Wednesday, April 19, 2017

ඔබත් ගුරුවරයෙක් නම්


ගුරුවරු සැමවිටම අදක්ෂ සිසුන්ට ඉගැන්වීම දුෂ්කර දෙයකැයි නිශ්චය කරනවා මෙන්ම සැම විටම ඔවුන් හට උපදෙස් දීමටත් දඩුවම් දීම වැනි සෘනාත්මක බලකිරීම් මගින් ප්‍රතිඵල ලබාගැනීමටත් උත්සාහ කරනවා. නමුදු නියම විසදුම එය නොවේ.ගුරුවරු විසින් ඔවුන්ට   වඩා යහපත් විසදුමකට පැමිණිමට නැවත වරක් සිතා බැලීමට අවශ්‍ය කාලය ලබා දිය යුතුය.
  • ඔබ දරුවන්ගේ ගැටළු කෙරෙහි බොහෝ වාරයක් සිතයිද ඔබට බොහෝ විසදුම් ලැබේ. ගුරුවරයෙක් වන ඔබ ගැටළු ඇති තැන්  තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. ඇතැම් ගැටළු ළමයාගේ යහළුවන්ගේ ඒවාය. ඇතැම් ඒවා ඔවුන්ගේ දෙමාපියන්ගේ ගැටළු හෝ තමාගේම ගැටළු විය හැකිය. දරුවෙකු ඉගෙන ගැනීමට උනන්දු නොවන්නේනම් ඒ සදහා විසදුම් සෙවීමට ඔවුනට උදව් කළ යුතුය. ඒ සදහා ඔබට මනෝ විශ්ලේෂකයින් ගේ සහය ලබා ගැනීමට හැකිය..
  • දුර්වල සිසුන්ට පාඩම් තේරුම් ගැනීමට නුපුළුවන් වන්නේ හුදෙක් ඔහු පෙර දිනවලදී පන්තියේ දී කළ පාඩම් තේරුම් අරගෙන නොතිබූ නිසාය. මේ නිසා මෙවැනි සිසුන් කෙරෙහි අවධානය යොමුකළ යුතු අතර ඔවුන්ගේ තේරුම් ගැනීමේ හැකියාව මත තනි තනිව ඉගැන්වීම් කල යුතුය. 
  • ළමයා සාර්ථක පුද්ගලයෙකු කිරීමේ ප්‍රධාන භූමිකාව වන්නේ ඔහුට ධෛර්යය ලබා දීම මගිනුයි. ඔබ ඔහුගේ හැකියාව සොයා ගතයුතු අතර, ධෛර්ය සම්පන්න ලෙස ආමන්ත්‍රණය කිරීමෙන් ඔහුට ප්‍රශංසා කළ යුතුය. ඔබට ළමයා කෙරෙහි ඔහු තුළ  විශ්වාසයක් දැනවීමට  හැකිනම්, ඔහු විසින් ඔහුගේ වැදගත්කම සහ වටිනාකම අවබෝධ කර ගනීවි. දුර්වල ශිෂ්‍යයාගේ විශ්වාසනීයත්වය යන්තමින් හෝ වර්ධනයක් සිදු වූවා නම්  ඔහු දියුණුව කරා යාවි.
  • දුර්වල සිසුන් එක් කාල සටහනකට අනුකූලව ඉගෙන ගැනීමට නම්මවා ගැනීම ගුරුවරයෙකු වශයෙන් ඔබ සතු වගකීමකි. ඔවුන්ට ඔවුන්ගේ ඉගෙනුම සම්බන්ධයෙන් විශේෂ අරමුණක් නැත. නිරන්තරයෙන් ඔබ, ඔවුන් පිළිබද සෙවිල්ලෙන් පසුවිය යුතු අතර, අධ්‍යාපනය මෙන්ම තම ජීවිතය පිළිබදවද නිශ්චිත අරමුණකට ඔවුන්ව රැගෙන යාමට පෙළඹවිය යුතුය. කාල සටහනක් මගින් එවැනි සිසුන් හට සියලු දේ නිවැරැදිව නියමිත වේලාවට කර ගැනීමට අවශ්‍ය හැකියාව ලබා දේවි.
  • ඇතැම් දරුවන් විසින් ඔවුන් ඉගෙන ගත් දේ ඉතා ඉක්මණින්ම  අමතක කරය දමයි . එමෙන්ම  ඔවුන් ඔවුන්ගේ විශ්වාසය පලුදු කර ගනී. ඔවුන් ඔවුන් විසින්ම දක්ෂ ළමුන් හා  වෙන්ව සිටීමට ප්‍රයාස දරයි. එවන් අවස්ථාවන්හිදී, තමන් උගන්නා දේ අමතක නොකර මතක තබා ගන්නේ කෙසේද ?,  යම් කිසි දෙයක් ලිවිය යුත්තේ කොයි ආකාරයටද යන්න වැනි දේ මැනවින් පහදා දීම ඔබ සතු යුතුකමක් වන්නේය.
  • බොහෝ විට ඔබ විසින් පන්ති කාමරය තුළදී  දක්ෂ සිසුන් හට වැදගත්කමක් ලබා දෙයි.නමුදු අවශ්‍යයෙන්ම විය යුත්තේ දුර්වල සිසුන් සමීපයට ගොස් පුද්ගලිකවම ඔවුන් තමන් ඉගැන්වූ දේ ‍අවබෝධ කර ගනු ලැබුවාදැයි විමසීමයි. එය පරුෂ වචනයෙන් නොවී ඉතා විනීත ලෙසින් ඇසීමට තරම් ඔබ කාරුණික විය යුතුය.
  • සිසුන් තුල ඉගෙන ගැනීමේ ආසාව ඇති කිරීමට ඔබ විසින් විසදිය හැකි ආකාරයේ ගැටළු ලබා දිය යුතුය. මේ ‍පුරුද්ද මගින් දරුවා නොකඩවා ඉගෙන ගැනීම කෙරෙහි තම ආසාව ඇති කර ගනී. දුර්වල සිසුන්ට පාසල් වේලාවෙන් පසුවද  අවධානය යොමු කළ යුතුය. නමුදු ගුරුවරු පාසල් වේලාවෙන් පසුව අමතර කාලයක් දරුවන් වෙනුවෙන් වැය කිරීම නොසළකා හරී. ගුරුවරයෙකු වශයෙන් ඔබ පාසල් කාලයෙන් පසු එක් පැයක කාලයක් දුර්වල සිසුන් වෙනුවෙන් තම කාලය මිඩංගු කළ හොත් ඔහු අනිවාර්යයෙන්ම දක්ෂ සිසුවකු වනවා නොඅනුමානයි.
  •  හොද ශක්තිමත් ළමුන් දුර්වල ළමුන් හා එකට හිද ගැනීමටද අකැමැත්තක් දක්වයි. දුර්වල සිසුන්‍‍ගේ දියුණුවට මෙයද එක් හේතුවක් වෙයි. දුර්වල සිසුන්, දක්ෂ සිසුන් හා එක්ව හිද ගැනීමට සුදුසු ලෙස අාසන පිළියෙල කිරීම ගුරුවරයා විසින් කළ යුතුයි. තවද, ඉගෙනීමට දුර්වල තම යහළුවාට උදව් කිරීමේ මහගු වටිනාකම අනෙකුත් දරුවන්ට කියා දීමද ගුරුවරයෙකු වශයෙන් ඔබ තුළ තිබිය යුතු වගකීමකි.
  •  සිසුන් තුළ ශාරීරික මෙන්ම මානසික රෝගාබාද තිබෙනවාදැයි සොයා දැන ගැනීමට උත්සාහ කිරීම ඔබ සතු වගකීමකි. නිදසුනක් ලෙස කලු ලෑල්ලේ ලියා ඇති දෙයක් තම පොතෙහි සටහන් කර ගැනීමට අපොහොසත් දරුවෙකු සිටීනම්, ඇතැම්විට ඔහු ඇස්වල ආබාදයකින් පෙළෙන දරුවෙකු විය හැකිය. ළමුන් මන්දෝත්සාහි කරවන ඇතැම් ශාරීරික මානසික ව්‍යාධීන් වලින් දුක් විදිනවා විය හැකිය. ගුරුවරයෙකු වශයෙන් ඔබ පළමුව මෙවන් ගැටළු ඇති තැන් සොයා දෙවනුව ඒ සදහා ප්‍රතිකාර කිරීමට පෙළඹිය යුතුය. ගුරුවරයෙකු වශයෙන් එය ඔබගෙන් ඉටුවිය යුතු එක් යුතුකමකි.
  • නිරන්තරයෙන් ඔබ දුර්වල සිසුන්ගේ මිතුරෙකු වීමට උත්සාහ ගත යුතුය. ඔවුන් හා මිත්‍රත්වය ගොඩ නැගෙනවිට දරුවන් ඔබට ආදරය කිරීමට පටන් ගන්නවා පමණක් නොව ඔවුන්, ඔබ පවසන ඕනෑම දෙයක් කිරීමට තරම් සුවච කීකරු දරු පිරිසක් වනු ඇත. මේ දරුවන් සාර්ථක වීමේ අභිරහස හුදෙක්  වෙන කිසිවක් නොව එය ගුරුවරයා විසින්  ළමයා තේරුම් ගැනීමේ හැකියාව හා මිත්‍රශීලීව ඇති කර ගන්නා සම්බන්ධතාවය මත රදා පවතින්නකි.

මෙතැනින් ගත්තෙමි

12 comments:

  1. වටින ලිපියක්.

    ReplyDelete
  2. //ඔබත් ගුරුවරයෙක් නම්//
    මට බෑනෙ මොනා කලත් ඔය උගන්නන වැඩේ කොරන්ඩ..

    ReplyDelete
    Replies
    1. ඇනෝපිලිස්@
      ලඟදිත් මං දැක්කා ඔබතුමා කැමරා කාරයෙකුට උගන්වනවා දණගාන, බඩගාන, කෙඳිරිගාන ඡායාරූප ක්‍රම වලින් ගාන කපා ගන්නා හැටි

      Delete
  3. මටත් ඉගෙනගන්න කාලේ මේ වගේ ගැටලු තිබුණා. රස්තියාදුකාරකමට වෙන්න ඇති මම හිටියෙත් පන්තියේ අන්තිම පේලියේ

    ReplyDelete
  4. තවත් දරුවෙක් ලෙසට සලකා සිටින සමහර ගුරුවරූ
    සමත් නැති සිසුවන්ට පාඩම් උගන්වා දෙයි නිරතුරූ
    අපිත් පිං කර ඇතිය පෙරදින මුනගැහෙන්නට එම ගුරූ
    බුලත් දී වන්දනා කරමින ඔවුන් හට වෙමු ගරු සරූ......

    වටිනා ලිපියක් වැව්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. සහතික වශයෙන්ම ඇත්ත. මම නම් පන්තිය මිශ්‍ර කරනවා ගොඩක් වෙලාවට. අඩු ලකුණු අරගන්න ළමයි මගේ පන්ති වලත් ඉන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියනවා. සමහරුන්ට ඉගෙනගන්න උවමනාවක් නෑ. ඇහුවමත් කෙලින්ම කියනවා. මම ඉස්කෝලේ එන්නේ අම්ම එවන නිසා සර් කියල. ඕවා ඉගෙනගත්ත කියල ඇති වැඩේ මොකද්ද අහන වෙලාවල් තියනවා.

    ReplyDelete
  6. අගහරුවා හුග කාලෙකින්

    ReplyDelete