Tuesday, July 22, 2014

ගුටි කන්න ඕනෙද



 
විටෙක හිනැහෙයි විටෙක හඩදෙයි ලියන්නට නැහැ ඉඩක් දෙන්නේ
ඉල්ලමින් මම ලියන පෑනත් කෑගසාගෙන අතට පැන්නේ
සාරියක් ගෙන  බිරිදගේ  එය අන්දවන්නයි කෑ ගසන්නේ
ඒක නොකලොත් පැත්තකට වී මුව වසාගෙන තරහ වෙන්නේ

මොන්ටීසෝරියෙ ටීච යැයි මම  ඇදන් සාරිය සිනා වෙන්නේ
පොතක් අරගෙන කවි කියා දෙයි ටීච අනුකරණය කරන්නේ
දෝණි කියනා දේ අසාගෙන සිටිය  යුතුමයි ඇය රවන්නේ
එසේ නොකලොත් කුස්සියට ගොස් කොස්ස ගෙන අපහට තලන්නේ

පෑන් පැන්සල පාට කූරුද බිත්තියේ හැම අත දුවන්නේ
හුදකලාවෙම කියව කියවා මොනවදෝ මේ කුරුටු ලන්නේ
ඇදපු සිතුවම් කොල  ගොඩක් ගෙන  බිත්තියේ අලවා තියෙන්නේ
අයිය ආහම පෙන්නවන්නයි අම්මි හෙම නෑ ඉරාලන්නේ

30 comments:

  1. පොඩි ළමයෙක් ගේ වැඩ හොදට දනෙනෙ කරපු නිර්මාණයක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අන්න්තයි අප්‍රමාණයි.මේ විනාඩි 05 ක්

      Delete
  2. මට දැනෙන විදියට මේ ඔයාගෙ පෞද්ගලික අත්දැකීමක් නේද...
    අපූරුයි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මහේෂ්.....ස්තූතියි

      Delete
  3. වැවා ඉතින් ප්‍රතිභාපූර්ණ කවියනේ . අගෙයි වැවා

    ReplyDelete
    Replies
    1. හික් හික් ස්තූතියි ඉවාන් අය්යෙ

      Delete
  4. හෆොයි පොඩ්ඩෝ ඔහොමමයි... මගේ මාමලාගේ පොඩි සෙට් එක ඉන්නවනේ. බඩු අදින එක තමා ලොකුම අවුල.

    ReplyDelete
    Replies
    1. එයාල කරන වැඩ කවියකට කතාවකට ගොඩ නගන්න බෑ ඒ තරමටම මිහිරියි

      Delete
  5. ඔය සතුට මමත විදිනවා මචං. පොඞ්ඞිට බුදු සරනයි.

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි මචෝ........

    ReplyDelete
  7. ආංඩුවේ ගෙවල් හන්ද හොදා

    ReplyDelete
  8. හරිම අගෙයි වැව්.................

    ඔබේ අත්දැකීම අපිටත් හිතට දැනෙන විදිහට අකුරු වෙලා පද ගැලපිලා කවියක් වෙලා........ ඇත්තට ම ඔය අත්දැකීමට මමත් හරිම ආසයි. කොල්ලෙකුත් හොදයි තමයි. ඒත් ලස්සන චූටි කෙල්ලක්නම් ඉතින් කියලා වැඩක් නෑ..........

    ReplyDelete
  9. කෙල්ලෝ ඔහොමම තමයි....... වැඩේ තියෙන්නේ මේ..... අනුන්ගේ ළමයි එවිත් ,.... සාරි පොටේ එල්ලිලා එයාගේ සාරිය අන්දවන්න කියන්නේ වැඩට යන්න පරක්කු වෙලා තියෙද්දිනෙ..... අපේ චුටික්කා..... ඒ කියන්නේ නංගිගේ දුව......

    මේක පොදු අත්දැකීමක්...... වැව්.....

    ReplyDelete
  10. ඔව් ඒක ඇත්ත ස්තූතියි නිහිංසා

    ReplyDelete
  11. ඕක තමයි බං ජීවිතේ විඳිනව කියන්නේ !!!!

    ReplyDelete
    Replies
    1. අනුන්ට කියකිය ඉන්නේ නැතුව හදපිය 5ක් 6ක්.

      Delete
    2. පත්තරේ විදින්ඩ තව අනන්තවත් දේවල් තියෙනවා පස්සෙ වෙලාවක කතා කරමු....ස්තූතියි උඹට

      Delete
    3. අනේද කියන්නෙ මෙන්ඩි

      Delete
    4. මෙන්ඩියෝ … මං තාම කිරිසප්පයා නේ බං :D

      Delete
    5. කිරි සප්පයා කෙසේවෙතත් කිරි අශ්පයෙක් කියල කිව්වොත් නම් හොදා

      Delete
  12. සිරාවටම, උඹට නං පාළුවක් දැනෙන්නෙම නැතුව අැති ගෙදර ඉන්නකොට...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී හුග කාලෙකින් ස්තූතියි පැමිණියාට. කිසිම දෙයක් ලියන්ඩ දෙන්නෙ නෑ..දෝනි කියන දේවල් කර කර ඉන්ඩ ඕනෙ. මේ දැන් අම්මගෙ සාරියක් උස්සන් අවිත් කියනවා මල් ගවුමක් අන්දන්ඩලු... ඇත්තටම පාළුවක් නෑ...

      Delete
  13. මාත් ඉතින් වැඩි හරියක් ඉන්නේ පොඩි එවුන් එක්කම හන්දා ඔය දේවල් හොදටම පුරුදුයි..

    ReplyDelete
    Replies
    1. පුංචිවුන් එක්ක ඉද්දි කාලෙ යනව දැනෙන්නෑ දිනේෂ්...

      Delete
  14. මම ඔය කාලේ පහු කලානේ වැව්. අපි ඔය කාලේ හිතේ සේව් කරගෙන පණ වගේ ‍රැකගෙන ඉන්නවා. ළමයි තව ලොකු වෙනකොට එයාලා ඒ සිහිවටන වලට අපි තරම් ආදරය නොකරන බව දැනිලා හිතත් නරක් වෙනවා. තව ඉස්සරහට ගියාම තේරෙනවා.

    ලස්සන කවිය.

    මම හිතුවේ ලිවීම අතෑරලා කියලා. අහම්බෙන් දැකලා ගොඩ වුනේ

    ReplyDelete
  15. ඒක ඇත්ත. ඩුඩ් අයියෙ....ජීවිතේ ඔහොම තමයි...කියල හිත හදාගන්න තමා තියෙන්නෙ....ස්තූතියි වැව් ඉස්මත්තට ගොඩ වැදුනට

    ReplyDelete