Tuesday, May 5, 2015
කොටකෙතන අම්මා ගැන මගේ අම්මාගේ සිතුවිලි
බුදුන් දෙසු දහම් නුඹෙ සවනෙ නොවැටුනේ
දහම් පාසල් යන්න කියන්නත් බැරිවුණේ
සිරිත් මල්දම් දහම් පොත් නොමැත ලං වුණේ
එලෙස දිවි ගෙව් නිසයි මේ විපත සිදු වුණේ
නුඹ කියූ කිසි දෙයක් නෑ මෙමට වැටහුණේ
අසල්වැසියන් සමග පමණි මා එක් වුණේ
මම නොදන්නෙමි ඇයිද කෙසෙල් ගස ලොකු වුනේ
කොයි ලෙසද නුඹට මා තුල සෙනේ අඩු වුනේ
දරුවො ගැන සිතාලයි මිල මුදල් රැස් කළේ
ඇවැසි නැති වැඩ වලට ඇයිද නුඹ බල කළේ
ඉගෙන ගන්නා වයස නෑ නොවෙද පසු කළේ
මගෙ සෙනෙහෙ නොදැනිලද පෙමට සිත නතු කලේ
පුංචි පෙමි කැකුළකට ඉඩ දුන්නෙ ලොකු වන්න
දැනුයි මට සිතෙන්නේ තිබුණෙ විරසක වන්න
ආලයෙන් මත්වෙලා කරගත්ත දුක් ගින්න
හැකිද පුතුනේ නුඹට දිවිතුරා නිම වන්න
මන්නයේ පහරවල් ගත පුරා දුවන විට
නෙත් වැසී දෙපා සිට සිරස හිරි වැටෙන විට
මගෙ පුතේ නුඹ කොහිද හදවතෙන් අසන විට
කොටන්නට හැකි වුනේ කෙලෙසින්ද පුතුනි මට
කයෙන් සිත වෙන් වුණා බුදුන් විලසට දෙසූ
දුටිමි ඔබ ගලවනව මගෙ ඇදුම් විළි වැසූ
පොලිතීන් කවරයට දමා කය පණ නැසූ
ගගට විසි කළේ නුඹ ගැළවෙන්න ඉන්පසූ
නෙතග කදුළැලි සලා වැළපෙමින් හැපී බිම
දනන් දුක් වන විලස හැඩුවෙ හැම වෙලාවෙම
නීතියෙන් හැංගෙන්න කළත් බොරු හැමෝටම
යකඩ දම්වැලට ඔබෙ අත් ගියා ඉබේටම
දඩුවමින් වෙන්වෙලා කොටකෙතන එන දිනේ
තුණුරුවන සිහිකරල පිං කරන් සැම තැනේ
පෝය පංසලට ගොස් මාව සිහි කරමිනේ
පිං කරාපං පුතේ නිවන් සුව පතමිනේ
+++++++චන්ද්‍රා හේමචන්ද්‍ර+++++++
Subscribe to:
Post Comments (Atom)
අම්මෙකුගේ දුක දැනෙන්නේ තවත් අම්මෙකුටමයි. කොටකෙතන අම්මා අවාසනාවන්තයි. ඒ අම්ම දරුවෝ වැදුවා නමුත් හැදුවේ නැහැ. ඔබේ අම්මා දරුවන් වැදීම වගේම හැදීමත් කර තිබෙනවා.
ReplyDeleteහොඳ සාහිත්‍ය නිර්මාණයක්. ඉහලින්ම අගය කරනවා චන්ද්‍රා හේමචන්ද්‍ර මහත්මියනි.
ස්තූතියි විචාරකතුමණි
Deleteමෙවැනි මානසික මට්ටමකට දරුවන් පත්වීමට දෙමාපියන් වගේම මුළු මහත් සමාජයම වගකිව යුතුයි.
ReplyDeleteසංවේදී නිර්මාණයක්, අප සමග බෙදා ගත්තාට ස්තූතියි අම්මේ.
අම්මා වෙනුවෙන් ස්තුතියි
Deleteපුතා අම්මට වඩා ඉස්සරහින් ඉන්නවා.. ඒක වෙන කාටවත් නෙමෙයි අම්මට ආඩම්බරයක්.. වැවා වගේ පුතෙක් වැදූ මව් තුමියට පින්..
ReplyDeleteදරුවෝ හොඳ වෙන්න, අම්මා තාත්තලත් හොඳ වෙන්න ඕන..
අම්මලාගෙ හැකියාවන් අම්මලා විසින්මද ඒත් නැතිනම් ඒ හැකියාවන් අපි නිසා වියැකිලාදෝයි කියලත් වෙලාවකට හිතෙනවා සියල්ල කෙරෙහි කලකිරීමෙන් ජීවත්වන ඇය එදා ලස්සන ලස්සන නිර්මාණ කරමින් අපට කියා දුන් හැටි මතකයි. ඒත් ඒ ඒ නිර්මාණ වනයේ පිපි මල් වනයේම පරවී ගිය නිසාදෝ ඇගේ නිර්මාණ ශක්තිය පිරිහී යන්නට ඇතැයි මට සිතේ.ගෙදර ගිය හැම මොහොතකම මා ඇයව දිරිමත් කරන්නේ මියෙන්නට මොහොතකට පෙර වුව ඔබ කවියක් ලියන්නේනම් එය මට මහත් ආඩම්බරයක් වන බවයි.
Deleteඅම්මලා මොනතරම් හොඳින් පුත්තු හැදුවත් සමාජයෙන් මේ වගේ තැනකට කැන්දගෙන එන්න පුලුවන්. අම්මලාට පුත්තු පස්සෙම යන්නත් බෑනෙ. ඒක ඉතිං ඒ අම්මගෙ වෙලාව.
ReplyDeleteසංවේදියි. වැවේට කවි ආභාෂය අම්මාගෙන් ලැබිලා වගේ.
ඇත්තටම ඔව් ඇයගේ ආභාෂයෙන් මම එළැඹිලා...එය නංවා ගැනීම මගේ යුතුකමක් සේ මා සිතනවා ස්තූතියි නුඹට
Deleteසංවේදියි.
ReplyDeleteස්තූතියි ප්‍රා
Deleteඅම්මෝ....!
ReplyDeleteඇයි අප්පෙ මේ..........
Deleteසංවේදී කවි පන්තියක්............. ලස්සනයි.. කතාවනම් අන්තිමට දුක්බරයි
ReplyDeleteස්තූතියි කුරුටු
Deleteමම මේ සිද්ධිය ගැන තිබුන ගොඩක් දේවල් උඩින් පල්ලෙන් කියවනවා විතරයි. මේ සිද්ධිය ඔළුවට යනවටවත් මම කැමති නැහැ.
ReplyDeleteකොහොම නමුත් ඒ අම්මා සහ පුතාගේ කතාව මම හරියට දන්නේ නැහැ, ගමක ජීවත් වෙච්ච එකෙක් විදිහට නොයෙකුත් ආකාර වල අම්මලා සහ පුතාල යන දෙවර්ගයම මම දැකල තිබෙන නිසා කිසිම දෙයක් ගැන වැඩිය හිතන්න යන්නේ නැහැ.
දැනට දන්න තරමටනම් කියන්න තියෙන්නේ ඒ පුතානම් කාලකන්ණියෙක්...
කොහොම උනත් ඒ අම්මට නිවන් සුව පතනවා...
වැවා කව්ද මේ කවි ලියලා තියෙන්නේ
ReplyDeleteමගේ මව්තුමිය ....මැලේ රාළ
Deleteනියමයි. අසන්නට අකමැති කතාවක් උනත් හැඟීම්බරව ලියල තියෙනවා. චන්ද්‍රා මහත්මියට ස්තූතියි.
ReplyDeleteස්තුතියි නුඹට
Deleteකිසිවක් නොකියමි..
ReplyDeleteඅහිතක් නොසිතමි
Deleteඵල හොඳ වෙන්නේ ගහ සරු නිසා බව දැන උන්නා.. අම්මට මගේ ආදර ගෞරවය පිරිනමන්න.
ReplyDeleteඅනිවාර්යයෙන්ම කමි............
Deleteඅම්මගේ න්‍රියා කලාපය දරැවන් සදහා හුදෙක්ම බලපානවා වැව්.....
ReplyDeleteහුගක් වෙලාවට
Deleteබොහොම සංවේදී යි...
ReplyDeleteකිව හැක්කේ එපමණයි...
තෑන්ක්ස් විභීෂණ
Deleteහැකියාව එල ද බ්‍රා
ReplyDeleteමගේ ප්‍රනාමය මව්තුමියට දිපං.
එල ද බ්‍රා මෙන්ඩි
ReplyDeleteආගමික නායක්යන්ට මෙන්ම රටෙ ගමෙ නගරේ වග කිව යුතු හැමෝම සංවේදි වීම මෙන්ම මෙවැනි ඊලඟ කතාව වැලැවීමට කට යුතු කලයුතුයි
ReplyDeleteමුලින් කොමෙන්ටු වල වගේ අම්මෙක්ගේ දුක දැනෙන්නෙ තවත් අම්මෙකුටයි. කට්ටිය අම්මට සුභපතනවා කියපන්.. ජයවේවා...
ReplyDelete