Thursday, April 30, 2015

පුච්චාපං මගේ මේ නිරුවත් සිරුර


මිනිසුනි මොහොතකට දෙසවන් හැරලන්න
මා මිය ගොසිනි එනමුත් බැහැ ඉවසන්න
පෙර කළ පවක කරුමය පටිසන් දුන්න
අම්මා කෙනෙකි පෙර දැන් පරලොව ඉන්න

වනචාරියෙක් මෙන් මන්නය අතැති කැලේ
පුතුගේ සොබා මගෙ හදවත සිදුරු කලේ
මේ දිවි කුමට මට පොඩි පුතු නොමැති පැලේ
කොතරම් කදුළු ගැලුවද මුල් අතර ඇලේ

පුතුගේ වේශයෙන් මර රකුසෙකු එන්නා
මගෙ පුත නුඹ කොහිද හඩ රැව්පිලි දුන්නා
රුපියල් සත වලින් ලෝකය ජය ගන්නා
මව්ගේ රුහිරු පැන්නා පහරින් මන්නා

මන්නය මගේ සියොලග රස කර බැලුවා
පොලිතින් කවර සීතල මගෙ නැති කෙරුවා
දේහය නිසල සතුටුයි පුතු කර දැරුවා
මින්රල අවුත් මගෙ තනිකම දුරු කෙරුවා

දුටුවෙමි පුතුන් නෙත් යුග රුධිරයෙන් තෙමා
මා දෙස බලනයුරු මව් සෙනෙහසින් පෙමා
සැරසෙමි යන්න මා සියොලග ඇලෙහි දමා
පුතුනේ වැරැද්දක් වුණි නම් වෙන්න සමා

දිවියම මගේ හිමිසද පමණක් පැතුව
වෙළුනෙමි දොමනසින් දෙයකට සිත නතුව
ලැජ්ජා සිතුණි මොහොතක් විළිබිය  ඇතුව
ඉන්නා විටදි රෙදි පොටකින්වත් නැතුව

හා හා පුතේ හොද නෑ එය කරන්නට
දෙනෙතින් කිව් නමුදු බැරිවිය කියන්නට
ඇදිවත එකින් එක විසිකර දමන්නට
මව් කෙනෙකුගෙ, හැකිද? තව ලොව වසන්නට

විවරය කපා දොස්තර තැන නුඹ ගත්ත
මා වෙත ඒවි කැපුමට සිරුරම රොත්ත
කෙලෙසක කිව හැකිද මේ නුපුරුදු ඇත්ත
ගිනි තියපං කයට  තරහක් නෑ සත්ත

මා සිතුවිලස නෑදෑ හිතවතුන් පිරී
මළගම උරුම නැත ඇත නිළමැසින් පිරී
උඩරට මැණිකෙ මෙන් මම සුදුවතින් සරී
නැත අද මිය ගොසින් මඩ ගොහොරුවක එරී

77 comments:

  1. නොමිනිස් කමින් පිරිපුන් මරණයෙ උයන
    රැල්ලට සිදුවෙවී රැල්ලට සැක මවන
    පව් සිත් වියැකේද කිරි පෙව්වට දෙතන
    මව් සෙනෙහසත් පිහිතලයෙයි කොටකෙතන

    ReplyDelete
    Replies
    1. හුගක් දරුවන්ට කොටකෙතනින් පස්සෙ මව් සෙනෙහෙ දැනෙන්න ඇති.ස්තූතියි මාධවි

      Delete
  2. අර මාතය කියනව වගේ පට්ට කියන්නේ වල්ලා පට්ට

    ReplyDelete
  3. හිතට ගොඩක් වැදුනා...

    ReplyDelete
    Replies
    1. එ්ක මගෙ හිතට හුගක් දැනුනා

      Delete
  4. මචෝ මේ සිඳුවීම ගැන මම කියවපු සාර්ථකම හා සංවේදී, උසස්ම නිර්මාණය.. වල්ලා පට්ට.. මුසු එළ කිරි

    ReplyDelete
    Replies
    1. ඔව් කියවද්දී දැනුනේ ප්‍රවීණ අපේ හිටපු කවියෙක් ලියපු කවි පේලියක් වගේ හරිම සාර්ථකයි..

      //දේහය නිසල සතුටුයි පුතු කර දැරුවා/// මේ කොටස් කියවද්දී හරි අමුතු හැගීමක් දැනුණා මව් සෙනෙහස ගැන ලියවිලා තියෙන විදිය දකිද්දී,,,

      නියමයි අයියේ

      Delete
    2. මාතයියෙ වෙනද වගේම අදත් ස්තූතියි ඔබට

      Delete
  5. ඇත්තමයි ලියවුනු ලස්සනම post එක මේ අම්මට

    සබරේ ඇනෝ

    ReplyDelete
  6. නියමයි කොල්ලෝ

    ReplyDelete
  7. සාර්ථකයි.. නමුත් එක රාමුවක ඔබ හිරවෙලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශක, මට දැනෙනවා ඔබ කියු දෙය. උත්සාහ කරනවා ඒ රාමුවෙන් ඔබ්බට යන්න.

      Delete
  8. අම්මෙකුගේ සෙනෙහෙ ගියා කොටකෙතන ඇළේ නැම්මේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිචී, ඒත් මට හිතෙන විදියට කවදාවත් මවු කෙනෙකුගේ ඇති සෙනෙහස විනාශ වෙයි කියල හිතන්න අමාරුයි

      Delete
  9. මේකා නම් හොද සිහියෙන් හිටපු එකෙක් වෙන්න බෑ නේද ? පසුගිය කාලය ගැන සිතුවාම මට හිතෙන්නෙ මුළු කොටකෙතන ගමම ඉන්නෙ විකෘති තත්ත්වයක. ගමටම බ්‍රේන් වොෂ්කරන්න වෙලාවගේ . උපදේශන සේවා මනෝ වෛද්‍යෙස්වා මුළු ගමටම අවශ්‍යයි
    නිර්මාණයේ සාර්ථකත්වය ඉහළින්ම අගයමි.

    ReplyDelete
    Replies
    1. සිහිය හොදනම් එවැනි දේ කරයිද , විවිධ පුද්ගලයින් විවිධ මතිමතාන්තර දරනු ඇත

      Delete
  10. වැව් ඉස්මත්තේ වාඩි වෙලා අඬන්න හිතෙනවා . මාතේ කිව්වා වගේ කොටකෙතන මව ගැන ලියවුනු ඉතා සාර්ථක නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකසිත නුඹට

      Delete
  11. පට්ට ම පට්ට...
    සුපිරි ම සංවේදී නිර්මාණයක්...

    ReplyDelete
  12. හපොයි මට මුකුත් හිතාගන්ටත් බෑ...:(

    ReplyDelete
  13. වෙසක් සඳ නැගේ ඈතින් හෙමි හෙමින
    පුවතකි අහෝ! කෙලෙසක වාවා ගන්න
    අම්මෙකි ඈද නැතිමුත් හිතු සැප දෙන්න
    පුතා මරයි අම්මව පහරින් මන්න

    පුතේ කහවත්තෙ දහ අට විය සපිරූ
    අම්මා කෝ උඹේ බැඳි ආදර පවුරූ
    කුණු කය දිරා යන ඈ නිමිතිද නිසරූ
    දැක ඉකි ගැසූවෙද ලේ කිරි කල පියරූ

    දරුවන් බිරිඳ හා හතලිස් විය ගාව
    ඇගෙ පොඩි එකා අපෙ අම්මට තව මාව
    ලොව ජය අරන් ගෙට එනතුරු නොපමාව
    අම්මා මග බලයි ඉඳ ඉඳිකඩ ගාව

    සල්ලිත් තිබුණේ නෑ කෙල්ලොත් නෑ එහෙම
    මොබයිල් ෆෝන් මොන? වේලක් ඇර කෑම
    රුපියල් දහය පහ ඉල්ලුවොතින් එහෙම
    හද්දා බැනුම් නෑ ගුටි කා නැතුවාම

    ගිනිකඳු පැරදවූ දුක් ගිණි නැති නිම්මා
    දරු සෙනෙහස අසල සැප අතහැර දැම්මා
    සක්මුණි පවා ලොබවූ මවු ගුණ පෙම්මා
    බුදුන් දැක නිවන් දැකපන් අපෙ අම්මා

    ReplyDelete
    Replies
    1. සත්ගව් මුහුදු තරණය කොට මව් රැකපු
      දරුවන් අදද මිහිපිට ඇත පින් කරපු
      ඒ සා සියළු උන් හට දිවි මල් පුදපු
      මේ කවි කුසුම් පුදනමි මම නුඹ ලියපු

      Delete
    2. වැවා.. මේක ගැන ලොකු විස්තරයක් ලියන්න වෙනවා.. කවිය කියවනකොට හෙල්ලිච්චි ඔළුවෙන් එකදිගටම ඔය කවි ටික ටයිප් කරගෙන ගිහින් (කොලයක නොලියා හිතන ගමන් කෙළින්ම ටයිප් කරා කියුවොත් උඹ විශ්වාස කරනවද?) පබ්ලිශ් කරල නැගිටල ගියා කන්න.. ඇස් දෙකට කඳුළු ආපුවා හංග ගන්න බැරි උන නිසයි එහෙම කරේ.. උඹ හිතනවටත් වඩා මේක පට්ට ශොකින්..

      මට කාලම ඉන්න බැරි යෙදුම් ටික මෙතන පොඩ්ඩක් හයිලයිට් කරන්න දීපං..
      // මා මිය ගොසිනි එනමුත් බැහැ ඉවසන්න// එහෙමයි අම්මල කියන්නේ..
      // කොතරම් කදුළු ගැලුවද මුල් අතර ඇලේ // මේක කොහොමද බං විස්තර කරන්නේ.. මටනම් ජීවිතෙට බැරිවෙයි..
      // දේහය නිසල සතුටුයි පුතු කර දැරුවා// හැම අම්මාකෙනෙක්ගෙම අන්තිම ප්‍රාර්ථනාව.. තමන්ගේ ලෙයින් කිරෙන් උපන් පුතා තමන්ගේ මිනියට කර ගහයි කියනෙක..
      // දෙනෙතින් කිව් නමුදු බැරිවිය කියන්නට// මේක ගැන කියවනකොට කියන්න තියෙන දේ කියවෙන්නේ දෙනෙතින්මයි.. ඇස් වලට කඳුලු එන් නැති උනොත් ඌ උම්මත්තකයෙක් වෙන්නෝනෙ..

      ලංකාවේ විමලරත්න කුමාරගම ල.. අල්විස් පෙරේරල.. කේයස් ල සේකරල හැමෝම වඳ වෙලා නෑ තාම..

      Delete
    3. //ලංකාවේ විමලරත්න කුමාරගම ල.. අල්විස් පෙරේරල.. කේයස් ල සේකරල හැමෝම වඳ වෙලා නෑ තාම.. // සිරාවට..

      Delete
    4. මේ වගේ ටැලන්ටඩ් උන් කොච්චර ඇද්ද.. මේක නම් අති උසස් නිර්මාණයක්..

      සුමියගෙ එකත් එහෙමමයි.. ඒත් වැවාගේ එක ඊට වඩා දස දහස් ගනනක් ඉදිරියෙන් ඉන්නවා..

      Delete
    5. ඔව්වා ලේ වලින් එන ඒවා

      Delete
    6. @. කමි. සජ්ජා, මාතයියා, අටං අයියා......
      ලියාගෙන යනකොට හුගක් සිතුවිලි උනනවා හරියට ලිදක් හාරාගෙන යනකොට උල්පතකින් වතුර උනනවා වගේ...ඒත් කරුමෙ ඩබල් පින සිංගල් කියල ඉවාන් කිව්ව වගේ එළිය වැටෙනකල්ම ලියන්නත් බෑනෙ. ඔයා හරි කවි පන්තියක් තිබුණට ඒකෙ හැම කවි පදයක්ම වැදගත් මෙන්ම ලස්සන නොවෙන්න පුළුවන්. මගේ මට්ටමෙන් ගත්කල මමත් ආස කරන කවි පද මේ කවි පන්තියේ තියෙනවා. කවියකින් ආනන්දයත් එයින් ප්‍රඥාවත් ලැබිය යුතුයි කියල මං අහල තියෙනවා. ඒත් මම හැම මොහොතකම උත්සාහ කරනවා මං ඒ තත්ත්වයට ලං වෙන්න. දේශකයා කියපු විදියට ඇත්තටම මං එක රාමුවකට කොටුවෙලා. නමුත් මා උත්සාහ කරන්නෙ ඒ රාමුවත් රැකගෙන එයින් ඔබ්බට යන්න. මං හිතන්නෙ මේ සියල්ලටම වග කියන්න ඕන මගේ සාහිත දැනුමට සහ මගේ භාෂා දැනුම මොකද මම දන්නවා මම ඉන්න මට්ටම. ඉතින් ඒ දේ නොලැබුණු තැන විශිෂ්ඨ නිර්මාණයක් නොවන බවත් කවි නිර්මාණයේදී මට පසක් වෙනවා. මෙහි එන අන්තිම පද්‍යට මා හුගක් කැමතියි. මං හිතනවා එයින් යම් කිසි සමාජ සත්තාවක් පෙන්නුම් කරනවා ඇතියි කියා.
      මගේ නිර්මාණයන් තුළ ඇති දොස් නිදොස් පෙන්වීම මා නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නකි. ඒ මන්ද මා තාමත් කවි ලොව කිරි සප්පයෙක් හිංදාය.

      Delete
  14. නියම පද පේලිය.
    ඒත් ඔය ගමේ වෙන දේවල්මද එළිවෙන්නෙ කියන එක ගැන සැකයක් තියෙනව.

    ReplyDelete
  15. හරිම වේදනාබර, කටුක සිදුවීමක්.. තවත් පුතුන් මෙය ආදර්ශයට නොගනීවා...

    ReplyDelete
    Replies
    1. මුළු ලංකාවම දුක් වුණා....මං හිතන්නෙ මැරිච්ච අම්මට වැඩිය පුතා ගැන හිතල

      Delete
  16. අම්මා කෙනෙකුගේ ආදරය ගැන වචන දෙකක් තියෙනවද? තමන් ආදරය කරන කෙල්ලගේ හෝ කොල්ලාගේ ආදරය කොන්දේසි සහිතයි, අඩුම තරමින් මොන තරම් ආදරය කරනවා වුනත්, බිරිඳගේ, සැමියාගේ ආදරයත් කොන්දේසි සහිතයි, නමුත් දෙමව්පියන්ගේ ආදරය කොන්දේසි විරහිතයි. මොන දේ කරත් ඒ ආදරය වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. naha, ammalage adareth kondesi sahitha vena tan man daka tibenawa.

      Delete
    2. අපේ තාත්තගෙ පවුලෙන්ම දුප්පත් මගෙ තාත්ත. දරුවො 7 දෙනෙක් එක්ක කිරිඅම්ම දාල සීය වෙන ගෑණියෙක් එක්ක ගියාට පස්සෙ ගෙදර හැම වැඩක්ම කරල තියෙන්නෙ තාත්ත. කිරි අම්ම කුලියට ගිහිං එනකං තාත්ත සහෝදර සහෝදරියන් බලාගෙන ගෙදර ඉදල තියෙනවා. තාත්ත ටිකක් ලොකු මහත් වෙනකොට කිරි අම්මට ගෙදර නවතින්න කියල තාත්ත කුලියට ගිහිං තියෙනවා. හැබැයි ඒ කුලී වැඩ කරත් තාත්ත එච්එස්සී විබාගයත් කොහොමහරි පාස් කරල. පොලීසියට යන්න ආවත් කිරි අම්ම යන්න දීල නෑ. තාත්ත කුලී වැඩ කරල හේන් කොටල හැම සතේම ගෙදර වියදමටයි දීල තියෙන්නෙ. හැබැයි බාප්පලා අදත් තාත්තට ඒ ගෞරවය දීල තියෙන්නෙ. අන්තිමට තාත්ත අපේ අම්මත් එක්ක අම්මගෙ ගමට ඇවිත් කුඹුරු වැඩ කරල හේන් වැඩ කරල ඒවත් අරන් ගිහිං තියෙන්නෙ කිරි අම්මලගෙ ගෙදරට. පස්සෙ බාප්පලා රැකී රක්ෂාවලට ගියාට පස්සෙ තමා තාත්ත හම්බ කරපුවා තමන්ගෙ ගෙදර නතරවෙලා තියෙන්නෙ. නමුත් මගේ මතක විදියට කිරි අම්ම එකම එක දවසක් අපේ ගෙදර එක රැයක් ඉදල නෑ. නමුත් කිරි අම්මා අනිත් දරුවන්ගෙ ගෙවල්වල ගිහිං ඉන්නවා. අම්ම එක එක දේවල් කිව්වත් තාත්ත ඒ ගැන මොකුත් කියන්න යන්නෙ නෑ. ඒක එයාගෙ කැමැත්තනෙ කියනවා. අන්තිමේදී කිරි අම්මට දියවැඩියාව හැදිල ඉස්පිරිතාලෙ නතර කරනවා. මාස ගාණක්. තාත්ත සතියකට සැරයක් යනවා කිරි අම්ම බලන්න.
      තාත්ත ගෙදර එනකොට සල්ලි ගොඩාක් අරන් එනවා..හැම සතියෙම එහෙමයි. අමම අැහුවා තාත්තගෙන් කොහෙන්ද මේ සල්ලි කියල. කිරි අම්ම එයාගෙ අනිත් දරුවො වියදමට තියාගන්න කියල හැමදාම දෙන සල්ලි තියාගෙන අපෙ තාත්තට දෙනවා. තාත්ත එපා කිව්වත් කිරි අම්මගෙ හිත රිදවන්න හොද නැති කමට ඒ සල්ලි අරං එනවා..

      Delete
  17. වැවා... උපරිමයි බං... තදින්ම හිතට වැදුනා....

    ReplyDelete
  18. උපරිමයි කොල්ලො ........
    මෙන්න සැලුට් එක......සුපිරි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජයියෙ. හුග කාලෙකින්

      Delete
  19. සුපිරිම සුපිරි වැවා අයියෙ. කියන්න වචන නැත. ඒ තරමට සංවේදී උනා.

    ඔබට ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. උඹලට ඒ සංවේදීකම දැනුන කියන්නෙ මගේ සිත සතුටින් ඉතිරිලා යනවා මනා..ස්තූතියි නුඹට

      Delete
  20. මේක කියෙව්වම මගෙ ඔලුවට ආවෙ උඹනං උඹේ අම්මට ණය නෑ කියන එක විතරයි ...
    දැං නං ට්‍රැක් එකට වැටිල.... හැල්මෙ දුවන්න තමා තියෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝපිලිස් .

      Delete
  21. මේ සිද්ධියෙන් පස්සේ මමත් මගේ බිරිඳත් මේ ගැන හුඟක් වෙලා සාකච්ඡා කළා. මිනිස්කම මේ තරම් පිරිහිලා තියෙන්නේ ඇයි. උදේ හවස බන කියන රේඩියෝ/ටී වී චැනල් කීයක් තියනවද? ඉස්කෝලවල උගන්නන්නේ විෂයය කරුණු විතරද? පවුලේ සාමාජිකයන් අතර බැඳීම මේ තරම් දුරස්ථද? මේ ගමේ බහුතරය නූගත්ද?

    මේ ගමේ පොලිස් මුරපොළවල් දාලා, හමුදා කෑම්ප් දාලා වැඩක් නැහැ. ගමේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය අමතන්න පුළුවන් ආගමික නියෝජිතයන් සමග සුදුසු වැඩපිළිවෙලක් ආරම්භ කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවගේම හැම තැනමත් කතා වුණේ ඔය සිද්ධිය. ඔව් ඒවගේම පොඩි කාලෙ ඉදන් හදවතට දැනෙන විදියට තට්ටු කරන්න ඕනෙ..

      Delete
  22. එකෙන්ම මචං සුපිරිම නිර්මාණයක්... කමියා කිව්වා වගේ මේක කියවලා ඇස් වලට කඳුලු ආවෙ නැත්නම් ඌ පිස්සෙක් වෙන් ඕනි...එකෙන්ම පට්ට බං...
    ශෙයා කලා කවරින් ඇපෘවල් දීපන්....

    ReplyDelete
  23. තෑන්ක්ස් මහේෂ්....
    මොනවද කියන්නෙ එකෙන්ම

    ReplyDelete
  24. ඇස් දෙකේ කඳුළු අන්තිමට නවත්ත ගත්තත් තාමත් හිත අඩනවා...හැඟිම් බරයි.අපිට මේ වගේ කතාත් අහන්න වෙලානේ....ඇයි මිනිස්සු මේ තරම් මිනිසත් කමෙන් ඈත් වුනේ.ධර්මද්දීපයට කොතනද වැරදුනේ???ඉස්කෝලෙ සිලබස් එකේ මනුස්සකම කියලා විෂයක් නැති කමද මේ අවුල

    ReplyDelete
  25. Replies
    1. තැන්ක්ස් පිළිගන්නව වැව් ඉස්මත්තට සාදරයෙන්

      වැව්

      Delete
  26. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  27. මුකුත් කියන්නේ නෑ වැවා උඹට......අර කිවුවා වගේ උඹේ ගැඟීම්වලට ඔය විදිහටම වාන් දාන්න ඉඩදියන්.
    ජය වේවා.....

    ReplyDelete
  28. කවිය හොඳයි. දරුණු සිද්ධියක් කවියකට නංවන්න අමාරුයි. මේ පින්තුරය මේ විධිහට දැමීමෙන් මළවුන්ට අගෞරවයක් වෙනවා කියල හිතෙන්නේ නැත්ද?? මෙතන නෙමේ
    මුලින්ම දැම්මේ කියා පේනවා.. නමුත් මම දැකල තිබෙනවා මෙහෙම පින්තුර දානවා effect එකට.
    http://nelumyaya.com/?p=2010

    ReplyDelete
    Replies
    1. මමත් මුකුත් කිව්වේ නෑ ඒකට.. මොකෝ මේ සිද්දිය සධාචාරය බල්ලට දමාමු සිද්දියක්.. අනික මේ බ්ලොග් ළෝකය.. ඒත් පුවත් පතකට නම් ගැලපෙන්නේ නෑ.. මම සින්ඩියේ දැම්මෙත් අම්මගේ ජීවමාන පින්තූරේ.. ඒ වගේම මේ පින්තූරේ නැත්නම් කවිය ගොඩක් දෙනෙකුට දැනෙන එකකුට් නෑ..

      අජිත් දන්නවද දන්නේ නෑ මේ සිද්ධියේ ඇත්ත කතාව.. ඒක පුවත් පත් වලින් පවා වසන් කලා.. සධාචාරය උඩ.. ඇත්ත්ටම ඌ ඒ මනුස්සයගේ පුතෙක් නෙමෙයි..

      Delete
    2. @බ ස්තූතියි අජිත් අයියෙ පළමුව, ඇත්තටම එහෙම අගෞරවයක් සිදු වේ යැයි මා කිසිවිටෙක සිතුවේ නැහැ. ‍එහෙත් නුඹට දැනුණ හැගීම් සියල්ල මටද දැනුණී.එහෙත් එය නැවත සකස් කරන්නට මා නොගියේ දැනටමත් මා එය පළ කර ඇති බැවින් යැයි ගෞරව පූර්වකව සදහන් කරනු කැමැත්තෙමි.

      Delete
  29. මේ අම්මාගේ සිතුවිලි ඇත්තටම මොනවාද කියලා අපිට කවදාවත් හිතා ගන්ට බැරි වේවි.

    ReplyDelete
    Replies
    1. අම්මෙක් පුතෙක්...ඇත්තටම හිතාගන්න අමාරුයි මනෝ...

      Delete
  30. සුපිරි.... අති සුපිරි. මට මේ කවි ටික හොඳට හිතට වැදුනා. කොටකෙතන අපේ ළඟපාත...

    ReplyDelete
  31. මනුස්සකම...? ආදරේ...? ඒවා තියෙනවද දැන්...?
    කවි ටික නම් ලෙසටම හිතට වදින්න දීලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒව ටිකින් ටික ඈත් වෙලා යන ලෝකයක් වෙලා වෙලාවකට පුදුමයි වෙලාවකට දුකයි...ඇත්තටම මේ අපි ඉන්න ලෝකෙ නේද කියල හිතෙනවා වෙලාවකට

      Delete
  32. නිර්මාණයේ ගුණාත්මක බව ගැන හැමෝම වර්ණනා කරල තිබ්බ නිසා ඒ ගැන මුකුත් කියන්නෙ නෑ. ඒත් මේ පෝස්ට් එකට අදාල කාන්තාවගේ මෘත දේහය මේ අන්දමට යොදා ගැනීම තරයේ හෙළා දකිනවා.

    ජීවත් වන කෙනෙක් ඔය අයුරින් සිටින අයුරු ඔහු/ඇයගේ කැමැත්තෙන් තොරව පල කිරීම වරදක්. ඔහු මිය ගිය පමණින් එසේ කිරීම නිවැරදි වෙන්නේ නෑ. මෙලොව ඉපදී ඇට ලේ මස් හැඟීම් අත්දැකීම් ඇතුව ජීවත් වුන මනුස්සයෙක්ගේ ශරීරය හෝ අප අතර තිබෙන අවසාන මොහොතට මෙහෙම අගෞරව කරන එක දැඩි ලෙස බැහැර කරනවා. මේක වැරදි වැඩක්. ලංකාවේ මාධ්‍ය වලින් ලංකාවේම මිනිස්සුන්ගේ මළමිනී මාර්කට් කරල සල්ලි හොයන එක ගැන බ්ලොග් ලියවෙන්න ඕන කම තියෙද්දි බ්ලොග් රචකයොත් මෙහෙම කරන එක ඇත්තටම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. අරවින්ද බොහොමයක්ම ස්තූතියි වැව් ඉස්මත්තට ගොඩවැදුනට. නමුත් මෙහිදි මෙම කාන්තාවට හෝ මිය ගිය කිසිම පුද්ගලයෙකුට අවමන් කිරීමේ සැහැසි සිතුවිල්ලකින් යුතුව මෙවන් පින්තූරයක් පළ නොකළ බව ප්‍රකාශ කරන්නට කැමතිය. එවැනිම ඔබේ විවේචනයට ඉතාමත් කෘතවේදීව මාගේ ගෞරවය පුදකරන්නෙමි.

      Delete
    2. ඉතාමත්ම සතුටුයි මගේ විවේචනය සුහද සිතින් බාර ගැනීම ගැන. ආදර්ශමත් හැසිරීමක් :)

      Delete
  33. රිදුනා බං.. මේ සමාජෙ හුස්මගන්න අපි හැමෝම මේකට වගකියන්න ඕන කියලා හිතෙනවා.

    ReplyDelete
  34. මේක නම් උපරිමයි වැවා! උපරිමයි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුඹට...බස්සි

      Delete
  35. වැවා, උඹ සිරා කවියෙක් මචෝ.

    මට තවමත් හිතාගන්න බෑ කවුරු හරි එකෙක් තම්න්ගෙ අම්මට අත තියන්නේ කොහොමද කියලා. මොනවා උනත් ඒ අපතයට කවදාවත් උගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න ඉඩ ලැබෙන එකක් නෑ.

    ReplyDelete
  36. ගල්පාත ස්තූතියි උඹට.

    ඒක ඇත්ත

    ReplyDelete