Monday, April 3, 2017
සෙනෙහසට අරුතක්
අ යනු ආ යනු ඇ ඈ යන කුරු පොතක ලියලා පෙන්වලා
අකුරු ලස්සන කරන්නට මගෙ ඔබේ කාලය වැය කළා
මනෝරාජික දෙවගනන්ගේ රූප ඇද පිටු සරසලා
කතා කියමින් දුරාතීතයෙ මගේ දෙසවන් තුටු කළා
ඔබේ සුරතේ එල්ලිලා මම ළදරු පාසල් ගියපු කාලේ
තාම මතකයි ගෙදර එනකොට හිඹුටු මා දං කඩපු තාලේ
අනේ මට නං තවත් දුර බෑ ඇවිද යන්නට අඩපු කාලේ
තාම මතකයි මා වඩාගෙන ආදරෙන් ඔබ ඉඹපු තාලේ
හැදුනුවිට අසනීපයක් මට මගේ ලගටම වී සිටින්නේ
බෙහෙත් බොන්නට කියා නිතරම මෙමා හට ඇවිටිලි කරන්නේ
බෑ කියූ විට බෙහෙත් බොන්නට රස කැවිලි මල්ලක් ලැබෙන්නේ
ඈ සිටින ගේ අහෝ දෙවියනි දිවිය පුරයක් මෙනි දිලෙන්නේ
උදෑසන හිරු ලොව බලද්දී ඇයට ලොකු කැක්කුමක් හැදෙනව
ඒයි ළමයෝ නැගිටපන් යැයි මිහිරි වදනක් මුවින් නැගෙනව
අනේ මට බෑ කෝලෙ යන්නට බඩේ ලොකු කැක්කුමක් දැනෙනව
කියූ පමණනින් මගේ අත වෙත කාසි දෙක තුන ගෙනැත් තබනව
රාම ලක්ෂ්මන් සීත කුමරිය බේර ගත් සැටි පවසලා
දෙනෙත් මාගේ පුදුම කල හැටි නොමැත මතකය නැතිවෙලා
මගේ තනියට ලග ඉදන් නුඹ කියූ රස කවි මනකලා
ආච්චියෙ මගෙ කොහිද නුඹ ගියෙ හිදිමි මම කදුළැලි සළා
Subscribe to:
Post Comments (Atom)
ආච්චිලා සීයලා කියන්නෙ අපේ ළමා විය පෝශණය කල අය....ලස්සන කවි පෙලක් මල්ලි
ReplyDeleteස්තූතියි අක්කෙ
ReplyDeleteපංකාදු කවි පෙලක් වැව්...
ReplyDeleteතෑන්ක්ස් වාසිත....
ReplyDeleteඇතත් සුන්දර ළමා කාලය අතීතෙක සිහි කැඳවලා
ReplyDeleteමටත් මතකයි මගේ මවගෙ මව හිටිය කාලය තුටුවෙලා
එදත් පාසල් එක්ක ගියෙ ඇය සෙනෙහෙ හසරැලි තවරලා
මෙයත් සුන්දර කවි පෙලකි වැව් සුභ පතමි මම තුටුවෙලා.......
(වැව්. උඹේ හැකියාව මරු. ඒ හින්දම අඩුම තරමේ මාසෙකට 2ක් වත් ලියහන්)
ජයවේවා!!!
දුමියා, මගේ අම්මගේ අම්මාවත් තාත්තගෙ අම්මාවත් කිසිදිනෙක එක දිනක්වත් මට මතක දිනයක කතාන්දරයක් තියා කවි පදයක් වත් කියා දීල නෑ.අම්මගෙ අම්ම මා කුඩා කාලෙදිම මිය ගියා. තාත්තගෙ අම්මත් අපිත් සමග ආදරෙන් ඉදල නෑ. ඒත් මම ඒ දෙන්නටමත් ආදරෙයි...ඒත් මේ කවි පන්තිය ඒ දෙන්නටම නෙමෙයි...මාව මගෙ සහෝදරයන් කුඩා කාලෙ ඉදන් ආදරෙන් රැක බලා ගත්තෙ දෙමළ ආච්චි කෙනෙක් කන්ද උඩරට ඉදල අනුරාදපුරේට ආපු. නම ඒ.සෙල්ලම්මා. මම ඇයට ගොඩාක් ආදරෙයි. එයාගෙ මුණුබුරාල හිටිය රාජයියාල සිඤ්ඤෝරු අයියා සහ චිත්‍රක්කා. ඒ අයටත් මම එදා වගේම අදත් ආදරෙයි. දෙමළ ආච්චි 2009 වසරෙදි මිය යනවා. ඒ වන විට මම හිටියෙ හිටියෙ ඩෙල්ෆ්ට් දූපතේ. මේ ඒ දිනවල ඇය වෙනුවෙන්ම ලියපු කවි පන්තියක්
Deleteතමන්ගේම ආච්චි වෙන්න ඕනෙ නෑ වැව්, දරුවෙක්ට ආදරයක් දෙන්න. ආගම ජාතිය වැඩකුත් නෑ. සෙනෙහස කියන්නේ ඒකටයි. කොහොම වුණත් උඹේ ලස්සන කවියෙන් මට මගේ ආච්චි අම්මව මතක් වුණා.
Deleteජයවේවා!!!
හරිම අපූරු කවි ටික..
ReplyDeleteමටත් මගෙ ආත්තම්ම සීය මතක් උනා... ළමා කාලෙ හැඬ කරන කට්ටියක් තමයි ආත්තම්මලා, සීයලා කියන්නේ...
ස්තූතිය නිර්මාණි නංගි....සදා ජය ලැබේවා
Deleteඅපූරු කවි ටිකක් ...
ReplyDeleteස්තූතියි තුශානි
Deleteනියමයි වැව් නියමයි...!
ReplyDeleteස්තූතියි ටෙක්
Deleteසුපිරියි කවි ටිකනම් ..
ReplyDeleteහැබැයි අපේ ඇත්තනම් කවදාවත් මට කතන්දර කියලා නෑ..උන්දට ම්ම් තමයි කතන්දර කියලා දීලා තියෙන්නේ
ස්තූතියි...
Deleteනියමයිනෙ බං...වෙලාවක දාපන් ඒවයින් එකක් කොටල බොගට
අපූරු කවි ....
DeleteTX
ReplyDelete