Friday, February 6, 2015

බහුබූත සිතුවිලි අංක 2





කාටත් මතක නැති වී තිබු  ගෙයි               මුල්ලේ
සගවා තිබුණාද එය කාලෙන්                   වැල්ලේ
සළකපු හැම දෙනම දැලි කුණු මෙන්        දැල්ලේ
දැන් දැන් එකතු වී ඇග හැම තැන             එල්ලේ

කම්කරු දනන් හවසට විත්                       තෙපලන්නේ
අගනා වදන් බව කවුරුත් නොම               දන්නේ
ඉහළම තැනෙහි  සිරිලක වැජබෙන           උන්නේ
මේ ටිකවත් නැතිද නුඹලට                       වැටහෙන්නේ

යහපත් සිරිත් පොඩිවුන් පිරි                     වරාගෙන
අදහස් ඔවුන් නැත කවදත්                        මරාගෙන
දින්නත් ලොවම මහ උන් ලේ                   උරාගෙන
හැමදා ඔවුන් කති තම මස්                        උයාගෙන

පණ රැකගන්න දොයිතුව සරි කර              ගන්න
නොහැකිව සැරසෙනව  සමහරු මිය         යන්න
ඇති තතු එයම බව කවුරුත් නොම            දන්න
උදවිය හදයි  උන් අමුවෙන්                      වළලන්න

කුළ‍ගොත් පාට උඩු හුළගට හැර               ලන්න
එක් ධජයක සෙවණ සතහට ලැබ             දෙන්න
බලයෙන් මනුසතා මරු තුරුලට                ගන්න
කාලය වෙනස් කර වෙනසක් කර             ලන්න

හට්ටි මුට්ටි ඇද ඇතිරිලි ගෙන                   දුන්න
සෝබන වලින් ඡන්දය ගත් ජය                ගන්න
දනපති වරුනි දැන් සිහි එළවා                  ගන්න
මහජන දියුණූවට නිසි පියවර                    ගන්න

කො.හේමා

5 comments:

  1. මෙන්න ආපහු වැවා ඇවිල්ලා . ඔරිජිනල් විදිහටම

    ReplyDelete
  2. ඉස්සරහට නම් මීටත් වඩා හොඳට මොලේ පාවිච්චි කරලා මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතෙනවා. මේ සැරේ මිනිස්සුන්ට කරුණු තේරුම් කරලා දීලා ඡන්දෙ හරියට දම්මා ගත්තා. දැන් ඒ ඔස්සේ මිනිස්සු හිතන්න පුරුදුවෙනවා. ඒක හොඳ ප්‍රවනතාවක්.

    ReplyDelete
  3. ලංකාවේ උන්ට දෙයක් අලුතින් දෙන්නත්, තියෙන දෙයක් ගලවන්නත් මාරම අමාරුයි :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ස්තූතියි යසිත් මේ පැත්තෙ ආවට

      Delete