අම්මේ මෙමා හට බැහැ තනියම ඉන්න
ඔබ නැති ගෙදර පාළුයි සොහොනක් වැන්න
සෙල්ලම් කරන්නට මා සමගින් ඉන්න
පුංචිම නංගියෙක් මා හට ගෙන දෙන්න
මල්ලී මගේ පැවසු හැටි සිහි වෙනවා
කෙල්ලෙක් නැති ගෙදර පාළුව රජ වෙනවා
කොල්ලොම තුන්දෙනෙකි ගේ දොර හැඩි වෙනවා
සීදේවියක් ගෙදරට කැන්දන් එනවා
කොල්ලොම තුන්දෙනෙකි බාලම මේ කෙල්ල
නැත කිසි බියක් කරනව ඔක්කොම මෙල්ල
ජය ගන්නට සැවොම කරනා රැවටිල්ල
හැඩුමයි ඉතින් වෙයි කවුරුත් සැම මෙල්ල
කාලය කෙමෙන් ගෙවි ගෙවි ඈතට යනවා
ගෙදරට ප්‍රශ්න හෙන සැර මෙන් වද දෙනවා
තේ කොල සීනි කිරිපිටි අග හිග වෙනවා
අම්මා රටින් ඉගිලී පිටරට යනවා
මව් කෙනෙකුන් සිටින ගේදොර හරි සාරයි
ඒ ගැන හිතන විට මගෙ හදවත පාරයි
පුංචිම නංගි මගෙ පුත නුඹ හට බාරයි
අම්මා කියු හැටි හඩමින් සිත පාරයි
පාසල් ගොසින් එනතුරු පියතුම ගාව
හඩ හඩ ඉදියි නංගී එනතුරු මාව
අම්මා කෙනෙක් වුණි මම සෙනෙහස පෑව
මට අමතකයි බත්ගුලි හරි හැටි කෑව
හෝදපු හැටි කක්ක රෙදි ගෙයි ලිද ගාව
මගෙ යාළුවන් දැක ඇත නිතරම මාව
නළවන විටදි නිදිකෙරුමට මම ඈව
තාමත් මතක ඇත නැළවිලි ගී කීව
සමහර වෙලාවට නිදියන විටදී එයා
නැළවිලි ගීත් මා හට අමතකව ගියා
හඩනා විටදි කිරිවල රස මතක තියා
දන්නෙම නැතුව නිදිදෙව්දුව වෙතට ගියා
නළවපු ඇයව රෑයම මම නිදි නැතිව
ඉන්නට පැතුවෙ මම නුඹෙ කදුලැලි නැතිව
හඩනා විටදි නංගී කුසගිනි ඇතිව
දෙනෙතින් කදුලු වැගිරිණි අම්මා නැතිව
හිරු වේගයෙන් කැරකෙන විට අප අතරේ
මගෙ ජීවිතෙත් විය වෙනසක් මේ කතරේ
වෙන් වී යන විටදි නිවසින් සිටි සතරේ
ඇය තරුවක්ය දැන් දිදුලන නිල් අඹරේ
මචං උඹේ සංවේදි කවි හැකියාව නං නියමයි. මේකේ කොටසක් උඹේ අත්දැකීමක් වෙන්ටැති.. බොරු කියන්නේ මොකටද කවි දෙක තුනක් කියවන කොට කදුළු ආවා..
ReplyDeleteස්තූතියි දේශක. ඇත්තටම මේක මගේම අත්දැකීමක් ඒත් මට මේ කවි පන්තිය මීට වඩා ලස්සනට ගළප ගන්න ඕන වුණා. ඒත් මේ දවස්වල මම ටිකක් .....හරිම වචනෙන් කිවුවොත් මංඤ්ඤං වෙලා ඉන්නෙ නැවත වතාවක් ස්තූතියි වැව් ඉස්මත්තට ගොඩවැදුනට
Deleteදේශකයා කියන කථාව ඇත්ත.
ReplyDeleteස්තූතියි පී ඕ
Deleteමමත් දේශා එක්ක එකගයි බොක්කට වදිනවා
ReplyDeleteස්තූතියි සන්ජීව
Deleteමචං උඹ මාව ඇඬෙව්වා.සමාවෙයන් මෙහෙම ලිව්වාට.මගේ අපූරු අත්දැකීමක් තියෙනවා.මට ඒක reblog කරන්න හිතුනා.
ReplyDeleteදාමු බලන්න. ස්තූතියි ඔබට
Deleteඇත්තටම කවියෙක්, උඹ නම් ඇත්තටම කවියෙක් මචං.
ReplyDeleteඌ කවියෙක් උඹ කෙටි කතා කාරයෙක්
Deleteඑතකොට අර දේශකයා බේබද්දෙක්
ඉවාන්, අටන් අයියේ, පුංචි කාලේ නංගි නිදිකරවගන්න බැරි වෙනකොට මට ඇත්තටම ඇඩෙනවා. ඒත් මට මේ වෙලාවෙ ඒක කවියකට ගළප ගන්න බැරි වුණා.ගිය මාසෙ මගෙ නංගියා දීගෙක ගියා. මට දුකක් දැනුනා. එදා රෑ මම මේකෙන් කවි ටිකක් ලියුවා. ස්තුතියි ඉවාන් අටන් අයියෙ. මේ දවස් වල අර ප්‍රශ්නෙ නිසා මොකුත් ලියන්න හිතට එන්නෙ නැ
Deleteඅටමා බොක්ක හොඳ එකෙක්...
Deleteසුපිරියි !
ReplyDeleteස්තුතියි ලොකු
Deleteකියන්නට වඳන් නෑ.. හිතට පුංචි දුකක් එකතු කළා. ඒක තමයි රසාස්වාදය කියලා හිතෙනවා.
ReplyDeleteඅත්දැකීමක් හිතේ පුරෝගෙන ද කවිය නිර්මාණය උනේ.. ඇත්තටම ග්‍රේට්... !
බොර දියක ඉඳුවර
ස්තූතියි බෙන්, මම අඩ අඩා තමයි මේ ටික ගළප ගත්තෙ, සමහර කවි වල පදයයි දෙකයි. ඒ ඇත්තටම නංගි වෙනුවෙන් මම කරපු දේවල් කවියට ගෙතුනෙ.
Deleteහරිම ලස්සනයි. ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද හරියටම.
ReplyDelete>>වෙන් වී යන විටදි නිවසින් සිටි සතරේ
ඇය තරුවක්ය දැන් දිදුලන නිල් අඹරේ<<
ඩූඩ් අයියා ඔයා හරි මට මේ කවි පන්තිය හරියටම ගළපගන්න බැරි වුණා. සමාවෙන්න ගැටළුවක් ඇති කලාට. මේකෙන් මම අදහස් කලේ මම ගෙදරින් රැකියාවක් කරන්න පිටවන විට ඇය පාසල් ජීවිතේ හතර වෙනි පන්තියේ හිටියෙ.ඒ කියන්නෙ ගොඩාක් පුංචි වයසක්. ඇත්තටම ඒ වන විටත් අම්ම හිටියෙ පිට රටක. ඇය තරුවක් කියන්නෙ ඇය දැන් ඇත්තම කියනවනම් තරුණියක් අපි අර කියන්නෙ “ ඇහැට කනට පේන “ කියල. ස්තුතියි ඩුඩ් අයියා. මේකෙ අවසානෙට තව කවි ටිකක් ලියන්න හිතාන උන්නා. ඒත් මට බැරි වුණානෙ
Deleteස්තුතියි විස්තර කලාට වැව් ඉස්මත්ත. මට ඒක පැහැදිළි වුනේ නෑ කොයි විද්යටද් ඇය තරුවක් වුනේ කියන එක. ඉතිං බං දැන් ඒ ඉතුරු ටික ලියලා මේකට යටින් දාලා අප්ඩේට් කරන්න පුලුවන්නේ.
Deleteස්තූතියි ඩූඩ් අයිය
Deleteනියමයි කොල්ලා.. හිත පතුලටම වැදුනු කවි ටිකක්.
ReplyDeleteස්තූතියි චන්දන
ReplyDeleteඅම්මගේ කවි කම එහෙම්පිටින්ම පුතාටත් ලැබිලා තියනවා.. මේන්න හදවතින්ම ලියැවෙන කවි.. මෙහි අගය හා කියවන්නා තුළ ඇති කරන කම්පනය කොයි තරම් ද කියනවා නම් ඇසට කඳුළක් නාව කෙනෙක් නැතුව ඇති.
ReplyDeleteනලීන් අයියා ඇත්තටම මම හිතුවෙ නෑ මට කවියක් ලියා ගන්න පුළුවන් වේවි කියල ඇත්තටම මේ කමෙන්ට්ස් දැක්කහම මට තරමක නිහතමානි සතුටක් දැනෙනව. ඒ මොහොතක් මොහොතක් පාසා අටම් පහුර චීන මහා ප්‍රාකාරය වගේ මට පේනව. මොකද පාර පෙන්නුවෙ එයා නිසා. ඒ නිසයි ඔහු පෙන්නපු පාරෙ ඇවිදගෙන යනකොට මේ දෝරෙ ගලාගෙන යන කමෙන්ට්ස් මල් මට ඇහිද ගන්න පුළුවන් වෙන්නෙ. ස්තූතියි නලින් අයියෙ. හැබැයි ඉතින් මගේ කවි වල වැරැදි තියෙන ඒව පෙන්නුව කියල අමනාප වෙන කෙනෙක් නෙමේ මම. එවිටයි මට තව ටිකක් ලස්සනට කවි ගළපන්න හැකිවෙන්නෙ යැයි සිතන කෙනෙක් මම.
ReplyDeleteඅපූරුයි ! උඹ හොඳ අම්මා කෙනෙක්.
ReplyDeleteසෙන්න දැන් නෙමෙයි මම 9 වසරේ විතර ඉද්දී
ReplyDeleteකවියකුගෙ අත්දෑකිමක් අනිත් අයට දෑනෙන්න අරින ලස්සන.මම කවදාවත් විදල නෑතත් මාර විදියට සන්වෙදිවුනා.දෙශා කියල තිබුන කියන්න ඔන දෙ.වුඩ් අහල තිබුන නොතෙරුන තෑන. උබ දක්ෂයි කියල ඉතින් කලිනුත් කිවුවනෙ.
ReplyDeleteස්තුතියි දමිත්
ReplyDeleteමේක සුපිරි...
ReplyDeleteලොවෙත්!!!
අම්මා කෙනෙක් නැති ගෙදරක ඉන්න වෙනවා කියන්නෙ නම් කරුමයක්. සිරාවටම :(
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි ඔබට. ඒක නම් ඇත්ත මිත්‍රයා
ReplyDeleteඉස්සරලම ඇහැට කඳුලක් එක්ක හිතට සංවේදිබවකුත් එකක්යි ආරම්භ වෙන්නේ කවි පෙල. කාව්‍ය කිරීමේ හැකිායව නම් නියමයි. මට මේ ත් එක්කම සංගීත්ගෙ ලස්සන සින්දුවක් මතක් වුනා. දන් දී පින් දී උදම් වී....
ReplyDeleteස්තුතියි දමිත් පිළිගන්නව වැව් ඉස්මත්තට සාදරයෙන් ඔබව
ReplyDeleteකමෙන්ට් තුනක් විතර ටයිප් කරලා අයින් කරලා දැම්මා... ඒවා වැඩක් නෑ... බරපතල අත්දැකීමක් වෙන්න ඇති ජීවිතයට...
ReplyDeleteඇත්තටම නැහැ. මේක සාමාන්‍ය දෙයක් ගැමි ජීවිත වල. ස්තුතියි හිරු
ReplyDeleteමාර සංවේදියි! මට මොකක්ද කියන්නෙ කියල හිතාගන්නවත් බැරිව ඉන්නෙ
ReplyDeleteස්තුතියි සිතුම්
Deleteබීපු වෙලාවට උත්තර දෙන කොට අර රිප්ලයි කියන බටන් එක තමා ඔබන්න තියෙන්නේ.. හරිය
ReplyDeleteඔන්න මම හරියට එබුවා
Deleteදේශක වෑවුරුකන්නල ගිහින් තියෙනවද
Deleteකවිකම නම් ගොඩක් හොදයි...
ReplyDeleteමටත් තමන්ගේ අත්දැකීමක් කවියට හරි කතාවට හරි නගන්න ගියාම අපහසුයි... විශේෂයෙන්ම කවියක් නම් ගොතා ගන්න බැහැ... ඒ උනාට ඔය නම් ගොඩක් හොදට ලුඉයල තියෙනවා... සුපිරි
ස්තුතියි උපේක්ෂා
Deleteසුපිරි කවි ටිකක්......කවිය කියන්නේ කොහොමත් ඇග ඇතුලේ හිර වෙලා තියෙන දෙයක් එලිය දාන හොදම විදිහක්.....ඒක කරන්න උබට තියෙන හැකියාව ගැන සතුටු වෙයං......
ReplyDeleteස්තූතිය ඔබට
ReplyDeleteඋඹේ ලිපි වලත්, කවි වලත් මනුස්ස කම උතුරනවා. කවි ටික නම් මල් මසුරන් තරුණයා...
ReplyDeleteස්තුතියි මාතලන්.ලෝකෙ රටේ සිද්ධ වෙන දේවල් ලස්සනට ලියන ඔබේ ලිපි මම නිතරම කියවනවා.දන්නවනෙ මම කාලෙ හොයාගන්නෙ හොරෙන් කියල.
Deleteමේ තරම් සංවේදී පද වැලක් අමුනන්න ඔබට ඇති හැකියාව අගය කළ යුතුමයි , මට නම් හිතෙන්නේ ඔබෙන් සිංහල කවියට මීට වඩා යමක් කෙරෙන්නට තිබුණු දක්ෂ කවියෙක් මෙතුවක් සැඟවිලා ඉඳලා තිබෙන්නේ . මෙවන් සම්පත් සොයා දුන් අටම්පහුරේ මිත්‍රයාටත් ස්තුතියි කළ යුතුමයි
ReplyDeleteවැව් ඉස්මත්ත ලියන ඔබට ස්තුතියි , සුව සතුට පිරි දිනයක් පතමි .
ස්තූතිය මහේෂ් අයිය ඔබටත් සෞභාග්‍යමත් හෙට දිනක් පතමි
Deleteමනුස්සකම බේරෙන රත්තරන් වටින කවි ටිකක් බං
ReplyDeleteඔබට ජය!
මේක හොඳ බ්ලොග් 1ක් මං ෆලෝ කලා.
මම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
දුලා මම ආවා ඔයාගෙ අඩවියට මගෙ අඩවියට ඇවිත් ගිය ඔයාට ස්තූතිය
Deleteනියමයි මචං පට්ටෙට ලියනව මච්ං උබ. අමුතුම ලස්සනක් තියනවා මචං උබ ලියන විදිහේ
ReplyDeleteමචන් සාදරයෙන් පිළීගන්නව වැව් ඉස්මත්තට උඹව.
ReplyDeleteමචං වතුරට වඩා ලේ ඝනකමයි කියන්නේ බොරුවට නෙමෙයි.
ReplyDeleteඇත්තෙන්ම උඹේ කවි ටික හරිම සංවේදීයි.
මාත් මගේ නංගි ගැන පෝස්ට් එකක් ලිව්වා බ්ලොග් එක පටන් ගත්තු අලුතම.
තාමත් හැමෝම කියනවා මම ලියපු ඒවයින් ගොඩක් උන් කැමතිම ඒ පෝස්ට් එකට කියලා.
මේ තියෙන්නේ ඒ ලින්ක් එක ..
කැමති නම් කියවලා බලපන් . .
අනිවා දුකා මම කියවනවා
ReplyDelete