Sunday, July 14, 2013
බංඩ මහත්තයගෙ හදහන
“පොඩි පුතා කවද හරි හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙනවා“ උදේ කෑමට සම්බලයක් අඹරමින් සිටි අම්මා ලගට මා කිට්ටු වූවෙමි.
“ අම්ම කොහොමද එහෙම කියන්නෙ“ මම ඇසුවෙමි.
“බංඩ මහත්තය කිව්ව!“
“ වෙන මොනවද කිව්වෙ..“ තවත් කියු දේවල් අහගන්නට මසිත කුතුහලයක් ඇතිවිණ.
“ හොදට ඉගෙනගෙන හොද නීතිඥයෙක් වෙනව කියල කිව්ව........“
“බංඩ මහත්තය කොහොමද එහෙම කියන්නෙ“
“ ඔයාගෙ හදහන හදන්න ගියාම තමා කිව්වෙ“
“හදහනේ එහෙම වෙනව කියල ලියල තිබුණද“ මාගේ සිත කොහේදෝවත් නැති සතුටකින් පිරී ඉතිරී යන්නට විය.
“ ඔව් හදහනෙත් ලියල තිබුණා...“ යැයි ඇය පැවසු අයුරු දැනුදු මගේ මතකයේ ඇත.
ඒ මට යංතං වයස අවුරුදු දහයක් පමණ වෙද්දී අම්මා විසින් කියු දෙයකි. එහෙත් එකල මගේ ආශාව වූයේ පොලිස් නිලධාරියෙකු වීමටය. ඒ හරි හැටි තේරුමක් නැති අවධියේය.මාගේ හොදම යාළුවාගේ කැමැත්ත වූයේ කොන්දොස්තරවරයෙකු වීමටය.
කුඩාකල සිටම මා පොත් කියවන්නට මහත් වූ රුචියක් දැක්වුවෙමි. එහෙත් ඒ රජයෙන් මට ලැබුණූ ඒවා නොවිණී. වැඩිපුරම මා කියැවුයේ අයියාගේ පොත්ය. ගේ දොරකඩ පිලට වී අයියාගේ සිංහල පොතේ තිබු “මගේ රට“ “ අයියනායක“ වැනි කවි පන්තීන් අල්ලපු ගෙවල්වලටත්, පාරේ යනෙන මිනිසුන්ටත් ඇසෙන තරම් හයියෙන් ගායනා කිරීම මගේ සිරිතය. එවන් අවස්ථාවක,
“ ඔහොම හයියෙන් පාඩම් කරාට මතක හිටින්නෑ... හිත යටින් පාඩම් කරන්ඩ ඕනෑ....“ තාත්තා කියයි.
“ එහෙම කරන්න පුළුවන් ලොකු අයට. පොඩි අයට එහෙම පාඩම් කරන්න අමාරුයි...උඹ ඔන්න ඔහොම පාඩම් කරපන්.....“ අම්මා කියන්නීය.
එතැනින් එහාට තාත්තා වචනයකුදු දොඩන්නේ නැත. පාඩුවේ පොතක් හෝ පත්තරයක් බැලීම ඔහුගේ සිරිතය.
මා දක්ෂද අදක්ෂද යන්න මා හට නිශ්චය කල නොහැක්කකි. ඒ මන්ද කිවහොත් ගුරුවරු අහන සෑම ප්‍රශ්නයකටම මා එක එල්ලේම නියම පිළිතුරු දෙන්නා සේම කරන තරමක් වූ හිතුවක්කාර වැඩද කරන්නේ මා ඇතුළු කණ්ඩායම විසින් වීමය. එක් දිනකට දෙතුන් වතාවක්ම ගුරුවරයෙකුගෙන් ගුටියක් දෙකක් නොකෑවානම් ඇත්තටම ඒ පසලොස්වක පෝයදාට සිල්ගත් දිනයක්ම විය යුතුය.
වාසනාව හෝ අවාසනාව ගැන කියන්නට මා නොදනිමි. කිසියම් හෝ දෙයක අන්තිම ඵලය වාසනාව යැයි මා සිතමි. ඒ නොවුණූ දෙයකට වඩා සිදුවුණු දෙයක් හොද යැයි සිතාය.හරියට මට්ටකුණ්ඩලි කතා වස්තුව වගේ නොපෙනෙන දේකට වඩා පෙනෙන දේ හොද නිසා බැවිනි. මා ශිෂ්‍යත්ව විභාගය සමත් වූයේද අසමත් වූයේද නැත. සිදුවුයේ පළමු වසරේ සිටම පාසල් ගිය එම පාසලේම නැවතත් හය වසරේ සිට පාසල් යාමට සිදුවීමය.එහෙත් මා නම් එය එතරම් මහා ලොකු දෙයකැයි නොසිතුවෙමි.
කාලය වේගයෙන් ගෙවුණි.සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවන්ගේ ප්‍රතිඵල ලැයිස්තුව බිත්තියේ එල්ලා තිබු දැන්වීම් පුවරුවෙහි පළකර තිබුණි. මා මගේ නම ඉදිරියේ ඇති කුඩා කොටු මතට නෙත් යුග එබුවෙමි.
සිංහල....සී,....ආගම....සී,....ගණිතය...එස්.......ඉංග්‍රීසි....එස්........මා ඔක්කොම කියවා ගණන් හදා බැලුවෙමි.
සී හතරයි එස් හතරයි......ඒ කියන්නේ අටයි හතරයි........මගේ සතුට කියා නිමකල නොහැකි විය. එහෙත් ඒ සතුට ඕනවට වඩා පෙන්නන්න නොගියේ මාගේ ලගින්ම හිටි ඇතැමෙක් විභාගය ෆේල් වී සිටීම නිසා එය ඔවුන්ට හිත් තැවුලක් ඇති වේයැයි සිතාය.
මගේ හොදම යාළුවා ගණිතය විෂයයට ඩී සාමාර්ථයක් සහිතව ඉතාමත් ඉහළින්ම විභාගය සමත් වි තිබුණි.
“ කවද්ද කොන්දොස්තර ජොබ් එක භාර ගන්නෙ,...,“ මා ඔහුගෙන් විහුළුවට මෙන් ඇසීමි.
සිත සතුටින් පිරිලා ඇත ආදරබර අම්මේ
කියන්නෙ මම කෙලෙසද නුඹ වැලිකතරේ අම්මේ
හැම රෑකම හීනෙන් මට නුඹ පෙනෙනව අම්මේ
විභාගයෙන් පාස් වෙලා පුතු නුඹගේ අම්මේ
මා අම්මාට ලියමනක් තැපැල් කළෙමි.
“නුවන් ඇයි උසස් පෙළ කරන්නෙ“ උසස් පෙළ කරන්නට මා හට වෙනත් පාසලකට යාමට සිදුවිණ. එහිදී පළමු දින අප පන්තියට ආ නමුත් මා හොදට දන්නා හදුනන ගුරුවරයෙකු වන ජයවර්ධන සර් මගෙන් විමසීය.
“ සර් සමාජයේ හොද පුරවැසියෙක් වෙන්න..“ මා එදා දුන් පිළිතුර එය විය. නමුත් එම ප්‍රශ්නයම අදත් ඔහු මගෙන් නැවත ඇසුවහොත් මාගේ පිළිතුර වනු ඇත්තේ ඔහු එදා දුන් අර්ථකතනයන්ට සමාන පිළිතුරක් වියයුතුය.
“ ඇත්ත. උසස් පෙළ ඉගෙන ගන්න හැම ශිෂ්‍යයයෙකුම සමාජයේ හොද පුරවැසියෙක් වෙන්න ඕන.ඒත් එහෙම වෙන්න උසස් පෙළ කරන්නම ඕන නෑ. නිකන් බලන්න මේ සමාජය දිහා, සමාජය කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. ඔය ඔයාලගෙ ගෙවල් වල ඉන්න උදවියම තමා . බලන්ඩ හොදට සමාජයේ ජීවත් වෙනවා නේද? සමාජයේ හොද පුරවැසියෙකු වෙලා ජීවත්වෙන්න උසස් පෙළ කරන්න අවශ්‍ය වෙන්නෙ නැති බව ඒකෙන් ඔයාලට වැටහෙනව ඇති. ළමයිනේ අපි මහන්සි වෙන්න ඕන වෙන මොකකටවත් නෙමේ හොද රැකියාවක් ගන්න......“
මා විභාගය සමත් වුවෙමි.එහෙත් ඒ විශ්ව විද්‍යාලයට යන්නට තරම් නොවේ. සම්මාන තුනකි. ඉංග්‍රිසි විෂයයටද සාමාර්ථයක් ලැබී තිබුණි. එම වසරේ ඉංග්‍රිසි විෂයයට සාමාර්ථයක් අරන් තිබු එකම ශිෂ්‍යයාද මාම විය.
“ අපේ එකා විභාගේ පාස් වෙලා.........ඒ හොදටම ඇති.මොකද ආය ඉස්කෝලෙ ගියපු එකක්යැ.ඌ හරියටම ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ දවස් දහනමයයි.“ තාත්තා විසින් අම්මාට ලියු ලියමනක සටහන් කර තිබු අයුරු මගේ නෙත ගැටිණ. මා දවස් දහනමයක් පාසල් ගිය බව තාත්තා පවසන්නේ මා පාසල් ගියේ ඉතාමත්ම අඩුවෙන් බව හුවා දැක්වීමටය. එය අම්මා ද දනී.
දින කීපයකට පසු අම්මා මා හට ලිපියක් එවමින් කියා සිටියේ නැවත වරක් විභාගය ලියන ලෙසටත් අවශ්‍ය මුදල් අම්මා කොහොම හරි එවන ලෙසත් යැයි සදහන් කරමින්ය. අම්මාගේ එකම ආශාව වූයේ මා හොදට ඉගෙන ගන්නවා දැකීමය. එහෙත් මාගේ අධ්‍යාපනයේ අවසන් මොහොත වන විට ඇයට නිවසේ හිදීමට නොහැකිවීම ඇයට මහත් වේදනාවක් ගෙන දුන්නා විය හැකිය. ඉස්කෝලෙ හයේ පන්තියේදී තිබු කථික තරගයකින් මා පළමුවැනියා විමත්,ඒ අනුව පලාත් මට්ටමින් කථික තරගවලින් ජයග්‍රහණ ලබා ගැනිම් වලදීත් වෙනත් නොයෙකුත් තරග වලදී මා ජයග්‍රහණය කරද්දී අම්මාගේ සිතේ ඇති වූ සතුට අපමණය.එය ඇගේ දෙනෙතින් මා හොදින් දැක ඇත. ඒ ගෙදර බුදුන් අම්මා වරු නිසාය.
හදහනෙ ලියල තිබුණත් ලොකු මහත් කල
නීතිඥයෙකු වන ලෙස සිරිලක පතල
දෛවය වෙනස් විය අම්මා නොමැති පැල
මුහුදට විසිකළෙමි ඔබගේ පැතුම් වැල
පොලීසියට යන්න කුඩා කල සිටම මහත් වූ ආශාවකින් සිටියත් එය ඇත්තටම හීනයක්ම විය. සෙන්ටි මීටර භාගයක් උස මදි වීම හේතුවෙන් පොලිස් රැකියාව අහිමි විණි.
දිනෙක තාත්තා කියු දෙයක් මට සිහිපත් විය.
“ පොලීසියට යන්ඩ හොදට ශරීරෙ උස මහත තියෙන්ඩ ඕනෑ..නැතුව මේ ඔය යන්නන් වාලේ ගියාට පොලීසියට ගන්නෑ,,,,“ තාත්තා එසේ කීවද මා සම්මුඛ පරීක්ෂණයට කැටුව ගියේද තාත්තා විසිනි.
මා පරාජය භාර ගැනීමට සුදානම් වූයේ නැත.සෙන්ටිමීටරයකට මගේ ජීවිතය බිලිදිය යුතු වන්නේද? මා උත්සාහය අත්හැරිමට පසුබට වූයෙමි. වත්ත පසුපස ඇති වල් අඹ ගසේ එල්ලී ව්‍යායාම් කළෙමි. පපුව සාදා ගැනීමට යැයි ඩිෆ් පනහක් හැටත් දිනකට ගැසුවෙමි. ඉන්ටව් එහෙකට අවශ්‍යම වන සාධක දෙකද උස සහ පපුවය. මාසයක් විතර ඇවෑමෙන් මා සාමාන්‍ය තරමකට පැමිණි ඇති බව මටම සිතුණී. මා නැවත පොලිස් ඉන්ටව් නොගියෙමි.
එදා සම්බෝලෙ අඹරන ගමන් අම්මා කිව් වචන ටික අදටත් මගේ මතකයේ නොනැසී තියේ.මා අද නිතිඥයෙකු නොවුණද යාන වාහන නොතිබුණද මහා මන්දිර නොතිබුණද අතට පයට වැඩකාරයෝ නොසිටියද ලද අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොලැබුවද මාගේ ආත්ම තෘප්තිය කිසිවෙකුටත් විනාශ කල නොහැක.
“මං ආයෙත් සැරයක් සාමාන්‍ය පෙළට ඉංග්‍රිසි ලියනවා.“ දිනක් මා ගෙදර ගොස් අම්මත් තාත්තත් දෙදෙනාම සිටින විටකදී පැවසුවෙමි.
“දැන් මොකටද ඔය විභාග පාස් කරලා..... එහෙනම් ඉතිං බැදල දරුමල්ලො හදන්ඩ කලින් ඕව පාස් කරන්ඩ තිබුණ...“
“ නෑ නෑ එහෙම එකක් නෑ මම එච්එස්සී පාස් කරේ සම්පතුත් හම්බ වුණාට පස්සෙ...“ තාත්තාගේ ඍණාත්මක වදන් හමුවේ අම්මා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කලාය.
“ නීතිය ඉගෙන ගන්න මගේ හිතේ ලොකු ආශාවක් තියෙනව අම්ම.. ඉංග්‍රිසි වලට සී එකක් ඕනෙ ඒකයි ආයෙත් ඉංග්‍රිසි ලියන්නෙ....“ මා හිත තුළ වු මහත් ගාම්භිරත්වයකින් පැවසුවෙමි.ඒ... එවැන්නකින් අම්මාගේ හිත උද්දාමයෙන් උද්දාමයට පත්වන බව මා දන්නා නිසාය.
එදා සම්බෝලෙ අඹරන ගමන් අම්මා කිව් වචන මහා ලොකු හාස්කමක් ඇත්තාසේය. බංඩා මහත්තයාගේ හදහනේ යම් කිසි නිවැරැදි තාවයක්ද ඇත්තා සේය. ඒ කෙසේ වෙතත් මා හට එකක් පසක් වී හමාරය.
ඒ,
අවුරුදු තිහක් ගෙවී ගියත් මා හට තාම හදහනක් නොමැතිවීමය.
.........සබද, ඔබේ වටිනා අදහස් හා ගුණ දොස් මා දිරිමත් කරාවි.........
Labels:
කෙටි කතා
Subscribe to:
Post Comments (Atom)
godak lassanata liyala thiyenawa. Aththatama 'waw ismaththa' kiyana kathawa hari. Jiwithe kiyanne wibhageyak wath handahanak wath newe.Eth itin handahane kiyana samahara ewa aththa. Api ape parana danuma ahaka dana eka narakayi. Jiwithe kiyanne jiwitheta. Ape rate kawuda 'aluth de hoyagann adahasin ehemath naththan thamanta thiyena asawata A/L O/L wage wibhaga kale. Oya hamadekama mulika aramuna mudal.
ReplyDeleteDigatama liyanna aniwa kiyawanawa. Mama blogger ta aluth.naleen sahodarayage post ekaka podi handinwimak thibila awe..
thankas vidura godawedunata punchima punchi mage blog ekata saha adahas dekveema gena. nawathath enna awith mage adupadu penna denna kiyala mama illa sitinawa.
Deleteඅනේ හඳහන්... ඕවා බලලා මොනවා හරි කිව්වාම ඉහටත් උඩිං ළමයා ගැන බලාපොරොත්තු තියාගන්නවා.. නැත්තං මොකක් හරි ඒ මිනිස්සුන්ගේ ඔලු විකාර වෙන්න මොනා හරි දෙයක් කියනවා...
ReplyDeleteහඳහන කියන්නේ අපිට වෙනස් කරන්න පුලුවන් දෙයක්... මං නං විශ්වාස කරන්නේ එහෙම...
පිරිත් අහල මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නෙ. බලාපොරොත්තු වුණත් මගේ විශ්වාසයට අනුව කිසිම ප්‍රතිඵලයක් නෑ . ඒ දේශනා කරන දේ හොදට භක්තියෙන් ශ්‍රද්ධාවෙන් අහගෙන ඉදල විශ්වාස කලොත් තමයි ඒකෙ ප්‍රතිඵලයක් තියෙන්නෙ. ඕනම දේකට විශ්වාසය තියෙන්න ඕන මේ කතාවෙ හැටියට අර අම්ම කරල තියෙන්නෙ පුතාගෙ හිතට විශ්වාසය කාවද්දලා. ඔබේ සිතිවිලි හා මම මේ කියන ඒව සැසදෙනවද මංදා. ඉස්සරෝම කියල වැව් ඉස්මත්තට පායපු හිරු ඔබට බොහොමයක්ම ස්තුතියි . හැමදාම එන්න ගුණදොස් පෙන්වන්න
Deleteඑහෙම වෙන්න පුළුවන්... මං ඔය දිගට කොටපු කමෙන්ට් එකක් කොට කරලා දැම්මේ... මේ කතාවේ බැලුවාම ළමයා ලොකු වෙලා, තමන්ගේ ජීවිතේ යම තරමකට හරි සාර්ථකව ගෙවාගෙන යද්දිත් අම්මා බලාපොරොත්තු වෙනවා අර “හීන” රස්සාව ගැන පොඩ්ඩක් හරි... ඕක අර දොස්තර, ලෝයර්, ඉංජිනේරු හීනයෙම කොටසක් තමයි... අම්මව සන්තෝස කරන්න බොරුවට හරි ඉතිං තාමත් තමන් උත්සාහ කරනවා කියලා කියනවා ළමයත්.... නමුත් එයා අද යම් තැනක ඉන්නවා, සාර්ථකව ජීවිතයක් ගත කරනවා කියලා ඇත්ත ඇති හැටියෙන් දැකලා සන්තෝස වීමක් හිත ඇතුලෙන් නම් නැති බවයි මට පේන්නෙ.. එතකොට මට කෙන්ති යන්නේ අර හඳහනක් පෙන්නලා පුංචි දරුවෙක් වෙනුවෙන් ලෝයර් බලාපොරොත්තු ඇති කරවපු බංඩ මහත්තයා එක්ක... ඒ වෙනුවට මේ ළමයා ඉගෙන ගන්න දක්ෂයි.. හොඳ මනුස්සයෙක් වෙයි කියලා කිව්වනං අද ඔය අම්මා සන්තෝස වෙනවා ළමයා ඉන්න තැන ගැන හිතලා.... ( සමහර විට අම්මගේ හිතේ තිබ්බ හීනයක් ද දන්නෑ පුතා නීතිඥයෙක් වෙනවා කියන එක... හොඳට ඉගෙනගන්නවා කිව්ව ගමන් අම්මගේ හිතට ආවෙ ඒකද දන්නෙත් නෑ.. කොහොම උනත් මං මේ බැලුවේ පැත්තකින් ඉඳන් මේ සිද්ධිය බැලුවාම මට හිතුන දේ.. මේකට මූණ දුන්න කෙනෙක්ට මේක දැනෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.. )
Deleteමලේ මේකි නැකත් කාරයෝ එක්ක වලි.
Deleteඇත්තටමද
Deleteමන්ද බන් ඔවගෑන මට හරියට අයිඩිය එකක් නෑ.මම බදින්න පොරොන්දම් බෑලුවෙත් නෑ.හෑබෑයි නෑකතට කරා
ReplyDeleteමම දන්න අටන්ගෙඩියකුත් නැ දමිතො .ස්තුතියි වැව් ඉස්මත්තට ගොඩවැදුනට
Delete//අටන්ගෙඩියකුත්//
Deleteමේ වචනය භාවිතාකිරීම හෙලා දකිනවා
අප්පට සිරි වැරදි වචනයක් පාවිච්චි වෙලා. අටන් අයියෙ ආය මකන එක හරි නෑනෙ.
Deleteදස දහස් වාරයක් සමාවෙයන් අයියණ්ඩිය
අටංගෙඩිය ??? මම ඔය ඇහුවමයි.. කෙන්ගෙඩිය කියලනම් අහලා තියනවා..
Deleteමට ඒ වචනේ ඉබේටම කියැවුණේ මේ...මේ ... අටන් අයිය හිංද නම් නෙමේ මේ වචනේ මොකක් හරි තේරුමක් ඇති බලමු හොයාගන්න පුළුවන් වුණොත් ලියන්නම්
Deleteමගේ කේන්දරේ තියෙනවලු මං අනිවා ඩොකෙක් වෙනවා කියලා... කෝ... කොන්ඩොකෙක් වෙන්නවත් බැරි උනානෙ
ReplyDeleteමං නං හිතන්නෙ නක්ශස්ත්‍ර කාරයට වැරදිලද කොහෙද. කියන්න ඇත්තෙ යකෙක් වෙනව කියල වෙන්න ඇති. ( චූටි ජෝක් එකක් හොදේ.) ස්තුතියි වැව් ඉස්මත්තට ආවට
Deleteනැහැ.. නැහැ.. ඔය හරි වැව් මට හිතෙන්නෙත් යකෙක් වෙනවා කියලා තමයි කියන්න ඇත්තේ. :D
Deleteඅනිව
Deleteමමත් ඔවානම් වැඩි විශ්වාසයක් නෑ.. මම බැන්දෙත් ඕවා නොබල. ගේ හදද්දිත් ඕවා බැලුවෙ නෑ.. මිනිස්සුන්ගෙ අනාගතය තීරණය කරන්නෙ තමන්ගෙ හිතමයි. හිත තමා මේ ලෝකෙ තියන බලගතුම ශක්තිය. ඒකට ඔය ග්‍රහයන්ව ඕනා ඕනා විදිහට නටවන්න පුළුවන්.
ReplyDeleteමේක නිර්මාණයක්ද ? උඹේ කතාවද ? උඹට හොඳට ලියන්න පුලුවන්.
ඇත්තටම මගේ කතාව පොඩියක් විතර එහෙ මෙහෙ කරා. බොහොම අමාරුවෙන් කෙටි කරල ලිව්වෙ.ස්තුතියි සෙන්නා ආවට
Deleteහඳහන් අසත්‍යම යැයි කියන්න බෑ. එහෙම කියන අයත් හොරෙන් හදහන් වෙලාවල් බලනවා. මේවා හරියට බලන්න දන්නවද කියන එකයි ගැටලුව.
ReplyDeleteමං මේ කියන්නේ ඇගට දැනෙන දේ. කතාව ලස්සනයි.
ඒක ඇත්ත විමලරත්න කුමාරගම මෙහෙම ලියල තියෙනවානෙ
Delete“වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම“
අන්න ඒ වගේ අපිට කිසිම දෙයක් ගරහන්න අවශ්‍ය නෑ . අනිත් එක මහා රාජෝත්තමයාණන් වහන්සේත් හදහන් බලනවා නෙවැ.
ස්තුතියි සෙනකෝලෙට .ආයෙත් එන්න ඇවිත් යන්න
හදහනෙන් ජීවිතේ කියවන්න පුලුවන්ද, බැරිද කියන එක මට නම් තාම ප්‍රශ්නයක්.
ReplyDeleteනමුත් සිතුම් අපි නොහිතුවාට හුග දෙනෙක් හදහන් විශ්වාස කරනවා. පත්තරයක් අරන් මංගල යෝජනා පිටුව බලපුවහම ඒක ඔප්පු වෙනව. ස්තුතියි සිතුම් ඔබට
ReplyDeleteකතාව නම් ලස්සනයි අයියේ.....
ReplyDeleteහදහන ගත්තොත් සමහර වෙලාවට හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ නිසා හදහනේ තියෙන දේම වෙනවා කියන තැන ඉදන් වැඩ කලොත් නම් හබක් තමා.....
පිස්සුද නංගී ඔනැම කෙනෙකුට තියෙන්න ඕන ආත්ම විශ්වාසය. ස්තූතිය පැමිණීයාට
Deleteහදහන විශ්වාස කරන්න පුළුවන් ද බැරිද කියන එක , තමන්ගේ ආත්ම විශ්වාසයත් එක්ක වෙනස්වන සුළු දෙයක් , නක්ෂත්‍රය කියන දේ තුල යම් රටාවක තුල සිදුවන අනාවැකි මතු කිරීමක් කෙරුනු අවස්ථා මමත් දැකල තිබෙනවා , හේතුව මගේ පියාත් නක්ෂතුය පිළීබඳ විශේෂඥයෙක් විදියට තමා ඒ කාළේ අපේ ප්‍රෙද්ශ වල ජනතාව දැක්කේ ,
ReplyDeleteපුද්ගලිකව මම නක්ෂත්‍රය පිළීබඳ එල්ඹ ගිය මතයක් නැතත් ( කිසිදා මම මගේ කේන්දරය නම් බලා නැහැ) එය තවත් අපේ විද්‍යාත්මක දැනුමින් තහවුරු නොකළ ගැඹූරු විෂයයක් විදියට මම දකින්නේ ..
අදහස ටිකක් එහාට ගියා මේ කේනදර කතාවත් එක්ක , ඔබට කියන්නට ඕන වැදගත් දෙයක් , ඒ තමයි ඔබ සිංහල බස නොනසා , සුන්දර අදහසක් දෙන්නට උත්සාහ කරන එක , ඒ පිළිබඳව ඔබට ස්තුතියි පිරිනමන ගමන් සුබ දවසක් පතනවා .
බොහොමයක්ම ස්තුතියි මහේෂ් අයියා
Deleteකතාව නම් මල් මසුරන්... හඳහන තියෙනවනම් නම සඳහන් කරලා මේල් එකක් දාපන්.. නිවාඩූ පාඩු වෙලාවක බලලා දෙන්න. හඳහන බලලා කරන රස්සාව කියන්න බෑ. ඒවා පට්ට පල් බොරු..
ReplyDeleteහඳහන් ගැන කියන්න තියෙන්නෙත්. ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෑ නැත කියන කතන්දරේ තමයි..
මාතලන් නක්ෂත්‍ර කාරයෙක්ද?
Deleteනක්ෂත්‍රය කියන දේ බොහෝ විට තියෙන්නේ බොරු කාරයින් අතේ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසමහර විට එහෙම වෙන්න පුළුවන් හැබැයි ඔය සාත්තර කියන එකයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනව වෙන්නත් පුළුවන්. මොකද මේ විජ්ජාව පෙන්නන්න ඒ සම්බන්ධ හොද දැනුමක් අවශ්‍යයයි . මේක මගේ හැගීමක් විතරයි. අයිලාස් ගොඩක් ස්තුතියි ආවාට
Deleteබොරු කාරයන් හන්දා වටිනා ශාස්ත්‍රයක් මිනිසුන්ගෙන් ඈත්වෙලා
ReplyDeleteලොකු ඔබව සාදරයෙන් පිළිගන්නවා
ReplyDeleteහඳහන කිව්ව රස්සාවට වඩා හොඳයි දරුවො, කවි කතා ලියන දේදුනු පාට සමනලයෙක් වෙන එක!!
ReplyDeleteයාන වාහන මුදල්වලට ලස්සන නිදහස් හිනාවක් දෙන්න බෑ වගේ ම පිම්බිච්ච මිනිසුන්ට හදවතෙහි දිව්‍යමය ප්‍රීතිය ලබන්න බෑ.
ජීවත්වෙන රටේ තියෙන අඩු පාඩු නිසා, යන යන තැන රස්සාවට ලැබෙන, බොරු නම්බු නාම හැර සංවේදී මිනිසෙකුට හැරිලවත් බලන්න හොඳ රස්සාවක් නෙමෙයි ඒක!! සංවේදී වුණාම මිනිසුන් විසින් අයථා ලෙස පරිහරණය කරනු ලබන අතර සංවේදී නොවුණා ම අකුසල් විසින් බව මඟ අපිවිතුරු කරන.. හැම විට ම කුසල් සහ මුදල් කිරා බලන්නට වෙන .. මහා හිංසාකාරී රස්සාවකි, මඟ හැරුම! (මට හිතෙන විදිහට )
රටේ යහපාලනය වගේ ම වෘත්තීය ආචාර ධර්මත් කෙලෙසිලා ගියා ම, මෙතැනත් මතුවෙන්න මිණි මුතු නෙවෙයි, කොළ රොඩු ම තමයි,
ඒත්, තව ම කැමති නම්, කොහොමටවත් ඔබ ප්‍රමාද නෑ!! ලෝයර්කෙනෙක් වෙන එක මහා ලොකු කරන්න බැරි දෙයක් නම් නෙමෙයි!!
කදු ගොඩක් ස්තුතියි පැමිණියාට වැව් ඉස්මත්තට .මම කැමති වෙලා හිටියෙ ඇත්තටම ගුරුවරයෙක් වෙන්න දැන් ඉතින් ඔය මොකවත් ඕනෙ නැ බ්ලොග් ලිය ලියා , ඔයාල ලියල තියෙන බ්ලොග් බල බලා ඉන්නව. මම හොදට ලියල තිබුණත් කැතට ලියල තිබුණත් මගේ ගුණ දොස් කියන තරමට මම කැමතියි. සුභ අනාගතයක් කදු.
ReplyDeleteවෙලාවට උඹේ හීනේ හැබෑ නොවුණේ. නැත්නම් ඉතින් බොලයි අම්මා නිරපරාදේ බැනුම් අහනවා නොවැ. :)
ReplyDeleteබැක්ග්‍රවුන්ඩ් එකනම් මල් මසුරන්. ඇස් දෙකම කූල් වෙලා යනවා ඒක දැක්කම.
ඇත්තටමද ඔය ස්තූතියි AKM
Deleteසිරාවට හදහනක් නෑ???
ReplyDeleteමම නං ඕවා ගැන ටිකක් විශ්වාස කරනවා. හරියනවා අප්පා ඒකේ කියන ඒවා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි අඩවි රජ. ඔබට දිව්‍යමය සම්පත් ලැබේවා
Deleteමගෙ හඳහනක් තිබුන බං, කොහෙද මන්ද දැන් නම් ඒක.. :) උඹගෙ මේ ලිවිල්ල මරු ඈ..!
ReplyDeleteබැදල නම් වයිෆ් ගෙන් හරි නැත්තම් අම්මගෙන් හරි අහපංකො .ඒ ගොල්ලො ඒව ලස්සනට පෙට්ටගමේ දාල ඇති. ස්තුතියි චන්දන
ReplyDeleteමටනම් ගොඩක් දුක හිතෙන කතාවක් උණා. මමත් AL නොවෑ.. මටනම් කැම්පස් යන්නම ඕනේ. ඊට පස්සේ තව තව දේවල් කරන්න තියෙනවා. මට මතක් වෙන්නෙත් මගේ අම්ම. කොච්චර බලාපොරොත්තු පුරෝගෙන ඇත්ද. ? එව්වා ඉෂ්ට කරන්න බැරි උනොත්.. ??
ReplyDeleteහොඳ රසාස්වාදයක් දෙන, ගොඩක් හැගීම් සිතේ ඇති කරන කතාවක්. මගේ හිතෙත් අධිෂ්ටානශීලි බලාපොරොත්තුවක් ඇති උණා..
(කතාව සමානයි. මම යන්නෙත් සතියට දවස් දෙකයි ඉස්කෝලේ :D )
එහෙම කරන්න එපා බෙන්. මොකද ඉස්කොලේ ගිහින් ලබා ගන්න පුළුවන් දේවල් කවදාවත් ටියුෂන් ගිහිල්ලවත් වෙන මොනවත් කරලවත් ගන්න බෑ. ඒක ලබන්නත් පිං කරල තියෙන්න ඕන . ඒ නිසා හැමදාම ඉස්කෝලෙ යන්න. ස්තුතියි ඔබට
ReplyDelete