වේලිච්චි බඩෙංගුරු
හිමවතට කල එළියක්
අහම්බෙන් මුණ ගැහුණු
කිරිවරපු එකියක්
සුදුමැණික නුඹ
පහන සේ එළියක්
පහුරුගාමින් හිටිවනම
මුසා යැයි නුඹ දෙඩෙව්වත්
බලනුමැන නෙත් අගින්
කළු ගැසුණු මුහුළස
ගගට දිය සුලියක්
චීත්තය හැදි ඉනවට
තවත් දේ යට ඇද අැතත්
නොරිදවා නුඹෙ ගතත්
ගලවන්න ඉඩදෙන්න
මගෙම කරගන්න
මනාලිය කර ප්‍රීති මල් පූදන්න
ලස්සනට ලියලා තියෙනවා වැව්...
ReplyDeleteස්තූතියි මිතිල
Delete++++++
ReplyDeleteඅපූරුයි වැව්. වැව් ලියන කවියක් හෝ කතාවක් හෝ ඒවායේ යෙදෙන ගැමි බසට මම හරි කැමතියි. ඒවායේ අපේ කමක් සමීප බවක් දැනෙනවා.
ReplyDeleteජයවේවා!!!
තුන්වැනි කවිය නොතිබ්බනම් හොඳයි වගේ. ඒකෙ කෙලින්ම කියල තියෙනවා වැඩියි වගේ මට හිතෙනවා. ව්‍යංගයෙන් කියනකොට රසවත් වැඩියි. ජය!!
ReplyDeleteහරිම ලස්සනයි. සුබපැතුම්.
ReplyDelete