Wednesday, April 8, 2015
තොප්පිය හරිනම් ... ගන්න
නැගගෙන යනෙන විට පඩිපෙල් කොම්පැණියේ
දුක් කම් කටොල් දුව එනවලු හනි හනියේ
සිහිවිය කියූ වදනක් බණ්ඩා දෙණියේ
නෞකාවකය අප ඇත හිටගෙන ඇණියේ
වරදක් දුටුව තැන කෙනෙකුගෙ පෙන්නන්න
ගියහොත් වෙනවාය කොම්පැණියෙන් යන්න
කිසිදා නොගිය කුළියක රස දැන ගන්න
සිදුවෙනවාය නිවුටන් නියමය වැන්න
බැහැ කිසි දෙයක් ඇත හම සුදුවට පෙන්නා
අසනා දෙයට නැත බැහැ පිළිතුරු දෙන්නා
පන්දම බලය විටෙකදි ඈ පෙන්නන්නා
අසරණ ලොකු එවුන් තනියම වැළපෙන්නා
නිදහස් රටක ඉගෙනුම නිති රැක ගන්න
මදහස පපා ගිය කොළු සම තැන ගන්න
අදහස් පමණි වැඩ බැරි ටාසන් වැන්න
උදහස් වේවි ලොක්කා වැඩ කිඩ මැන්න
පන්තිස් වසත් පැන පැන්සොන් එක ලගය
පවරා දෙන්න වැඩ ඇති හැකි උන් හිගය
හිකි බිකි ගගා උන් දී වංගෙඩි ඉගය
අල්ලති බෝල වැඩකළ උන් මහ මගය
Subscribe to:
Post Comments (Atom)
කොම්පැණිය උඹේ නෙමෙයි නම්.. වෙන කොරන්න දෙයක් නෑ..
ReplyDeleteඒක ඇත්ත
Deleteමම එනකොට අපේ එකෙත් පිලිපින් වුන් සභාපතිගේ ඇටේ මිරිකගෙන ලංකාවේ එවුන්ට සද්ද දාගෙන හිටියේ මම නම් දෙනවා දුං විසික්ක වෙන්න හැබැයි මගේ ලංකාවේ එකෙකුට බනින්න දෙන්නේ නෑ..දෙයියන්ගෙ පිහිටෙන් මම තවම ඉන්නෙ පිල්ලන්ට අත තියන්න බැරි තැනක පිල්ලෝ බලාගෙන ඉන්නෙ මට කෙලින්න කියලා මම දන්නවා..එදාට ඒකත් බලාගමු.
ReplyDeleteඑලද බ්‍රා.. දෙන්ඩ එපා ඕකුන්ට කිසිම චාන්ස් එකක්
Deleteමාත කිව් එක තමයි කියන්න වෙන්නෙ.
ReplyDeleteඅනිව. එකග වෙන්ඩ වෙනව
Deleteදෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්ඩ තමා වෙන්නේ....
ReplyDeleteඑහෙම කොහොමෙයි ඉන්නෙ..මං නං ජොබට කෙලවුණත් නිකං ඉන්නෙ නෑ ඕං
Deleteමචං................ කොම්පැණි වල හැටි තමයි.... චීත්ත රෙද්දක් දැක්කොත් ඉතිං....... අපි මැරීගෙන වැඩ කරත් වැඩක් නැහැ.. අපේ තියෙන්නේ වෙන ඒකක්නේ,,...
ReplyDeleteකොම්පැණි නෙමේ හැම එකකම ඔහොම පැණි දෙන එවුනුයි පැණි හලන එවුනුයි ඉන්නවා කුරුටු
Deleteකේලම් කියන එවුන් නැති කරන්න බෑ. කේලම් අහල තීරණ ගන්න ගොබ්බයො තමයි එලවල දාන්න ඕනෙ, කේලම් අහල තීරණ ගන්න එවුන් හින්ද කෙලවෙන්නෙ කම්පනියටම තමයි.
ReplyDeleteඔක සමාජ සම්මතයක් වගේ වෙනස් කරන්න අමාරුයි....මොකෝ ඔක්කොම රාග නහර උලුප්පාගෙනනෙ ඉන්නෙ...බොරුද කියන්නෙ
Deleteඕක තමයි යථාර්ථය. වෙනස් වෙයි කියලා හිතන, වෙනස් කලයුතුයි කියලා කෑගහන, නමුත් කවදාවත් වෙනස් නොවෙන දේ ඕක තමයි.
ReplyDeleteහරියටම හරි....ලේඩීස් ෆස්ට්
Deleteඔහොම එවුන් නැති තැනක් තියෙනවද කියන එක නම් සැකයි. පිරිසක් එකතු වෙලා වැඩ කරන ඕනෙම තැනක මේ දේ කරන එකෙක් හරි ඉන්නවා. ඒ වගේම ඒ කේලම් අහන්න ලෑස්ති උන ලොක්කොත් ඕනෙ තරම් ඉන්නවා. මේ සේරම මිනිස්සුනේ කියලා ඉන්න තමඉ වෙන්නේ....
ReplyDeleteපුංචිම උදාහරනේ අතේ ඇගිලි 5 නේ නේද....
Deleteලෙසටම තියනවා කවි ටික.... මම හිටිය පත්තර කන්තෝරුව මතක් උනා....
ReplyDeleteහිටිය හිංදා හොදා දැන් නෑනෙ නේද....මුද්දො
Deleteකොම්පැනි තව හොඳයි දෙපාර්තමේන්තු එහෙම ගත්තම.
ReplyDeleteකන් කැක්කුම හැදුනම දත් කැක්කුම මීට හොදයි කිව්වලු
Deleteයතාර්ථය ඕක තමා වැවා. අමිහිරි සත්‍යය
ReplyDelete
Deleteඕකුන් එදත් හිටියා
අදත් ඉන්නවා
හෙටත් ඉදීවි....බොරුද ඉවාන් අයියෙ
වැවා ... මසුරං බං... පන්දම් කාරයොන්ට , පු* දෙන එවුන්ට තමයි වැඩි සැළකිලි කොතනත්...
ReplyDeleteමොනව කියනවද සජ්ජා....හැමතැනම ...හැමතැනම....
Delete