Wednesday, June 3, 2015

වැව් මාළුයි රොටියි බතුයි


දවසට කීවරක් ගුටිකෑවද  කියලා
නැත මා හට මතක නැත කිසිදින රිදිලා
වේ වැල දිගේ එන සෙනෙහස මට මැවිලා
නිතරම පෙනේ ඇත හුග දවසක් ගෙවිලා

වරදක් කෙරුව දින රඹ පැළ සිටුවන්න
මුල්ගුරුතුමිය දුන් දඩුවමකිය ඔන්න
ගුරුවරයට හොරෙන් පැන ගිය අඹ කන්න
සිදුවිය සියල්ලට අඹ ගෙඩිටික දෙන්න

පන්තිය නිම වෙලා  අපි වැව වෙත යමුද
මාලුත් සමග රොටියක් පිසගෙන කමුද
මගෙ යෝජනාවට නොම අවනත  කවුද
පියනැගුවෙමු වැවට මොනවට මහ මුහුද

පෙත්තගෙ ගෙදර අවසන් තිප්පොල වූවා
හත් අටදෙනෙක් පොල් ගසකින් ගෙඩි බෑවා
ලග තිව් කඩයකට ගොස් පොල් ටික පෑවා
තුනපහ සමග පිටි ටික අරගෙන ආවා

දෙන්නෙක් පමණ නවතා වැඩ කරන්නට
අවවාදයක් දුනි රස කර උයන්නට
සුපුරුදු සුවෙන් දැයි මින් රළ බලන්නට
අපි හැම දෙනා විය වැව වෙත ඇදෙන්නට

රස්නය දැනුනි අලි බෙටියක දැන් දැමුණු
ඇතැමෙක් බියෙන් මොහොතක් පස්සට ඇදුණු
අලි රංචුවක් වැව් පිට්ටනියේ පෙනුණු
මතකෙට නගයි තවමත් බියමුසු මුහුණු

වටපිට බලා කවුරුත් මෙහි ඇද්ද කියා
ඔරු තුන හතරකින් අපි වැව මැදට ගියා
සවසට ඇවිත් මාළුන් අල්ලන්න කියා
යැයි එලු තිබු දැල් මත අපෙ දෑත් ගියා

කොට්ටොරුවක තිබුණු කොල්ලෑවක් කැඩිලා
ගිරවා දගලමින් ඇත වැව වෙත වැටිලා
ඒ ලග උන්නු සුද්දා වතුරට පැනලා
අල්ලාගත්තමුත් උගෙ ඇදිවත මැකිලා

සතු‍ටක් දැනුනි ඇත මාළුන් ගොඩ පිරිලා
මොහොතක් නැතිව ඉක්මන් හබලින්ඇදිලා
ගොඩ වූයෙමි බියෙන් මුසු සැකයෙන් පෙගිලා
මුරකරු සිරී අප අල්ලාවිද  රැදිලා


මෙච්චර මාළු ඉන්නා වැව තුළ පිරිලා
එක මාළුවෙක් නැත බෙහෙතටවත් රැදිලා
කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා
මගෙ සියොලගම තෙත් වුණි ගින්නෙන් දැවිලා

33 comments:

  1. මාතෘකාවේ රසයට හිත නැවතුනානේ..

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට මගෙ හිත නැවතුනා....

      Delete
  2. කටට කෙල උනන්න කොරලි මාළුවෙ රස මතක් කරලා අන්තිමට කඳුලකුත් දුන්න නේද ඇහැට...?

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙනෙ නේද ....තෑන්ක්ස් කේ එච් එල්

      Delete
  3. Replies
    1. තේරුනේ නැතෙයි......පුංචි කාලෙ මාළු අල්ලන්න ගියා...මාළු ඇල්ලුවා....පසුවදා උදේ තාත්ත කියනවා දැලට මාළු වැදිල නෑනෙ කියල ( හැබැයි අපෙ තාත්ත කවදාවත් මාළුවෙක් අල්ලලා නෑ හොදේ)

      Delete
  4. කවි රසය හොඳටම තියෙනවා. ඒත් ප්‍රශ්නයකුත් මතු වුණා.
    //කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා// මේ කියන්නෙ තාත්තා ගැනද? එහෙනම් තාත්තා මෙතනට සම්බන්ධ වුනේ කොහොමද කියන එක තමා මට තියෙන ගැටළුව.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මුන් වැඩේ දීල තියෙන්නේ වැවාලගෙ තාත්තගෙ දැලට නේ.. හැක්..

      Delete
    2. ආ ස්තුතියි KM, ඒක තේරුනේ නැති නිසා කමෙන්ට් නොකර හිටිය.
      බලන්න කරුමෙක මහත. සාමාන්‍යයෙන් කවි තේරෙන්නෙ නැති නිසා කමෙන්ට් නොකර ඉන්නව. මේ කවි හොඳට තේරුනා ඒත් අන්තිමට පියා කෑල්ල නිසා ඒකත් කෙලවුනා. ඒක නොතේරුන නිසා හිතුන වෙනද වගේම අදත් මගෙ නූගත්කම තමයි , මේ කවිවල මට නොතේරෙන ව්‍යංගාර්ථයක් ඇති කියල

      Delete
    3. නෑ ප්‍රා, මෙතැන වැරැද්ද මගේ. නිසි පිලිවෙලකට කව් පන්තිය අවසන් වුනේ නැ ඒකයි නැත්තම් ප්‍රාට මේක තේරුම් ගන්න පුළුවන් කොහොමත් මගේ කව් වල ව්‍යංගය අඩුයිනෙ..

      Delete
    4. @ මධු,

      වැවේ මාළු හුගක් ඉන්නවා . ආයෙ ඒනෙ සැකයක් නෑ. ඒත් තාත්තාගෙ වැලට එක මාළුවෙක්වත් වැදිල නෑ....
      "කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා " තාත්ත එහෙම කිව්වම කදුලු පුරවාගෙන, මගෙ සිත ගිනිගත්තා..

      අන්තිම කවිය හැර අනිත් ටික මම කලින් ලියල තිබුණ නමුත් ඉක්මනට පබ්ලිස් කරන්න ඕන නිසා අන්තිම කවිය ලියල පබ්ලිස් කොරා...ඒකෙන් අර තේරුම් ගැනීමේ ගැටළුව මතු වුණා... සමාව බජනය කරමි

      Delete
    5. @ මධු,
      ඒකට හේතුව කලින්දා අපි අල්ලලා තියෙන්නෙ තාත්තගෙ දැලේ මාළු ටික

      Delete
  5. මටත් අන්තිම කවිය ගැන කුතුහලයක්..පියා කියන්නෙ යාලුවෙකුට ආදරයට කියන නමක්ද?
    කවි හැකියාව එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔක්කොම සමාවෙයල්ලා පියා කියන්නෙ තාත්ත ‍යකෝ.....

      Delete
  6. පියා කවුරු උනත් බොලාට තිබ්බ ඔක්කොම ටික සුද්ද කරන්නෙ නැතුව ටිකක් හරි ඉතුරු කරන්න.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ පව් තාත්ත...දැන් තමා හ‍ිතෙන්නෙ

      Delete
  7. කොලු කාලේ කොලුකම් කරනවා. වෙලාවකට පොඩ්ඩක් එහා මෙහා වෙලා බලුකම් ආසන්නයට යනවා. නමුත් කොලු කාලේ අපිට බල්ලෝ කියලා බනින එවුනුත් ඉන්න නිසා ඔන්න ඔහේ කමක් නෑ. මේ වගේ මතකයක් තියෙන්නේ කොලු කාලේ කොල්ලන් හැටියට ජීවත් වුන එවුන්ට විතරයි.

    ReplyDelete
  8. මාතෘකාව දැක්කම අතීතයට ගියා, ඉස්කෝලෙ කට් කරල අඹේපුස්සෙ ෆාම් එක ලගින් මා ඔයෙන් නාල මාළු අල්ලල , උන්ව පුච්චගෙන පොලුයි ,කොච්චියි එක්ක පාන් කාල හොද ළමයි වගේ ගෙදර ගිය කාලෙ
    / කිව් විට පියා නෙත් යුග කදුලැලි පිරිලා /
    මටත් මෙතන නිසා රසවිදීමට බාදාවක් උනා

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ මාළු දැලේ මාළු නෑ කියල තාත්ත උදේ ගෙදර ඇවිත් ඇඩූ කදුලින් කියනවා.....ඉතින් ඒක අහපු මගෙ හදවත පිච්චෙනවා....ඇයි ඒ? අපි අල්ලලා තියෙන්නෙ මගේම තාත්තගෙ දැලේ උන්නු මාළුනෙ මාධව

      Delete
  9. අපුරු කවි ටික...
    අවසන් කවියට කලින් එතනට පියා සම්බන්ධ වෙන ආකාරය මදක් පැහැදිලි උනානම් හොඳයි.

    කොලු කාලේ කරපු සමහර මගඩි නිසා ඒවට වක්‍රාකාරව හෝ සෘජුව සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට මොන තරම් කරදරයක් වෙන්න ඇතිද...
    වතාවක් අපි ඉස්කෝලේ රෑ නතර වෙලා හිටපු දවසක එක ගෙදරක මිදුලෙම තිබ්බ තැඹිලි කඩාගෙන බිව්වා...
    අපි ඉස්කෝලේ ඉවරවෙලා නාන්න යන්නේ ඒ ගේ තියෙන පාරේ. පහුවෙනිදා උදේ ඒ ගෙවල් ගාවින් යද්දී අපි දැක්කේ ඒ ගෙදර මිනිස්සු තැඹිලි ගහේ සියලුම ලපටි ගෙඩි, මල් ඔක්කොම කපල පාරට විසිකරලා දාල තිබ්බා කේන්තියට
    තව පාරක් මහ රෑ ඉඩමකට හොරෙන් පැන්නා "දුරියන්" අහුලන්න, දුරියන් කාලා එව්වයේ ලෙලි ටික ගේට්ටුවේ යකඩ කූරු වල අමුණලා ආවේ. පහුවෙනිදා උදේ ඒ මිනිස්සු මොනා කලාද දන්නේ නැහැ...
    තව මේ වගේ මොන තරමක් මැරාටි වැඩ තියෙනවද. හෙහ්...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ඔය තියෙන්නෙ බඩු.....ජය ‍වේවා

      Delete
  10. මාලු නැත්තෙ මැහිතෙල් වලට වෙන්න ඇති නේ ...
    කවි ට්ක සුපිරි ...
    අපිට තිබ්බෙ කුරුම්බා විතරයි .. ඒකත් ඉස්කෝලෙම තිබ්බ ගස්වල .....

    ReplyDelete
    Replies
    1. යකෝ මාළු නැත්තෙ අපි කලින්දා අල්ලලා තියෙන්නෙ තාත්තගෙ දැලේ උන්නු මාළු....වැරදි කවි ලියනකොට මට මෙහෙම වෙලා මදී......

      Delete
    2. අම්මප මට තේරුනේ වැවේ මාලු නෑ කිව්ව වගේ ..... මයි බෑඩ් ... මයි බෑඩ් .....

      Delete
  11. වැව් මාලුයි, රොටියි, බතුයි ගැන කතාවක් ලීවා නම් රස වැඩී...:)

    ReplyDelete
    Replies
    1. තෑන්කස් පොඩ්ඩි.....එහෙම උනොත් ඉවරයක් කර ගන්න බැරිවෙයි කියල බය හිතුණ

      Delete
  12. අඩේ නුවා ඉන්ටර් නෙට් තියනවද ඔහේ

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට හුරේ...............................

      Delete
  13. වැවා ඉන් ඇක්ශන්.. මොකෝ බොල අන්තිම ටික ඉවර කරන්න ඔච්චර හදිසි උනේ..
    ඉඳල ඉඳල ගිහිල්ල කෙළිය නේද තාත්තගෙම දැලට.. තොපි වැව් මාළුයි රොටියි කාල ගෙදර අනිත් උන්ට බත් නැති කරාද.. හැක්.. කතන්දර සීයක් විතර ඔළුවට ආවා උඹේ නොස්ටැල්ජික් කවි ටිකට.. ජය වේවා.. කොහොමෙයි අළුත් තැන?

    ReplyDelete
    Replies
    1. අන්න කමී ට විතරයි ඒක තේරුනේ....කොළඹින් ගියාට පස්සෙ එක දවසක් ආයෙ ඇවිත් ගියා. පස්සෙ ලිල තිබුණු එකක් කොළඹදි පබිලිස් ‍කරා..අන්තිම කවිය ලියල තිබුන්නෑ...ෆුල් ස්පීඩ් එකෙන් අන්තිම කවිය ලියල පබ්ලිස් කරා එච්චරයි උනේ....වෙන වැරැද්දක් නෑ....

      අළුත් තැනට ආව විතරයි.. මටනං ඉතින් කොහෙත් එකයි කියල හිතෙනවා‍‍....කොළඹ තරං වැඩ නෑ.....ඒත් වැඩපාටි වලින් අඩුවක් නෑ....( පැරණි සොවියට් සමූහාණ්ඩුව වගේ)

      Delete
  14. කවිය වැව් මාළු වලට වඩා රහයි..!

    ReplyDelete
  15. මාතෘකාව දැක්කගමන් පැනගෙන ආවෙ කියවන්න. අවසානය බොහොම සංවේදියි.

    ReplyDelete