Wednesday, February 18, 2015

පුංචි පුතුට පණිවිඩයක්


යනෙන විට මග තොට
පරසිදු වදන් සිහියට
ආවොතින් සැමවිට
ලියා ගනු පුත වේය සුමගට

මිතුරන් සමග ගමනක්
යනෙන විට පැය ගණනක්
කිසිවිට පරුෂ වදනක්
නොපවසන් ගැහැණුන්ට අගනක්

උගත් දේ කිසිවිට
නොගත යුතු වේ තරහට
මිතුරන් සමග පමණට
කතාබහ යහපත්ය දිවියට

දැන උගත්කම් වත්
බලයෙන් පොහොසතින්වත්
දන මනිනු ගියහොත්
දෝශයක් එය කරමි සිහිපත්

සරල ලෙස දිවියක්
වේය නිතරම සවියක්
පෑන ඉස්සර අවියක්
ලියාපන් එක පුංචි කවියක්

මාරයා සැම විට
ශූරයාමයි දිවියට
කාරයා යැයි කිසිවිට
නොපවසන් පුත මාළු මාමට

සයිකලෙන් යනවිට
ගුරුතුමෙකු හමු වූ විට
දෙවියෙක්ය සිහි කොට
බැසිය යුතුමයි ගලව කැහැපොට

මට මතක නැත්තේ
සිහියක් පතක් නැත්තේ
යන කියුම් ඇත්තේ
මොඩයින්ටයි සිතිය යුත්තේ

ඉතිහාසයෙන් ගත යුතු
පාඩම්ය සිහිකටයුතු
තම යුතුකම්ම කල යුතු
හොද පුතෙකු වනු දැයට මින් මතු

ගැහැණූ ළමයින් හමුවන
සොයුරිය ලෙසට සළකන
හොද පුතෙකු වනු මැන
කුමට නුඹ හට තවත් අබරණ

15 comments:

  1. ඔව් ඔව් ඒක එහෙමයි....
    බොක්කෙන්ම ලියල තිවෙනව වගේ.... හිහි
    නාමල් ලොක්කට මේක කියවන්ට කියල පෝස්ට් කරමුද....
    මොනා හිතෙයිද නේ.................
    හිහි ජයවේවා

    ReplyDelete
  2. ඡන්දෙ ඉල්ලනකොට
    පගා නොම දෙනු සතහට
    සිල් රෙදිද නොබෙදනු
    ඔරලෝසු ටික ගෙට ගනු

    ReplyDelete
  3. දැන උගත්කම්වත්
    වෙහෙසී ලබාගත හොත්
    අගෙයි ඒය බොහොමත්
    නොමිලේ ලැබූ දේටත්

    උපාධි බලෙන් ගෙන
    කෙලින් ම අාචාර්ය වෙන
    උගතුන් බුද්ධිමතුන් වෙන
    ලොවේ වෙන කිසි තැනක නැහැ පුත.............

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඔය ඔක්කොම ලියන්න බෑ යකුනේ

      Delete
  4. නාමල්ට නෙමේ කොයි පුතාටත් මේ උපදෙස් වටිනවා
    ජය!

    ReplyDelete
  5. ලිව්වෙ පුංචි පුතාට පින්තූරෙ ඉන්නෙ ලොකූ

    ReplyDelete
  6. කාට වුනත් වැදගත් වෙන අවවාද ටික..

    ReplyDelete
  7. මට පොඩි මෙන්ඩා මතක් වුනා.

    ReplyDelete

  8. මේ පද දෙකට තමයි මම කැමතිම. කොයි වෘත්තියටත් ගරුත්වයක් තිබිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. කාරයා යැයි කිසිවිට
      නොපවසන් පුත මාළු මාමට
      මේ පද දෙකට තමයි මම කැමතිම. කොයි වෘත්තියටත් ගරුත්වයක් තිබිය යුතුමයි.

      Delete
    2. දිල්ශාන් සාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්තට. වෘත්තීය වගේම අපි සියලු දෙනාම මනුස්සයන්. ඉතින් අපි සියලු දෙනාම සමාන විය යුතුයි කියල මං හිතනවා. මාලු ඇල්ලීම හෝ මාලු විකිණිම කරන්නේත් වන් වෙනයම් දෙයක් කරන්නේත් අපිට මේ ලැබුණු උපත සහ මරණය අතර පුංචි කාල පරාසයේදී ජීවිතය ගැට ගහ ගැනීම උදෙසාම විතරයි...‍බ‍ොහෝ අයට නොතේරෙන දෙයත් මේකමයි දිල්ශාන්.ස්තූතියි ඔබට

      Delete