Monday, July 1, 2013

"අනේ.... මැඩම්..... මේ... බලන්නකො මෙයා ටිප් එක දෙන්න විදියක් නෑ කියනවා''




එදින  නිවාඩු දිනයක් වූ බැවින් මා හත අට වෙනතුරු නින්දත් නොනින්දත් අතරේ අර පැත්තට මේ පැත්තට පෙරලි පෙරලී  පෙර දින නිමල් සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ලබාගත් සතුට ගැන කල්පනා කර කර සිටියෙමි.

 නිමල් සමග ගල් අරක්කු බෝතලයක් ගෙන   පෙට්ටි කඩේකට ගොඩවැදී රුපියල් විස්සේ බයිට් පැකට් දෙකක්ද ගෙන බෝඩිමට ගෙනගොස් අමුවෙන්ම කටට හලා ගත් අයුරු මතක් වී  ''ෂිහ් විතරක් '' යැයි කියවුණි.

 අරක්කු බෝතලය වැඩිවේලා නොගොස්ම හිස් කල අප දෙදෙනා නිමල්ගේ දැඩි ඉල්ලීම නිසා අකමැත්තෙන් වුවද යටි හිතේ යම් ආශාවක් තිබූ හෙයින් කැරොකේ සමාජශාලාවක් වෙත ගියෙමී. හොද පදමට  සුරාවෙන් මත්වී උන් නිමල්.

''වරෙන් වරෙන් හොද කෑල්ලක් අල්ලගෙන ඩාන්ස් කරපං''

යැයි පවසමින් නටමින්  කෙල්ලන් වෙතට මාද තල්ලු කරමින් . ලස්සන කෙල්ලක් සමග නටන්නට පටන් ගත්තේය.

ටික වේලාවක්  තනියම නටමින් හුන් මා වෙත පැමීනි කෙල්ලක , විටින් වීට මගේ ඇගේ දැවටෙමින් නටන්නට වීය.

ගැහැණිය අර අදින්නේ කුමකටද යන්න වැඩි වේලාවක් යන්න මත්තෙන් මා තේරුම් ගත්තේ  සමාජ ශාලාවට යාමට පෙර නිමල් විසින් සියළු සිද්ධාන්තයන් මා හට පැහැදිලි  කර දී තිබු නිසාවෙනි. ඇත්තෙන්ම මාගේ පළමු සමාජ ශාලා ගමන එයම විය.ඇය නැවතත් කොදුරන්නට විය.

'' අනේ පැටියෝ......'' ඇය තෙපලාය.

'' ඇයි ඩාලිං...'' මාද බොරු ආදරයක් මවා පාමින් වෙරි මතින් නටන ගමන්ම  කනට කර විසුවෙමි.

'' වොඩ්කා  අර..න් දෙන්..නකො ඩාලිං.....'' 

'' අපි තව ටිකක් වෙලා ඩාන්ස් කරමු...''

යි ඇයට පවසා .....ඇයගෙන් මිදෙන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වුවත් ඇයගේ පෙනුමෙන් මා ඇයට වසග වි ඇති සෙයක් දැනෙන්නට විය.මා තවද ඇගේ සිරුරටම ඇලී නටන්නට වූවෙමි.උන් හිටි තැන් මතක නැති වුවද ඇගේ අගර දගරයන්ගෙන් මගේ මුලු සිරුරම ඉලිප්පී ඇතැයි මට සිතුණි.

‘‘සුරංගනාවී..... මගේ .......හදක්වගේ....පායලා..
   හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියැවිලා.......‘‘

‘‘හෙලෝ.......නිමා......“

“මොකද බං කරන්නේ උඹ පුකට අව්ව වැටෙනකම් නිදාගන්නවද යකෝ........“

 නිමල් බෙරිහන් දෙනන්නට විය.

“අනේ මේ.......නැතුව ඉන්නවද මට තව ටිකක් නිදා ගන්ඩ දීලා......“

දුරකතනය විසන්දි විය.මා අනිත් පැත්තට හැරුනෙමි.තවත් ටිකක් එහෙන්ම ඉද වොෂ්  කට්ටක් දාගෙන..........පාරට පැන්නෙමි. අංකල්කාරයාගෙ පෙට්ටිකඩේට ගොඩවෙලා රොටියකට ලුණූ මිරිස් ටිකක් දාගෙන දෙකට නමාගෙන කා එහෙන්ම නිමිච්ච තේ වතුර එකත් කටට හලාගෙන නැවත පාරට බැස්සේ ඔන්න ඔහේ කොහේ හරි යනවා කියලා හිතාගෙනය.

මා කෙලින්ම කොටුව බලා යන බස් එකකට ගොඩ වුණෙමි. එදින අධික වාහන තදබදයක් වූ බැවින් බස් එක ගොලුබෙලි ගමනින් යන්නට වූයෙන් වැඩි වේලා යන්නට පෙර මා සුව නින්දක පහස ලැබුවෙමි. ගමනාන්තයට පැමීනි බසයේ කොන්දොස්තර උරහිසින් අල්ලා සෙලවීමෙන් පසු දඩි බිඩියේ බසයෙන් බැසගත්මා

ත්‍රීවීල් එකකට එබුනෙමි....
.
“ඇයි මල්ලී කොහෙ යන්නද“

ටිකක් දරදඩු ස්වරයෙකින්  ඇතුළ සිටි පුද්ගලයා විමසුවෙන්,මා වඩාත් ඇතුළටම ලං වී,

 “අයියා......මේ..මේ... මසාජ්  සෙන්ටර් එකක් එහෙම නැද්ද මේ කිට්....ටු..ව..,“

මා කතාව ඉවරකරන්නත් ප්‍රථම,

“අයියෝ මල්ලි කී...යක් ඔනෙද? මං ඔයා....... එක්ක යන්නම් සුප්පිරි පොට් එකකට හැබැයි ඉතින් ගාන තමයි ඉතින් ටිකක් සැර.......මල්ලිට  හිංද කියන්නෙ පොට් එකක් තියෙනවා හැබැයි... ඉතින්  එච්චර ගාණකුත් නැහැ ඔක්කෝටම රුපියල් 1500 යි. සැප තමා මල්ලි.....තව.... ටිකක් කන්ටැක්ට් කරගන්න පුළුවන්....නම් කෑල්ලක් එළියට වුණත් දක්කන්න පුළුවන් මොකද කියන්නෙ යනවද...?“

“ය්..යමු.....“ මා තෙපලුවෙමි...“

අමු ගන්දස්තාරෙ  ගහන,කුණූ ගොඩවල් අවුස්සන කපුටු රංචු පිරිච්ච කේඩෑරී වී ගිය ඇවිද ගන්ඩවත් බැරි ඇටකොටු මැරන්ද විතරක් ඇති බල්ලොන්ගෙන් පිරිච්ච පාරවල් පසුකරමින් කුනූ වතුර වලවල් වල දමමින් ත්‍රීවීල් කාරයා ඉදිරියට යන්නට විය. ඒ අතර වට්ටක්කා ගෙඩි මෙන් පස්ස ඇති කටේ බුලත් විට කා රතු වෙලා කටදෙපැත්ත සුදු වෙච්චි මැදි වියේ ගෑණූ එළියටම වී හාල් ගරති.කිසිම ලැජ්ජාවක් බියක් නැතිව පාරටම පම්ප් එක අල්ලන නාකි හම්පඩයක්ද ඒ අතර වේ. කෙසේ හෝ ගමනාන්තයට පැමිණි බව දැනිණ.

"හ්ම් මල්ලි මෙතැන තමා  පොට් එක ......."

" කීයද ගාන...?

" හ්ම් ......කමක් නෑ ඉතින්.. ! මල්ලි හිංදා රුපියල් හාරසීයක් දෙන්ඩකො...වෙනදනම් මම මෙතෙන්ට එන්නෙ  රුපියල් පන්සීයට මල්ලියා"

මට උන් හිටි තැන් අමතක විය. රුපියල් හාරසීයක් මූට දීලා මං ආය යන්නේ කොහොමද.....

" ආ මල්ලි එන්නෙ කොහොමද කියලද කල්පනා කරන්නෙ..... බය වෙන්න එපා මෙන්න මගෙ නම්බරේ මට කෝල් එකක් දෙනනකො...මම වෙලාවට එන්නම්....."

" න් නෑ අයියා ....මං බස් එකේ එන්නම් මට වෙන ගමනක් යන්නත් තියෙනවා."

බැස්සෙ කොහින්ද කොහේටද බැස්සෙ යන්නවත් නොදැන මම වෙන ගමනක් යන්න තියෙනවා කිව්වෙ මූට තවත් රුපියල්  හාරසීයක් දෙන්න වෙන නිසාය.

මා ඇතුළට ගියෙමි‍. දිව්‍යාංගනාවන් පෝලිමක් ......මදෙස බලාගෙන සිනාසෙති.....මට කිසිත් සිතා ගත නොහැකි විය. මසාජ් සෙන්ටර් එකකට ආ පළමු දිනය එයයි. ඇස් යට කළු කර,තොල් රතු කර ......(නාදළු වැනි සුමුදු දෙතොල් සිඹිමිද කෙලෙසින්......... ගායනය මදකට මතක් විය.) ඇගෙන් බාගයක් එළියට දමාගෙන ඇද සිටි සාරිය ඇත්තටම දෙව්ලොවක් වැනියැයි මට සිතුණි.
මේසයක් ලග සිටි තරමක් මැදි වියේ සිටි කාන්තාවක්,

" මසාජ් එකට රුපියල් 1500 යි.....ඔයා...ස්පෙෂල් මසාජ් එකකට යනවනම්  ඊට... වැඩිය..."

" නෑ අවශ්‍ය නෑ නෝමල් මසාජ් එකක්......"

පළපුරුදු කාරයෙකු සේ මා රුපියල් එක්දාස් පන්සීයක් දික්කළෙමි.

" එහෙනම් ඔයාට කැමති කෙනෙක් තෝර  ගන්න."

මැදි වියේ ගැහැණිය මා දෙසට හැරි පැවසුවාය.

මා ඔවුන් දෙසට හැරුනෙමි.....මාව ගන්න  මාව ගන්න යැයි කියන්නාක් මෙන් ඔවුන් ‍මා දෙස සිනාමුසු මුහුණින් බලා සිටිති.  කළු පාට සුදු පාට ගැහැණූන් හත් අට දෙනෙකි. කවුරුන් තෝර ගන්නදැයි මට සිතා ගත නොහැකි විය. ඉස්පාසුවක්ද නැතිවිය.

" අර එක්කෙනා....."

යැයි එතැන හිටපු සුදුම පාට ගැහැණිය වෙත අත දික්කළෙමි.

" එන්න......

.යැයි පවසමින් මා පෙන්වන ලද සුරූපිණිය මාද කැටුව ඇදක් පමණක් තැබිය හැකි කාමරයක් වෙත කැදවාගෙන ගියාය.

"වොෂ් එකක් දා ගන්න..."

යැයි සුදු පාටට හුරු තුවායක් මා අත තැබුවාය , ඇය විසින් පෙන්වන ලද නාන කාමරයට ගිය මා වොෂ් දාන්න තියා හැරෙන්නවත් ඉඩක් නැති එතැන මොන වොෂ්ද යැයි සිතා  කම්මැලි කමෙන් වතුර මල යටට කිහිප විටක් උරහිස් දෙක රිංගවා ගෙන , තුවාය ඉනට දවටාගන නැවත පැමිණියෙමි.

" ඇදේ හාන්සි වෙන්න...."

මා ඇගේ රත්පැහැති අත ඇල්ලුවෙමි.

" හා... දැන් ඉතින් හාන්සි වෙන්නකො....ඔයාට ට්‍රීට් කරන්න."

 ඇයගෙන් කුමක් හෝ  පහසක් ලබා ගන්නා තුරු මට ඉවසීමක් නැති විය.. මා නිහඩවම ඇද මත හාන්සි විය.මහපොට ඇගිල්ලේ සිට දැනෙනා නොදැනෙනා තර‍ම් සුසිනිදු ලෙස ඇය අතගාන්නට පටන් ගත්තාය. මගේ මුළු ගතම කිළිපොලා යන්නට විය....පුරුෂාධිපත්‍ය නැගි සිටින්නට වැඩි වේලාවක් නොගියේය. මගේ කලවා අත ගාන්නට විය. ‍මා දෙනෙත් පියාගෙන කවමදාකවත් නොලබපු ඒ මිහිරි සුවය අත්විදින්නට වීමි. මා ඇගේ ඉග පෙදෙස සිනිදුවට අතින් ස්පර්ෂ කළෙමි. මා තව තවත් ගැහෙන්නට විය. මට සිටිය නොහැකි විය. මසාජ් කෙසේවෙතත් වෙනත් ආස්වාදයක් ලැබෙන්නේ නම් කොච්චර එකක් ද මට සිතුණි.

"ෂේක්  එකක් කරනවාද..?

ඇගේ සියුමැලි දෙඅතින් මා ලබන ඒ මිහිරි ආස්වාදය ලබමින්, " මොකද්ද ඒ ෂේක් කියන්නෙ..." මම පිළිවිසිමි....

" අයියෝ දන්නෙම නැතිව ඇති නේද..?...මේන් මේත අල්ලලා... අතින් පිරිමැදල   ය...න එකට තමා ෂේක් කියන්නෙ ..... හැබැයි ඉතින් නිකන් බෑ ....."

ඇය ගානක් නැතිව කියාගෙන ගියාය. මට ලැජ්ජාවක්ද සිතුණි. ඒ වෙන දේකට නොවේ ෂේක් කියන එකෙහි තේරුම නොදැන සිටීම නිසාය. ඇත්තටම ඉතින් ගමෙන් නගරෙට ආපු මම දන්න ෂේක් ......

" අනේ බබෝ  මාත් ආසයි  ඒත් දැන් මගේ අතේ ගොඩාක් සල්ලි නෑ.....කීයක් විතර ඕනෙද..?

ඇය තවමත් මගේ ඇග පිරිමදින ගමන්ය. පුරුෂාධිපත්‍යද දෙවැනි නැත.

"..ම්..ම්.. සමහර කස්ටමස්ල නම් ටූ තවුසන් ත්‍රී තවුසන්  වගේ දීල යනවා හැබැයි ඉතින් සමහරු නම් පට්ට කුණූ ලෝබයෝ.....හැබැයි ඉතින් ඒ අයට ඉතින් අපි කරන ට්‍රීට් එක අඩුවෙනවා. ඒත් ඉතින් මගේ ගාන ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස්  ... එකත් නැත්නම් වැඩක් නැ අනේ......"

" අනේ බබෝ  මං ගාව දැන්නම් සල්ලි නැහැ.....රුපියල් දෙසීයක් විතරනම් ඇති....ඒත් ඉතින් .ඒක දුනනොත් මට බස් එකේ යන්නත් සල්ලි මදි වෙනවා......, "

මා  අහිංසක අසරණ කමකින් ඇයට  පැවසුවෙමි.

" අනේ.......මැඩම් ....මේ බලන්නකො.....මෙයා ටිප් එකක් දෙන්න විදියක් නෑ කියනවා."..

.යැයි කියාගෙන ඇය  වේගයෙන් එළියට දිව ගියාය. සිදුවන්නේ කුමක්දැයි මට සිතාගත නොහැකි විණි.පුරුෂාධිපත්‍ය ටිකෙන් ටික හීන වන බව මට දැනෙන්නට විය. එත් සමගම මැඩම් යැයි කියු මැදිවියේ ගැහැණිය මා වෙතට පැමිණ....,

" බබා මොකද්ද මේ කියන්නෙ ඔයා මෙයාට ටිප් එකක් දෙන්නෑ කියලා........"

මාගෙන් විමසුවාය.මගේ පුරුෂාදිපත්‍ය නැත්තටම නැතිවු  සෙයක් මට දැනුණි.

" අනේ එහෙම එකක් නෙවෙයි.... දැනට මගේ අතේ සල්ලි  නැ... අනිත් එක ....මම රුපියල් එක්දාස් පන්සීයකුත් දුන්නානෙ......,

" ඒ වුණාට ඔයා මෙයාට ටිප් එකක් දෙන්න ඕනෙනෙ ළමයො....."

කියාගෙන ඇය ඇතුළට ගියාය."

සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගත නොහැකිව ජර බර හඩ නගන ඇද මතට වී උඩුබැලියෙන් සිටීමි.ගෙයි ඇතුලෙයි කුමක්දෝ කසුකුසුවක් ඇසුණූ නමුදු එය මා හට තේරුම් ගත නොහැකි විණි. කෙසේ වෙතත් යම් කිසි බියකින්ද මගේ සිත වෙලා ගත්තේ මෙවැනි තැන්වල සිදු වු ගුටිකෙලි මෙන්ම මරණයට පත් වීම්ද මා පුවත්පත්වල  දැක ඇති නිසාය.මාගේ සිරුරින් හීනියට දාඩියක් දමන්නට විය.
ටික වේලාවක් ගිය පසු ඇය පැමිණියාය.

" අපිට ටිප් එකක් නැතුව මේව කරන්න අමාරුයි ... අපිට මේකෙන් ගෙවන්නේ නෑ ....කස්ටමස්ලා දෙන දේන් තමා අපි ජීවත් වන්නේ......."

ඇය කියාගෙන ගියාය.

පෙර දැනුණූ සුසිනිදු  සම්භාහනය  වෙනුවට දැන් දැන් මට දැනෙන්නේ  රොබෝවරයෙකුගේ වැනි දරදඩු අත්දෙකකින් මගේ සිරුර තද කරන්නා වැනි හැගීමකි. ‍ඇගේ මුහුණේ පෙර තිබූ රාගික බවක් පෙනෙන්නට නැත.සිනහවක් නැත. සියල්ල හමාර වී ඇති සෙයක් මට දැනුනි. මට මහත් ලජ්ජාවක් දැනුනි. මා තවමත් ඇද උඩය......

" දැන් ඇති .....මට ඔයාට දෙන්න සල්ලිත් නෑනෙ....."

යි පවසා මා ඇදෙන් බිමට බැස නැවතත් නාන කාමරයට ගොස් මුහුණ පොඩ්ඩක් සෝදාගෙන පැමිණියෙමි.

 " මං යන්නම් ......"

" ආයෙ දවසක එන්න .....හොද ට්‍රීට් එකක් දෙන්නම්........"

ඇය කොදුලාය.

මා එළියට බැස වේලාව බැලුවෙම්......හ්ම්.....සියලු දේම සිදුවන්නට ගොස් ඇත්තේ විනාඩි විස්සකි.රුපියල් දෙදාහකි. දවස් හතරක පඩිය.

" අනේ.......මැඩම් ....මේ බලන්නකො.....මෙයා ටිප් එකක් දෙන්න විදියක් නෑ කියනවා."..

ඇගේ කටහඩ දෝංකාර දෙමින් යලි යලිත් ඇසෙන්නට විය





66 comments:

  1. මේ වගේ තැන්වලට යන ආධුනිකයන්ට හොඳ පාඩමක්නේ කියල දීල තියෙන්නේ. ඔව්ව ඔහොම තමයි බං.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. සමහර විට ප්‍රවීණයන්ට මීටත් වඩා දේවල් වෙන්න ඉඩ තියෙනවා නේද අයියේ

      Delete
    2. ප්‍රවීණයෝ යන්නේ පැකේජ්වලට...කේස් නෑ..

      Delete
    3. මං ඔය පැකේජ ගැන දන්නෙ නැ පොඩ්ඩක් කියලා දෙන්නකො තොත්ත බබෙක් නොකිය

      Delete
    4. ඒ කියන්නෙ නලින් ප්‍රවීනයෙක් !!

      Delete
    5. ප්‍රවීණයෙක් කියන්නම බැහැ හැබැයි ඉතින් කොහෙන් හරි වැඩිපුර එන පැත්තක් ඇති

      Delete
    6. සිරාවටම නලීන් අයිය ප්‍රවිණයෙක් නිසා පැකේජ් ගැන විස්තරයක් දාන්නකො.ඔය තැන් වලට යන්න නෙමේ.සමාජ දැනුම ලබා ගන්න :)

      Delete
  2. තම අත්දැකීම සජීවීව මෙන් ඉදිරිපත් කර ඇති ආකාරය විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. පළමු වචන දෙක නැත්නම් කමෙනට් එක ගොඩාක් ලස්සනයි .ඒ කෙසේ වෙතත් ස්තූතියි ගොඩවැදුනට රාජ් අයියේ

      Delete
  3. අප්පට සිරි කිව්වලු. මේක ඇත්තටම උඹට උන එකක්ද?

    ReplyDelete
  4. එහෙම හිතුවත් අහිතක් නැ අයියණ්ඩී

    ReplyDelete
  5. මට පෙන්නේ මූට මේවලින් ගානක් ගෙවලා වගේ. නිකා ඉඳහං පොඩි උන් නරක් නොකර. වල් පඳුර...

    ReplyDelete
    Replies
    1. තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ මාතලං අයියා

      Delete
  6. හික්... හික්... මෙයාටත් වෙලා තියෙන වැඩක්. හොද වැඩේ ඔය තැන් වලට යනවට....

    ReplyDelete
    Replies
    1. අයියෝ.....සමනළි මේක නිර්මාණයක්.....

      Delete
    2. සමනලීට නම් නිර්මාණයක්. බ්ලැක් පියුමාට නම් "එහෙම හිතුවත් අහිතක් නැ අයියණ්ඩී"

      හ්ම්! හ්ම්! උඹ නම් පිරිමිකමේ සංකේතයක් මල්ලි.

      Delete
    3. මේක තමයි දවසේ කමෙන්ට් එක

      Delete
    4. ඒක හරිම ලස්සන කමෙන්ටුවක්

      Delete
  7. උපරිමයි..චරිතෙටම සමවැදිලා කියවපු කථාවක්..

    ReplyDelete
    Replies
    1. මේවගේ කතා ලියන්න පුළුවන් අත්දැකීම් තියෙනවනම්. ඒත් අත්දැකීමක් නැතුව ලියන්න හරිම අමාරුයි. එක එක්කෙනාගේ අත්දැකීම් ලියනකොට කතාවෙ මිහිරියක් නැතිවෙනවා විමුක්ති සමහරවිට මේ කතාවටත් එහෙම වගේ ඇති.

      Delete
  8. නියමට ලියල තියනව .. උපරිමයි!

    ReplyDelete
  9. අටමගේ ඔත්තුවකට ආවේ , තව ලියපන්

    ReplyDelete
    Replies
    1. ඔයාලා කියනවනම් මොනව කරන්න බැරිද චාමි

      Delete
  10. එලකිරි මචන් දිගටම ලියපන්.

    ReplyDelete
  11. හැමෝටම දැන ගන්නත් එක්ක මේ ආකාරයේ සිද්ධීන් ලියන එක හරිම වටිනවා . රසවත් ලිපියක්.

    ReplyDelete
  12. ගියාද, නොගියද මට වැඩක් නැහැ.
    ලියවිල්ල උපරිමයි.තමන්ට වුන දෙයක් ලෙසටම ලියල තියෙනව.
    ඕවට නොගිය කොල්ලෙක් අද හොයාගන්න පුලුවන්ද?
    සම හරක් කොල්ලො රස්සාවක් කොරල මුල්ම පඩියෙන් ඔය වැඩේට යන්න බලන් ඉන්න එව්වොත් ඉන්නව.

    ReplyDelete
  13. මමත් ආවෙ අටම කියපු නිසා.. බැලින්නම් මූ ලියන්නම හපනෙක් නේ... ගොජ තමා... එහෙනම් තව ලියපන්....

    ReplyDelete
  14. අතේ සතේ නැතත් තියෙන වලත්තකම... හික්ස්

    ReplyDelete
  15. අටමා කිව්ව නිසා ආවේ. බොහොම හොදයි ලියන්න. දිගටම ලියන්න. මේකත් සමාජය වගේමයි. කිසිවකින් සැලෙන්න එපා. ලියනකොට එන ප්‍රශ්න වැඩිය හිතන්න එපා ලියන්න. කතා කීමේ හැකියාව අපූරුයි. එහෙනන් ජය!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ

      Delete
  16. මම දාපු කොමන්ට් එක නැහැ බොල.

    ReplyDelete
  17. අටං අයියාගෙ බ්ලොගෙන් දැකල තමා මේ පැත්තෙ ආවෙ.

    මට නම් හිතෙන්නෙ මෙතන තියෙන හොඳම පාඩම මිනිස්සුන්ගෙ හිත. ඔය වගේ තැන්වලට යන්න කලින් හිතන්නෙ කීයගියත් කමක් නෑ කියල. ආයෙ ගෙදර ආවට පස්සෙ හිතෙන්නෙ අපරාදෙ සල්ලි, ඒකෙන් සතියක් ජීවත්වෙන්න තිබුනා කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙහෙම කමෙන්ට්ස් ලිව්වත් සමහර උදවිය හිතනවා අනිවාර්යයෙන්ම මූ ගිහිල්ල තමයි කියලා.ඇත්තටම සමහර විට ගිහිල්ල තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන් අත්දැකීමක් ලැබෙන්න ඒ දෙයක් කරන්නම ඔනෙ නැති බව මගේ හැගීමයි.

      Delete
  18. හික් හික්..හොඳ වැඩේ ඔය තැන් වලට යනවට :p :p

    ReplyDelete
  19. නැ කිය කිය ගියාද කියලා මටත් සැකයි

    ReplyDelete
    Replies
    1. හප්පේ අටන් අයියේ.......ඔච්චර ඇයි සැක.

      Delete
  20. හෙහ් හෙහ් ඇග තැලිල්ලත් නරකම නෑ ;)

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද ඔය කියන්නෙ රෙප් මහත්තයා..................

      Delete
  21. තැන හොදයි. අටම නොවැ පෙන්නුවේ..

    මෙන්න ස්පා ගැන අපේ අත්දැකීම http://www.samindikasrimantha.blogspot.com/2012/10/spa.html

    ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. මේක මෙතැන දාන්න කලියෙන් මම මේක කියෙව්වා.තැන්ක්ස් වැව් ඉස්මත්තට ගොඩ වැදුනට සෑම්

      Delete
  22. tip 1ka genath dunnahama apahu dennam kiyala madaa boge parampara kuttama galogaththe nathuwa apahu ewwa.....

    ReplyDelete
  23. ගියානම් තවත් ටිකක් ලස්සනට ලියන්න තිබුණා. ඒත් හිතාන ඉන්නෙ නොගියපු තැන් ටිකක් තියෙනවා ගිහිල්ල එන්න. කැළනි මුඩුක්කු සංකීර්ණය, එළිය වැටෙනතුරු කොළඹ කොටුවට වෙලා ඉන්නත් තවත් ටිකක් තියෙනවා....... යන්න, බලාගෙන එන්න. ඒත් එහෙම ගියොත් පොඩි එකාලට විස්කිරිඤ්ඤා අරන් දෙන්න තියෙන සොච්චම් පඩිය ඉවරවෙනවනේ අයියා.

    ReplyDelete
  24. අර වට්ටක්කා වැටකොලු ගැන කියන ටික කියෙවුවම මට හිතුනෙ අත් දැකීමක් ඇතිය කියල..

    ReplyDelete
  25. මසාජ් හරියන්නෑ...........ගණේමුල්ලෙ තැනක් තියේ යමුද?? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබෙනවනම් ගනේමුල්ලෙ යන්ට ඕනෙයි. රාජ මාලිගාවෙම බැරියැයි. ස්තූතියි වැව් ඉස්මත්තට ගොඩවැදුනට රජතුමනි

      Delete
  26. මම කැමතියි මේක නිර්මාණයක් කියලම හිතන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිරිඇල්ල මහත්මයා ඔබට

      Delete
  27. දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ..... දැන් බලන් යනකොට හිමි නැත්තේ ප්‍රේමේ විතරක් නෙවෙයිනේ. :(

    ReplyDelete
    Replies
    1. ලොකෙ හැටි ඔහොම තමා AKM . ස්තූතියි බ්ලොග් එකට ආවට

      Delete
  28. 100%ක් ස්ව අත්දැකීමක් වගෙ ලියල තියෙනව.නියමයි.අටංපහුරෙන් තමා ඕන් ගොඩ උනෙ.එදා අටංට ඔබතුමාව හම්බ උන එකනම් නියම වැඩක් :D

    ReplyDelete
    Replies
    1. නිමේෂයා ස්තූතියි වැව් ඉස්මත්තට ගොඩවැදුනට.

      Delete
  29. මේවද පොන්නයෝ උඹ කරන්නෙ? ඉඳපන් මම අර අහිංසක ගෑනිට කියන්නම්.

    ReplyDelete
  30. අාදරණිය අෙනා්
    ෙකාෙහාමද හරියටම මෙග් නම් දැන ගත්ෙත
    ෙකාච්චර ඒකක්ද ෙම්ක මෙග් වයිෆ්ට ෙපන්නනවනම්
    මට ෙපන්නන්න විදිහක් නැතුව ඉන්ෙන

    ReplyDelete
  31. මොකද්ද බං ඒ කතාවෙ තේරුද

    ReplyDelete
  32. එතකොට උගේ තලගොයා පට්ට ගැහුවේම නෑ ඔය කෙල්ල. පල ඩෝ යන්න. පර්ස් එකේ අස්සේ ගහපු සල්ලි එලියට එන දවසක් ඕක

    ReplyDelete
  33. අපරාදෙ අර පත්තරේක තියෙන ඒවට කෝල් කරල ගියානං ඉවරයි නේ...

    ReplyDelete
  34. අනිත් දවසේ යන්න කලින් මීට කලින් ගිහින් එක්ස්පීරියන්ස් තියෙන යාලුවෙක්ගෙන් හරියට විස්තර දැනගෙන ඕන කරන ගාන අරගෙනම යන්න . . හෙ හෙ හේ

    ReplyDelete
  35. ඔයිටත් එහා දේවල් කොච්චර තියෙනවද බං අපිට හිතා ගන්නවත් බැරි...
    කතාව සුපිරි...

    ReplyDelete