Tuesday, June 13, 2023

මගේ පුතා ඉංජිනේරුවෙක්


 

තාත්ති ඉංජිනේරුවෙක්ද තාත්ති

හැහ් මේ මොකද්ද මේ අහන්නෙ. පුංචි පුතා පෙරපාසල් අරන් යන ගමන් එහෙම ප්‍රස්නයක් ඇහුව. මේ වයසට එහෙම දෙයක් අහයි කියල මම හිතුවෙ නෑ.

නෑ පුතේ තාත්ත ඉංජිනේරුවෙක් නෙමෙයි පුතේ

ඇයි ?

ඉංජිනේරුවෙක් වෙන්නතරම් තාත්ත ඉගෙනගත්තෙ නෑනෙ පුතේ..

ඇයි මගෙ පුතේ එහෙම ඇහුවෙ පෙරළා මම ඔහුගෙන් විමසුවෙමි.

මමනම් ඉංජිනේරුවෙක් වෙනව තාත්ති.

කොච්චර හොඳඳ මගෙ පුතා ඉංජිනේරුවෙක් වෙනවනම්. ඉංජිනේරුවෙක් වෙන්න ඉතිං ගොඩාක් හොඳට ඉගෙන ගන්න ඕන අයියය් අක්කයි එක්ක රණ්ඩුම වෙන්නෙ නැතුව...මම එයාට කිව්ව.

මම ඉංජිනේරුවෙක් වෙලා පයිලට් කෙනෙක් වෙනව...එතකොට මට පුළුවන් චොපර් එක කැඩුනොත් මටම හදාගන්න මම ඉංජිනේරුවෙක්නෙ  තාත්ති.

කොච්චර හොඳද මගෙ පුතේ..

 තාත්ති, චොපර් එක කැඩුනොත් අපෙ ගෙවල් පැත්තට අරගෙන ඇවිත් වළාකුලක් උඩ චොපර් එක නතර කරනව. නතරකරල චොපර්  ඒක හදනව. හැබැයි තාත්ති වළාකුල කැඩුනොත් එහෙම ටා....න් ගාල චොපර් එක ස්ටාට් කරගෙන අරං යනව. 

ඒ මගෙ පුංචා

(ප/ලි..


 


8 comments:

  1. පොඩි උන්ගේ සුන්දර නිර්මාණශීලි මනස කාල දන්නේ වැඩි හිටියො කියල හිතෙනවා...

    ReplyDelete
  2. මගේ පුතා 10 පන්තිය්දී කිව්වා මම දොස්තර වෙනවා කියලා, මම කිව්වා අපි ෆුල් සපෝට් එක දෙන්නම් කියලා. පුතා 12 පන්තිය්දී කියනවා තාත්තේ මට ආණ්ඩුවේ මෙඩීකල් කොලෙජ් යන්න බැරි උනොත් පුද්ගලික මෙඩීකල් කොලෙජ් එකට යන්න පලුවන්ද කියලා. මට හීන් දාඩිය දැම්මා, කමක් නැ ඉඩමක් හරි විකුණමු කියලා හා කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපෙ ලොකු පුතත් කොහෙන්දෝ හොයාගෙන පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ කිව්ව. මං කිව්ව ඒවට ගොඩක් සල්ලි ඕනෙ කියල එතකොට මෑන් කියනව එච්චර යන්නෙ නෑ තාත්ති අතින් ලක්ෂ අසූවක් විතර යයිලු ඉතිරිවා ලෝන් එකක් විදියට දෙනවලු කියල. දැන්නම් ඒ ගැන අහන්නෙ නෑ මිනිහට තේරිලා වෙන්න ඇති

      Delete
  3. 10 පන්තියෙන් පස්සේ බජාජ් එකක් අරං දීලා පාක් එකට දාන්න

    ReplyDelete
    Replies
    1. උබ වගේ මෝඩ ගොන් හරකෙක්, මිට මර්වින් සිල්වා

      Delete