Wednesday, February 11, 2015

අම්මේ


දරුවන් පිරිමි තිදෙනෙකි ගෙදරට හිටිය
නංගී තවම සුවදින් පිරි කිරි කැටිය
කාමර දෙකකි ඔක්කෝටම එහි සිටිය
වහලය පිදුරු සෙවිකල බිත්තිය මැටිය

හඩලන විටදි කුකුළා, නැගිටින අම්මා
තේ මුට්ටියක් ලිප උඩ තියමින් පෙම්මා
මුමුණන  ගීයකින් කම්මැලි කම පන්නා
වී ටික රැගෙන ගැරුමට කොරහට දැම්මා

නිදිබර පෙනුම ඇගෙ මුහුණින් පැන යාවී
මුතුවැල් විලස කවිපද මුවගට ඒවී
බත් ටික ඉදී සුවදින් රස ඉතිරේවී
කටහඩ ඇගේ ගේ හැම තැන  රැව් දේවී

නැගිටින් පුතුනි නැගිටින් කෑ ගසන්නී
ගේ දොර වැඩට  ඈ එහෙ මෙහෙ දුවන්නී
යන තෙක් පාසලට අඩහැර තබන්නී
කෝටුව ගන්න වුව පසුබට නොවන්නී

‍දරුවන් තිදෙන පාසල වෙත ගොස් ඇරලා
ඇය පිය මනියි හේනට කම්මැලි දුරලා
පියතුම සමග හරි හරියට වැඩ කරලා
අම්මා ගෙදර එනවිට  කළුවර කරලා

කන්නෙන් කන්න වහලය දිරුමට යාවී
අම්මා වියන පොල් අතු සැම එක් වේවී
පියතුම තැනුව වහලෙට සැරසිලි ඒවී
ඈ ගෙවිලියක් නොව ගෙදරට සිරියාවී

චින්තා මල්ලත් අතින් අරගෙන,  දරත් අරගෙන හිසේ හොවමිණ
සිතේ ශක්තිය ඇගේ දැවටුණ,   සදකි නුඹ අප  වෙතට පැමිනුණ
සිතේ සතුටින් පිරුණූ හැම දින,  නිබද සෙනෙහස හදේ  පැතිරුණ
දනිමි අම්මේ වින්ද අපමණ,  කන්ද දුක් අප නිසා වෙහෙසුණ


16 comments:

  1. ලොව සුන්දරම වචනය "අම්මා "............

    කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල් දෙණි වල ඇවිද ගොසින්
    වෙරළු ගෙනැත් අම්මා

    ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

    දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
    දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
    බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

    පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    සංගීතය: බන්ධුල විජේවීර
    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

    ReplyDelete
  2. අපූරුයි වැවා....
    උපරිමයි... වචන වල ඉස්පිලි පාපිලි එහෙ මෙහෙ වෙලා තියේ පොඩ්ඩක් බලහන්...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. වැරදි ටික හදා ගතිමි.බොහොමත්ම ස්තූතියි වැරදි අඩුපාඩු පෙන්වා දුන් එක ගැන

      Delete
  3. අගෙයි වැව්............. පද ගැලපිල්ල... අම්මා නමට ලියූ උපහාරයක් නොවැ.. හරිම අගෙයි...... පාසල් කාලේ කියපවු කවි පෙළක් මතක් වුණා... තාලය නිසා වෙන්න අැති...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ගෑ ගි පවුරට.

      Delete
  4. ඔන්න වැවා ඇතුලේ හිටපු කවියා අවදිවෙලා, මෙන්න මේ වගේ නිර්මාණ තමා අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නේ .

    ReplyDelete
  5. තෑන්ක්ස් ඉවාන් අයියෙ

    ReplyDelete
  6. එල ද බ්‍රා උඔගේ හැකියාව
    හැම අම්මා කෙනෙකුටම මෙය උපහාරයක් වෙවා.

    ReplyDelete
  7. තෑන්ක්ස් එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
  8. කවිය ලස්සනයි මචෝ.. අම්මා ගැන කියන්න හැමදාම වචන මදි..

    ReplyDelete
    Replies
    1. අම්ම ගුණ සුවද ඇත්තටම කියල නිම කරන්න බෑ ඒ ඇය ගෙදර බුදුන් නිසා.

      Delete
  9. ඔන්න මාත් වැව් ඉස්මත්තට ආවා
    ලස්සන පැදිපෙළක්
    ජය!

    ReplyDelete
  10. වර්ණ සාදරයෙන් පිලිගන්නවා වැව් ඉස්මත්තට

    ReplyDelete