Tuesday, July 22, 2014
ගුටි කන්න ඕනෙද
විටෙක හිනැහෙයි විටෙක හඩදෙයි ලියන්නට නැහැ ඉඩක් දෙන්නේ
ඉල්ලමින් මම ලියන පෑනත් කෑගසාගෙන අතට පැන්නේ
සාරියක් ගෙන බිරිදගේ එය අන්දවන්නයි කෑ ගසන්නේ
ඒක නොකලොත් පැත්තකට වී මුව වසාගෙන තරහ වෙන්නේ
මොන්ටීසෝරියෙ ටීච යැයි මම ඇදන් සාරිය සිනා වෙන්නේ
පොතක් අරගෙන කවි කියා දෙයි ටීච අනුකරණය කරන්නේ
දෝණි කියනා දේ අසාගෙන සිටිය යුතුමයි ඇය රවන්නේ
එසේ නොකලොත් කුස්සියට ගොස් කොස්ස ගෙන අපහට තලන්නේ
පෑන් පැන්සල පාට කූරුද බිත්තියේ හැම අත දුවන්නේ
හුදකලාවෙම කියව කියවා මොනවදෝ මේ කුරුටු ලන්නේ
ඇදපු සිතුවම් කොල ගොඩක් ගෙන බිත්තියේ අලවා තියෙන්නේ
අයිය ආහම පෙන්නවන්නයි අම්මි හෙම නෑ ඉරාලන්නේ
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
පොඩි ළමයෙක් ගේ වැඩ හොදට දනෙනෙ කරපු නිර්මාණයක් ලස්සනයි
ReplyDeleteඅන්න්තයි අප්‍රමාණයි.මේ විනාඩි 05 ක්
Deleteමට දැනෙන විදියට මේ ඔයාගෙ පෞද්ගලික අත්දැකීමක් නේද...
ReplyDeleteඅපූරුයි
හරියටම හරි මහේෂ්.....ස්තූතියි
Deleteවැවා ඉතින් ප්‍රතිභාපූර්ණ කවියනේ . අගෙයි වැවා
ReplyDeleteහික් හික් ස්තූතියි ඉවාන් අය්යෙ
Deleteහෆොයි පොඩ්ඩෝ ඔහොමමයි... මගේ මාමලාගේ පොඩි සෙට් එක ඉන්නවනේ. බඩු අදින එක තමා ලොකුම අවුල.
ReplyDeleteඑයාල කරන වැඩ කවියකට කතාවකට ගොඩ නගන්න බෑ ඒ තරමටම මිහිරියි
Deleteඔය සතුට මමත විදිනවා මචං. පොඞ්ඞිට බුදු සරනයි.
ReplyDeleteබොහෝම ස්තූතියි මචෝ........
ReplyDeleteආංඩුවේ ගෙවල් හන්ද හොදා
ReplyDeleteෙගදර අාවද
DeleteSHOAK KAI NEDA
ReplyDeletethanks ano saho
Deleteහරිම අගෙයි වැව්.................
ReplyDeleteඔබේ අත්දැකීම අපිටත් හිතට දැනෙන විදිහට අකුරු වෙලා පද ගැලපිලා කවියක් වෙලා........ ඇත්තට ම ඔය අත්දැකීමට මමත් හරිම ආසයි. කොල්ලෙකුත් හොදයි තමයි. ඒත් ලස්සන චූටි කෙල්ලක්නම් ඉතින් කියලා වැඩක් නෑ..........
ස්තූතියි ගී පවුරට
Deleteකෙල්ලෝ ඔහොමම තමයි....... වැඩේ තියෙන්නේ මේ..... අනුන්ගේ ළමයි එවිත් ,.... සාරි පොටේ එල්ලිලා එයාගේ සාරිය අන්දවන්න කියන්නේ වැඩට යන්න පරක්කු වෙලා තියෙද්දිනෙ..... අපේ චුටික්කා..... ඒ කියන්නේ නංගිගේ දුව......
ReplyDeleteමේක පොදු අත්දැකීමක්...... වැව්.....
ඔව් ඒක ඇත්ත ස්තූතියි නිහිංසා
ReplyDeleteඕක තමයි බං ජීවිතේ විඳිනව කියන්නේ !!!!
ReplyDeleteඅනුන්ට කියකිය ඉන්නේ නැතුව හදපිය 5ක් 6ක්.
Deleteපත්තරේ විදින්ඩ තව අනන්තවත් දේවල් තියෙනවා පස්සෙ වෙලාවක කතා කරමු....ස්තූතියි උඹට
Deleteඅනේද කියන්නෙ මෙන්ඩි
Deleteමෙන්ඩියෝ … මං තාම කිරිසප්පයා නේ බං :D
Deleteකිරි සප්පයා කෙසේවෙතත් කිරි අශ්පයෙක් කියල කිව්වොත් නම් හොදා
Deleteසිරාවටම, උඹට නං පාළුවක් දැනෙන්නෙම නැතුව අැති ගෙදර ඉන්නකොට...
ReplyDeleteඩ්‍රැකී හුග කාලෙකින් ස්තූතියි පැමිණියාට. කිසිම දෙයක් ලියන්ඩ දෙන්නෙ නෑ..දෝනි කියන දේවල් කර කර ඉන්ඩ ඕනෙ. මේ දැන් අම්මගෙ සාරියක් උස්සන් අවිත් කියනවා මල් ගවුමක් අන්දන්ඩලු... ඇත්තටම පාළුවක් නෑ...
Deleteමාත් ඉතින් වැඩි හරියක් ඉන්නේ පොඩි එවුන් එක්කම හන්දා ඔය දේවල් හොදටම පුරුදුයි..
ReplyDeleteපුංචිවුන් එක්ක ඉද්දි කාලෙ යනව දැනෙන්නෑ දිනේෂ්...
Deleteමම ඔය කාලේ පහු කලානේ වැව්. අපි ඔය කාලේ හිතේ සේව් කරගෙන පණ වගේ රැකගෙන ඉන්නවා. ළමයි තව ලොකු වෙනකොට එයාලා ඒ සිහිවටන වලට අපි තරම් ආදරය නොකරන බව දැනිලා හිතත් නරක් වෙනවා. තව ඉස්සරහට ගියාම තේරෙනවා.
ReplyDeleteලස්සන කවිය.
මම හිතුවේ ලිවීම අතෑරලා කියලා. අහම්බෙන් දැකලා ගොඩ වුනේ
ඒක ඇත්ත. ඩුඩ් අයියෙ....ජීවිතේ ඔහොම තමයි...කියල හිත හදාගන්න තමා තියෙන්නෙ....ස්තූතියි වැව් ඉස්මත්තට ගොඩ වැදුනට
ReplyDelete