Wednesday, February 25, 2015
ගියහොත් සුසානෙට මදකට ඇසේවි නුඹට හඩා වැලපෙන හැටි ප්‍රේමවන්තයින් ආදරය ඉල්ලා
සිරාගෙ කාමරේ අජරාමෙට බූට් මාසයක් දාගෙන භූට් කාපුඋන්ගෙ අත්දැකීම් අයියෝ කොත්තමල්ලී...දුක හිතෙනව ඇත්තටම සිරෝ ඒ වෙන අටමගලෙකටත් නෙමේ අවුරුදු ගාණක් ලව් කරා...එක පාරකට බූට් එකක් කන්ඩ බැරිවුනා......සිරාගෙ කාමරේට ගියපු හිංද තමා ඒකෙත් රහ තේරෙන්ඩ පටන් ගත්තෙ..
ඒ දවස්වල මට මතකයි මම පුංචි කාලෙ 12 වසරෙ වගේ හිටිය අයිය කෙනෙක් පීරිසියකට අත කපාගෙන...ලේ පෙරාගෙන...විදුහල්පතිගෙ ඔෆිස් එක ඉස්සරහට ආව..පොඩි වුන් කාලෙ තේරුන්නැති වුනාට පස්සෙ කාලෙක තමා මතක් වුණේ ඒ අයියටත් බූට් මාසයේ අයියලාට වගේ බූට් එකක් වැදිලාතමා කියල..(හැබැයි පස්සෙ උන් බැදල දැන් දරුමල්ලොත් හදාගෙන ඉන්නවා)
ඔය ගොඩක් කෂ්ටිය ආදරේ යෂ්ටිය අතට ගන්ඩ කලින් වගේ මාත් ඒක අතට ගත්තා...කොච්චර දේවල් කිව්වත් ඒ වෙනකොට මගෙ වයස නම් කියන්ඩ හිතෙන්නෙම නෑ..වෙන මොකවත් නෙමේ ලැජ්ජාවෙ පණ නහිනවා..ඒකයි...මොකද ඒ කාලෙ අපෙ වෙන්ඩ මාමණ්ඩි කාරයා කියල තියෙන්නෙ...ඔය චූ බරට &*^& කෙල්ලො ගන්ඩ පුළුවන්ද කියලයි...හැබැයි පස්සෙ දවසක උන්දැට මං කියල දුන්න....කොල්ලගෙ කෙරුවාව....ඒ දවස්වල මොට වෙච්චි උල්පිහියකුත් ඉනේ ගහගෙන අපේ ගෙදර එහෙමත් උන්දැ ගාටලා තියෙනවා....මොනව උනත් අපේ අම්මනම් කිව්වෙ .."පුතේ කෝකටත් ටිකක් පරිස්සමින්..." කියල. ඒ දවස් වල මාත් නිකං වීරප්පන් වගේ....කිසි කෙනෙකුට හොයා ගන්නත් බෑ අපි කොහෙද ඉන්නෙ, මොනව කරනවද කියලවත්...වෙන්ඩ මාමණ්ඩි උතුමාණන් කොහෙන්හරි පාත් වෙනව කියල ආරංචියක් ආවොත් ඒකත් ඉතින් තප්පරේ යන්ඩ කලියෙන් මගෙ දෙකනට වැටෙනව...රජ කාලෙ ඔත්තු සේවෙකුත් මට උන්නා.(දෙක වදිනකොට මාසෙකට කලින් කාපුවත් වමාරන)
ඒ කතා ටික පැත්තට දාමුකො...මොකද හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට කියනවනෙ නේද...මේ කතාව කියන්ඩ ටිකක් උත්සාහ කරන්නෙ සිරා කොළුවගෙ බූට් මාසෙ වෙනුවෙන්ම නෙමේයි. ඒත් ටිකක් ලියන්ඩ හිතුණා. මේක ඇවිල්ල අවුරුදු 40 ට විතර කලින් ලවු එකක් කොටින්ම කිව්වොත් අපෙ අම්මගෙ කාලෙ.....මහ ලොකු කාලයක් නෙවෙයි ..මොකද මං හිතන්නෙ මේ බූට් කන එකට සෑහෙන අතීතයක් ඇතිනෙ...ඉතින්,අපේ අම්මත් එක්ක එකට ඉගෙන ගෙන තියෙන නැන්ද කෙනෙක්..එච්එස්සී විභාගෙත් හොදටම පාස් කරල තියෙනවා...ඒ කාලෙ හැටියට ඒ පැත්තෙන් ඒච්එස්සී විබාගයක් පාස් උනා කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද... ඒ වගේ මිනිස්සුන්ට තාමත් ගම්වල මිනිස්සු ගරු කරනවා...කතාව නොපිටට යන්ට හදනවා වගෙ...ඉත්න් මේ නැන්දගෙත් කල වයස මෝරාගෙන එනකොට....මල්සරා ඊතලේ විදල...මල්සරාගෙ ඉලක්කෙ කියන්නෙ..නැන්දගෙ පපු කැනැත්තටම තමා එල්ල කරල තියෙන්නෙ....ඉතින් නැන්ද එතැනම මුසපත් වෙලා ආදරෙන්....දැන් ඉතින් නැන්ද මාමගෙ ආදරේ සරුවට වැවීගෙන යනවලු...දෙපැත්තෙන් ගල් මුගුරු දෙන්නට දිනපතා වදිනවලු...ඒත් දෙන්නගෙ ආදරේ බිදක්වත් අඩුවුණේ නෑ කියලලු ඒ දවස්වල උන්නු ගම්මු අදත් ඔය ශ්‍රමදාන වගේ පොදු තැනකට එක්කහු උනාම දොඩවන්නෙ...
ඒ තරමටම ආදරෙන් වෙලී බැදී ඉදල තියෙනව ඉතින් මේ දෙන්න. නැන්දටත් ඉතින් දෙන්න පුළුවන් හැමදේමත් මේ අපිරිමිත ආදරය වෙනුවෙන් අර මාමට පූජා කරල...ඕක දැනගත්තු අර නැන්දගෙ ගෙදර කට්ටියට පස්සෙ ගිනි පත්තුවෙලා...ඒත් කට්ටියම පරක්කු වැඩී..අහිංසක නැන්ද ඇග හම රැළි වැටෙන්ඩ ඔන්න මෙන්න වන තුරුම තනිකඩ ජීවිතයක් ගත කරා.....වන මලකගෙ රොන් උරා බීපු ඒ අසික්කිත වන බඹරාට මොකද්දෝ කැම්පස් එකකින් ලැබිච්චි උපාධියෙන් ලොකු රස්සාවකට ගිහින් අන්තිමේට ගමෙනුත් ගොහිං කියලයි ගම්මු නං කියන්නෙ... ගමේ වයසක මාම කෙනෙක් එක්ක පස්සෙ කාලෙක දීගෙක ගියපු නැන්දට පුංචි පුතෙකුත් හැබැයි හම්බ උනා...දොස්තරලනං කියල තියෙන්නෙ...ගර්භාෂ බිත්ති වේලිලාද කොහෙද නිසා නැන්දට ගොඩක් අමාරු වුණා කියලයි...මේවත් ඉතිං ගම්මුම කියන දේවල් උනත් ඉතිං මේව ඔක්කොම ඉදුරාම ඇත්ත කියලයි මගෙ හදවත නං කොදුරන්නෙ..හැබැයි ඉතින් හම්බෙලා ඉන්න කොලු පැටිය නම් ශාන්ත දාන්ත කුරුළු පැටියෙක් වගේ...හැබැයි පැටියගෙ තාත්තටනං අවුරුදු 40 ට කිට්ටු වෙන දු පැටික්කියකුත් ඉන්නවා ඕං. ඒ ඔක්කොම මේ කොලු පැටියට ගොඩාක් ආදරෙයි...හැමදාම ඒ නැන්දලා දාල තියෙන පුංචි කඩ පොඩ්ඩට ගොඩ වෙලා සිගරට් එකක අමෘත රස විදින මට ඒ රහත් පේනවා...හැබැයි තවත් එක දෙයක් කියන්න තියෙනවා...ලමිස්සී කාලෙ නැන්දගෙ රොන් උරා බීපු අර පාදඩ වන බඹරට තාම දරු පැටියෙක් හදා ගන්ඩ බැරි වුණාලු....හැබැයි ඉතිං නැන්දනම් කියන්නෙ ජීවිතේ කවදාවත් ඒ මාමට සාප කරේ නැහැයි කියලලු....
ඒ එකම එක සිදුවීමක් ජීවිතේ පුරාවටම වැළපෙන..." ඇයි ජනකගෙ අක්ක එල්ලිලා මැරිච්ච හැටි....අයියෝ දුකේ බැරුවා ඒ තරමටම සීදේවි කෙල්ල....ඒකිත් ඒකිගෙ අම්මම අඹපු එකී...අර කොහේදෝ නැති එකෙක් හිංදා බෙල්ලෙ වැල දාගෙන මැරුනා..ඇයි කනේරු කාල මැරිච්ච ජයතිලක ...පවු මුළු පවුලම ගොඩ දාන්ඩ හිටිය එකම කොල්ල මුලු ගමටම උෟ ආශිර්වාදයක්.....කොහේදෝ නැති වංශක්කාර එකියක් හිංද නිකරුනේ මැරිලා ගියා..." මේ සියල්ලම ගමේ ගොඩේ ගෑණූන්ට නං කටේ විකන හපයක් වගේ කොච්චර විකුවත් ඇතිවීමක්නං නැත්තේමය....
ගියහොත්
සුසානෙට මදකට
ඇසේවි නුඹට හඩා වැළපෙන හැටි
ප්‍රේමවන්තයින්
ආදරය ඉල්ලා
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
ඔය ගොඩක් කෂ්ටිය ආදරේ යෂ්ටිය අතට ගන්ඩ කලින් වගේ මාත් ඒක අතට ගත්තා...කොච්චර දේවල් කිව්වත් ඒ වෙනකොට මගෙ වයස නම් කියන්ඩ හිතෙන්නෙම නෑ..වෙන මොකවත් නෙමේ ලැජ්ජාවෙ පණ නහිනවා..ඒකයි...
ReplyDeleteඑළ එළ... මෙන‍්න මගේ ජාතියෙම තවත් එකෙක්...
එළ එළ නියමයි මං තනිවෙලා නෑ
Deleteබූට් කෑවත් ඒක කමක් නෑ.. අපරාදේ ජීවිතේ නැති කර ගන්න එකනම් මෝඩ වැඩක්..
ReplyDeleteගම්බද බොහෝ දුරට ජීවිත හානි කර ගැනීම් බොහොමයි ආදරේ වෙනුවෙන්
Deleteආදරේ කියන්නෙ
ReplyDeleteහලාහල විසත්
අමෘතයත්
කෙස් ගසෙකින්
බෙදා වෙන් කල
බදුනක්
sabawi saho
ReplyDeleteඇත්ත ආදරය නිසා කොයිතරම් නම් ලස්සන ජීවිත පාළු සුසාන වලට ගිහින් ඇත්ද.. ප්‍රශ්ණ වලදි පැනලා යනවට වඩා කොහොමහරි ඒ දේවල් වලට මුහුණ දෙන්න හිත හදා ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.
ReplyDeleteජීවිතය කියන්නේ ඔය දේවල් හැම ඒකක් ම දරා ගැනීම සහ විදීමයි... ඒ නිසා දුකත් සතුටක් කියලා හිතලා විදින ඒකයි වැදගත්....
ReplyDeleteඔක්කොම තේරෙන්නෙ මැරුණට පස්සෙනෙ කුරුටු
Deleteආදරේ කියලා දෙයක් මේ ලෝකේ නෑ බන් . ඔය බොරු,
ReplyDeleteමේ ඒක නෙමේ ආයේ දවසක සෙට් වෙමු ඈ ඔයාගේ නැටුම් ටිකක් බලන්න ඕනේ
උඹ කියන්නෙ සහතික ඇත්ත නගා. ආදරේ කරනව කියල උන් ඔය කරන්නෙ පට්ට බොරුවක්....කොටින්ම රගපෑමක්......
Deleteසෙට් වෙමු ආයේ දවසක.....ආපුවාම කියහන්කො එහෙනම්...
වැව් ඉස්මත්ත නිතර කමෙන්ට් කලාට ඇත්තටම මට පසුගිය කාලේ බ්ලොග් කියවීම අත්හැරිලම ගිය නිසා මේ පැත්තේ එන්නඑන්න බැරි වුනා.ඔබේ
ReplyDeleteලිවිම රසවත්.
thanks bindi
ReplyDelete//ඔය චූ බරට &*^& කෙල්ලො ගන්ඩ පුළුවන්ද කියලයි...හැබැයි පස්සෙ දවසක උන්දැට මං කියල දුන්න....කොල්ලගෙ කෙරුවාව//
ReplyDeleteචූ බර හැදිච්ච වෙලාවක මාමාණ්ඩිට කියලා දුන්නද කෙරුවාව...? හෑ....
හැක් හැක් මොනව කියනවද ඉතිං... තෑන්ක්ස් මධූමාධවී....වැව් ඉස්මත්තට ගොඩවැදුනට
ReplyDelete