Monday, February 19, 2018

කදුළැලි ඩොලර් හැම මාසෙම අරගන්න


පෙරපර දෙදිග පරසිදු ලෙස නමරැන්දූ

තිරසර බවින් ජන හදවත් නිති
බැන්දූ
පිරිවර සෙනග හිමි එඩි බලයෙන්
කැන්දූ
සිරිපුර මවුගෙ ගැලවී නළලත
සින්ධු

එකෙකුට එකෙක් නැත ඇග ඇන කොටා
ගුණදම් වියැකිලා නිති කුණූ ගොඩක
බොදු පෙම සිහළ ගති නැති මේ අමන
සිරිලක් මවුගෙ ඇකයේ හිද රුහිරු

නැත ණය තිබී කෑ යුග අල බතල
දෙවියන් අසිරි පැතුවා සිට සිනිදු
ණය ගෙන කන්න හඩදී ලෝකයට
මුළු ලෝකයෙන් සිරිලක් මව නිහඩ

දෑතම දිගු කරන පිං හිගමනට
පිරිසක් බෝකරයි උන් සිරිලකට
දුප්පත් අයට සොච්චං හිගමනක්
ණය ගෙන ලොවෙන් උන් සිරිසැප සුවය

නිකමුන් විලස නොමිලේ දෙන දේ
මිනිසුන් එමට සිරිලක බීගෙන
කදුළැලි ඩොලර් හැම මාසෙම
මිනිසුනි සිතනු මැන දැන්වත්

මරයි
සරයි
පරයි
උරයි

පලා
වළා
නළා
කළා

ලැදී
වැදී
දිදී
විදී

ගන්න
ඉන්න
අරගන්න
නැගිටින්න



6 comments:

  1. අපූරුයි වැව්. ස්තූතියි උඹ ආයිත් ලියනවා දැක්කම.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. බොහොම කාලෙකින් කසුන් මල්ලි

      Delete
  3. ++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. සිංහල ජාතික ඇස්. වැව් ඉස්මත්ත හිමි.. :)))))

    ReplyDelete