Tuesday, March 31, 2015
රට අරක්කු නෙමේ අපිට කසිප්පු දීපල්ල....
මලනුවන් මිය ගොසින් ලද මුදලකින් තේ කඩයක් සදා
ටිකෙන් ටික එය වැඩි දියුණු කර ගත්තෙ මුළු දහිරිය යොදා
හදවතින් නොව බුද්ධියෙන් ඔහු වියාපාරය නිති හදා
සුදු වතින් ගිලිහී ගොසින් ඇත කලු වතට පැන විත් මෙදා
පුංචි ලාභය වටිනවා බඩු ගොඩක් විකුණන විටදි මාමේ
තාත්තට මගෙ කියූ හැටි මට තාම මතකය රෑක යාමේ
ලාබෙ වැඩි කොට දෙන්න බැරි විට අනිත් කඩවල් වැහිල යාමේ
ප්‍රවණතාවය වැඩි වෙලා අද එකම කඩයයි හත්වලාමේ
නියෝජිත තැන් බඩු බෙදා යන කියූ වදනකි මෙමට දිනයක
මගේ මිලටත් වඩා අඩුවෙනි ඔහුගෙ බඩු මිල නොමැත සැකයක
වෙනත් කඩවල් ගමේ විකුණන සියළු දේවල් පුරා තෙමසක
මොහුගෙ කඩයේ විකිණිලා යයි පුදුම කරමින් එකම දවසක
ගමේ ඔක්කොම කුඹුරු හිමියන් ඔවුන්ගේ වී විකුණ ගන්නට
මොහුගෙ කඩයට යන්නෙ නිතරම ගත්තු ණය ටික ගෙවා ලන්නට
අහිංසක මිනිසුන්ගෙ මුදලින් මහා බිල්ඩිං කුඹුරු ගන්නට
කොච්චරක් නම් කපටි ඇද්දයි නොහැක කාටත් සිතා ගන්නට
ළතෙත් බව කාරුණික බව නම් දෙයක් නැත්තෙලු ජීවිතේ
බළල් මස් ගෙන විකුණලා හෝ මුදල් සෙවුමලු ජීවීතේ
බිරිද දරුවන් ඉන්නවාලූ කන්න නොමැතිව හාමතේ
උගන්වන්නට නැතිද කවුරුත් වටින බව මනු ජීවිතේ
මෑත දිනයක මගේ බිරිදට ඇසුණූ පුවතකි මෙමට කීවේ
සුරාසැලකට මුල පුරන්නලු සුරා බදු හා එකගතාවේ
පුරා හැම අත පොලු මුගුරු ගෙන සුරාසැල වෙත ගම්මු ආවේ
සුරා සැල නැත පස් ගොඩක් ඇත ගම්මු ආගිය අත ගියාවේ.
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
හෙහ් හෙහ්.......... බලන්න පින්වත්නි, ඒ මුදලාලි මහතාට ජනතා සේවයේ යෙදෙන්නට මේ ගමේ මෝඩ මිනිස්සු ඉඩ නොදුන් හැටි.
ReplyDeleteඅපූරු කවි පද බැඳුමක්.
ස්තුතිය ඔබට
Deleteඋඹේ කවි නම් මල් මසුරන්...
ReplyDeleteනොදකින් කාළකන්නි ගම්මු.. සිරිලක දේ සිරිසැප දේ කියන එක මේ කාළකන්නි දන්නේ නැද්ද හැබෑට...
සිරිලක දේ කියන්නෙ කසියනෙ මාතයියෙ.....ස්තූතියි
Deleteසිරාම සීන් එකක්ද බං
ReplyDeleteටිකක් ඇත්ත ටිකක් බොරු.......ස්තූතියි
Delete.
කඩ වගේද බං සුරා.
ReplyDeleteගම බලාඉද්දි දියුණු වෙන්න තිබිච්ච අවස්ථාවනෙ නැති කරගෙන තියෙන්නෙ. :P
දියුණුවද ...එහෙම නැත්තම් විනාශයද කියල කියන්නෙ කොමෙයි ප්‍රසන්න අයියෙ......ස්තුතියි ඔබට
Deleteනියමයි
ReplyDeleteජය!
ස්තුතියි වර්නෙ
Deleteසරා සලෙලු දන සතොසේ සුරා පාන කර සැනසේ කිව්වලුනෙ
ReplyDeleteගුත්තිල ඇදුරුතුමා නේද එහෙම කියල තියෙන්නෙ....අපෙ උන් ඔවට කැමති නෑ ඉංදික අයයෙ......ස්තූතියි
Deleteසතොසේ ලිකර් විකුනන එක නවත්තනවය කියලා තිබුනා..
ReplyDeleteහ්ම් ....ඒකත් එහෙමද...
Deleteචැහැ...වස වැරැද්දක් නොවැ වෙලා තියන්නෙ.
ReplyDeleteමෙන්ඩ මොකේ බිසි වගේ මේ දවස්වල අවුරුදු ලග හිංදා වෙන්ඩැති මගෙ හිතේ
Deleteයෙස් මචං..මේ විදිහට දිව්වොත් ගෑනියි ළමයයිත් මාව දාලා යනවා
Deleteෂික්... ගමට සේවයක් කොරන්න දෙනවයැ මේ නසරානි?
ReplyDeleteකවි පෙළ ඉස්තරම්! ආයි නෑ දොසක්නම්!
කියල වැඩක් නෑ.... ස්තූතියි මාධවී
Deleteකවි ටික මසුරං බං.. ලේසි නෑ මේ විදියට ලිවිල්ල..
ReplyDeleteටැන්කියු ටැන්කියු ටැන්කියු.............
Deleteමේ පැත්තේ ටවුමෙන් ටිකක් ඈතට වෙන්න ඉන්න ලොකු මුදලාලිලා ගොඩකගේ කතාව මේක තමයි බං.ඔතනට එකතුවෙන්න ඕනේ තව කට්ටියක් ඉන්නවා.ඒ තමයි මුන්ට උල්පන්දම් දෙන දේසපාලුවෝ.
ReplyDeleteවැවා...උඹෙන් ඉල්ලීමක් කරන්නම්.පුළුවන් තරමට ඉශ්ඨ කරපන්.වෙන කොහෙන්වත් ගන්න පොටෝ කෑලී ඕකට දාන්නේ නැතුව උබ අඳින චිත්‍රෙකින් ඕක ලස්සන කරපන්.උඹෙන් චිත්‍ර කතාවක් බලාපොරොත්තු වුනාට ඒක තව ගොඩක් ඈතයිද කොහේද.එතකම් ඕකවත් කරපන්.ඒ හැකියාවත් අපිට පෙන්නපන්
ජය වේවා......
අම්මට සිරි උල්පන්දම් කාරයා ගැන කියන්න බැරි වුණානෙ.....දේශපාලන මුර බල්ලෙක් තමා හවුල් කාරයා.....
Delete02. කටුස්සො..උඹට පාට මාරු කරන්ඩ වෙලාව තිබ්බට ඔයකියන තරම්ම වෙලාවක් නෑ..බං....හිටපං හිටපං හිමින් සැරේ අදිමු...ඒත් ඉතින් ඔය කියන තරං මම දස්සයෙක් නෙවී බං....කවුරුවත් කියන ඒව ගනං ගන්න එපා උන් උඹව අන්දවන්නද කොහෙද හදන්නෙ
ඇත්තම සීන් එකක්ද මේක.. කෝම උනත් කවි ටික නම් මරු..
ReplyDeleteචුටිටිත්තක් විතර.....ස්තූතියි දිනේෂ්
Delete///බළල් මස් ගෙන විකුණලා හෝ මුදල් සෙවුමලු ජීවීතේ///
ReplyDeleteඅද කාලේ බහුතරයක් මුදලාලිලාගේ කෙරුවාව තමයි......
ලස්සන කවි ටික.......
තෑන්ක්ස් කැමරා
Deleteඉස්සල්ලා කරපු නසරානි වැඩවලට විරුද්ධ නොවී, අන්තිමට කරපු හොද වැඩේ සමතලා කරපු ගම්මු වැරදියි.
ReplyDeleteකවි පද බැදීම නියමයි මලයා.
ස්තූතියි මාධව අයියා
Deleteචඃ අපරාදෙ.ගමේ දියුණුවට තිබ්බ ස්වර්ණමය අවස්ථාවක් මග ඇරිල ගියා නොවැ.
ReplyDeleteඒකනෙ කියන්නෙ හැලපෙ අයියෙ
Delete