Wednesday, April 8, 2015

තොප්පිය හරිනම් ... ගන්න


නැගගෙන යනෙන විට පඩිපෙල් කොම්පැණියේ
දුක් කම් කටොල් දුව එනවලු හනි හනියේ
සිහිවිය කියූ වදනක් බණ්ඩා දෙණියේ
නෞකාවකය අප ඇත හිටගෙන ‍ඇණියේ

වරදක් දුටුව තැන කෙනෙකුගෙ පෙන්නන්න
ගියහොත් වෙනවාය කොම්පැණියෙන් යන්න
කිසිදා නොගිය කුළියක රස දැන ගන්න
සිදුවෙනවාය නිවුටන් නියමය වැන්න

බැහැ කිසි දෙයක් ඇත හම සුදුවට පෙන්නා
අසනා  දෙයට නැත බැහැ පිළිතුරු දෙන්නා
පන්දම බලය විටෙකදි ඈ පෙන්නන්නා
අසරණ ලොකු එවුන් තනියම  වැළපෙන්නා

නිදහස් රටක ඉගෙනුම නිති රැක ගන්න
මදහස පපා ගිය කොළු සම තැන ගන්න
අදහස් පමණි වැඩ බැරි ටාසන් වැන්න
උදහස් වේවි ලොක්කා වැඩ කිඩ මැන්න

පන්තිස් වසත් පැන පැන්සොන් එක ලගය
පවරා දෙන්න වැඩ ඇති හැකි උන්   හිගය
හිකි බිකි ගගා උන් දී වංගෙඩි  ඉගය
අල්ලති බෝල  වැඩකළ උන් මහ මගය

24 comments:

  1. කොම්පැණිය උඹේ නෙමෙයි නම්.. වෙන කොරන්න දෙයක් නෑ..

    ReplyDelete
  2. මම එනකොට අපේ එකෙත් පිලිපින් වුන් සභාපතිගේ ඇටේ මිරිකගෙන ලංකාවේ එවුන්ට සද්ද දාගෙන හිටියේ මම නම් දෙනවා දුං විසික්ක වෙන්න හැබැයි මගේ ලංකාවේ එකෙකුට බනින්න දෙන්නේ නෑ..දෙයියන්ගෙ පිහිටෙන් මම තවම ඉන්නෙ පිල්ලන්ට අත තියන්න බැරි තැනක පිල්ලෝ බලාගෙන ඉන්නෙ මට කෙලින්න කියලා මම දන්නවා..එදාට ඒකත් බලාගමු.

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා.. දෙන්ඩ එපා ඕකුන්ට කිසිම චාන්ස් එකක්

      Delete
  3. මාත කිව් එක තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
  4. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්ඩ තමා වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමෙයි ඉන්නෙ..මං නං ජොබට කෙලවුණත් නිකං ඉන්නෙ නෑ ඕං

      Delete
  5. මචං................ කොම්පැණි වල හැටි තමයි.... චීත්ත රෙද්දක් දැක්කොත් ඉතිං....... අපි මැරීගෙන වැඩ කරත් වැඩක් නැහැ.. අපේ තියෙන්නේ වෙන ඒකක්නේ,,...

    ReplyDelete
    Replies
    1. කොම්පැණි නෙමේ හැම එකකම ඔහොම පැණි දෙන එවුනුයි පැණි හලන එවුනුයි ඉන්නවා කුරුටු

      Delete
  6. කේලම් කියන එවුන් නැති කරන්න බෑ. කේලම් අහල තීරණ ගන්න ගොබ්බයො තමයි එලවල දාන්න ඕනෙ, කේලම් අහල තීරණ ගන්න එවුන් හින්ද කෙලවෙන්නෙ කම්පනියටම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔක සමාජ සම්මතයක් වගේ වෙනස් කරන්න අමාරුයි....මොකෝ ඔක්කොම රාග නහර උලුප්පාගෙනනෙ ඉන්නෙ...බොරුද කියන්නෙ

      Delete
  7. ඕක තමයි යථාර්ථය. වෙනස් වෙයි කියලා හිතන, වෙනස් කලයුතුයි කියලා කෑගහන, නමුත් කවදාවත් වෙනස් නොවෙන දේ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි....ලේඩීස් ෆස්ට්

      Delete
  8. ඔහොම එවුන් නැති තැනක් තියෙනවද කියන එක නම් සැකයි. පිරිසක් එකතු වෙලා වැඩ කරන ඕනෙම තැනක මේ දේ කරන එකෙක් හරි ඉන්නවා. ඒ වගේම ඒ කේලම් අහන්න ලෑස්ති උන ලොක්කොත් ඕනෙ තරම් ඉන්නවා. මේ සේරම මිනිස්සුනේ කියලා ඉන්න තමඉ වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. පුංචිම උදාහරනේ අතේ ඇගිලි 5 නේ නේද....

      Delete
  9. ලෙසටම තියනවා කවි ටික.... මම හිටිය පත්තර කන්තෝරුව මතක් උනා....

    ReplyDelete
    Replies
    1. හිටිය හිංදා හොදා දැන් නෑනෙ නේද....මුද්දො

      Delete
  10. කොම්පැනි තව හොඳයි දෙපාර්තමේන්තු එහෙම ගත්තම.

    ReplyDelete
    Replies
    1. කන් කැක්කුම හැදුනම දත් කැක්කුම මීට හොදයි කිව්වලු

      Delete
  11. යතාර්ථය ඕක තමා වැවා. අමිහිරි සත්‍යය

    ReplyDelete
    Replies

    1. ඕකුන් එදත් හිටියා
      අදත් ඉන්නවා
      හෙටත් ඉදීවි....බොරුද ඉවාන් අයියෙ

      Delete
  12. වැවා ... මසුරං බං... පන්දම් කාරයොන්ට , පු* දෙන එවුන්ට තමයි වැඩි සැළකිලි කොතනත්...

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද සජ්ජා....හැමතැනම ...හැමතැනම....

      Delete