Monday, June 12, 2023

මාව පෙට්ට්‍රල් පෝලිමට දාන්න අයියෝ

 


 පුතා හයර් එකක් යනවද?

වයස අවුරුදු පනස්පහක් විතර අනුමාන කලහැකි ඉතා කඩිසර ගමනින් රාමක්‍රිෂ්ණ මාවත දිගේ ගාලු පාර දෙසට ගමන් කරන කාන්තාවක් තම ඇස් දෙකත් හිසත් යොදාගෙන සංඥාවක් මගින් ඇසුවාය.

ඔව් යනවා මෙන් ප්‍රතිපිළිතුරු දෙන්නාක් මෙන් මම හිස වැනුවෙමි.

ඇය ත්‍රීරෝද රථයට ගොඩවිණි. මීටර් නේද? ඇගේ පළමු ප්‍රශ්නය එය විය.

ආන්ටි  මට තප්පරයක් දෙන්න ඉක්මනට මේ කඩේට ගිහින් එන්නම්. තප්පර තිහක් යන්නට ඇත.

මේකෙ ඇයි මෙච්චර සල්ලි වැඩි වෙන්නෙ.

මම ඇයට සියුම් සිනාවකින් සංග්‍රහ කළෙමි. 

වේටින් වැටෙනව. ඒක ගණන් ගන්න එපා. මම ඒවට ගාන කියන්නෙ නෑ.

හම්මෝ එළවලු ගන්න ගියා කොහොම ගන්නද එළවලු ගිනිගණන්. කාට කියන්නද මේව.

කාන්තාව තොර තෝංචියක් නැතිව එළවලු සම්බන්ධව නොයෙක් දේවල් ගැන දොඩවන්ට විය.

ඇගේ සියලුම කතාවලට මාද පටලවා ගත්තෙන් මා හටද ඔව් නේද  හ්ම් වගේ දේවල් ප්‍රකාශ කිරීමෙන් ඇගේ වල්පල් කතාවන්ට පණ දෙන්නට සිදු විය.

මමත් මන්තිරිකම් කරා. අපෝ හරියට ඒකවත් කරන්න දුන්නැය. 

ආන්ටි ඡන්දෙත් ඉල්ලුවාද. පැරදුනාද දිනුම්ද? මමත් දැන් ඇගෙන් ප්‍රස්න කරන්නට විය.

මම දිනුම්... කාන්තාව ටිකක් වේග රිද්මයකින් තෙපලාය.

මොන පක්සෙන්ද ඉල්ලුවෙ 

පොදුජන පෙරමුනෙන්...ගෝඨාබය මහත්තය හොඳ නිසා මාත් ඉල්ලුවෙ. 

ගොඩක් වියදම් යන්න ඇති නේද..

ඔව් ලක්ෂ තුන හමාරක් වියදම් වුණා. මං ඕස්ට්‍රේලියානෙ හිටියෙ. දැන්නම් හිතෙනව අපරාදෙ සල්ලි කියල.

ආයෙ ඉල්ලන්නෙ නැද්ද.

අපෝ... නෑ ආයෙ මගෙ...බ+++වත් ඉල්ලන්නෙ නැ කියන්නාක් මෙන් වචන වගයක් තෙපලාය. මට ඒවා මතක නැත.

තවත් සංවාද කීපයක් ඇතිවුණු අතර ඒවා සංස්කරණය කර දමන්නට වැවා තීරණය කළෙමි. ඒවා අනවශ්‍ය යැයි මගේ නූගත් මොළයට සිතෙන නිසාය.

ගොඩබැස්සවීමේ ස්ථානය. 

කරගම්පිටිය පන්සලක්

හා හා මෙන්න මෙතනින් නතර කරන්න. තව ටිකක් ඉස්සරහින්.

හරියටම පන්සලේ ගේට්ටුව ගාවින්ම  ත්‍රීරෝද රථය නතර කළෙමි.

කීයද පුතා ගාන.

රුපියල් දෙසීයයි ආන්ටි...

දෙසීයක්....! එච්චර වෙන්නෙ නෑනෙ වෙනද එනකොට එච්චර ගන්නෙ නෑනෙ...

නෑ ආන්ටි හරියටම කිලෝමීටර් දෙකක් ඇවිත් තියෙනව. මේ බලන්න මීටරේ.

නෑ නෑ කොහොමත් ගාන වැඩියි

කාන්තාව නැවත නැවත කියමින්  මට මුදල් ලබා දුන්නාය.

ආන්ටිට වැරදිලා. මෙතනට හරියටම කිලෝමීටර දෙකයි. බොරු කියන්න එපා ආන්ටි රුපියල් විස්සකට තිහකට දේශපාලනඥයෝ ඔහොමම තමා. ආන්ටි ඔයා කොච්චර බොරු කියනව ඇද්ද. රුපියල් දෙසීයකට මෙච්චර බොරු කියනවනම් මම මූනටම කියා දැම්මෙමි.

ආන්ටි මොනවදෝ මුමුණමින් පන්සල් වත්තට ඇතුළු විය.

බොරු කරන බොරු කියන අය කොතනද සිටින්නේ යැයි අපට නිස්චිතවම කිව නොහැක. ආන්ටී සමහරවිට සත්‍යයක් ප්‍රකාශ කරන්නට ඇත. එහෙත්  ගාන වැඩියි කියා මා ගැන සැක පහළ කිරීමට වඩා ඇයට මීටරය බලා සැක හැර ගන්නට තිබුණාය. 

බොරුකාරයා ත්‍රීවීල් පදවන්නාද කාර් රථ පදවන්නාද  එහි හිඳගෙන යන මගියාද විය හැක. එහෙත් සියල්ල දෙස දෙවියන්වහන්සේ  බලාගෙන සිටින්නාහ.


 



15 comments:

  1. හොදටම මදි....
    මං කිව්වේ ලියල තියෙන ප්‍රමාණය...

    ReplyDelete
  2. දෙයියන්ටත් උත්තර නෑ ඕවට

    ReplyDelete
  3. ආන්ටි නොකිය අක්කා කිව්වනම් තුන්සීයක් ගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. අක්ක කියල කතාකරන්න බැරිතරමටම වයසයි අයියෙ. මැඩම් කිව්වනම් පන්සීයක් වුණත් දෙන අයත් ඔය අතරෙ ඉන්නව.

      Delete
  4. වැවා කලින් පෝස්ට් එකේ මගේ නමින් දාපු කොමෙන්ට් එකක් එහම්ම් තියල මම දාපු කොමෙන්ට් එක පල නොකර හිටියේ ඇයි?

    ReplyDelete
    Replies
    1. නෑ අයියෙ අයියගෙ කොමෙන්ටුව පබ්ලිස් වෙලා තියෙනව නේද? මොකක්හරි අවුලක්ද දන්නෙ නෑ හුඟ කාලෙකින් බ්ලොග් ආපු නිසා සෙටින්ග්ස් හදාගන්න දන්නෙත් නෑ දැන්. ලියනව විතරයි අයියෙ

      Delete
    2. නැහැ ඒක වැටිලා නැහැ. මගේ නමින් වෙන කෙනෙක් දාපු කොමෙන්ට් එකක් නම් තියනව. ඒකට මම කොමෙන්ට් එකක් දැම්ම. සහ වෙනම තව කොමෙන්ට් එකක් දැම්ම. මට ඔයාවයි අවන්හලේ මහේෂ් වයි ටැපලිලා. 😀

      Delete
  5. හා අයියෙ හයර් එකක් යමුද?

    ReplyDelete
    Replies
    1. මොනවද කියන්නෙ මල්ලි ඕන වෙලාවක. කොහෙද මල්ලි වැඩ දැන්. හොඳින් ඉන්නව නේද

      Delete
  6. මං බලන්නම් අයියෙ. කලු කැත කොට අඩුකුලේ ත්‍රීවීල්කාරයෝ කියන කොමෙන්ටුව ඔයා නෙමෙයිද දැම්මෙ. කවුරු දැම්මත් ප්‍රස්නයක් නෑ. මං එච්චර කෙයා කරන්නෙ නෑ ඒව

    ReplyDelete
  7. ඒක තමයි මෙපමණ මේ කියන්න හැදුවේ. ඔයා මගේ බ්ලොග් එකේ ලිපියක්වත් කියවල තියෙනවා නම් සමහරවිට තේරෙයි මම එහෙම කොමෙන්ට් දාන කෙනෙක් නොවන බව. මටත් කළු කොට කැත තට්ට අජිත් කියල මේ ඇනෝ ම කොමෙන්ට් දානවා. මගේ නමින් අජිත් ඩි කිර්ති, අජිත් ධර්මකීර්ති කියල කොමෙන්ට් දානවා දැන් ගුගල් එකඟ හදල ටිහ්යෙන ක්‍රමේ නිසා. මානසික ව්‍යාධියක් තියෙන කෙනෙක්. මේ මගේ බ්ලොග් එක https://kolambagamaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මං අජිත් අයිය ගැන පුද්ගලිවම දන්නව කොහොම කෙනෙක්ද කියල

      Delete