Tuesday, May 19, 2015

මුවින් නොබිනු මැන ළයේ රුහිරු කැටි නුඹ වෙනුවෙන් වෙන් වෙලා ඇතේ


ජීවන ගග මත කලුගල් කුළකට
පෙම් බදිනා නුඹ කවුරු ළදේ
කාලවර්ණ නුඹෙ දියසුලි කැරකුන
වළාපෙලකි කෙහෙරැල්ල අගේ

ගල් කැට වැද්දෙන විදුලිය එළියකි
දකිනාකල නුඹෙ දෙනෙත් යුගේ
සෙල්කුඩු වැදිලා රිදුම් දේවි නුඹෙ
 ස්වේත වර්ණ රැළි වැටුණූ බදේ

කසුන් දියර නුඹෙ වුවන පුරා යන
එළිය විහිදුවයි අමාවකේ
මුවින් නොබිනු මැන ළයේ රුහිරු කැටි
නුඹ වෙනුවෙන් වෙන් වෙලා ඇතේ

35 comments:

  1. ඒක නං ගති
    ඇත්තටම හරි අපූරුයි
    ජයවේවා

    ReplyDelete
  2. සුන්දරයි වැව්............... හරිම ලස්සනයි...... අගේ අැති පද ටික

    ReplyDelete
  3. හරි අපූරු හිතට දැනෙන පද වැලක්

    ReplyDelete
  4. වැවා,නියමයි.සිංහළෙන් කියනවනම් පිස්සු කොර....

    ReplyDelete
  5. කාන්තා සුකුමාලත්වය පසෙක තබා ගල්කඩන, දලුකඩන, කිරිකපන ආදී වශයෙන් ජීවන අරගලයේ යෙදෙන මේ දිරිය ගැහැණුන් වෙනුවෙන් කවි ලියවෙනවා බොහොම අඩුයි. දලු නෙලන අයටනං සින්දු කීපයක් තියෙනවා, ඒවයෙත් තියෙන්නෙ මනමාල කම.
    ඒ නිසා උඹේ මේ ව්‍යායාමය බොහොම අගයකළ යුතුයි වැවා. සංවේදියි! ලස්සනයි!

    ReplyDelete
  6. මුලින්ම මා දැඩිව අවධාරණය කරන්න කැමතියි මේ අදහස් දැක්වීම කරන්නේ සද්භාවයෙන් විනා, හෙළා දැකීමේ අදහසින් නොවන බව. මා කැමති නැහැ නිකම්ම මාරයි, පට්ටයි, ලස්සනයි කියා පැත්තකට වෙන්න. සාහිත්‍ය රසවින්දනයෙදී තමන්ට හැඟුණ දේ කීමෙන් නිර්මාපකයාට අද්දැකීමක් ලැබෙනවා.

    ඒ අනුව පහත දැක්වෙන කරුණු ඔබේ අවධානයට යොමු කරනවා.

    පළමුවැනි පදයේ ගඟ යන්න ගග වශයෙන් ඇත්තේ සිතා මතා නොව, ලිවීමේ දෝෂයක් නිසා බව පෙනෙනවා.

    නිසඳැස් සම්ප්‍රදායෙන් ලිව්වත්, සඳැස් සම්ප්‍රදායෙන් ලිව්වත්, උවමනාවට වඩා සම්මතයෙන් පිට ගියොත් නිර්මානාත්මක අගය අඩුවෙනවා. මෙය සඳැස් නිර්මාණයක්. ඒ නිසා සඳැස් රැකීම වැදගත්.

    මට එකවරම මතක් වුණේ කොළඹ යුගයේ කවි. 'පැන්සල් කූරු මෙනි තිගෙ පොඩි ඇඟිලි ළඳේ' කියලා පී.බී.අල්විස් පෙරේරා ලිව්වා. එය ඉතාම නොගැලපෙන යෙදුමක්. කාන්තාවකගේ ඇඟිලි පැන්සල් කූරු වගේනම් ඒ කාන්තාව යම්කිසි රෝගයකින් පෙළෙනවා. යටත්පිරිසෙයින් මන්දපෝෂණයෙන් පෙළෙනවා.

    ඒ වගේ තමයි, ඔබ ලියලා තියන, 'ගල්කැට වැද්දෙන විදුලිය එළියකි' කියන යෙදුම. ගල්කැට කාන්තා දෙනෙතකට සමකිරීමයි නොගැලපෙන්නේ. 'නිල්මිණි දිදුලන විජ්ජුලතාවකි නෙත් ඔබේ මා හද බඳින ළඳේ' වැනි යෙදුමක් ආවානම් හොඳයි.

    ඒ ඒවගේමයි, 'දියසුළි කැරකුන වළාපෙළකි' කියා කීම. වලාකුළකින් වැස්ස ලැබුනට දියසුළි කැරකීම වෙන්නේ නැහැ. ඔබට කියන්න අවශ්‍ය, අක්බමරුන් සහිත රැළි වැටුණු කේශ කලාපය ගැන නම්, 'අක්බමරුන් සැදී, නීල වළාවකි, ඔබේ කෙහෙ රැළි මන බඳින තදේ' වැනි යෙදුමක් සුදුසුයි කියා හිතනවා.

    'කසුන් දියර නුඹේ වූවන පුරා යන' යෙදුමේ වූවන පුරා දියරයක් යනවා කියන යෙදුම කාව්‍යොක්තියක් ලෙස තරමක් අසාර්ථකයි. මුහුණේ දිස්නය ඇතිවන්නේ දියරයකින් නොවේ. ඒ කාන්තාවගේ මුහුණේ පහන් හා සිනහවෙන් නේද? ඒ නිසා දීප්තිය, මන්දස්මිතය කුළුගන්වන වචන තමයි සුදුසු.

    අවසාන පද දෙක ඉතා හොඳයි. අන්න එතන තියනවා, හදවතින්ම නැගෙන ආදරය, හරියටම කුළුගැන්වීමක්.

    මා නැවතත් කියනවා, මෙය දැඩි විවේචනයක් නොවෙයි. අදහස් දැක්වීමක් පමණයි.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, කළුගල් කඩන ගැහැණිය/තරුණියගේ නෙතින් ඒ කැඩෙන ගල්වලින් නැගෙන ගිනි පුපුරු පරාවර්තනය වීම මෙතනදි අදහස් කලා වෙන්න බැරිද?
      කසුන් දියර යන්නෙන් රන් ඩහදිය යන අදහස එන්නත් පුලුවන් නේද?
      (අම්මපා මාත් ඉල්ලන්නෙ ගේමමයි. වෙඩි තියංට ඔට්ටු නෑ ඕං...)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දෙපාරක් පබිලිස් වෙච්ච හිංද මිසක් ආයි බයකට අයිං කොරාපු දෙයක් එහෙම නෙමෙයි ඕං....හැක් හැක්

      Delete
    4. විචාරකගේ විචාරය සිඳුවන්නේ සම්ප්‍රදාය හා යතාර්ථය පදනම් කරගෙන. මට නම් ඒකේ රහක්වත් සිතන්නට යමක් වත් නෑ. ඒක නිර්මාණයකට වඩා වාර්ථාවක් ලෙසයි මට නම් පේන්නේ. මේ කවියේ කතා කළ යුතු යමක් තියෙනවා. ඒකයි මට නම් මේක රහ. විචා අතින් විචාරයක් ලියවෙන්නෙත් ඒකයි.

      මෙන්න ඒකට මගේ උපහාරය.

      Delete
    5. @ විචාරකතුමණි ඔබේ වටිනා විචාරයට මගේ ස්තූතිය පිරිනමමි. සෑම නිර්මාණයක් පසුපසම ඔබේ වදන් බලාපොරොත්තු වෙමි..

      Delete
    6. @ මධුමාධවී ඔබ නිවැරැදියි මා උත්සාහකලේ ගලා යන දහඩිය රත්තරං පාටට සමාන කරන්න වගේම කැඩෙන ගල්වලින් උපදින දිස්නය ඇගේ දෙනෙත්වලටත් උපමා කරන්න. නමුත් එහි ඇති ඒ උපමාවන් නොගැළපෙන්නේද යන්න ගැළපේද යන්න පිළිබද වඩා වඩා සිතන්න උත්සාහ නොකලෙමි. ඇත්තටම කියවන ඔබේ සියලුම අදහස් හා මා එකග වන්නේ එබැවිනි. ස්තූතියි නුඹට

      Delete
    7. @ මාතයියෙ. හැමදාම පත්තරවල පළවෙන්නෙ ලාංකීය සාහිත්‍යට කවියට අනාගතයක් නැත්තෙ ඒ සදහා හොද විචාර කලාවක් නොමැති නිසා බවයි. ඉතිං අපි වගේ ආධුනිකයන්ට මේ ඉන්න විචාරකයෝ රත්තරං නොවටින්නේද. වචනයෙන් වචනයෙන් මං වෙනුවෙන් මං ලියපු එක වෙනුවෙන් විචාරකගෙ වටිනා කාලය වැය කල බැවින් ඔහුට මගේ හද පිරි ප්‍රණාමය පුදකරනවා. එය අගය කල නුඹටත් මගේ ප්‍රණාමය.

      Delete
  7. අපුරුවට වදන් හසුරුවා ලියන ලද ලස්සන පද පෙළක්

    ReplyDelete
  8. කවි කියන්නේ මේවට බං... වල්ලා පට්ට.

    ReplyDelete
  9. ඉස්සරෝම කවිය තේරැනේ නෑ. කමෙන්ටු ටික කියවද්දි මිටර් වුනා
    එල ද බ්‍රා

    ReplyDelete
  10. දූවිලි හුළඟ ගිනි අව්වේ එන යාවී
    බෑඟිරි නගයි දැවි පා කඳුලැලි බෝවී
    කළුවර හඳට පෙම් බැඳි කල සඳ සාවී
    යයිදෝ අතැර උඹ දුක වෙනතක පාවී :'(

    ReplyDelete
  11. එළකිරි වැවා.. ඔන්න කොල්ලො කවි... හැබැයි කොල්ලො මාතෘකාවට අදාළ රූපයක් දාපං. එතකොට කවිය හිතට වදිනවා වැඩියි...

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ නිලියක් නොවී සාමාන්‍ය ගෑනියකගේ පින්තූරයක්...

      Delete
    2. සජ්ජ, මට කොහොමත් ඒක බැරි වැඩක් වගේ...කියල හැගෙනවා..ස්තූතියි සජ්ජ

      Delete
  12. නියමයි වැවා අයියෙ. ලස්සන කවි ටිකක්.

    ReplyDelete