Monday, March 23, 2015
ෆේස්බුකියෙන් හමු වූ ගුරුවරියේ
මිතුරන් සමග දොඩමලු වෙන වයිබරියේ
නුඹ එනතුරා නැත නින්දට ඉඩ හැරියේ
කවිපද මුමුණමින් මුළු දවසම සැරියේ
එනවද ඉක්මණට හිතවත් ගුරුවරියේ
කාලය වටී මිල නොකලැකි විලස ලොවේ
මාලය වටී ගිරවට නැති වුණොත් තැවේ
ජාලය නොමැති තැන අප හමු වේද බවේ
තාලය අරන් රස විදපන් මගේ කවේ
රසවත් බව දැනෙයි දැන් දැන් නුඹෙ ඇසුර
හිත යයි සොමනසින් වෙත නුඹෙ මුව කතුර
පවසට බිදක් දිය හැකිනම් ඇල් වතුර
එය වෙයි සැබෑ මිතුදම හිතවත් මිතුර
පෙරදි රැයේ යුග ගැන දොඩමලු වූවා
තනියම ඉන්න මට අද එය සිහි වූවා
කවුරුත් නොමැති පැළ අද මම තනි වූවා
ගළපන විටදි සිවුපද දුක දුරු වූවා
මතකෙට ආවොතින් හිතවත මේ මිතුර
ඇරයුම් කරමි බැලුමට මගෙ කවි වතුර
වරදක් දුටුව හොත් අරගෙන නුඹෙ කතුර
නිවැරැදි කරනු මැන මම නොම වෙමි චතුර
පරබස උගන්වන හෙළ දරු පිරිසකට
නොකරන් අගරුවක් කිසිවිට හෙල බසට
හැකිනම් අදින්නට ඔසරිය විදුහලට
එය තව සේවයකි නුඹගෙන් සිරිලකට
Subscribe to:
Post Comments (Atom)
ලංකාවේ පාසලක ඉංග්‍රීසි උගන්වන සුදු ජාතික කාන්තාවක්? මම හරිද මන්දා.
ReplyDeleteපද පෙල හොඳයි. එළිසමය රකින්නට ගිහින් පොඩි විෂමතාවන් කීපයක් ආවත්.
ස්තූතියි මධු....භාෂා දැනුමින් පෝෂිත නොවන මා ලියන කවි පද වලට ඔබේ ගුණ මෙන්ම ඊටත් වඩා දෝෂයන් ඉත සිතින් බලාපොරොත්තු වෙමි......
Delete//වරදක් දුටුව හොත් අරගෙන නුඹෙ කතුර
ReplyDeleteනිවැරැදි කරනු මැන මම නොම වෙමි චතුර//
මං දැකපු ලස්සනම කෑල්ල..... හරියට රාහුල පොඩි හාමුදුරුවෝ වගේ
සිරාවටන .. හෙන ලස්සනයි බං. දිගටම ලියහන් මේ වගේ ඒවා. අනිවාර්යෙන් කියෝනවා...
Deleteමමත් කැමති ඒ කොටසට... හරිම අපූරුයි..
Deleteඅනේ එහෙම උපමා කරන එක හොදද කුරුටු......ස්තූතියි නුඹට
Deleteසජ්ජා තුශානි ස්තූතියි නුඹ දෙපලට
Deleteකවි පද බැඳුම නම් හරිම ලස්සනයි. මෙලෙස සිව්පද විරිතවත් රැකගෙන කවි ලියන අය අඩුවෙගන යනවා වගේ.
ReplyDeleteගුරුවරියන්ගේ ඇඳුම ගැන අපි ඉස්කෝලේ යනකාලෙත් විවිධ මතිමතාන්තර තිබුනා. නමුත් ජාත්‍යන්තර පාසල්වල ගුරුවරියෝ ඉතිං පූර්ණ නිදහස් අයනේ. මක්කා කොරන්ටද?
විචාරක තුමණි...මගේ ස්තූතිය පුද කරනව නුඹට.....
Deleteහ්ම්...හ්ම්...
හරි ලස්සණයි නේ. සරළ සහ රසවත් කවි පෙළක්
ReplyDeleteස්තූතියි බින්දි
Deleteඅනේ මන්ද මට හිතෙන්නේ වෙන වෙන එව්වා , මට බැනුං අහන්ඩ වෙන්නැති වෙන්ඩ ඕන මගුලක් කරහං
ReplyDeleteමොනවද වෙන වෙන එව්ව....හිතුවද මං වලත්තයෙක් කියලා...
Deleteස්තූතියි අටං අයියා
ලස්සන කවි ටික..
ReplyDeleteස්තූතියි දිනේෂ්
Deleteඅපේ පීඨෙ උන්ට හොඳා. ඉඳින් මං පෙන්නන්නම්.
ReplyDeleteනියමයි මනෝෂ්.......ස්තූතියි ඔබට
Deleteලස්සන සිවු පද පේළි ටික ජයවේවා!
ReplyDeleteස්තූතියි වර්ණෙ
Deleteඤාව් කියවුණා ඈ...
ReplyDeleteමට නං හිතට දැනුන අපූරුවට
ජයවේවා
එච්චරයි වෙන්ඩ ඕනෙ මහේෂ්......තෑන්ක්ස්
Delete