සිලි බෑගෙක පොත් දාගෙන
සෙරෙප්පු නැති පුංචි කකුල්
අණ්ඩ දමපු කලිසම ඇද
හෙමින් සැරේ නුඹ ඇදුනා
කාටත් නොපෙනුනා වුනත්
කාටත් නොදැනුනා වුනත්
හැමදාමත් හීනෙන් මට
පුංචි නුඹේ රුව පෙනුනා
පුංචි පුතේ නුඹ යනකොට
නානා විද රථ වාහන
නුඹ පහුකරගෙන යාවි
බොරළු ගඩොල් කැට අවුදින්
පුංචි නුඹේ සිනිදු පතුල්
රිද්දනකොට නිතරම
මගේ හදට උල් අනිනව
රෑ සිහිනෙන් නොවේ පුතේ
හැබැහින් හදවත හඩනව
මට නම් සුපිරි ...අපිත් ඉස්කෝල ගිය හැටි මතක් වුණා ....
ReplyDeleteස්තූතියි සහෝදර
Deleteස්තුතියි සහෝදර
Deleteඅපූරු ලස්සනක් වින්දා මේ කවි පෙලේ.. ඉස්සරනම් මේක ටිකක් සුළඹ දසුනක් වුනට මම හිතනවා දැන්නම් ඒක අඩු ඇති කියලා..
ReplyDeleteදිනේෂ් අපි හිතුවට අඩුයි කියල මිනිසුන්ගෙ ඇතුලාන්තයට එබිලා බලන්න ඕනෙ යථාර්ථය කියන්නෙ මොකද්ද කියල තේරෙන්නෙ එවිටයි
Deleteඅපූරුයි ...
ReplyDeleteමට පහුගිය කාලෙ මතක් කලා...
ජයවේවා
තෑන්ක්ස් ජයවේවා
Deleteවැවා ගෙන් වෙනස් ආකාරයක කවි පෙළක් ... නියමයි ...
ReplyDeleteතෑන්ක්ස් ඉවාන් අයියා
Deleteඅපූරු පද වැලක්..
ReplyDeleteතෑන්ක්ස් තුශානි
Deleteරජ මැදුරක ඉපදී සිටියානම්
ReplyDeleteනුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...
පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන
මේව ඇහෙනකොට ගොඩක් දේවල් හිතට දැනෙනව මනොෂ්
Deleteඑල කියන්නේ එල ද බ්‍රා.
ReplyDeleteමොකද බං ලියන්නේ නැත්තේ?
තෑන්ක්ස් සංජීව අයියෙ.....ලියනව ලියනව මේ දවස් වල රාහු අපලෙ අල්ලලා ඒකයි
Deleteදැන් ඉතින් මේ වගේ දෙයක් දකින්න හරි අමාරුයිනේ. මොකද සපත්තු නැත්තම් ඉස්කෝල තහනම් වගේ තත්වයක් දැන් තියන්නේ.. අම්මේ තව ටික දවසක් යනකොට පොත් අරගෙන ඉස්කෝලේ යන එකත් විහිළුවක්, දුර්ලභ දර්ශනයක් වෙයිද දන්නේ නෑ..
ReplyDeleteඒ වෙනුවට ලැපක් උස්සං යයි ... ;)
Deleteදියුණූවන තාක්ෂනෙත් එක්ක එහෙම වෙන්න බැරිකමක් නෑ. ආණ්ඩුවේ ඉස්කෝලවල එහෙම නැතිවුණත් වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල තත්ත්වය ඒ වගෙයි මටනම් හිතෙන්නෙ
Deleteසන්තෝසයි වෙනස් විදියක්..
ReplyDeleteස්තුතියි දේශක
Deleteමේ වගේ ළමයි ඉස්කෝලේ ගියා අපි ගියා කාලේ.....ඒ කාලේ නම් මේක සුලභ දසුනක්, දැන් දුටුවොත් සංවේදී දසුනක්..... කාලය වෙනස්..... වගේ හිතන විදියක් වෙනස්,
ReplyDeleteඒ කියන්නේ දැන් දුප්පතුන් අඩුයි කියන එකද...?
ඒ එහෙම නගරෙදි දැක්කොත් ඒත ගම්වල මේක බහුලයි කියලයි මට හිතෙන්නෙ. තෑන්ක්ස් නිහිංසා
Deleteඑහෙම මිනිස්සු දවසක මේ ලෝකේ දිනනවා වැව්................ දුක නොදන්න මිනිස්සු කවදාවත් හදවතක් ඇති නායකයෙක් වෙන්නේ නැහැ.... නමුත් මොවුන් ඒක දන්නවා.... සාමාන්‍ය මිනිස්සුන්ගේ හැගීම් දැනෙනවා....
ReplyDeleteඒක ඇත්ත කුරුටු ගෑ ගී පවුර. ස්තූතියි ඔබට....
ReplyDelete