Wednesday, June 3, 2015
වැව් මාළුයි රොටියි බතුයි
දවසට කීවරක් ගුටිකෑවද කියලා
නැත මා හට මතක නැත කිසිදින රිදිලා
වේ වැල දිගේ එන සෙනෙහස මට මැවිලා
නිතරම පෙනේ ඇත හුග දවසක් ගෙවිලා
වරදක් කෙරුව දින රඹ පැළ සිටුවන්න
මුල්ගුරුතුමිය දුන් දඩුවමකිය ඔන්න
ගුරුවරයට හොරෙන් පැන ගිය අඹ කන්න
සිදුවිය සියල්ලට අඹ ගෙඩිටික දෙන්න
පන්තිය නිම වෙලා අපි වැව වෙත යමුද
මාලුත් සමග රොටියක් පිසගෙන කමුද
මගෙ යෝජනාවට නොම අවනත කවුද
පියනැගුවෙමු වැවට මොනවට මහ මුහුද
පෙත්තගෙ ගෙදර අවසන් තිප්පොල වූවා
හත් අටදෙනෙක් පොල් ගසකින් ගෙඩි බෑවා
ලග තිව් කඩයකට ගොස් පොල් ටික පෑවා
තුනපහ සමග පිටි ටික අරගෙන ආවා
දෙන්නෙක් පමණ නවතා වැඩ කරන්නට
අවවාදයක් දුනි රස කර උයන්නට
සුපුරුදු සුවෙන් දැයි මින් රළ බලන්නට
අපි හැම දෙනා විය වැව වෙත ඇදෙන්නට
රස්නය දැනුනි අලි බෙටියක දැන් දැමුණු
ඇතැමෙක් බියෙන් මොහොතක් පස්සට ඇදුණු
අලි රංචුවක් වැව් පිට්ටනියේ පෙනුණු
මතකෙට නගයි තවමත් බියමුසු මුහුණු
වටපිට බලා කවුරුත් මෙහි ඇද්ද කියා
ඔරු තුන හතරකින් අපි වැව මැදට ගියා
සවසට ඇවිත් මාළුන් අල්ලන්න කියා
යැයි එලු තිබු දැල් මත අපෙ දෑත් ගියා
කොට්ටොරුවක තිබුණු කොල්ලෑවක් කැඩිලා
ගිරවා දගලමින් ඇත වැව වෙත වැටිලා
ඒ ලග උන්නු සුද්දා වතුරට පැනලා
අල්ලාගත්තමුත් උගෙ ඇදිවත මැකිලා
සතුටක් දැනුනි ඇත මාළුන් ගොඩ පිරිලා
මොහොතක් නැතිව ඉක්මන් හබලින්ඇදිලා
ගොඩ වූයෙමි බියෙන් මුසු සැකයෙන් පෙගිලා
මුරකරු සිරී අප අල්ලාවිද රැදිලා
මෙච්චර මාළු ඉන්නා වැව තුළ පිරිලා
එක මාළුවෙක් නැත බෙහෙතටවත් රැදිලා
කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා
මගෙ සියොලගම තෙත් වුණි ගින්නෙන් දැවිලා
Subscribe to:
Post Comments (Atom)
මාතෘකාවේ රසයට හිත නැවතුනානේ..
ReplyDeleteකොමෙන්ටුවට මගෙ හිත නැවතුනා....
Deleteකටට කෙල උනන්න කොරලි මාළුවෙ රස මතක් කරලා අන්තිමට කඳුලකුත් දුන්න නේද ඇහැට...?
ReplyDeleteපුංචි කාලෙනෙ නේද ....තෑන්ක්ස් කේ එච් එල්
Deletemmmmmm ++++++++++
ReplyDeleteතේරුනේ නැතෙයි......පුංචි කාලෙ මාළු අල්ලන්න ගියා...මාළු ඇල්ලුවා....පසුවදා උදේ තාත්ත කියනවා දැලට මාළු වැදිල නෑනෙ කියල ( හැබැයි අපෙ තාත්ත කවදාවත් මාළුවෙක් අල්ලලා නෑ හොදේ)
Deleteකවි රසය හොඳටම තියෙනවා. ඒත් ප්‍රශ්නයකුත් මතු වුණා.
ReplyDelete//කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා// මේ කියන්නෙ තාත්තා ගැනද? එහෙනම් තාත්තා මෙතනට සම්බන්ධ වුනේ කොහොමද කියන එක තමා මට තියෙන ගැටළුව.
ඇයි බං මුන් වැඩේ දීල තියෙන්නේ වැවාලගෙ තාත්තගෙ දැලට නේ.. හැක්..
Deleteආ ස්තුතියි KM, ඒක තේරුනේ නැති නිසා කමෙන්ට් නොකර හිටිය.
Deleteබලන්න කරුමෙක මහත. සාමාන්‍යයෙන් කවි තේරෙන්නෙ නැති නිසා කමෙන්ට් නොකර ඉන්නව. මේ කවි හොඳට තේරුනා ඒත් අන්තිමට පියා කෑල්ල නිසා ඒකත් කෙලවුනා. ඒක නොතේරුන නිසා හිතුන වෙනද වගේම අදත් මගෙ නූගත්කම තමයි , මේ කවිවල මට නොතේරෙන ව්‍යංගාර්ථයක් ඇති කියල
නෑ ප්‍රා, මෙතැන වැරැද්ද මගේ. නිසි පිලිවෙලකට කව් පන්තිය අවසන් වුනේ නැ ඒකයි නැත්තම් ප්‍රාට මේක තේරුම් ගන්න පුළුවන් කොහොමත් මගේ කව් වල ව්‍යංගය අඩුයිනෙ..
Delete@ මධු,
Deleteවැවේ මාළු හුගක් ඉන්නවා . ආයෙ ඒනෙ සැකයක් නෑ. ඒත් තාත්තාගෙ වැලට එක මාළුවෙක්වත් වැදිල නෑ....
"කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා " තාත්ත එහෙම කිව්වම කදුලු පුරවාගෙන, මගෙ සිත ගිනිගත්තා..
අන්තිම කවිය හැර අනිත් ටික මම කලින් ලියල තිබුණ නමුත් ඉක්මනට පබ්ලිස් කරන්න ඕන නිසා අන්තිම කවිය ලියල පබ්ලිස් කොරා...ඒකෙන් අර තේරුම් ගැනීමේ ගැටළුව මතු වුණා... සමාව බජනය කරමි
@ මධු,
Deleteඒකට හේතුව කලින්දා අපි අල්ලලා තියෙන්නෙ තාත්තගෙ දැලේ මාළු ටික
මටත් අන්තිම කවිය ගැන කුතුහලයක්..පියා කියන්නෙ යාලුවෙකුට ආදරයට කියන නමක්ද?
ReplyDeleteකවි හැකියාව එල ද බ්‍රා
ඔක්කොම සමාවෙයල්ලා පියා කියන්නෙ තාත්ත යකෝ.....
Deleteපියා කවුරු උනත් බොලාට තිබ්බ ඔක්කොම ටික සුද්ද කරන්නෙ නැතුව ටිකක් හරි ඉතුරු කරන්න.
ReplyDeleteකියල වැඩක් නෑ පව් තාත්ත...දැන් තමා හිතෙන්නෙ
Deleteකොලු කාලේ කොලුකම් කරනවා. වෙලාවකට පොඩ්ඩක් එහා මෙහා වෙලා බලුකම් ආසන්නයට යනවා. නමුත් කොලු කාලේ අපිට බල්ලෝ කියලා බනින එවුනුත් ඉන්න නිසා ඔන්න ඔහේ කමක් නෑ. මේ වගේ මතකයක් තියෙන්නේ කොලු කාලේ කොල්ලන් හැටියට ජීවත් වුන එවුන්ට විතරයි.
ReplyDeleteහ්ම්ම් මයි මාමේ
Deleteමාතෘකාව දැක්කම අතීතයට ගියා, ඉස්කෝලෙ කට් කරල අඹේපුස්සෙ ෆාම් එක ලගින් මා ඔයෙන් නාල මාළු අල්ලල , උන්ව පුච්චගෙන පොලුයි ,කොච්චියි එක්ක පාන් කාල හොද ළමයි වගේ ගෙදර ගිය කාලෙ
ReplyDelete/ කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා /
මටත් මෙතන නිසා රසවිදීමට බාදාවක් උනා
තාත්තගෙ මාළු දැලේ මාළු නෑ කියල තාත්ත උදේ ගෙදර ඇවිත් ඇඩූ කදුලින් කියනවා.....ඉතින් ඒක අහපු මගෙ හදවත පිච්චෙනවා....ඇයි ඒ? අපි අල්ලලා තියෙන්නෙ මගේම තාත්තගෙ දැලේ උන්නු මාළුනෙ මාධව
Deleteඅපුරු කවි ටික...
ReplyDeleteඅවසන් කවියට කලින් එතනට පියා සම්බන්ධ වෙන ආකාරය මදක් පැහැදිලි උනානම් හොඳයි.
කොලු කාලේ කරපු සමහර මගඩි නිසා ඒවට වක්‍රාකාරව හෝ සෘජුව සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට මොන තරම් කරදරයක් වෙන්න ඇතිද...
වතාවක් අපි ඉස්කෝලේ රෑ නතර වෙලා හිටපු දවසක එක ගෙදරක මිදුලෙම තිබ්බ තැඹිලි කඩාගෙන බිව්වා...
අපි ඉස්කෝලේ ඉවරවෙලා නාන්න යන්නේ ඒ ගේ තියෙන පාරේ. පහුවෙනිදා උදේ ඒ ගෙවල් ගාවින් යද්දී අපි දැක්කේ ඒ ගෙදර මිනිස්සු තැඹිලි ගහේ සියලුම ලපටි ගෙඩි, මල් ඔක්කොම කපල පාරට විසිකරලා දාල තිබ්බා කේන්තියට
තව පාරක් මහ රෑ ඉඩමකට හොරෙන් පැන්නා "දුරියන්" අහුලන්න, දුරියන් කාලා එව්වයේ ලෙලි ටික ගේට්ටුවේ යකඩ කූරු වල අමුණලා ආවේ. පහුවෙනිදා උදේ ඒ මිනිස්සු මොනා කලාද දන්නේ නැහැ...
තව මේ වගේ මොන තරමක් මැරාටි වැඩ තියෙනවද. හෙහ්...
හෙක් හෙක් ඔය තියෙන්නෙ බඩු.....ජය වේවා
Deleteමාලු නැත්තෙ මැහිතෙල් වලට වෙන්න ඇති නේ ...
ReplyDeleteකවි ට්ක සුපිරි ...
අපිට තිබ්බෙ කුරුම්බා විතරයි .. ඒකත් ඉස්කෝලෙම තිබ්බ ගස්වල .....
යකෝ මාළු නැත්තෙ අපි කලින්දා අල්ලලා තියෙන්නෙ තාත්තගෙ දැලේ උන්නු මාළු....වැරදි කවි ලියනකොට මට මෙහෙම වෙලා මදී......
Deleteඅම්මප මට තේරුනේ වැවේ මාලු නෑ කිව්ව වගේ ..... මයි බෑඩ් ... මයි බෑඩ් .....
Deleteවැව් මාලුයි, රොටියි, බතුයි ගැන කතාවක් ලීවා නම් රස වැඩී...:)
ReplyDeleteතෑන්කස් පොඩ්ඩි.....එහෙම උනොත් ඉවරයක් කර ගන්න බැරිවෙයි කියල බය හිතුණ
Deleteඅඩේ නුවා ඉන්ටර් නෙට් තියනවද ඔහේ
ReplyDeleteපට්ට පට පට හුරේ...............................
Deleteවැවා ඉන් ඇක්ශන්.. මොකෝ බොල අන්තිම ටික ඉවර කරන්න ඔච්චර හදිසි උනේ..
ReplyDeleteඉඳල ඉඳල ගිහිල්ල කෙළිය නේද තාත්තගෙම දැලට.. තොපි වැව් මාළුයි රොටියි කාල ගෙදර අනිත් උන්ට බත් නැති කරාද.. හැක්.. කතන්දර සීයක් විතර ඔළුවට ආවා උඹේ නොස්ටැල්ජික් කවි ටිකට.. ජය වේවා.. කොහොමෙයි අළුත් තැන?
අන්න කමී ට විතරයි ඒක තේරුනේ....කොළඹින් ගියාට පස්සෙ එක දවසක් ආයෙ ඇවිත් ගියා. පස්සෙ ලිල තිබුණු එකක් කොළඹදි පබිලිස් කරා..අන්තිම කවිය ලියල තිබුන්නෑ...ෆුල් ස්පීඩ් එකෙන් අන්තිම කවිය ලියල පබ්ලිස් කරා එච්චරයි උනේ....වෙන වැරැද්දක් නෑ....
Deleteඅළුත් තැනට ආව විතරයි.. මටනං ඉතින් කොහෙත් එකයි කියල හිතෙනවා....කොළඹ තරං වැඩ නෑ.....ඒත් වැඩපාටි වලින් අඩුවක් නෑ....( පැරණි සොවියට් සමූහාණ්ඩුව වගේ)
කවිය වැව් මාළු වලට වඩා රහයි..!
ReplyDeleteමාතෘකාව දැක්කගමන් පැනගෙන ආවෙ කියවන්න. අවසානය බොහොම සංවේදියි.
ReplyDelete