Sunday, July 6, 2014

රෑ සිහිනෙන් නොවේ පුතේ හැබැහින් හදවත හඩනවා



රෑ සිහිනෙන් නුඹ පෙනුනා
සිලි බෑගෙක පොත් දාගෙන
සෙරෙප්පු නැති පුංචි කකුල්
අණ්ඩ දමපු කලිසම ඇද

හෙමින් සැරේ  නුඹ ඇදුනා
කාටත් නොපෙනුනා වුනත්
කාටත් නොදැනුනා වුනත්
හැමදාමත් හීනෙන් මට
පුංචි නුඹේ රුව පෙනුනා

පුංචි පුතේ නුඹ යනකොට
නානා විද  රථ වාහන
නුඹ පහුකරගෙන යාවි
බොරළු ගඩොල් කැට අවුදින්
පුංචි නුඹේ සිනිදු පතුල්
රිද්දනකොට නිතරම
මගේ හදට  උල් අනිනව
රෑ සිහිනෙන් නොවේ පුතේ
හැබැහින් හදවත හඩනව







24 comments:

  1. මට නම් සුපිරි ...අපිත් ඉස්කෝල ගිය හැටි මතක් වුණා ....

    ReplyDelete
  2. අපූරු ලස්සනක් වින්දා මේ කවි පෙලේ.. ඉස්සරනම් මේක ටිකක් සුළඹ දසුනක් වුනට මම හිතනවා දැන්නම් ඒක අඩු ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අපි හිතුවට අඩුයි කියල මිනිසුන්ගෙ ඇතුලාන්තයට එබිලා බලන්න ඕනෙ යථාර්ථය කියන්නෙ මොකද්ද කියල තේරෙන්නෙ එවිටයි

      Delete
  3. අපූරුයි ...
    මට පහුගිය කාලෙ මතක් කලා...
    ජයවේවා

    ReplyDelete
  4. වැවා ගෙන් වෙනස් ආකාරයක කවි පෙළක් ... නියමයි ...

    ReplyDelete
  5. අපූරු පද වැලක්..

    ReplyDelete
  6. රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරියහනේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ...

    පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
    අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
    දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
    ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."


    ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
    පද රචනය : ලූෂන් බුලත්සිංහල
    සංගීතය : එච්. එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. මේව ඇහෙනකොට ගොඩක් දේවල් හිතට දැනෙනව මනොෂ්

      Delete
  7. එල කියන්නේ එල ද බ්‍රා.
    මොකද බං ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සංජීව අයියෙ.....ලියනව ලියනව මේ දවස් වල රාහු අපලෙ අල්ලලා ඒකයි

      Delete
  8. දැන් ඉතින් මේ වගේ දෙයක් දකින්න හරි අමාරුයිනේ. මොකද සපත්තු නැත්තම් ඉස්කෝල තහනම් වගේ තත්වයක් දැන් තියන්නේ.. අම්මේ තව ටික දවසක් යනකොට පොත් අරගෙන ඉස්කෝලේ යන එකත් විහිළුවක්, දුර්ලභ දර්ශනයක් වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවට ලැපක් උස්සං යයි ... ;)

      Delete
    2. දියුණූවන තාක්ෂනෙත් එක්ක එහෙම වෙන්න බැරිකමක් නෑ. ආණ්ඩුවේ ඉස්කෝලවල එහෙම නැතිවුණත් වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල තත්ත්වය ඒ වගෙයි මටනම් හිතෙන්නෙ

      Delete
  9. සන්තෝසයි වෙනස් විදියක්..

    ReplyDelete
  10. මේ වගේ ළමයි ඉස්කෝලේ ගියා අපි ගියා කාලේ.....ඒ කාලේ නම් මේක සුලභ දසුනක්, දැන් දුටුවොත් සංවේදී දසුනක්..... කාලය වෙනස්..... වගේ හිතන විදියක් වෙනස්,

    ඒ කියන්නේ දැන් දුප්පතුන් අඩුයි කියන එකද...?

    ReplyDelete
    Replies
    1. ඒ එහෙම නගරෙදි දැක්කොත් ඒත ගම්වල මේක බහුලයි කියලයි මට හිතෙන්නෙ. තෑන්ක්ස් නිහිංසා

      Delete
  11. එහෙම මිනිස්සු දවසක මේ ලෝකේ දිනනවා වැව්................ දුක නොදන්න මිනිස්සු කවදාවත් හදවතක් ඇති නායකයෙක් වෙන්නේ නැහැ.... නමුත් මොවුන් ඒක දන්නවා.... සාමාන්‍ය මිනිස්සුන්ගේ හැගීම් දැනෙනවා....

    ReplyDelete
  12. ඒක ඇත්ත කුරුටු ගෑ ගී පවුර. ස්තූතියි ඔබට....

    ReplyDelete