Wednesday, February 11, 2015
අම්මේ
දරුවන් පිරිමි තිදෙනෙකි ගෙදරට හිටිය
නංගී තවම සුවදින් පිරි කිරි කැටිය
කාමර දෙකකි ඔක්කෝටම එහි සිටිය
වහලය පිදුරු සෙවිකල බිත්තිය මැටිය
හඩලන විටදි කුකුළා, නැගිටින අම්මා
තේ මුට්ටියක් ලිප උඩ තියමින් පෙම්මා
මුමුණන ගීයකින් කම්මැලි කම පන්නා
වී ටික රැගෙන ගැරුමට කොරහට දැම්මා
නිදිබර පෙනුම ඇගෙ මුහුණින් පැන යාවී
මුතුවැල් විලස කවිපද මුවගට ඒවී
බත් ටික ඉදී සුවදින් රස ඉතිරේවී
කටහඩ ඇගේ ගේ හැම තැන රැව් දේවී
නැගිටින් පුතුනි නැගිටින් කෑ ගසන්නී
ගේ දොර වැඩට ඈ එහෙ මෙහෙ දුවන්නී
යන තෙක් පාසලට අඩහැර තබන්නී
කෝටුව ගන්න වුව පසුබට නොවන්නී
දරුවන් තිදෙන පාසල වෙත ගොස් ඇරලා
ඇය පිය මනියි හේනට කම්මැලි දුරලා
පියතුම සමග හරි හරියට වැඩ කරලා
අම්මා ගෙදර එනවිට කළුවර කරලා
කන්නෙන් කන්න වහලය දිරුමට යාවී
අම්මා වියන පොල් අතු සැම එක් වේවී
පියතුම තැනුව වහලෙට සැරසිලි ඒවී
ඈ ගෙවිලියක් නොව ගෙදරට සිරියාවී
චින්තා මල්ලත් අතින් අරගෙන, දරත් අරගෙන හිසේ හොවමිණ
සිතේ ශක්තිය ඇගේ දැවටුණ, සදකි නුඹ අප වෙතට පැමිනුණ
සිතේ සතුටින් පිරුණූ හැම දින, නිබද සෙනෙහස හදේ පැතිරුණ
දනිමි අම්මේ වින්ද අපමණ, කන්ද දුක් අප නිසා වෙහෙසුණ
Labels:
අම්මාවරුනි
Subscribe to:
Post Comments (Atom)
ලොව සුන්දරම වචනය "අම්මා "............
ReplyDeleteකඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා
පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: බන්ධුල විජේවීර
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
ස්තූතියි සිංදු ඇනෝ
Deleteඅපූරුයි වැවා....
ReplyDeleteඋපරිමයි... වචන වල ඉස්පිලි පාපිලි එහෙ මෙහෙ වෙලා තියේ පොඩ්ඩක් බලහන්...
ජයෙන් ජයම වේවා
ස්තූතියි මහේෂ්. වැරදි ටික හදා ගතිමි.බොහොමත්ම ස්තූතියි වැරදි අඩුපාඩු පෙන්වා දුන් එක ගැන
Deleteඅගෙයි වැව්............. පද ගැලපිල්ල... අම්මා නමට ලියූ උපහාරයක් නොවැ.. හරිම අගෙයි...... පාසල් කාලේ කියපවු කවි පෙළක් මතක් වුණා... තාලය නිසා වෙන්න අැති...........
ReplyDeleteස්තූතියි කුරුටු ගෑ ගි පවුරට.
Deleteඔන්න වැවා ඇතුලේ හිටපු කවියා අවදිවෙලා, මෙන්න මේ වගේ නිර්මාණ තමා අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ .
ReplyDeleteතෑන්ක්ස් ඉවාන් අයියෙ
ReplyDeleteඑල ද බ්‍රා උඔගේ හැකියාව
ReplyDeleteහැම අම්මා කෙනෙකුටම මෙය උපහාරයක් වෙවා.
තෑන්ක්ස් එල ද බ්‍රා මෙන්ඩා
ReplyDeleteකවිය ලස්සනයි මචෝ.. අම්මා ගැන කියන්න හැමදාම වචන මදි..
ReplyDeleteඅම්ම ගුණ සුවද ඇත්තටම කියල නිම කරන්න බෑ ඒ ඇය ගෙදර බුදුන් නිසා.
Deleteනියමයි වැවා.
ReplyDeleteTHANKS PRASANNA AYYE
ReplyDeleteඔන්න මාත් වැව් ඉස්මත්තට ආවා
ReplyDeleteලස්සන පැදිපෙළක්
ජය!
වර්ණ සාදරයෙන් පිලිගන්නවා වැව් ඉස්මත්තට
ReplyDelete