නිල්වන් අහස්කුස අතරින් සුදෝ සුදුවන් වළා පෙළ හෙමින් සීරුවේ පාවෙමින් ඇදී යන යුරු ඔහු ජනෙල් කවුළු අතරින් බලා උන්නේය. ඈතින් ඇති පොල් ගසක් සුළගේ වේගයට ඇඹැරි ඇඹරී පැද්දෙන අයුරුත් ගේ ලගම ඇති කොට්ටම්බා ගසේ අතු සැරින් සැරේ තම ගෙයි ජනෙල් පියන් පත් වැළද ගන්නායුරුත් ඔහු බලා උන්නේය.
තමන් පාසලෙන් අස් වී ගියදා පටන් තමන්ගෙන් පාසලට කිසියම් වූ දෙයක් සිදු නොවුනේ යැයි ඔහු පංචස්තාප විය. නමුත් වසර ගණනාවක් රැකියාවක් කලද ආදි ශිෂ්‍යයෙකු ලෙසට කිසියම් වූ යුතුකමක් නොකරන ලද්දේ යැයි ඔහු තුළ දුකක් හට ගත්තේය. මීට වසර ගණනාවකට පෙරද පාසල වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරන්නේ යැයි සිතා උන්නද පැවති ආර්ථික අවපාත හමුවේ ඔහුගේ සිතුවිළි සුනු විසුනු වී ගියේය.තමා මීට වඩා තම පාසල ගැන සිතිය යුතු නොවේදැයි ඔහුගේ යටිසිත ඔහුගෙන් ප්‍රස්න කරන්නට විය.
කුමක් හෝ දෙයක් කල යුතුව ඇත. එහෙත් ඔහුට පමණක් තනිව කිසිවක් කල නොහැකි බව ඔහු කල්පනා කරන්නට වූවේය. නගරයේ පාසල්වල ආදි ශිෂයයන් තම පාසල් වෙනුවෙන් කරන්නා වූ යුුතුකම් නම් කොතෙක්ද? එදානෙදා පුවත්පත්වලින්ම ඒ පිළිබද කතා ප්‍රවෘත්තීන් බොහොමයක් ඔහු කියවා ඇත.
පාසලේ අභිවෘද්ධීය උදෙසා පාසලින් අස් වී යන ශිෂ්‍ය ප්‍රජාවද වග කිව යුතු නොවේද ආණ්ඩුවෙන්ම දෙනතුරු බලා සිටිය යුතුමද ඔහු සිතන්නට වූවේය.ආදි ශීෂ්‍ය සංගමයක් පිහිටු වීම අසාර්ථක වනු ඇත. උපරිම දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්මුන්ගෙන් ඒ සදහා සහයෝගයක් නොලැබෙනු ඇත. වෙනත් සංවිධානමය වැඩ පිළිවෙලක් ආරම්භ කල යුතුව ඇත.රජයේ රැකියාලාභින් ඒ සදහා සහභාගි කරවාගත යුතුය. ඔවුන් ඒ සදහා සහයෝගය දක්වනු ඇත. ඊලග සති අන්තයේ තමන් ගමට යායුතුය. පංසලේ හාමුදුරුවන් හා මේ සම්බන්ධව සාකච්ඡා කල යුතුය. ඔහු යෝජනාව ස්ථිර කරන ලදී.
" හා... නිමල් හුග දවසකින් පංසල පැත්තෙ..." දම්මසාර හාමුදුරුවෝ බෝ මළුව අසල දායකකාරකාදීන් කීප දෙනෙකු සමග සාකච්ඡා කරමින් වැඩ සිටියහ.
" අපෙ හාමුදුරුවනේ ..." නිමල් මදක් නැමී උන්වහන්සේට වැන්දේය.
"අපෙ හාමුදුරුවනේ ...මට ඔබ වහන්සෙ එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..."
" යමු පංසල පැත්තෙ..." හාමුදුරුවෝ ඉස්සරහින් වැඩියහ.
නිමල් තමන් පැමිණී කාරණය කෙටියෙන් මුත් සියල්ල හාමුදුරුවන් අභිමුව තැබුවේය.
" හොදයි නිමල්... හොද වටින වැඩක්...ඒත්...."
" ඔවු හාමුදුරුවනේ මට තේරෙනව...හාමුදුරුවො කල්පනා කරන්නෙ මේකට සහභාගීත්වය ගන්නෙ කොහොමද කියලනෙ නේද? අපි මුළු ගමේම සහභාගීත්වය අපේක්ෂා කරන්නෙ නෑ... ගමේ ඉන්න රැකියාලාභීන් විතරයි මේකට කෙලින්ම සහභාගි කරවා ගන්නෙ..එතකොට ගමේ කොල්ලොත් කෙල්ලොත් මේකට සම්බන්ධ කර ගන්න පුළුවන්." නිමල් කියාගෙන ගියේය.
"ඒක හරි නිමල් ...ඒත් මේ වගේ දෙයක් කරද්දී අපිට මූල්‍ය ප්‍රශ්නයක් පැන නගීවි නේද?"
" අපෙ හාමුදුරුවනේ...සල්ලි ටිකක් නැතුව මේක කරන්න බෑ තමා. නමුත් මං හිතන්නෙ අපි ඒකට එච්චරටම හදිසි නොවිය යුතුයි කියල.. පස්සෙ ලොතරැයි ටිකට් ටිකට් එහෙම ගහල මේකට මුදලක් එකතු කර ගන්න හැකි වේවි. ගමේ ඉන්න කඩකාරයො ටික දෙනා ලගට ගියත් මේකට මුදලක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.. අනිත් එක අරක්කු බෝතලේකට රුපියල් දාහකටත් වඩා සල්ලි නාස්ති කරන එකේ කෙනෙකුට මේ වගේ යහපත් දේකට රුපියල් සීයක් දෙසීයක් දෙන එක කොයිතරම්නම් පිං අතේ වැඩක්ද අපෙ හාමුදුරුවනේ..." නිමල් හාමුදුරුවන් මේ සදහා දිරිමත් කිරීමේ අදහසින්ම කියවන්නට වූවේය.
"ඔක්කෝටම කලින් අපි මේක සංවිධානය කරන්නනම් කීප දෙනෙක් එකතු වෙලා මේ සම්බන්ධව කතා කර ගන්ඩ ඕනෑ නොවෙද? යි හාමුදුරුවෝ ටිකක් බැරෑරුම් සොබාවයක් මූණට ආරූඩ කර ගත්තා මෙන් නලල රැලි කර ගත්තේය.
" හාමුදුරුවනේ මං ගෙයින් ගෙට ගිහිං ඒ අයව දැනුවත් කරන්නම්..." යැයි කියූ නිමල් හාමුදුරුවන්ට ආචාර පුද කර නොපෙනී යනතුරුම හාමුදුරුවෝ ඔහු දෙස දෙනෙත් යොමා බලා උන්නේ නිමල් සම්බන්ධයෙන් කුමක් සිතේ තද කරගෙනදැයි උන්වහන්සේවත් නොදත්තේය.
නිමල් පළමුව මෙවන් දේ උදෙසා නොපිරිහෙලා සහයෝගය දක්වන තමා මිතුරා සොයා ගියේ තමාගේ වැඩපිළිවෙල ගැන ඔහුව දැනුම්වත් කරන අටියෙනි. ඔහු මහත්සේ සතුටට පත්වුණි.තම යහළුවාගේ මූලිකත්වයෙන් අරඹන්නා වූ එම යහපත් වූ ක්‍රියාවන්ට තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බවද ඒ සදහා තමුන් මුදලින් ද උපකාර කරන බවට නිමල්ට සහතික වූවේය.
“ අපි මේක අද කල යුතුව තිබූ දෙයක් නොව බොහෝ කලින් කලයුතුව තිබූ දෙයක්. අපි ඉගෙන ගත් පාසලට මොනා හරි කළ
යුතුයි බලන්න එන්න එන්නම ඉස්කෝලෙ පිරිහෙනව. එදා තිබුණ වගේ නෙමෙයි පාසලේ දියුණුව එන්න
එන්නම අඩපණ වෙනවා. ගුරුවරු විෂය නිර්දේෂයටම යටවෙලා. මං හිතන විදියට අද්දියාපන
දෙපාර්තමේන්තුවේ ඉදන් පහලටම ඒක ගලාගෙන
එන්නක්. කලාවට සාහිත කලාවට සාහිත්‍යයට ළමුන්ගේ
පෙළඹවීම ගොඩාක් අඩුවෙලා. රසවින්දනය අතින් අද පාසල් ළමුන් බොහොමයක් දුප්පත් වෙලා. කලාවෙන්
තොර සමාජය ඉතා ඉක්මණින්ම පිරිහෙනවා. තරුණ තරුණියන්ගෙ ඉවසීම නැති වී ගොස් විවිධ දේ අතින් සමාජය කෙලෙසෙනව. ඉස්සර උගතුන්ගේ වියතුන්ගේ සාහිත කලාවෙන් පෝෂණය වූ සමාජය ඉතාමත් පෝසත්. රටේ වැදගත් උදවිය. ඒත් දැන් දැන් ඒක වියැකිලා ගිහින්
තියෙනවා. අතීත සාහිත්‍යකරුවන්ගේ පොත් කියවන පුද්ගලයින්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ක්ෂය
වී යනවා. ඒ වෙනුවට නුතන තාක්ෂණයට මිනිස්සු යට වෙලා. අපිට මේ දේවල් එක රැයින් කරන්න පුළුවන් දේවල්
නෙමේ. පියවරෙන් පියවර අපි ඉදිරියට යන්න ඕනෙ. අපි පාසල් ශිෂ්‍යයාගෙන් පටන්ගත
යුතුයි. ඔවුන්ව දිරිමත් කල යුතුයි. ළමුන් තුළින් නිදහස් අදහස් ගලා එන්නට නම් ඔවුන්ගේ මනසද නිදහස් විය යුතුයි. තෙල් ටැංකියකට පුනීලයකින් තෙල් වක්කරන්නා සේ ළමුන්ට පොතේ දැනුමම වැක්කෙරිය නොකල යුතු දෙයක් සේය. නොවටනා දෙයකට මැණික් ගල් ඔබ්බවන්නා සේය."
" දැන් බලන්ඩ දෙමාපියන් පාසලෙන් ළමුන් අස් කරගෙන ගිහිං ටවුමෙ ඉස්කෝලෙට දානවා. ළමුන් මෙයින් බොහෝ සේ පිරිහෙනවා. ඔවුන් යාන්ත්‍රික වෙලා. දෙමාපියන් ද නොදන්නා සේ යන රැල්ලටම ඔහේ යන්නන් වාලේ යනවා. එක පැත්තකින් ගමට පාසලක් ඉතිරි නොවේවි. බලධාරීන්ද ඔහේ ඉදීවි. ඒ වගේම දුප්පත් අසරණ අයගෙ දරුවො ඉන්නවා. බොහෝම දක්ෂ අය ඉගෙන ගන්ට. ඒ අයට අපි උදව් කරන්ට ඕනෙ. ඔවුන්ව දිරිමත් කරන්ට ඕනෙ..." යැයි නිමල් දේශනා කරන්නට වූවේය. නිමල් ගෙවල් හත අටකටම ගියේය. තමන් නිමල්ගේ වැඩ පිළිවෙලට උපරිමයෙන්ම සහයොගය දක්වන බව ඔවුන් සියල්ලෝම නිමල්ට සහතික වුහ.
නිමල් එදින ගෙදර යන විට රෑ නවයද පසු වී තිබුණී. පස්සා දොරෙන් ගෙට ඇතුළු වූ නිමල් තම බිරින්දෑ විසින් බෙදා තිබූ බත් පිගානෙන් කටවල් දෙකතුනක් ගිල දමා නිදන කාමරය දෙසට ගියේ බිරිදටද අමතමිනි.එහෙත් ඈ ඒ වන විටත් තම දරු දෙදෙනාද තුරුළු කරන් නින්දට ගොසිනි. නිමල් කාමරයේ විදුලි ලාම්පුව දමා මොහොතක් ඔවුන් දෙස බලා උන්නේ හදවතේ ඇති වූ මහත් වූ අඹූ දරු සෙනෙහෙනි. නිමල්ගේ හදේ ගැඹුරින් ශෝකයක් ගලා ආවද විදුලි පහන නිවා දමා දොර අඩවල් කරන්නට විය.
"ඒයි.....ඔයා දැන්ද ආවෙ.. ඔයා එයි එයි කියල බලාගෙන හිටිය..දුවට කිරි දිදී ඉද්දි දන්නෙම නැතුව නින්ද ගිහිං.." යැයි ඇය කීවාය.
"කමක් නෑ ඔයා නිදා ගන්න..මං කාමරේ නිදාගන්නම්..."
පසුදා උදෑසනම දරු දෙදෙනාගේ සෙනෙහසින් නිමල්ගේ නින්ද අවසන් වූවේය. ලොක්කා දුවවිත් ඔහුගේ පපුව උඩින් පැන ඔහුගේම සිරුරට හේත්තු වී උන්ඩි වූවේය. දෝණි අවුත් නිමල්ගේ පපුව උඩ නැංගාය. දෙනෙත් පියන්නට නොදුන්නාය. දබරගිල්ලෙන් ඇස් දෙකට ඇන්නාය. පෙකණියට ඇගිල්ලෙන් ඇන්නාය.
තම සැමියා සති අන්තයේ නිවසට පැමිණියද එක් පැයක් ගෙදර නොසිටිය බැව් දනී. ඇය හා කතාබස් කල ප්‍රමාණයද වචන කීපයකට සීමා විය. අඩු තරමින් තම දරුවන් හා සුරතල් වූ එකදු මොහොතක්වත් ඇය නොදැක්කාය. ඔහු කරන්ට යන මේ වැඩ කිඩ ගැන ඇය බලවත් සේ විරුද්ද වුවද ඈ මුවින් නොබැන උන්නාය.
" ආය මේ කොහෙ යන්නද ලෑස්තිය...? මේ උදේ පාන්දරම.." යැයි පාන්දරම නැගිට මුහුණ සෝදනු දැක
ඇය ඇසුවේ, වෙනදා හත අට වනතුරුම නිදා ගන්නා බැවිනි.
" අර සේදිරිස් මාමගෙ පුතාගෙ පුතා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලාලු...."
" ඔයා අදද දන්නෙ ඒ ළමය ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කියල...සැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි මයෙ හිතේ..."
"ඔව් ඒක තමා ඒ ළමය හරි දක්ෂයලු ඉගෙන ගන්ඩ..මේ ලගදි දවසකදී ඒ ළමයගෙ අම්ම හම්බ වුණා..ඉස්කෝලෙ අපිට වඩා පන්ති කීපයක් ඉහළින් හිටිය අක්ක කෙනෙක්. දරුවගෙ ඉගෙනීම ගැන ඇහුවට පස්සෙ කිව්වෙ, ශිෂ්‍යත්වෙන් පාස් වුණාය කියල..ප්‍රස්න ගොඩක් මැද්දෙය ඉන්නෙ කියල කිව්වෙ හුගාක් අසරණකමකින්..මට පවු කියල හිතුණ.. හුගක්ම කොල්ල පාඩම් කරන්නෙ කුප්පි ලාම්පුවෙන්ලු..මට දුක හිතුණා..අපි ඒ දිනවල පාඩම් කල හැටි මතක් වුණා. මගේ මේ වැඩපිළිවෙල හරි ගියොත් මං හිතුව ඉස්සරෝම කියල ඒ ළමය වෙනුවෙන් ඒ ගෙදරට විදුලිය අරගෙන දෙන්ට. වැඩි වියදමක් යන්නැති වෙයි අඩුම තරමේ ළමය වෙනුවෙන්වත් නේද.." යි නිමල් තම බිරිදගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙන් ඇය දෙස බැලීය.
" අනේ මං දන්නෙ නෑ ඔයා මොනව කරන්ට හදනවද කියල..." ඇය ගෙතුලට වැදුනාය.
ත්‍රීවීලරයත් පණ ගන්වාගෙන තම පියා පිටව යන අයුරු , තවම ග්‍රීල් වද්දවා නැති ජනෙල් කවුළු මත හිදගෙන දරු දෙදෙනා බලා උන්නාය. මුළු ගෙදරම පාළු නිසල බවක් පෙන්වීය. මෙතෙක් වේලා දරුවන්ගේ තිබූ දැගලිල්ල සුළි සුළගකට ගසාගෙන ගියාක් මෙනි. සියල්ල නිහඩය නිසසලය. දරුවන් දෙදෙන ඔවුනොවුන්ගේ පාඩුවේ වෙන වෙනම කල්පනා ලෝකවල නිමග්න වන්නට වූවාය. වෙනදා ගෙයි පිළිකන්නට එන දෙමලිචි රෑන් ගොළු වී මෙන් කිචි බිචිය වියැකි ගොසිනි. මුළු මහත් ගෙදරම මහා ඉඩෝරයකින් මළානිකව ගිය බොරළු කන්දක තැනින් තැන වැවී ඇති කටු පදුරු ටිකක් වැනි විය.
තම සැමියා සති අන්තයේ නිවසට පැමිණියද එක් පැයක් ගෙදර නොසිටිය බැව් දනී. ඇය හා කතාබස් කල ප්‍රමාණයද වචන කීපයකට සීමා විය. අඩු තරමින් තම දරුවන් හා සුරතල් වූ එකදු මොහොතක්වත් ඇය නොදැක්කාය. ඔහු කරන්ට යන මේ වැඩ කිඩ ගැන ඇය බලවත් සේ විරුද්ද වුවද ඈ මුවින් නොබැන උන්නාය.
" ආය මේ කොහෙ යන්නද ලෑස්තිය...? මේ උදේ පාන්දරම.." යැයි පාන්දරම නැගිට මුහුණ සෝදනු දැක
ඇය ඇසුවේ, වෙනදා හත අට වනතුරුම නිදා ගන්නා බැවිනි.
" අර සේදිරිස් මාමගෙ පුතාගෙ පුතා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලාලු...."
" ඔයා අදද දන්නෙ ඒ ළමය ශිෂ්‍යත්වෙන් පාස් වෙලා කියල...සැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි මයෙ හිතේ..."
"ඔව් ඒක තමා ඒ ළමය හරි දක්ෂයලු ඉගෙන ගන්ඩ..මේ ලගදි දවසකදී ඒ ළමයගෙ අම්ම හම්බ වුණා..ඉස්කෝලෙ අපිට වඩා පන්ති කීපයක් ඉහළින් හිටිය අක්ක කෙනෙක්. දරුවගෙ ඉගෙනීම ගැන ඇහුවට පස්සෙ කිව්වෙ, ශිෂ්‍යත්වෙන් පාස් වුණාය කියල..ප්‍රස්න ගොඩක් මැද්දෙය ඉන්නෙ කියල කිව්වෙ හුගාක් අසරණකමකින්..මට පවු කියල හිතුණ.. හුගක්ම කොල්ල පාඩම් කරන්නෙ කුප්පි ලාම්පුවෙන්ලු..මට දුක හිතුණා..අපි ඒ දිනවල පාඩම් කල හැටි මතක් වුණා. මගේ මේ වැඩපිළිවෙල හරි ගියොත් මං හිතුව ඉස්සරෝම කියල ඒ ළමය වෙනුවෙන් ඒ ගෙදරට විදුලිය අරගෙන දෙන්ට. වැඩි වියදමක් යන්නැති වෙයි අඩුම තරමේ ළමය වෙනුවෙන්වත් නේද.." යි නිමල් තම බිරිදගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙන් ඇය දෙස බැලීය.
" අනේ මං දන්නෙ නෑ ඔයා මොනව කරන්ට හදනවද කියල..." ඇය ගෙතුලට වැදුනාය.
ත්‍රීවීලරයත් පණ ගන්වාගෙන තම පියා පිටව යන අයුරු , තවම ග්‍රීල් වද්දවා නැති ජනෙල් කවුළු මත හිදගෙන දරු දෙදෙනා බලා උන්නාය. මුළු ගෙදරම පාළු නිසල බවක් පෙන්වීය. මෙතෙක් වේලා දරුවන්ගේ තිබූ දැගලිල්ල සුළි සුළගකට ගසාගෙන ගියාක් මෙනි. සියල්ල නිහඩය නිසසලය. දරුවන් දෙදෙන ඔවුනොවුන්ගේ පාඩුවේ වෙන වෙනම කල්පනා ලෝකවල නිමග්න වන්නට වූවාය. වෙනදා ගෙයි පිළිකන්නට එන දෙමලිචි රෑන් ගොළු වී මෙන් කිචි බිචිය වියැකි ගොසිනි. මුළු මහත් ගෙදරම මහා ඉඩෝරයකින් මළානිකව ගිය බොරළු කන්දක තැනින් තැන වැවී ඇති කටු පදුරු ටිකක් වැනි විය.
සති අන්තය නිමා විය. නිමල් කොළඹ ආවේය. බසයට නැගුණු මොහොතේ පටන් කොළඹට එන තෙක්ම ඔහු කල්පනා කළේ තමන් අරඹන්ට යන වැඩ පිළිවෙල ගැනය. ගෙදර දොරේ කිසිම දෙයකට ඔහු හාංකවිසියක් නැත. බිරිය උයා දෙන දෙයක් කා කොහේ හෝ ඇවිදින්නට යාම නිමල්ගේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්විය. තමන් කරනට යන යහපත් දෙයෙහි ආනිසංස තම පවුලටද අත්විදින්නට ලැබෙන බව ඔහු තම බිරිය හා නිතර පවසන්නකි. එහෙත් තමාට අවැසි වන්නේ ඒ කිසිම ආනිසංසයන් නොව තම සැමියා ගෙදර තමා හා තම දරුවන් ලගට වී සිටීම පමණකැයි ඇය සිතුවාය.
" අඩුම තරමෙ පොඩි උන් දෙන්න එක්ක ටිකක් සෙල්ලම් කරන්ට..තාත්ත එනකං කිය කිය මග බලාන ඉන්නෙ උන් දෙන්න ඔයත් එක්ක සෙල්ලමට වැටෙන්ට.." යැයි නිමල් ගෙදර ගිය දිනෙක බිරිය කීවාය.
"හරි හරි මං ඉතිං ගෙදර ඉන්නවානෙ....කෝ එන්ඩ මගෙ පුතා මෙහාට..." යි නිමල් තම බිරියගේ පෙරැත්ත කිරීම නිසාදෝයි පුතා ලගට ගෙන හුරතල් කරන්ට විය. ඒ හුරතලය වැඩි වේලා නොපැවතියේය. ඔහුගේ මුළු කය පුරාම දිවෙන්නේ ඔහු කරන්ට යන වැඩ පිළිවෙලය.
" පටන් ගත් දෙයක් මගදි නතර කරන්ට බෑනෙ මේකලා.."ඔහු දැන් දැන් තම බිරියට පවසන දේය. " මේකලා.. මට රුපියල් පන්සීයක් දෙන්නකො...ඊයෙ කොමිනිකේෂන් එකෙන් ලියුම් වගයක් හදා ගත්ත..ඒකට දෙන්නත් ඕනෙ.. ත්‍රීවීල් එකට තෙල් ටිකක් ගහ ගන්නත් ඕනෙ...මේ දවස් ටිකේම අැවිදිනවනෙ..ගමේ මිනිස්සුන්ට ඕවට ඇවිදින්ට වෙලාවක් නෑ..අනිත් එක කුඹුරු වැඩ හිංද මිනිස්සු හුග දෙනෙක් හිර වෙලා. ඒකයි මං මේ තනියම උනත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්නෙ. කුඹුරු වැඩ ඉවරයක් උනාම මිනිස්සු මේකට සහභාගි කර ගන්න පුළුවන් වේවි.." ඔහු සුපුරුදු ලෙස කියාගෙන ගියේය.
පන්සීය පන්සීය පස්හයවතාවකට වඩා තමාගෙන් මුදල් ඉල්ලා ගත් බව ඇය ඔහුට මතක් කර දීමට නොගියාය. මුදල් වියදම් වුවද කමක් නැත සති අන්තයට ගෙදර එන නිමල් නිතර ගෙදරින් පිටවී ඇවිදින්නට යාම තරම් තවත් දෙයක් නොවීය. පැය ගණනක් තබා තමන් හා එක මොහොතක් ආදරයෙන් කතා බහ කරන්ට වේලා නැති නිමල්ට වරු ගණන් වෙන උන් හා සාකච්ඡා කරන්ට වේලාව ඇත්තේය. ඇ කෝප ගත්තේ එබැවිණි. ඇය ගස්සාගෙන මෙන් ගෙතුලට ගොස් රුපියල් පන්සීයක් ගෙනැවිත් මේසය මත තැබුවාය.
"ආය සල්ලි නෑ...සන්තකේටම තිබුණෙ ඔච්චරයි..." ඇයගේ දෙනෙත් තුළ ශෝකී බවක් ඉස්මතුව තිබුණි.
" එහෙම කියන්න එපා මේකලා...මං මේ කරන්ට යන්නෙ හොද වැඩක්. ඒ විතරක්ද ගෙදරකට කරන්ට් එක අරන් දීල එක ළමයෙක් ගේ හරි නුවණ පාදන්න ලැබීම අපි අපේ ගම වෙනුවෙන් පාසල වෙනුවෙන් කරන යුතුකමක්.. අනිත්තෙක...... නිමල්ට තෙපලිය හැකි වූවේ එපමණකි.
" ඔය කියෙව්ව ඇති නිමල්..ඔයාට පිට මිනිස්සු විතරද පේන්නෙ ඔයාට අපි පේන්නැද්ද...මේ...මේ...දරුවො පේන්නැද්ද...දැන් දවස් කීයක් ගෙදර ආවද..එක දවසක් ගෙදර හිටියද පොඩි උන් එක්ක වචන කීයක් කතා කරාද..උන් කැමති නැද්ද තමන්ගෙ අප්පත් එක්ක හුරතල් වෙන්ඩ...ඒකට තමුසෙ....තමුසෙ යනව දහපදුරාවෙ ඇවිදින්ඩ..එක එකාලට ලයිට් අරගෙන දෙන්ඩ යනව...තමුසෙ ගෙදර ලයිට් තියෙනවද කියල බැලුවද ....පිළිකන්නට ලයිට් එකක් නෑ ගෙදෙට්ට ආවත් හරි..දොට්ට පිලට යන්නෙ කට්ට කළුවරේ...ගෙදෙට්ට තාම ලයිට් අර ගත්තෙ නෑ...අම්ම ගිය මාසෙ බැන්න ලයිට් බිල වැඩියෙන් ඇවිල්ල කියල..ඒකත් අම්මලගෙ ගෙදර වයර් එකක් අරං කරන්ට් එක දාල දුන්නෙ ලොකු මල්ලී..ඌ හිටියෙ නැත්තං අපි තාමත් කුප්පි ලාම්පු එළියෙන් ඉන්නෙ... ඇයි නිමලෙ මේ....ඔයා අපිට ආදරේ නැද්ද...මේ දරුවො ඔයාගෙ..මම ඔයාගෙ ගෑණී..ඇයි අපිට මෙහෙම කරන්නෙ...." ඇය ඉකි ගගහ අඩන්ට වූවාය. පොඩ් උන් දෙන්නා උළුවස්සට හේත්තු වී බලා උන්නාය.
හදිසියේ පාත් වුණු හෙණ ගෙඩියක් සේ සිදු වූ දෙයින් නිමල් සිහිසන් වූවෙකු මෙන් විය. කල යුත්තේ කුමක්දැයි නිශ්චය කර ගැනීමට නොහැකිව න්දමන්ද වූවෙකු මෙන් බලා ගත් අත බලා හුන්නේය.අවට වටපිටාවම තමන් වටා කැරකෙන්නා සේ ඔහුට දැනෙන්නට විය. කරකියා ගත නොහී ඔහු මදක් ඈතින් කපා බිම හෙලා තිබූ කජු කදක් මත හිද ගත්තේය.ජනෙල් කවුළු අතරින් තවමත් දරු දෙදෙනා දුකසේ ඔහු දෙසම බලා උන්නාය. නිමල් තම හිස පහතට නමාගෙන මොහොතකින් කෙලින් කළේය.අම්මාගේ ගෙදර සිට තම ගෙදර දක්වා විදුලිය රැගෙන එන විදුලි රැහැන් දෙක පැද්දි පැද්දී තමාට ඔච්චම් කරනවාදෝයි ඔහුට සිතුණි.
කියපු දේ මටත් වැදුනද මන්ද!
ReplyDeletewelawakata hithenawa huga denekuta meka podui kiyala
Deleteඅප්පට බොල... ඇත්ත නේන්නං.. අවංකව සමාජ සේවේ කරන එවුන්ගේ ඇතුල ඔහොම තමා. කාගේ වරද්ද කියා නොතේරේ
ReplyDeletesamaje waradda. huga kalekin iwan ayya
Deleteඌට නිමල් කියල නම දාපු එකාගේ වැරැද්ද.. කලාතුරකින් හම්බ වෙන නමේ විදියටම වැඩකරන ජාතියේ එකෙක්.. කාටවත් කියන්න එපා.. නිමල්ගේ ගෑනි රත්තරන් බං.. උඹට කියන්න මං ඉඳල හිටල හරි පෝය දවසකට ගෙදර හිටියොත් පෝය දවසට පන්සලේ තියෙන ගමේ සමගි සංසදේට ගිහින් එන්න යනවා.. 'ඔයාටත් ගෙදර ආවොත් මොකක් හරි.. ඇයි එහෙටම වෙලා ඉන්න එපැයි අපරාදෙනෙ ආවේ.. හා හැබැයි සාමාජික ගාස්තු ගෙවල නම අස්සන් කරල එන්නෝනෙ..' ඔන්න ඔහොමයි අපේ උන්දැගේ ප්‍රතිචාරේ.. හැක්.
ReplyDeletethanks kami
Deleteහෙක් හෙක්...
ReplyDeleteඅර කතාවක් තියෙන්නෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල ඒ කතාව 100% සාධාරණ නොවුණත් දෙපැත්තම බැලන්ස් කරන්න බැරි වෙද්දි ඕම වෙනව...
අර ගෑණු එක්කෙනා ඒම වත් හිටිය ඇති වෙන එකක් නං විනාසයි
හිහි
ජයවේවා
anith paththath ehema wenawa. thanks mahesh
Deleteවඩුවගේ ගෙදර පුටුවක් නෑ කියන්නේ නිකමටය. කතාව රහයි... කවි මෙන් නම් නැත..
ReplyDeleteane mathaiye man mannar side ekata awa...dan sathi dekak withara
Deleteජීවිතයේ හැමදාම අනුන්ට පමණක් කිරීමත්, තමන්ට පමණක් කරගැනීමත් යන දෙකම වැරැදියි.
ReplyDeleteaniwa defa......thanks wicharaka.
Deleteමම නම් මේ තරම්ම නෑ..ඒත් හැමදාම මට හිතෙනවා මම ඒ දෙන්නා වෙනුවෙන් අවධානය ආදරය දෙනවා මදිද කියලා..
ReplyDeleteඑල ද බ්‍රා.. වැදුනා බොක්කට
anam mama happy....jaya wewa
Deleteඅනුන් වෙනුවෙන් කැපවෙලා වැඩ කරන එකාගෙ තත්වෙ ඕක තමයි හැමදාම. හැබැයි ඉතින් ලෝකෙට බෙර ගගහා වඩ කරන උන් නම් හැමදාම මඩිය තර කර ගන්නවා.
ReplyDeleteduppath unta kelawenawa...samaharawita life ekama nathi wenawa
Deleteදේශපාලනෙත් එක්කම කලානම් ඔහොම වෙන්නෙ නෑ. ඒක තමන්ට වැඩියෙන් හා අනුන්ට අඩුවෙන් කරන ක්‍රමයක්නෙ. අඩුවෙන් ලැබෙන එකා වුනත් වැඩියෙන් ගන්න එකාට බනින්නෙ නෑ තමන්ටත් මොනවහරි ලැබුන නිසා
ReplyDeleteow, maha eka rupiyal koti ganan wanchawen gaddi anthima podi eka gal bothaletath hire giyapu hati mama dakala thiyenawa
Deleteරැකියාව හරියට කලොත් ගෙදරයි සමාජයයි නෑ. ගෙදර හරියට කලොත් අනික් දෙක නෑ. සමාජ සේවෙ හරියට කලොත් අනික් දෙක නෑ.
ReplyDeleteමතුකල අදහස වටිනවා!
mata me lagadi dawasaka minissu hodai niyamai kiyala kiyana ekek rupiyal panseeyakata ariya...mama karabagena unna
Deleteනිතරම නොලියවෙන මාතෘකාවක් ගැන ලියලා තියෙන්නේ.. හැම පැත්තක් දිහාම බලලා සමහර දේවල් කරන එක එක වෙලාවකට කොච්චර අමාරුද..
ReplyDeletethanks dinesh
Deleteමේක වැදුන කෙලින්ම. මේ ඊයේ පෙරේද මගේ බිරීන්දැත් ඔහොම කතාවක් කිව්වා. සිංහල කියවන්න තේරෙන්නෙත් නැහැ. බ්ලොග් වැඩක් කරනවා කියල දන්නවා. "ගෙදර ආපු ගමන් කෑව. ආයිත් කොම්පියුටරේට ගියා . කොම්පීටරේ නැත්නම් ටැබ් එකට යනවා. ඊට පස්සේ ආයි පැය ගණන් ෆෝන් එකේ ඔර්ගනයිස් කරනවා. මහා ලොකුවට විද්‍යාව කරලා ළමයි දෙන්නට මුකුත් කියල දෙන්නෑ. ළමයි එක්ක කතා කරන්නේ නැහැ". කියල දුන්නනේ නැති වෙන්න. පහුගිය දවස් ටිකේ ශේප් එකේ හිටිය. ළමයි එක්ක සෙට් වෙලා . උන්ටත් මාව ඕනේ නැහැ. මොබයිල් දෙක තියාගෙන ඉන්ටනෙට් එකේ උනුත්. වයිෆ් අදිනවා වලිය එතකොට තුන් දෙනාටම.
ReplyDeleteanna dakkane ajith ayyage samaja sewe.....ganan ganna apa....wifeta blog liyanna purudu karamu
Deleteඅජිත්ගේ කොමෙන්ටුව අහල මට හිනා ගියා හලෝ, ඉස්මොල්ලෙත් ගියා
Deleteකොමෙන්ටුව ඇහුවේ කොහොමද කියල මම මේ කල්පනා කලේ. මම ඔයාට කෝල් කලේ නැහැනේ. පොත් ගැහුවට පස්සේ දැන් ටිකක් ශේප් බ්ලොග් වැඩේ ගැන.
Deletehttp://nelumyaya.com/?p=3123
ReplyDeletethankas ajith ayye
Deleteපොඩි එවුන් විදියට අපිට නම් ඔය ප්‍රශ්න නෑ....හැබැයි ඉතින් ගෙදර වැඩ වලට උදව් නෑ කියලා දෝශාරෝපන නම් එනවා...
ReplyDeleteසුපිරි කතාව වැව් අයියේ....
වැවා.. කොහොමද වාස දේසේ? සෙලාවතුරේ කියලයි ආරංචිය... හෙමීට කොයෝල එනකල් හිටහන්...
ReplyDeletekaranna deyak ne sinhalen thama type karanna wenne.....thanks machoooo
Deleteබොක්කෙං සමාජ සේවය කරන උදවිය ඔහොම තමා. ඒ වගේ අය පවුලට නෙමෙයි අයිති වෙන්න ඕනෙ සමස්ත සමාජයටම. ඒ නිසා බඳින් නැතුව ඉන්න එක සාධාරණයි... :-)
ReplyDeleteපහන්කන්ද පාමුල අඳුරුයි ලුනෙ බං..
ReplyDeleteජයවේවා..!!
ඒක ඇත්ත ලබ්බො
Delete