සියොතුනි වරෙල්ලා පියඹා හනික මෙහේ
පිරිලා තිබේ පැණි වරකා අපේ ගහේ
මදුලක්වත් එපා අප හට කුරුල්ලනේ
පාරාදීසයක් කල මැන ගේ මිදුල අපේ
පැන පැන වරෙල්ලා හාවුනි කැලේ ඉදන්
උදුපියලිය ඇතේ වැවිලා මිදුලෙ කොනෙන්
ඇසු ඒ කතන්දර නුඹ ගැන මෙනෙහි කරන්
සත්තද කියාපන් බලනෙමි හොරෙන් හොරෙන්
දඩුලේනෝ වරෙල්ලා කොයිබද පැන යන්නේ
කුරුම්බැට්ටි කෑවට කවුරුදු බැන්නේ
එළියට නොඑමි දොරකඩ ලගමයි ඉන්නේ
සෙල්ලං කරනු මැන මිදුලෙහි නැත ගල් එන්නේ
සරලයි. පොඩි ලමයෙක්ගෙ සිතිවිල්ලක් වගේ. මුල් කවියනං ටිකක් ඔරොප්පුවෙන් වගේ. අවසාන කවියෙ මුල් පදයෙයි අවසාන පදයෙයි මාත්‍රා අවුලක් නේද?
ReplyDelete‘දඬුලේනෝ කොයිබද මේ පැන යන්නේ...
සෙල්ලම් කරව් මිදුලෙහි, නැත ගල් එන්නේ‘ වගේ වුණානම්.
අනේ........ මාත් කියන්න හිටියේ ඔයටිකම තමා. ඊළඟ සැරේ ඔය අඩුපාඩු නැතිවෙයි.
Deleteසරල පිරිසිදු සිතිවිලි තමා - මධූ කිව්ව එක මටත් දැනුනා
Deleteවරෙල්ලා කියන එක අහක් කරන්න හිත දෙන්නේ නෑ කලින් දෙකේම තියන හින්දා
මෙහෙම කීවොත් මොකද
"ලේනුනි වරෙල්ලා කොයිබද පැන යන්නේ..."
අග පදේ එතකොට.. පලවෙනි කවියේ "..කල මැන.." දෙකේ "කියාපන්..." තුන්වැන්නේ එනිසා "සෙල්ලම් කරාපන් මෙහි නැත ගල් එන්නේ"
"වැ-ස්මා" අමනාප වෙයිද මන්දා නිර්මාණ කපා කෙටුවට :-(
දොඩන්ගොඩ මහත්මයා කපල කොටට අන්තිමට ඉතිරිවෙනටික හුගක් ලස්සනයි නියල මං දන්නවා. මොනවට අමනාප වෙන්නද. මං නම් ගොඩක් කැමතියි මේ වගේ ඇවිත් මගෙ අඩුපාඩු පෙන්නල දෙනවට . බොහොමත් ස්තූතියි ඔබට
Delete@මධුමාධවී
Delete@විචාරක ස්තූතියි ඔබ දෙපලටම
තිස්ස දොඩන්ගොඩ
Deleteඇවිත්
බඩු බනිස්
හැම තැනම ගියාට
කමෙන්ට් වැටෙන්නේ
එහෙමත් තැනක
ලීඩින්කොම්
ඔයා දස්සයෙක් ඒ කියන්නේ
තව හොද මිම්මක් තිබුනා
සුමිත් නිරිඇල්ල කියල
ඒකට බ්ලොග්
එපා කරපු එකාටනං
හෙන හතම ගහපං
මාස හතක් බඩ පලයං
ලබන ආත්මේ ඉන්ටර් නෙට්
යන්න බැරි තැනක ඉපදියං
පැණි කුරුල්ලනේ, නිල් කොබෙයියනේ ගීතය මතක් උනා.. අපූරුයි.. මමත් බොහොම ආස දෙයක් තමයි සතුන් නිරීක්ෂණය කොරන වැඩේ...
ReplyDeleteඑහෙම උනා කියන්නෙ මහෛන හැපී...තෑන්ක්ස් මාතයියෙ
Deleteහාවෙක්, දඬු ලේනෙක්, මීවින්නෙක්, ඉත්තෑවෙක් තියා පැණි කුරුල්ලෙක්, බත් කූරෙක්, සමනළයෙක් වත් එන්නේ නෑ වත්තට.. අහ්.. ඒක පැත්තක තියපංකෝ.. අල්ලපු ගෙදර පොඩි එකෙක්වත් එන්නේ නෑ නේ සෙල්ලමක්වත් කරන්න.. සුන්දර හීනයක්.
ReplyDeleteඔය කියපු ඔක්කොම තාම අපෙ පැත්තෙනම් ඉන්නවා. ඒත් මේව හීනම තමා
Deleteගෙවත්තට විවිධ සත්තු එනකොට ඇත්තටම හොදයි...
ReplyDeleteඑහෙම එනවනම් කොච්චර එකක්ද..බල්ලෙක් පූසෙක් ඇරෙන්න වල්බාවෙක්වත් එන්නැති එකනෙ පුදුමෙ...ස්තූතියි ඉන්ද්‍ර
Deleteපුන්චි කාලේ කියවපු (ආනන්ද රාජකරුණා කිවිදුන් ලියපු කවි වගේ )කවි මතක් උනා
ReplyDeleteලස්සනයි වැව්
සබරේ ඇනෝ
ස්තූතියි සබරෙ...
Deleteකාලෙකින් ගමේ ගිහින් පාලුවට කියපු කවියක් වගේ ....
ReplyDeleteඑල ......
හ්ම්ම්මයි.....ජයවේවා
Deleteදැන් මේ සත්තු ගම්වලින් පැනල ගිහින් නගරාසන්නව පදිංචි වෙලා. ගම්වල ඉන්න එවුන් දුක කියනව. ගේට්ටුව ඇරල තිබ්බොත් ඉත්තෑවො ඇවිත් ගමෙන් ගෙනාව පොල් ගෙඩි ටික අරන් යනව. මිදුලෙ තියන එකම ගහ වෙච්ච ජෑම් පේර ගහේ අයිතිය දඩු ලේන්නු අරගෙන .
ReplyDeleteමේ පැදි පේලි දැක්කම මතකෙට ආවෙ
ලේනෝ,ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් දියෝ... කියල පුංචි කාලෙ ගැලවුන දත වහලෙට විසි කරපු එක.
ගමේ ඒවගෙ රහ ඉත්තෑවො දන්නව එකයි මාධව අයියෙ ඒ....ස්තුතියි ඔබට
Deleteලස්සන පද ටිකක් වැවා අයියෙ. නියමයි...
ReplyDeleteස්තූතියි මනා
Deleteඅද කාලේ ඉතින් සතෙක් වත්තක දැක ගන්න එක සෑහෙන්න අමාරුවක් වෙලානේ.. හැමදේම වෙනස් වෙලා ගිහින්..
ReplyDelete