Friday, August 9, 2013
හසරැල්ලක් රැගෙන ඔබ දැකුමට එන්නම්
අරලිය මල් පිපී සුලගේ වැනෙන සද
ලියමල් තිබේ ගෙමිදුල හැඩ කරන ලද
දැකුමට පමණි පින, නෙලුමට නොහැක අද
හදපිරි බැතින් කරනෙමි මා මුනිදු පුද
දහසින් පිරී ඇත පොත්ගුල මෙහි තිබෙන
නැත වාසනාවක් එය කියවන ලෙසින
පෙරලමි රූප පමණක් බැලුමට නෙතින
එයටද ඉඩක් ඇත්තේ පින් කල බැවිණ
මට මෙහි ගතවෙනා සැම මොහොතක් ගානේ
දරුවන් සමග ඔබ සිහියට එනවානේ
කන්නට ගත් පතද ගිලගන්නට බෑනේ
අවුරුදු දෙකක් තව ඉවසන්නට ඕනේ
පලයන් වරෙන් ගෙනිහින් තියපං මේක.
මැදපන් හෝදපං වැසිකිළි වැඩ නේක
හේනේ පැලේ වැඩ කෙරුවත් කිසිදාක
මගෙ හදවතට දැනුණේ නෑ දුක ශෝක
අහසට නැගුණ ගේ මත සදු නැගුණ පැයේ
පසලොස්වක පෝය දිනකිය උඩට ගියේ
සාවා හැර ගොසිණි සද මත නොමැති රැයේ
සිසිලක් කොහිද මෙහි හද සෝගිනිය ලයේ
දොරකඩ තිබු ගස්වල මල් පිපෙනවද
මී අඹ ගහේ මී මැස්සන් සිටිනවද
පොඩිඋන් මගේ අම්මා ගැන අසනවද
මා එනතුරා මග බලමින් සිටිනවද
දෝනිට මගේ බොනික්කෙක් ගෙන එන්නම්
පුතුනට ඇදුම් පොත්පත් අරගෙන දෙන්නම්
ගේ පොඩ්ඩක් හදා තැබුමට පුළුවන්නම්
හසරැල්ලක් රැගෙන ඔබ දැකුමට එන්නම්
.......චන්ද්‍රා හේමචන්ද්‍ර............
ප/ලි.
අම්ම ලගට වෙලා ඉදගෙන අම්ම කියන කවි පදයක් ගානෙ කොල කෑල්ලක ලියාගෙන ආයෙත් කාර්යාලයට ඇවිත් කොටල දැම්ම. මේ අම්ම පිට රටක රැකියාව කරන කාලෙ සිතුවිල්ලක් හැබැයි ලිව්වෙ දැන් මට යන්න හදිස්සියි කියපු නිසා , වයසට ගියපු ඇස්දෙක චූටි කරගෙන ලියපු ටික කියවනකොට ඇස් දෙකට ආපු කදුළු ටික එහෙම්ම යටපත් කරගත්තෙ ලැජ්ජාවට නෙමේ. අම්මගෙ ඇස් වලිනුත් කදුළු එයි කියල බයට. ඒ අම්ම මොනව ලිවුවත් කිවුවත්, හොදයි අම්මෙ , ලස්සනයි අම්මෙ කියල කියන එකම පුතා මං හින්ද වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මෙහෙම ලියනකොට මට මැවිල පේන්නෙ ඉස්කෝලෙ යනකොට අම්ම මාව කථික තරග වලට, නාට්‍ය වලට පුරුදු පුහුණූ කරපු විදිය . ඇත්තමයි එක විනාඩියක් අම්ම ගැන මතක් කරන්නකො. කදුලක් ඇස් දෙකට එන්නැතුව තියෙන්නෙ නැ සත්තමයි.
අම්ම නේක දේවල් අහනව මේ කවි ලියල දැම්මම මොකද වෙන්නෙ කියල . මම අම්මට කියනව, අම්මෙ මේක දානව මම කොම්පියුටරේට එතකොට ගොඩාක් අය මේව කියවනව. කියවල හොදයි ලස්සනයි කියල යටින් ලියල යනව කියල.... අර සීගිරිය බලන්න ආපු අය එක එක දේවල් ලියල ගියෙ අන්න ඒ වගේ . ඒ ලියල ගියපුවා අද කුරුටු ගී වෙලා මිනිස්සු කී දෙනෙක් කියවනවද නේද. එතකොට ලැබෙන ආත්ම තෘප්තිය.
අම්මට කියල නිම කරන්න බැරි වේවි. කියල මම අම්මට කිවුව.
Subscribe to:
Post Comments (Atom)
මෙව අම්මට පෙන්නපන් බන්.අම්මට කොච්චර සතුටක් දෑනෙවිද කියල බලන්න.
ReplyDeleteඅනිවාර්යයෙන්ම පෙන්නනවා . දමිත් ස්තූතියි නුඹට
Deleteඅම්මා කෙනෙක් කියන්නේ කොපමන පූජනීය වස්තුවක්ද.ප්‍රශ්ණාර්ථ ලකුනක් දාන්නේ නැත්තෙත් ඒක ප්‍රශ්ණයක් නොවෙනම නිසා.
ReplyDeleteප.ලි.
වැව්...... මම මගේ නංගි ගැන ලිව්වා.වෙලාවක් තිබුනොත් බලන්න.
ස්තූතිය ඔබට. ඔබට පිළීතුරක් ලියන්න කලියෙන් කියෙව්වෙමි ඔබේ සොයුරෙකුගේ දුක හගවන්නාවු කාව්‍ය පන්තිය
Deleteඒක තමයි උඹට මේ තියෙන ටැලන්ට් එක. මේවා මෙහෙම හරි එළියට එන එක කොච්චරන වටිනවද..? අම්මට කොම්පියුටරේ අකුරු කොටන්න උගන්නපන්... මම දන්න ඇන්ටි කෙනෙක් ඉන්නව.. එකසිය ගානට කොම්පුටරේ වැඩ...
ReplyDeleteස්තූතියි මාතලන්. අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා
Deleteඅරලිය මල් වැටුන චේතිය ඝරය පුරා....
ReplyDeleteපහලට නෙරා ගිය අරලිය මලක් අරා.....
දෝතින් නෙලා පැන් ඉස මා හදවතක් පුරා...
අම්මා නමට සිහිකර මා වඳිමි ගරා.....
මහා ඝන අව්වේ ගල් තලනා නුබේ දෑත....
සියුමැලි මගේ පෑනට අසු වෙන දෑත....
දහඩිය ගලා යන නුබේ හිස මත දෑත.....
වඳිනට අවසරයි සිහිවන හැම මෝත.....
දකිනා විටදී ලියවුන මේ කවි පේළි....
මැවී මැවී පෙනේ මගේ අම්මා හද වේලි...
කඳුලැලි ඇවිත් නෙතඟට ඇගෙ දුක දූලි....
වලටත් වඩා සියුමට ඇත හද පේළි.....
දරුවන් බොහෝ නැතුවත් මා ළඟ ඉන්න...
ඇය මා රකින්නේ මුතු මෙනි බෙල්ලෙක් රකින.....
අකුරක් කියා දී නැතුවත් මා අහන....
අකුරක් ගානේ ඇගෙ ඇත දහඩිය රැඳුන......
- අම්මා ගැන කියන්න වචන නැහැ. දන්නේ මෙච්චරයි. ජීවත් කලේ අම්මා. ඒ ජීවිතේට පණ දුන්නේ අප්පච්චි.
හදවත අම්මා. ගැහෙන්නේ අප්පච්චි නිසා...
බොර දියක ඉඳුවර
ඔක්කොටම කලින් මේ ලස්සනට ලියල තියෙන කවි පන්තිය මම අම්මට දුරකතනයෙන් කියෙව්ව.ඒක තමයි මම මැෂින් එක ඔන් කරාට පස්සෙ කරපු පළමු රාජකාරිය. ස්තූතියි බෙන් ඇත්තටම ඔයා කවියෙක්ද.එහෙම නැත්තම් අ.ත.ක.ස සාමාජිකයෙක්වත්ද. ඇයි දන්නවද මම එහෙම ඇහුවෙ ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙ ඔය අතකස ගැන ඇහුවට පස්සෙ මේ ලගකදි වෙනකම් ඔය වචනෙ මට ඇහුනෙ නෑ.ඒකයි
Deleteමචං! අම්මා කියන අකුරු තුනට හරි අරුතක් දෙන්න අපි කාටවත් බෑ.. උඹේ මේ වෑයම ඒ දිරිය මෑණියන්ට උපහාරයක්ම වේවා!
ReplyDeleteස්තූතියි නාඩියා
Deleteඇත්තෙන්ම හරිම ලස්සනයි. අම්මා අපේ කමෙන්ට් කියවනවද? කියවන්න දීපං. හරිම ස්තුටුවෙයි. උඹට මේ ටැලන්ට් එක ලැබුණ හැටි ගැන දැන් සැකයක් නෑ.
ReplyDeleteස්තූතියි ඩුඩ් අයියා.
Deleteමචෝ උඹේ කවි ගැන නම් කියන්න වචන නෑ.. අම්මට පෙන්නහන් මේ පෝස්ට් එක.
ReplyDeleteඅනිවාර්යයෙන්ම පෙන්නනවා. ස්තූතියි චන්දන
Deleteනවකතාවට අටමා නම්
ReplyDeleteකවි වලට උබ තමා.
අදයි දන්නේ කවි උබට පිහිටල තියෙන්නේ උබේ අම්මගෙන්
නැතුව නැතුව...තාත්තත් කවි කාරයෙක් වෙයිද මන්ද....මොකද දන්නවද... මේ දවස්වල අම්ම අපෙ ගෙදර ඇවිත් ඉන්නෙ.. ඔය දුකට තාත්තත් පටන් ගනීද දන්නැ කවි ලියන්න. එහෙම ලිව්වොත් ඒවත් ඉතින් මේ අඩවියේ පෙනේව් ඕං
Deleteහිටු හිටු මං එන්නං බලන්න
Deleteෙමකට පිළිතුරු ෙදනන් හිතා ගන්නා බෑ.කවිෙය් අැතුලාන්තය කියන ෙද් මට ෙගාඩාක් දැණුනා.
ReplyDeleteඇත්තටමද ස්තූතියි ගයානි
ReplyDeleteමුල අල්ලලා දුන්නොත් අම්මට යුනිකෝඩ් බැරි වෙන එකක් නැ
ReplyDeletemoko me ko atampahura.
Deleteඒ හිත අතුලේ තිබුන දාහක් දේවල් මට මේ කවි ටික අතුලෙන් තේරුණා
ReplyDeletethanks rehani. thawa tikak thiyenawa
ReplyDeleteතව ලියන්න ශක්තිය ලැබේවා. මේකයි උඹේ ටැලන්ට් එක..
ReplyDeleteස්තුතියි දේශක
ReplyDelete