ආදරණීය ශිෂ්‍යයෙනි, ශිෂ්‍යාවෙනි.
නුඹ මෙන්ම අපද මේ පූජනීය වූ පාසල් මාතාවන්ගෙන්
එකොළොස්වසක් මුළුල්ලේ අකුරු උගෙන ගත්තෙමු.
මේ බෝ සෙවණ යට හිද අප සැමදා, උදෑසන පන්සිල් සමාදන් වූවෙමු. අකුරු උගෙන
ගත්තෙමු. අද නවීකරණය වී ඇති මේ බෝදී ප්‍රාකාරය එදා නටඹූන්ව ඇති කල්හි ඒ මත දුව පැන
සෙල්ලම් කළෙමු. මකුළු දැල් වලින් ගහන පුංචි බුදු කුටියේ වැඩහුන් බුදුන්වහන්සේ එදා පුංචි අප දෙස බලා සිටින්නට
ඇතිය.
විවේක
කාලයෙහි පාසල පිටුපසින් ඇති ඝන කැලෑව අපගේ ක්‍රීඩාපිටිය විය. අප හොරා පොලිස් සෙල්ලම් කළෙමු. සොරුන්ගේ අත් පිටුපසට
බැද ගස්වල බැදීම පොලීසියේ රාජකාරිය විය. ඇතැම්විට සෙල්ලම අවසානයේ ප්‍රමාද වී
පන්තියට පැමිණි අප පන්ති භාර ගුරුතුමාගෙන් පහර කෑමටද ලක් වුණෙමු.පාසල පිටුපස කැලේ මැද හරියේ ඇති සියඹලා ගසෙහි නැග සීනි
සියඹලා කන්නට අප ප්‍රිය කළෙමු.
ලොකු
හෝල් එක (අප එයට එසේ ඇමතුවෙමු...ප්‍රින්සිපල්ට..අප
ඇමතුවේ ලොකු සර් ලෙසටය...ඒ වූ කලී උපරිමාර්ථ වූ ගෞරව වචනයක් යැයි අද අපට
සිතේ) පිටුපසින් තිබූ පොල් අතු සෙවිලි කල පන්ති කාමරයේ හිද උක්කු මැණිකා ගුරුතුමිය හා ප්‍රේමලතා ගුරුතුමිය අපට හෝඩි පොත ඉගැන්වූ අයුරු තාම මතකය. පසුකලෙක
ඒ පොල් අතු සෙවිලි කල පන්ති කාමරය කඩා දැමූ පසු ක්‍රීඩා පිටියට ආසන්නයේ කනේරු ගස්
සෙවණේ අප අකුරු උගනිපු හැටි තාම සිහිපත්
කරමු. රම්බන්ඩා ගුරුතුමා හා කොකොනට් ටොෆී
හැදූ හැටි කිසිම දිනක අමතක නොවනු ඇත.
වැසි
දිනයේ පිට්ටනියේ වලවල් හාරා පැහැදිලි වතුර
උනනවා දැකීමටත් එම වතුරෙන් එම වලවල් පිරෙනු දැකීමෙනුත් අපගේ සිත් සතන් ප්‍රබෝධමත්
විය.
කරන ලද
නොයෙක් වැරැදි උදෙසා අප විද ඇති දඩුවම් මේ යැයි කිව නොහැකිය...එහෙත් එය එකිනෙකාට
අනුව වෙනස් වනු ඇත. ඒ මෙන්ම කරන ලද යහපත්
දේ වෙනුවෙන් අපට නොයෙක් අවස්ථාවන්හි පැසසුම්ද නොඅඩුව ලැබුණී.
මහා
සාගරය බදු ඒ අතීත සැමරුම් තුළීන් දිය දෝතක් ගෙන ඒම අප වරදක් කොට නොසිතන්නෙමු. මන්ද
එසේ නොකොළෝනම් අප නිවට නියාලු බියගුල්ලන් නොවන්නේද.?.අතීතය අමතක කර ඇති මෘගයින්
රැළක් නොවන්නේද?..අප එදාද අපගේ පාසල් මෑණියන්ට ආදරය කළෙමු. එය නොනිවෙන පහනක්
ලෙසින් අදටත් අප හද මැදුරෙහි තැන්පත් වී ඇත්තේය.
අද එදා
මෙන් නොව අපගේ පාසල් මාතාව නොයෙක් අයුරින් පෝෂණය වී ඇත්තීය. නමුදු එදා මෙන්
සුළුවෙන් තකන සමාජයක් නොව ඔබේ එක් පියවරකින්
ඔබේ ජීවිතය මහා පෙරළියකට භාජනය වනු ඇත. ඒ නිසාම ඔබ තබන්නා වූ පියවර ඉදිරියටම තැබිය යුතු වන්නේය. ලැජ්ජාව බිය පාදක
කොටගත් සංස්කෘතියකින් අප පැවත එන්නෙමු.
අනාගතයේදීත් එසේමය. එහෙත් අප ලජ්ජාව හා බිය ඇති කර ගත යුත්තේ අයහපත් දේ කිරීමට මිස
යහපත් දෙයින් ගැළවීමට නොවේ. එසේ හෙයින් අප අපගේ සංස්කෘතිය ඒ ආකාරයට වෙනස් කර
ගතයුතු නොවන්නේද.?
ඔබේ
දක්ෂතා ඇගයීමට හා දිරි ගැන්වීමට අප උත්සාහ කළෙමු.එහෙත් උත්සාහ කරමු යන සෘනාත්මක
සංකල්පය හමුවේ එසේ කරන්නට අප අපොහොසත් වූවෙමු. අප
නැවත උත්සාහ නොකරන්නෙමු.. නමුදු අප එය කරන්නෙමු.ඔබ වෙනුවෙන්..සහ මේ රටේ
ඉදිරි පරපුර වෙනුවෙන් අප එය කරන්නෙමු. අපට අවැසි උගත් මෙන්ම බුද්ධිමත් නිර්මාණාත්මක භාවයෙන් පිරිපුන් යහපත් පුරවැසියෙකු මේ සමාජය වෙත පිළිගන්වන්නටය.
ඉතින්,
ඔබ වෙනුවෙන් අප ඔහු නිර්මාණය කළෙමු. අප ඔහුට හුරුළු ගම් පුබුදුව යැයි නම්
තැබුවෙමු. තවමත් බහතෝරන වියේ පසුවන ඔහු ලබන්නා වූ බක් මස 16 වන දින දොරට වඩිනු ඇත.
ඒ මහා බක්මහ සැනකෙළීය දිනයි..
එදිනට
ඔහු ඔබට වටිනා තෑගි රැසක් පිරිනමන්නට අදහස් පොදි බැදගෙන සිටී. එහෙත් ඒ වෙනුවෙන්
නුඹට කරන්නට යමක් ඇත. ඒ ඔහු වෙනුවෙන්
කුමක් හෝ නිර්මාණයක් කිරීමය. එය වූ කලී
කාව්‍ය පන්තියක්, කෙටි කතාවක්, නිසදැසක්
හෝ ඕනෑම නිර්මාණයක් ඔහු බලාපොරොත්තුවෙන්
සිටී...එන්න ඔබේ නිර්මාණයත් සමග ඔහු
නොහොත් හුරුළු ගම් පුබුදුව ඔබ වෙනුවෙන් දෙනෙත් අයා බලා සිටී.
ප.ලි, වෙන් වී
ගොසින් පහලොස් වරක් ඇත්තේ
නුඹෙ
ආදරය සෙනෙහස අමතක නැත්තේ
කළ
දගකාරකම් මම නුඹෙ හද පත්තේ
සිහිවන
විටදි හද කදුලිනි සිප ගත්තේ
දුප්පත් හදවතට නුඹ දුන්
අවවාද
විසිරී යයි කියා කිසිවිට
සිතුවාද
නිතරම ඔබේ හැගුමන් හා වී හාද
මම වැඩ කරමි නොමදෙමි කාටත්
වාද
සිප් කිරි පොවා අප ඇති දැඩි
කරන්නට
නුඹ ගත් මෙහෙය මට බැහැ මිල
කරන්නට
ඇති හැකි එකම දෙයනම් මට
පුදන්නට
ඉඩ දෙනු මැනවී නුඹෙ ඇකයේ
රැදෙන්නට
මේ සත් ක්‍රියාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ReplyDeleteමේ වගේ කතාවක් මමත් දවසක් පැවැත්තුවා, ආදී ශිෂ්‍යයකු වශයෙන්, දැන් ඉන්න ළමයින්ට, අපේ ඉස්කෝලේ.
ස්තූතියි විචාරක තුමණි....
Deleteමේ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... මමත් පුංච් කාලෙ ඉගෙන ගත්තු මගේ පුංචි පාසල මතක් වුණා. අවාසනාවකට දැන් ඒක වැහිල ගිහින්.
ReplyDeleteස්තුති වේවා ඔබට දිල්ශාන්
Deleteතමන් උගත් පාසල වෙනුවෙන් කළහැකි අර්ථවත් කෘතගුණ සැලකීමක්. අති සාර්ථක වේවා!
ReplyDeleteස්තුතියි මධූ මාධවී
ReplyDeleteමේ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා !
ReplyDeleteස්තූතියි තුශානි
Deleteඔබේ ක්‍රියාව සාර්ථක වේවා කියල පතනවා !
ReplyDeleteස්තූතියි ප්‍රසන්න අයියෙ
Deleteවැඩේ සාර්ථක වේවා.. සුභපැතුම් ........
ReplyDeleteස්තූතියි සජ්ජා නුඹට
Deleteමතකයන් රැසක් අවදිකල සටහනක්. ඔබේ කර්තව්‍ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
ReplyDeleteස්තූතියි මනෝෂ්
ReplyDeleteඑක සිතින්ම සුභපතනවා ඇරෙන්න වෙන මොකක් කියන්නද?හදපු වඩපු දෙමාපියන්ටවත් නොසලකන යුගයක උබලා කරන්නේ ගොඩක් උතුම් දෙයක්.
ReplyDeleteජය වේවා.....