන සෑම ප්‍රස්නයකටම මේ තරුණිය සාදාරණ මෙන්ම තරුණයාගේ හිත තුල ක්‍රෝධයක් වෛරයක් හට නොගන්නා ආකාරයට පිළීතුරු දීමට සමත් වෙනව. ඇය විසින් කියන ලද මේ පුංචි කවි පන්තිය මුලු මහත් කාන්තා පරපුරටම ආර්ශයක් යැයි මගේ මතයයි. මේ විවාහක තරුණ කාන්තාව සමස්ථ ගැහැණුවර්ගයාටම ආදර්ශයක් වෙනව. තමන් කොපමණ දුප්පත් උනත් කොපමණ කුළයෙන් පහත් උනත් තමන්ගෙ පතිවෘත්තා ධර්මය ආරක්ෂා කරගැනීමට ඇය සමත් වෙනවා. බුදුන්ගෙ කාලයේ තිබුණූ බමුණු මතය මේ කාන්තාව විසින් කීතු කීතු කරල ඉරල දානව. "යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා " යන කියුමෙන් ඇය තරුණයාගෙ සිත තුල සෙනෙහසක් දයාවක් ඇති කරලීමට සමත් වෙනව. එම තරුණයාගෙ පමණක් නොවේ සියලු හදවත් තුළ ඇය කෙරේ අනුකම්පාවක් ජනිත නොව්නනේද?. ඔහු තුල ඇය කෙරේ අසංවර වූ රාගයක් ඇතිව තිබුනේනම් ඇගේ ඒ වදන් පෙළින් ඒ සියල්ල සුන්නද්දූලි නොවන්නේද? "ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං ච කාකයො:මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්- නාරි චිත්තං න විශ්වශේත්" වැනි වැකි යොදා ගනිමින් එදා ගැහැණිය කොතෙක් නම් ගර්හාවට ලක් කලද බුදු සමය තුළ එය නිර්දය ලෙස විවේචනයට ලක් කරයි.
අතීතයේ ගැමි කාන්තාව තුළ තිබූ හික්මීම සංවරකම මනාවට පෙළ ගැස්ස වූ කවි සංවාදයක් ලෙසට මෙය ගෙන හැර දැක්විය හැකි. තරුණයාගෙ හදවතේ වුවද තරුණ කාන්තාව සම්බන්ධයෙන් පැන නැගුණා වූ ඒ ආදරය රාගය මුසු වුවද කොයි තරම් නම් සංවරශීලිද ලෙංගතුද යන්න මොනවට පිළිබිඹු වේ. ඇයගේ අනවසරයෙන් ඇයව නම්මවා ගැනීමට ඔහු කිසිවිටෙක උත්සාහ නොකල අතර, සියල්ල ව්‍යංගයෙන් පැවසුවේ ඔහු ඇයට ආදරය කරන්නට කැමැත්තෙන් සිටින බවකි. ඇතැම් විට ඔහු කාමාතුරයකු වුවානම් තරුණියට තම ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවනු ඇත. බොහෝ දුරට වර්තමානයේ සිදුවන්නේද එයමය. ආදරය රාගය ලිංගිකත්වය ආදියෙන් එදා තරුණයා මුසපත් වුවද ආගම දහමින් පෝෂණය වු ඔහුගේ අභ්‍යන්තරය සාමකාමි සංවර වු හදවතක් ඇත්තෙක් යැයි නොකිය හැක්කේද?
එමෙන්ම අද මෙන්ම අතීතයේද තරුණයින් විවාහක කාන්තාවන් හා ආදරයෙන් වෙලෙන්නට වැඩි කැමැත්තක් දක්වා ඇති බව මේ කාව් තුළින් මනාව පිළිබිඹු වේ. ඒ කෙසේ වුවද මෙවැන්නක් අද සිදු වූවා නම් අපට පෙනෙන්නේ සිර කූඩුවේ කම්බි කූරු ගණන් කරමින් සිටිනා තරුණයෙකුය.
ප.ලි..
එහෙත් කෙනෙකුට මෙය වෙනත් විදියකට වුව දැකිය හැකිය .
Subscribe to:
Post Comments (Atom)
සබ්බා නදී වංක ගතා
ReplyDeleteසබ්බේ කට්ඨ මයා වනා
සබ්බත්ථියෝ කරේ පාපං
ලාභ මානේ නිවාතකේ
මට මතක්වුනේ වික්ටර් රත්නායක සහ නීලා වික්‍රමසිංහ, ජන සාහිත්‍යය ඇසුරෙන් ගැයූ, 'නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ' ගීතයයි.
සියලු දුර්වලතා, අඩුපාඩු, පව්, ගැහැනුන් පිට පැටවීමේ මානසික රෝගය, අද සමාජයෙන් සෑහෙන දුරකට ඉවත්වීම සතුටක්. නමුත් නිට්ටාවට සුව වී නැහැ.
කාන්තාවන් කෙරෙහි පිරිමි සිත් සතන් තුල උපදින්නා වු ආදරය රාගය අද මෙන්ම එදත් එක හා සමානව තියෙන්නට ඇතැයි මට හිතෙනව.නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඇතැමුන් ඒ කෙරෙහි දක්වන්නා වු ප්‍රතිචාරයන් විවිධාකාරයි.හොඳ නරක දෙකම සම සමව තියෙනවා. බොහෝ විට විවාහයෙන් පටන් ගන්නා සම්බන්ධතා මරණයෙන් කෙළවර වෙන්නෙ ඒ හිංද වෙන්න ඇති.
Deleteසබ්බේ සත්තා
ReplyDeleteඉස්තිරික්කා
-මාතලන්ගේ හබරල කවියකි -
na banz sabbe laban
Deleteපුස් ලෝකය වර්ණවත් වන්නේ ඉස්තිරීන්ගෙනි
Delete///ඒ කෙසේ වුවද මෙවැන්නක් අද සිදු වූවා නම් අපට පෙනෙන්නේ සිර කූඩුවේ කම්බි කූරු ගණන් කරමින් සිටිනා තරුණයෙකුය.///
ReplyDeleteඒක ඇත්ත...
හැබැයි මට මෙහෙම අදහසක් තියෙනවා...
ඒ කාලේ පිරිමියෙක් කල එවැනි ආරාධනා වලට ඉඩක් ලැබීමේ වැඩි ප්‍රවනතාවයක් තිබුනවත්ද කියලා...
නැත්නම් අර තරුණයා එළි පිටම ඒ වගේ යෝජනාවක් කරයිද...
ඒත් අද කාලේ අපි එක පාරට නොදන්නා ගෑණු කෙනෙකුට එහෙම යෝජනාවක් කලොත් බඩුම තමා නේද...
ලොකූ, මෙහෙම හිතන්නකො.....
Delete"බාල මස්සිනා පස්සෙන් එන හිංදා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හිංදා"
බාල මස්සිනා පස්සෙන් ආවෙ නැත්තං හරි ගමරට දුර නැත්තං මේ කාන්තාව අම්බලමේ නැවතිලා නොයයිද
ඒක තමයි බං ඒ කාලේ ලිංගික නිදහස අදට වඩා වැඩියි කියලයි මටත් හිතෙන්නේ...
Delete:D
ReplyDelete:T
Delete++++++++++
ReplyDeleteඒ කාලෙ තරුණ තරුණියන්ගෙ මනස නිරවුල්ව තියාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවං කම තිබ්බ හින්ද ඔය තත්වෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් කමක් තියෙන්න ඇති. නමුත් දැන් හැල්මෙ දුවන ජීවිතත් එක්ක වෙන්නෙ අර අන්තිමට කියල තියෙන කූරු ගනින තත්වෙට පත්වෙන එක තමයි.
ReplyDeleteමුහුණූ පොත් වගේ දේවල් වලින් සිදුවුණු සහ තවදුරටත් සිදුවෙන හානිදායක දේවල් වලින් වළකින ආකාරය හා ඒ සම්බන්ධ දැනුවත් කිරීම් විවිධ මාධ්‍යයන් මගින් සමාජය පුරා සිදුවෙනව. සමහර විට මුහුණු පොත හෝ වෙනත් දියුණූ පණිවුඩ හුවමාරු ක්‍රමයක් එදා තිබුණානම් මේ සිදුවීම වෙනමම ආරක් ගන්නට ඉඩ තිබුණ
Deleteඑදා තරුනයාගේ මෝදුවෙන රාගය ඉතාම සංයමයෙන් කවියට නැංවුවා. අද රාගය මෝදුවෙන කොට ලඟ තියෙන පඳුරක් අස්සට බලෙන් ඇදගෙන යනවා.
ReplyDeleteඒ ලඟ හිටියොත්නෙ අද වැඩි පුරම රාගය මෝදු වෙන්නෙ ඉමෝ, ස්කයිප්, ටැන්ගෝ තුළින්නෙ....එතකොට
Deleteඔය වගේ අක්කාලා
ReplyDeleteලඳු කැලෑවකට ගෙනිහින් එක්කලා
ඉඟ නෙරියේ රැලි සිඳලා...
.
.
.
.
පරිස්සමට ගෙදරට ඇරලනව
අර ගැවිච්චි මඩ සෝදලා..
සුද්ද කරලා රෙද්ද ආපහු අන්දලා..
(උඹ හිතුවේ මොකක් හරි කුප්ප කතාවක් කියයි කියලා නේද? හැක්.)
ඒ ඒ කාලෙනෙ .........හැක් හැක්
Deleteසුදු ගවුමේ ඇයි
Deleteමඩ ගෑවුනේ.....
ඔයවගේ අක්කලා
ReplyDeleteබොරු බයිලා ගහලා
මල්ලිලා අල්ලලා
වැඩත් කරගෙන කවිත් කියයි
මායම් හැට හතර දාලා.
මේ කවිය අපි ඒ ඉස්කෝලේ කාලේ 10 වසරේ චිත්‍ර කරද්දී ඒ සර් ලස්සනට තේරුම් කරලා දුන්නා. ඒකරලා මේ කවිය මාතෘකා කරගෙන චිත්‍රයක් අඳින්න කිව්වා. ඒ සර් කියල දුන්න විස්තරය මතක් උනා මේ පෝස්ට් එක කියවද්දී.
ReplyDeleteකාලය මැවූ වෙනස.. කාලය මැවූ අරුමය..
ReplyDeletetest
ReplyDeleteකාන්තාවට ගරුකිරීම වෙනුවට කෙලිබඩුවක් සේ සැලකීමේ ඛේදවාචකය සහ එය දිනෙන් දින උග්‍ර වීමට අපේ අධ්‍යාපන කරමයත් සෑහෙන වගකියන්න ඕනේ කියලයි මම හිතන්නේ. පිට රටක තනියම ආරක්ෂාකාරීව ජීවත් වෙලා (විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගුවන් යානයකින්) මවුරටට ගොඩබසින තරුණියක් නිවසට කැදවාගෙනයන්න දෙමවුපියන්ට අනිවාර්යෙන්ම එන්න වීම අපි ඉන්නේ කොතනද කියන තැන හොදට පෙන්වන උදාහරණයක්.
ReplyDeleteඉග නෙරියේ රැළි හැදුවේ ප්‍රිය ළදුනේ මම විතරද?
ReplyDeleteඉග නෙරියේ රැළි බින්දේ හිමි සදුනේ මගේ විතරද????
කොහොම ප්‍රශ්ණයයි උත්තරයි නේද?????
ඉඟ නෙරිය නං ටිකක් ඩේන්ජරස් වගේ නොවැ
Delete"තමන්ගෙ ස්වාමියා මිය ගිය කාන්තාවක්" - එහෙම දෙයක් මේ කවියෙන් කියවෙන්නේ නැහැ නේද? ස්වාමියා රැකියාවට ගිහින් ඇති. ඇය අම්මා තාත්ත බලන්න ගිහින් එන්න ඇති බාල මස්සින එක්ක. හැබැයි කවි දෙකටහොඳ කතාවක් ගොනු කරලා තිබෙනවා.
ReplyDelete"නැති ගමන් තනි මග කිම්ද නගෝ
Deleteඅම්බලමේ නැවතීලා යම්ද නගෝ"
අජිත් අයියෙ මේ කවි පදයෙන් මං උපකල්පනය කරා විතරයි ඇතැම්විට සැමියා මිය ගිය තරුණ කාන්තාවක් ලෙසට. එහෙම වෙන්න බැරිද
ආදරය රාගය ලිංගිකත්වය ආදියෙන් එදා තරුණයා මුසපත් වුවද ආගම දහමින් පෝෂණය වු ඔහුගේ අභ්‍යන්තරය සාමකාමි සංවර වු හදවතක් ඇත්තෙක් යැයි නොකිය හැක්කේද?
ReplyDelete+++++++++++
කුනුහරප කියන්න එපා බං.ඔය කාරනාවට ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ. වෙනස තියෙන්නේ පිරිමි ඔයවගේ දේවල් කරන තරමට උන් සමාජය ඉස්සරහා වීරයෝ වෙනවා. ගෑනියෙක් පිට මිනිහෙක්ව මතක් කරලා ස්වයන් විංදනයේ යෙදුනත් උන් පට්ට වේසියෝ වෙනවා.
Deleteඇයි බං මනෝ
Deleteසමාජය විසින් වැරදියි කියලා කියන හැම දහදුරා වැඩක්ම දෙන්නා එක්ක එකතුවෙලා කරලා අහුවුනහම ඒ වැරද්ද ගෑනිගේ ඇඟේ ගහන එක හැම කාලෙකම තිබ්බ දෙයක් බං. චීත්තේ ඇලිලා තිබ්බ තුත්තිරි ගනින්න එවුන් හිටියට අමුඩේ අමතකවුනේ කොහේද කියලා හොයන්න එවුන් එදත් ඉන්නේ නැතුව ඇති.
ReplyDeleteඇත්තටම සිත තුල සංවරකම තිබුණු කාලයක්.දැන් සංවරකම මවා පානව විතරයි.
ReplyDeleteඅනිව දැන් තියෙන්නෙ බොරු අව්‍යාජත්වයක් විතරයි
Delete