Monday, May 18, 2015

උදුපියලිය කන්න හාවුනි වරෙල්ලා


සියොතුනි වරෙල්ලා පියඹා හනික මෙහේ
පිරිලා තිබේ පැණි වරකා අපේ ගහේ
මදුලක්වත් එපා අප හට කුරුල්ලනේ
පාරාදීසයක් කල මැන ගේ මිදුල අපේ

පැන පැන වරෙල්ලා හාවුනි කැලේ ඉදන්
උදුපියලිය ඇතේ වැවිලා මිදුලෙ කොනෙන්
ඇසු ඒ කතන්දර නුඹ ගැන මෙනෙහි කරන්
සත්තද කියාපන් බලනෙමි හොරෙන් හොරෙන්

දඩුලේනෝ  වරෙල්ලා කොයිබද පැන යන්නේ
කුරුම්බැට්ටි කෑවට කවුරුදු බැන්නේ
එළියට නොඑමි දොරකඩ  ලගමයි ඉන්නේ
සෙල්ලං කරනු මැන මිදුලෙහි නැත ගල් එන්නේ

21 comments:

  1. සරලයි. පොඩි ලමයෙක්ගෙ සිතිවිල්ලක් වගේ. මුල් කවියනං ටිකක් ඔරොප්පුවෙන් වගේ. අවසාන කවියෙ මුල් පදයෙයි අවසාන පදයෙයි මාත්‍රා අවුලක් නේද?
    ‘දඬුලේනෝ කොයිබද මේ පැන යන්නේ...
    සෙල්ලම් කරව් මිදුලෙහි, නැත ගල් එන්නේ‘ වගේ වුණානම්.

    ReplyDelete
    Replies
    1. අනේ........ මාත් කියන්න හිටියේ ඔයටිකම තමා. ඊළඟ සැරේ ඔය අඩුපාඩු නැතිවෙයි.

      Delete
    2. සරල පිරිසිදු සිතිවිලි තමා - මධූ කිව්ව එක මටත් දැනුනා
      වරෙල්ලා කියන එක අහක් කරන්න හිත දෙන්නේ නෑ කලින් දෙකේම තියන හින්දා
      මෙහෙම කීවොත් මොකද
      "ලේනුනි වරෙල්ලා කොයිබද පැන යන්නේ..."

      අග පදේ එතකොට.. පලවෙනි කවියේ "..කල මැන.." දෙකේ "කියාපන්..." තුන්වැන්නේ එනිසා "සෙල්ලම් කරාපන් මෙහි නැත ගල් එන්නේ"

      "වැ-ස්මා" අමනාප වෙයිද මන්දා නිර්මාණ කපා කෙටුවට :-(

      Delete
    3. දොඩන්ගොඩ මහත්මයා කපල කොටට අන්තිමට ඉතිරිවෙනටික හුගක් ලස්සනයි නියල මං දන්නවා. මොනවට අමනාප වෙන්නද. මං නම් ගොඩක් කැමතියි මේ වගේ ඇවිත් මගෙ අඩුපාඩු පෙන්නල දෙනවට . බොහොමත් ස්තූතියි ඔබට

      Delete
    4. @මධුමාධවී
      @විචාරක ස්තූතියි ඔබ දෙපලටම

      Delete
    5. තිස්ස දොඩන්ගොඩ
      ඇවිත්
      බඩු බනිස්
      හැම තැනම ගියාට
      කමෙන්ට් වැටෙන්නේ
      එහෙමත් තැනක

      ලීඩින්කොම්
      ඔයා දස්සයෙක් ඒ කියන්නේ

      තව හොද මිම්මක් තිබුනා
      සුමිත් නිරිඇල්ල කියල
      ඒකට බ්ලොග්
      එපා කරපු එකාටනං
      හෙන හතම ගහපං
      මාස හතක් බඩ පලයං
      ලබන ආත්මේ ඉන්ටර් නෙට්
      යන්න බැරි තැනක ඉපදියං



      Delete
  2. පැණි කුරුල්ලනේ, නිල් කොබෙයියනේ ගීතය මතක් උනා.. අපූරුයි.. මමත් බොහොම ආස දෙයක් තමයි සතුන් නිරීක්ෂණය කොරන වැඩේ...

    ReplyDelete
    Replies
    1. එහෙම උනා කියන්නෙ ම‍හෛන හැපී...තෑන්ක්ස් මාතයියෙ

      Delete
  3. හාවෙක්, දඬු ලේනෙක්, මීවින්නෙක්, ඉත්තෑවෙක් තියා පැණි කුරුල්ලෙක්, බත් කූරෙක්, සමනළයෙක් වත් එන්නේ නෑ වත්තට.. අහ්.. ඒක පැත්තක තියපංකෝ.. අල්ලපු ගෙදර පොඩි එකෙක්වත් එන්නේ නෑ නේ සෙල්ලමක්වත් කරන්න.. සුන්දර හීනයක්.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු ඔක්කොම තාම අපෙ පැත්තෙනම් ඉන්නවා. ඒත් මේව හීනම තමා

      Delete
  4. ගෙවත්තට විවිධ සත්තු එනකොට ඇත්තටම හොදයි...

    ReplyDelete
    Replies
    1. එහෙම එනවනම් කොච්චර එකක්ද..බල්ලෙක් පූසෙක් ඇරෙන්න වල්බාවෙක්වත් එන්නැති එකනෙ පුදුමෙ...ස්තූතියි ඉන්ද්‍ර

      Delete
  5. පුන්චි කාලේ කියවපු (ආනන්ද රාජකරුණා කිවිදුන් ලියපු කවි වගේ )කවි මතක් උනා
    ලස්සනයි වැව්
    සබරේ ඇනෝ

    ReplyDelete
  6. කාලෙකින් ගමේ ගිහින් පාලුවට කියපු කවියක් වගේ ....
    එල ......

    ReplyDelete
  7. දැන් මේ සත්තු ගම්වලින් පැනල ගිහින් නගරාසන්නව පදිංචි වෙලා. ගම්වල ඉන්න එවුන් දුක කියනව. ගේට්ටුව ඇරල තිබ්බොත් ඉත්තෑවො ඇවිත් ගමෙන් ගෙනාව පොල් ගෙඩි ටික අරන් යනව. මිදුලෙ තියන එකම ගහ වෙච්ච ජෑම් පේර ගහේ අයිතිය දඩු ලේන්නු අරගෙන .

    මේ පැදි පේලි දැක්කම මතකෙට ආවෙ
    ලේනෝ,ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් දියෝ... කියල පුංචි කාලෙ ගැලවුන දත වහලෙට විසි කරපු එක.

    ReplyDelete
    Replies
    1. ගමේ ඒවගෙ රහ ඉත්තෑවො දන්නව එකයි මාධව අයියෙ ඒ....ස්තුතියි ඔබට

      Delete
  8. ලස්සන පද ටිකක් වැවා අයියෙ. නියමයි...

    ReplyDelete
  9. අද කාලේ ඉතින් සතෙක් වත්තක දැක ගන්න එක සෑහෙන්න අමාරුවක් වෙලානේ.. හැමදේම වෙනස් වෙලා ගිහින්..

    ReplyDelete