Wednesday, June 26, 2013

සද නැති අහස

සුදු පාට සිවිලිමට කලු පාට ගෙනෙන්නේ
රකින්නද තනි නොතනි මකුලු දැල් බදින්නේ
වැහිදාට ඝන අදුර ගෙබිම රජ කරන්නේ
නුඹ නැතිව මං කෙලෙස මේ දිවිය ගෙවන්නේ

සුදු පාට පංකාව කලු ගැහී දුවන්නේ
කුස්සියේ පිටිපස්ස කුණූ ගොඩක් මවන්නේ
වැහි දාට සීතලට ගුලි ගැහී නිදන්නේ
මහ රෑට හීනෙනුත් නුඹව මට පෙනෙන්නේ

මේසෙ උඩ සියළු දේ ඇත ගොසින් විසිරිලා
හෝදන්න රෙදි ගොඩක් බේසමක් ඉතිරිලා
බැහැ ඉන්න නුඹ නැතිව හදවතම පුපුරලා
මිය යාවි මං දිනක නුඹ නැතිව තනිවෙලා

පොඩිපුතුට අපි ගෙනා ලී පුටුව තනිවෙලා
හීනෙනුත් හඩනවා මගෙ පුතුව සිහිවෙලා
බෝනික්ක දූට ගත් ඇස් කොනින් හිනැහිලා
කෝ අසයි සුදු දූ ව මගෙ කනට කොදුරලා

කොහේදෝ ගිහින් ඇත හිත සතුට වියැකිලා
මොනවදෝ මිමිණූවා නුඹ රෑක පැමිණිලා
කියම්දෝ කෙලෙස මම තවම ඇත තනිවෙලා
කවදදෝ නුඹ එන්නෙ මා වෙතට හිනැහිලා

මහ රෑට ගෙඹි පැටව් මෙමට ඔච්චම් කරයි
කැරපොත්තු සිරි සිරිය මහද සිතුවිලි මරයි
නුඹ නොමැති වැහි රැයත් පට්ට අව් ගිනි සැරයි
මට එන්න නුඹ ලගට දැන් ඉතින් අවසරයි

10 comments:

  1. ඉතාම සංවේදී කවි පෙළක්, විශිෂ්ටයි.

    ReplyDelete
  2. මිහිරැති දිවියක සාංකා සිතුවමක් වගේ සංවේදී පදවැලක්. ඔබට ජය!.

    ReplyDelete
  3. කාව්‍යෝක්තීන්ගෙන් පිරිපුන් අපුරුම කවි පන්තියක් එන්නම් වැවේ නාන්න හැමදාම.
    samakayawate නලින්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියේ ඒ වගේම ඔබට දැනෙන අඩුපාඩු නොසගවා මට කියන්න පාලුව කානිසිය තනිකම මගහරවා ගැනීමට බොහෝවිට මා කවි ලියනවා එන්න ඇවිත් ගොඩවෙලා අඩුපාඩු පෙන්නලා යන්න

      Delete
  4. පවුල ගමේ ඇරියානං දුක්විදපං කොලුවෝ

    ReplyDelete
  5. දැන්නම් හොදටම ඒක තේරිලා ඉන්නෙ අටන්.

    ReplyDelete