Wednesday, March 25, 2015

අලුත් පාලමේ සුන්දරිය


අලුත් පාලම ලගින් බසය නතරකරන තාක් ම මාහට සිටගෙන ඒමට සිදුවිණ. පැය පහක පමණ වේලාවක් මැදියම් රැයේ සිට  කෙසේ නම් සිටගෙන එන්නේ දැයි මටම  නොවුණත් ඉදගෙන එන ඈයන්ටනම් හොදටම තේරුම් යන්නේය. ඒ මන්ද ..සිටගෙනම නින්ද ගොස් ඔවුන්ගේ ඇග මතම ඇතැමුන් වැටෙනා බැවිනි...මා බසයෙන් බැස ගතිමි. ඉර එළිය වැටෙන්නට ආසන්නයේවත් නොතිබිණි. ගමන් බෑගය දකුණු උරහිසට ගත් මා  කහ ඉර දිගේ ගොස් පාර මාරු වුණෙමි. ඒ වන විටත් පාන්දර පහට පමණ විය. ගෙදර සිටියානම් තවමත් කට්ටම කළුවරය. එහෙත්  මුළු පෙදෙසම ආලෝකමත් කරමින් අලුත් පාලමට දිවා කල පෙනුමක් දෙන්නට අපිට හැකි වෙතැයි  කියන්නාක් මෙන් දැල්වෙන වීථී ලාම්පු සාඩම්බරයෙන් අප දෙස බලා සිටින්නාක් මෙනි. ගමේ ටවුමේ අධික කාර්ය බහුල වෙලාවක වුව දැකිය නොහැකි තරමේ මිනිසුන්ගෙන්ද රථ වාහනයන්ගෙන්ද පිරි අධික තදබදයක් ඒ වන විටත් එම පාරේ දැකිය හැකි විය. කලාතුරෙකින් පැමිණෙන අපට ඇතැම් විට මෙය අරුමයක්ද වනු ඇත. කොළඹ සිට ගුවන් ‍තොටුපොල පැත්තට ගමන් කරන බසයක්  එනතුරු තියුණු ලෙස දෑස් දල්වා ඒ දෙස බලා සිටින්නට අපට සිදුවින. ඒ ඈතින් එන බසයේ නාම පුවරුව නොපෙනෙන බැවිණි. මා සිටි තැනට උඩින් තිබු ගසක අත්තක වසා සිටි කාක්කෙක්ගේ වසුරු පිඩක් චකස්..යන හඩින් බිම පතිත විය..විසිරී ගිය වසුරු මාගේ සපත්තු යුගලයට මද වශයෙන් ඉසිරී ගියෙන් මා වහා එතැනින් වෙනතකට ගෑටුවෙමි.

පසුපසින් තිබුණු කුඩා තේ කඩයක අයිතිකරු දොර නොඇරම කඩය අස්පස් කරනු පෙනේ. සෑහෙන වෙලාවක් සිටියද බසයක් ඒම ප්‍රමාද වූ බැවින් සිගරට්ටුවක් ඉරීමේ ආසාව තදින් දැනෙන්නට විය. හෙමින් සීරුවෙ කඩකාමරය  ලගට සේන්දු වුනෙමි. සිකරට් නෑ..හ්.. මළ පනින ලද්දෙකුගේ සුවරූපයෙන්  ලැබුණූ පිළිතුරෙන් මා වහා පාරට පැමිණියෙමි..ඒ තවත් මොනවා හරි  පනිනතොත් අන් අයගේ අවධානයට මා ලක්වීමට ඉඩ ඇතැයි යන නියත වූ බියකින්ය. සිගරට් බීම ගමනාන්තයට කල් දැමුවෙමි.

නානප්‍රකාර මිනිසුන්ගේ නානප්‍රකාර ක්‍රියාකාරකම් බලමින් නිකරුනේ කල් ගෙවාලන්නට මා හට සිදු විය. ඒ වන විට අප සිටි තැනින් ගමන් කරන බොහොමයක් වාහන ඈත ප්‍රදේශවලට ගමන් කරන ඒවා විය. ඇතැමෙක් ඈතින් ධාවනය වන බසයක් වෙත බසය ලගා ‍වෙන්නටත් පෙර  ඒ දෙසට දුවන්නට විය. එහෙත් ඒවා නොනවත්වා ධාවනය කරන්නේ ඈත ප්‍රදේශ වලට  ධාවනය වන බැවිණි. වරක් නොව කිහිප සැරයක්ම එසේ කළද යථාර්තය අවබෝධ කරගත්තාක් මෙන් පසුව සිටි ස්ථානයටම වී උන්නේ පසුව වටපිට විපරම් කරද්දී දැනුනා වූ ලැජ්ජාව නිසාදෝයි මට සිතුණි.

ක්ෂණයකින් මාර්ගයේ අනිත් පැත්තේ සිට කහ ඉර දිගේ පාර පැනීමට මාන බලා ඉන්නා කෙල්ලක මගේ නෙත ගැටින..ඒ ඒවන විට එතැන උන් එකම ගැහැණු පරානය වූ බැවින් යැයි මට සිතුණි. දිගු කලිසමකින් හා කහ පාටැති ටී සර්ට් එකක් පැළැදි ඇය පිටමත  ඇයට වාවා ගත නොහැකි යැයි සිතෙන තරමට විශාල වූ බෑගයක් විය. ඉතාමත් අමාරුවෙන් වුව ඇය අප සිටි පැත්තට පැන ගත්තීය. මාගේ දෙනෙත් ඇය දෙස බලා උන්නේය. මා පමණක් නොව මා ආසන්නයේම උන් වසර හතලිස්පහක් පමණ යැයි කිව හැකි වයස් ඇති පිරිමියෙකුගේද දෙනෙත්  ඇය කෙරෙහි ඇති බව  මට පෙනුනේ, මා දෙස ඇතැමෙක් බලා හිිදින්නේදැයි සැක හැර ගනු වස් වටපිට බලන කල්හිය. අප උන් තැනට මීටර්  දහයක් පමණ දුරින් ඇය ගමන් වේගය බාල වුණු අතර, එතැන්හි තිබු විදුලි කණූවක් ආසන්නයේ ක්ෂණයකින් බිමට නැමී වමණය දමන්නට වූවාය. බසයේ පැමිණ ගමන් මහන්සියට එසේ වන්නට ඇතැයි මට සිහිවිය. මට දුක සිතුණි. මා ඇය සිටි දෙසට ප්‍රතිවිරුද්ධ දෙසට හැරුණි. පෙර කී මිනිසාද ඇය වෙත දෙනෙත් යොමා උන්නේය. පැය කාලක් පමණ වේලාවක් ඇය විටින් විට වමනය කරන්නට වුවාය. විටෙක හිස ඔසවා තමා දෙස කවුරුන් හෝ බලාසිටින්නේදැයි සැක හැර දැන ගැනීමට මෙන් වට පිට බලන්නට වූවාය.

මා සිත දෙලොවක් අතර  තනිවිය. ඇයට කුමක් සිදුවීද යන්න විමසීමට යනවාදැයි මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන්නට විය. ඇය කෙල්ලක ත්, මා කොල්ලෙකු ත් බැවින් බලා සිටින්නවුන් මා ගැන වැරදියට සිතන්නට පුළුවනි මට සිතුණි. එසේ අසන්නට ගොස් ඇය විසින්ම මට ඇණුම් පද වලින් සංග්‍රහ කරන්නට වුව හොත් මා හට පොලොව පලා යන්නට නොසිතෙන්නේද...මගේ සිත මුමුණන්නට විය....මා එහි නොගියෙමි. පවු අසරණ කෙල්ල  ඇයත් මා මෙන් ඈත පිටිසර ගමක සිට මා මෙන්ම බසයක සිටගෙනම ආවා වන්නටද බැරි නැත. මෙහි සිටින කවුරුත් මා කවුරුන්දැයි නොහදුනන නිසා ඇය ලගට යනවා යැයි මගේ හදවත කොදුරන්නට විය. නැවතත් මා පසුපසින් සිටි මිනිසා දෙස හොරැහින් බැලීමි. එවිට ඔහු මා දෙසත් ඇය දෙසත් මාරුවෙන් මාරුවට බලනයුුරු මට පෙණින. මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. එහෙත් ඇයගෙන් සුව දුක් විමසීමටවත් ඇය වෙත ලගා වීමටවත් මගේ සිතුවිළි ඊට ඉඩ නොදුන්නේ මන්දැයි  මටම ගැටළුවක් බදුය.

මා ඇය වෙත නොගියෙමි. එහෙත් ඊට මොහොතකට පසු ඇය අප සිටි ආසන්නයට පැමිණියද පියවර දහයකට පමණ වඩා ලගටද නොපැමිණියාය. මා ඉතාමත් හොදින් ඇයගේ මුහුණ ග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරීමි.  ඒ වනාහි වනචර කමක් හෝ වෙනත් නරක ඡේතනාවකින් නොවන බැව් කියන්නට මා උත්සාහ නොගනිමි. පසු දින රැය මුළුල්ලේම මත් පැන් පානය කළ පුද්ගලයෙකුගේ මුහණකිය මට ඈ වෙතින් දකින්නය හැකි වූයේ. බොහෝ වේලාවක් බසයක නිදාගෙන පැමිණී ගැහැණියකගේ මුහුණක් එසේ නොවන බව මගේ හැගීමයි. මා ඉතා හොදින් ඇගේ මුහුණ දෙස පරීක්ෂාකාරිව බලා උන්නෙමි. ඇගේ දෙනෙත් ඉදිමි දොඹ ගෙඩි මෙන්ය. තෙල් ගතියෙන් යුතු ඇගේ දෙකම්මුල් හරියට කොත්තු ගසා අවසන් කරන ලද කොත්තු තැටියක් මෙනි. ඇය මුළු රැයම නිදි නොලබාම පහන් කල යුවතියකැයි මට සිතුණි.

පිටිසර ගම්වල සිට නගරයේ ඇති ඇගලුම් කම්හල් වල වැඩට එන ඇතැම් තරුණ යුවතියන්, තරුණයන් හා විවාහ නොවී, විවාහ වූවන් සේ එකට ජීවත් වන බව මා අසා ඇත. සාලිය අශෝක මාලා මෙන් ටික කලක් පමණක් ආදරයෙන් ඔකදවන ඔවුනොවුන් වෙන් වී යන්නේ දැන් දැන් ලාංකීය සංස්කෘතිය බටහිරකරණය වී ඇති සෙයක් පෙන්වමිනි.සැබෑ සුන්දරත්වයෙන් සෙනෙහසින් පිරි දීර්ඝ යුග ජීවිතයක් ඔවුන් අපේක්ෂා නොකරනවා ඇතිය. තාවකාලික ලිංගික ආලිංගනයේ යෙදෙමින් ඔවුන් පතන්නේ කුමන සතුටක්දැයි විටෙක මට සිතේ. ඇතැම් විට ඇණුම් බැණුම් පහර දී ගැනීම් වලින්ද ඔවුන්ගේ ජීවිත පෝෂණය වන්නා සේය.  නැවතත් හිමිදිරි පාන්දරට කිසියම් දෙයක් ‍සිදු නොවුවා සේ ඔවුන් හැසිරෙන අයුරු  මා දැක ඇත.  කරදර වලින්  බේරීමට බැරිම තැන හිමිදිරි පාන්දරම ඇය නිවසින් බැහැරට යන අවස්ථාද එමටය..මෙයට නගරයේ කියා හෝ ගමේ කියා වෙනසක් නැතිය...එසේනම් මැයත් එවන් යුවතියක් නොවන්නේද..මොළය සිතුවිලි මවමින් හා මකමින් උන්නේය...

නොහදුනන යුවතියක නොහදුනන පිරිමියෙකු දෙස ක්ෂණයකින් බලා නැවත ඔහු දෙස නොබලන බව මා දනිමි. බලන්නේ නම් ඒ කලාතුරෙකිනි. එහෙත් දැන් දැන් ඇය මා දෙසම බලා සිටින්නට වූවාය. මගේ සිත ලැජ්ජාවකින් මෙන්ම සියුම් වු චකිතයකින් වෙලී ගියේය.මා මොහොතකට  පසුපසින් සිටි  මැදිවියේ උන් මිනිසා දෙසට කිට්ටු වී අහක බලා ගත්තෙමි. ටික වේලාවක් වෙනතක බලා උන් මා නැවත හොරැහින් ඇය දෙස බැලුවෙමි. තවත් පිරිමියෙකුගේ උරහිසට ඉහළින් ඇය මා දෙස බලා ඉන්නා අයුරු මට පෙනිණ.

ඇය මන්ද මානසික යුවතියක්දෝයි මට සිතුණි.එහෙත් ඇදුමින් පැළදුමෙන් හා හැඩහුරුකමින් එසේ නොවන්නේ යැයි මගේ සිත මටම දොස් පවරන්නට විය .ඇගේ ඉදිමුණු දෙනෙත් යුගලය හා තෙල් සහිත මුහුණ නොවන්නට ඇය සුරූපිණියක් යැයි මට සිතුණි. ඒ කෙසේ වෙතත් මෙතෙක් වේලා මදෙස බලා සිටින ඇය කුමන හෝ සමාජ අසාධාරණයකට ලක් වූ යුවතියක් විය යුතුය.නොඑසේනම් සමාජයේ අසාධාරණ යැයි සම්මත රැකියාවක් කරන්නියකු විය යුතුයැයි  මගේ සිත උපකල්පනය කරන්නට විය.ගමින් නගරයට බට අහිංසක යුවතියක යන එන මං නොදැන අතරමං වූවාදෝයි මට වරෙක සිතුණී.

එසේ  නොමැත්තේ නම් ඇය නූතන නගර  සෝභිනියක් ද යන්නත් මා තුළ සියුම් සැකයක් ඉපැදිණ. දිනෙක අනුරාදපුර නගරයේදී  කාන්තාවක් මට අතවනා කතාකල අයුරු මට සිහි විය. ඇය වයස පනහත් ඉක්මවන ලද්දියකැයි මට සිතුනි. කිසිම දිනෙක ගණිකාවක් දැක නොතිබුණු මා මේ නම් ගණිකාවක්ම විය යුතුයැයි මා අවබෝධ කර ගත්තෙමි. ඔවුන් දැකීමත් පිළිකුලක් අප්පිරියාවක් දනවන්නකි...මැයත් එසේ ගණිකාවක් නම්  මා හට  ඉගියකින් හෝ ආමන්ත්‍රණය කරනු ඇත. අනුකම්පාවෙන් ඇය දෙස බැලූ මා කෙරෙහි වෙනත් වූ සංවේගයක් උපද්දවාගෙන එසේ මා වෙත ආමන්ත්‍රණය නොකිරීමෙන් ඇය ගණිකාවක් නොවන බව තහවුරු නොවන්නේද.?

ගැබිණියක් වීමේ මුලික අවස්ථාව වමනය දැමීමෙන් පසක් නොවන්නේද, කවුරුන්  හෝ පාදඩ පිරිමියෙකුගේ රුධිරයෙන් නිපන් කළලයක් ඇය කුස තුල දරා නොසිටින්නේද.. අනියත බියකින් මුසු සෝකීය දෙනෙතින් යුක්තව මා දෙස බලා සිටින ඇය දෙස මා සිතේ කිසිදු හැගීමක් පහළ වූවේද නොවූවේ ද යන්න පවා සිතිය නොහැකිය.

ගුවන් තොටුපොල වෙතට දිවෙන බසයක් අප  ඉදිරියට විත් නතර කෙරින. බසයට නැගි  මා නැවත වරක්  ඇය දෙස බලන්නට උත්සාහ කළෙමි. ඇය ඔහේ බලාන උන්නාය එහෙත් එම දෙනෙත් යුග කවුරු දෙස එල්ල වී ඇද්දැයි මා නොදැක්කෙමි. එහෙත් ඇය බලා උන්නාය.

40 comments:

  1. තව ටිකක් කියවන්න තිබුනානම් කියලා හිතුනා..ඒ තරම් ලෝබයි..
    එල ද බ්‍රා
    අර කඩකාරයා සිගරට් එකක නොදුන්න එක නම් වැරදි.

    ReplyDelete
    Replies
    1. ඒල ද බ්‍රා .....තෑන්ක්ස් ෙමන්ඩිස් සෙහා්...

      Delete
  2. අනේ මංද මට නං වැරදි මයි පෙනුනෙ...
    අකුරු වැරදී ඒකියන්නෙ අක්ෂර දෝෂ අතිමහත්...
    අනික වාර්ථාමය ස්වරූපය වැඩියි...
    කතාව හොදයි... ඒත් ලියල තියෙන දේවල් එක්ක බලපුවාම මේක වෙනස් වුණා නං හොදයි කියල හිතුණා... ඒ කිව්වෙ මේකත් නිකං අර මෙගා නාට්ටියක් වගේ...
    දිගට දිගට තිබ්බට පොඩි කතාවක්
    මංද තවත් ට්‍රයි කරන්ට එතකොට හොදට ලියන්ට පුලුවං වෙයි...
    අනික මං විචාරය කරන්ට දන්නෙ නෑ හිතුණ දෙයක් විතරයි කීවෙ...
    අහිතක් නොහිතන්ට හොදයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් සමග එකඟ වෙනවා. මෙවැන්නක් ඉදිරිපත් කිරීමේදී ලේඛකයාට විශාල වගකීමක් තියනවා. මෙය හරියට හිතට එනදේ ඒ විදිහටම අමු අමුවේ ලියා දැමීමක්. එවිට එය නිර්මාණ කාර්යයක් වන්නේ නැහැ. පුවත්පත් වාර්තාවක් වගේ වෙනවා.

      නිර්මාණයක තිබියයුත්තේ අපූර්වත්වයක්. එවිට තමයි එය අපූරු කතාවක් වන්නේ. මූලික ව්‍යාකරණ රීතිවත් නොසලකා හැරීම නම් අනුමත කරන්න බැහැ.

      Delete
    2. මහේෂ් රත්නායක සහෝ.... අක්ෂර දෝෂ කෙරෙහි මා දැඩි අවධානයක් යොමු නොකල බව සැබවි.නමුදු එසේ කලානම් මා හට මෙවැන්නක් පළ කිරීම මහත් අපහසු වනු ඇත. විචාරය කිරීමට ඔබ නොදන්නවා යැයි කී නමුදු ඔබ කල ඒ විචාරයට මගේ දහත් වූ ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි. කෙටි කතාවක් ලියන්නේය යන අදහස මා සිත තුළ නොතිබුණද එක් අවස්ථාවක මා සිත තුළ ජනිත වූවා වූ යම් අදහස් සමූහයක් කැටීකර දැක්වීමට මා උත්සාහ කළෙමි..ඔබ ඒ විචාරය කරන්නට යෙදුනේ එහි අවසන් ප්‍රතිඵලයයි. වෘත්තීයෙන් වෙනස්ම ආකාරයේ රැකියාවක් කරන මා අතින් එළි දකින පෝස්ට් තුළ බොහෝ අඩුපාඩු දකින්නට ලැබෙනු ඇත...ඉතින් සමාව භජනය කරමින් නිරන්තරයෙන් මෙලෙස මා දිරිමත් කිරීම ගැන නැවත වරක් ස්තූති වන්ත වෙමි

      Delete
    3. විචාරක තුමණි, ඔබේ විචාරය උදෙසා මගේ ප්‍රණාමය පුද කරමි....ආධුනිකයින්ගෙත් ආධුනිකයෙකු වන මා කෙරෙහි අනුකම්පාවෙන්...මා අතින් ගිලිහී යන්නා වූ නීති රීති ඇතොත් නිදර්ශනාත්මකව මාගේ පෝස්ටුව විචාරය කරන්නේනම් එතුළින් මා හට යම් අවබෝධයක් ගැනීමටද හැකි වනු ඇත. ඔබට මාගේ කෘතඥතාවය.....

      Delete
    4. හ්ම්ම්ම්

      Delete
    5. අක්ෂර වින්‍යාසය ගැන සැළකිලිමත් වුනේ නෑ??????

      අඩෝ පන්නනවා

      විහිලුවට මල්ලි තාම වැලිසරද ඉන්නේ? අලුත් පාලමෙන් බැහැල බදු බැලන්ස් කරන්න යන්නේ

      Delete
    6. හැක්...හැක්.....ලගකටනම් නම් එපා..ඕං.....

      හ්ම්....හ්ම්.....

      Delete
  3. උඹ කාලයක් ලියුවේ නැනේ , දිගටම ලියහං

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අටං අයියෙ..දිගටම ලියනවා.....මං මගේ අඩුපාඩු හදා ගන්නවා

      Delete
  4. යොදාගෙන තියෙන වස්තු බීජය ඇතුලේ හිතන්න හුඟක් දේවල් අපිට ඉතුරු කරලා වගේ දැනුනා. පින්තූරයත් ටිකක් වෙනස් වුනා නම් හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. තුශානි, කියන්න හුගක් දේ ඉතුරු නොකර ලියන්න හිතුනා...ඒත් එසේ නොකර අවසානය මෙසේ තියන්නට මට සිදු වුණා. ඇතැමි විට අවසානය වෙනස් කරානම් එසේ නොවන්නට ඉඩ තිබුණි......ඇත්ත...පින්තූරයක් හොයන්න මට කාලය හරස් වූණා... අන්තිමේදී...ඔන්න ඔහේ එකක් අරන් පබ්ලිස් කරල දැම්මා.......මගේ ස්තූතිය ඔබට

      Delete
  5. උඩින්ම මෙන්ඩා කියන්න වගේ තව ටිකක් කියකන්න තිබුනනම් හොඳයි හිතුනා. සැබෑ අත්දැකීමක් වගෙයි .

    ReplyDelete
    Replies
    1. රෑ 12 ට දුටුවැෙවන් ඒන බස් ඒෙක් නැගල අලුත් පාලෙමන් බැහැපු මම මිනිත්තු කීපයකදී දැකපු ෙදයක්.....සියල්ල සත්‍ය ෙනාෙව්.....අසත්‍යද ෙනාෙව්........ස්තුතියි මෙනා්ෂ්...

      Delete
    2. හුටා..ඒ කියන්නේ ඇත්තටම උඔ ගුවන්තොටුපල බස් එකක ආවද..වර ගහමු බෝතලයක්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. මෙන්ඩි කලින් කිවුවනං කෙලින්ම එනව...මගින් බැස්ස ...බෝතලේ පරිස්සමට තියාගත්තනං

      Delete
    4. හිතන්න යමක් තියෙනවා වැව්. හැබැයි වාර්තාමය ගතියක් දැනුනා.

      Delete
    5. තෑන්ක්ස් දිල්ෂාන්....

      Delete
  6. හරිම අපූරු තේමාවක් දිගේ ලියවුන කතාවක්.. ඇත්තටම ලස්සයි.. බොහොම ආසාවෙන් කියෙවුවේ.. ලිපිය පෝස්ට් කරන්න කලින් අඩුපාඩු ගැන එහෙමත් බැළුවනම් හැම දේම සම්පූර්ණයි..

    ReplyDelete
  7. තේමාව හොඳයි. එක දිගට කියවන්නත් ඇහැකි. පොඩ්ඩක් වාර්තාමය ගතියක් නැත්තෙත් නෑ. කමක් නෑ. ඉස්සරහට හරියයි.

    ReplyDelete
  8. අදයි වැව් ඉස්මස්තට ගොඩ වුනේ.. කොච්චරවත් ආලවන්ත හුඳකලාවට ඇවිත් ගියත්..
    මේ වස්තු බීජය හරිම ෂෝක්.. කියවගෙන යන්න ආසයි. තව ටිකක් ලස්සන කලා නම් තව සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..දිනිති.....

      Delete
    2. දිනිති සාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්තට...එන්න කියවන්න අඩුපාඩු පෙන්වන්න.....

      Delete
  9. ////තෙල් ගතියෙන් යුතු ඇගේ දෙකම්මුල් හරියට කොත්තු ගසා අවසන් කරන ලද කොත්තු තැටියක් මෙනි///

    දැක්කමයි කෙල්ලෙක්ගෙ මුණ මෙහෙම වර්ණනා කරලා තියෙනවා .. කාලෙකින් ලස්සනයි කථාව. ඔයාට මීට වඩා හොදට ලියන්න පුළුවන් කියලා විතරක් කියන්නම් හොඳේ

    ReplyDelete
  10. දිගටම ලියහන්... ලියන්නේ නැතුව හිටපු කරුමය තමයි මේ.. පුළුවන් තරම් කියවපන්..

    ReplyDelete
    Replies
    1. අනිවා ..මාතයියෙ...උපරිමයෙන්....ස්තූතියි නැවත වතාවක් සින්ඩියට දා ගත්තට...

      Delete
  11. අඩේ වැවා.. මං මේක කලින් කියෝල තිබ්බෙ නෑනෙ බං.. සිරා ඕයි තමුසෙ ලියනවා.. (කනව බොනව වගේම තමයි.. හැක් හැක්..) කතාවට මොකක් හරි අවසානයක් තිබ්බනම් හොඳයි වගේ.. එහෙම නැත්නම් උඹ අවසන් කරපු තැන මට අවුල් වගේ..

    ඔන්න එල්ල ගන්නව රෝලෙ ආයේ මිස් නොවෙන්නම.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණෙ පිළිගන්නව සාදරයෙන් වැව් ඉස්මත්තට.....ඒක හරි මොන දේ වැරදුනත් ප්‍රස්නයක් නෑ...මේකෙ අවසානයක් නැති එක ඇත්තටම අවුලක් කියල දැන් මට තේරෙනවා...

      නැවත වතාවක් ස්තූතියි...කලණෙ...

      Delete
  12. කාලෙකින් වැවු ඉස්මත්ත පැත්තට ආවේ.. කතාව හොඳයි.,. අර උඩින් කියල තියන අක්ෂර වින්‍යාස දෝෂය නෝට් උනා.. ඒ උනත් කතාව හොඳයි.. ඔය වගේ අය අද ඕනේ තරම් ලංකාවෙන් හොයාගන්න පුළුවන්. ලංකාව බටහිරකරණය වෙනවා. ඒකෙ ආය හොයන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. එල එල අවුරුදු කාලෙට කොහා වඩිනව වගේද....
      තෑන්ක්ස් අගහරුවො....

      Delete
  13. ඕක මේ සමාජයේ පරිණාමයද විපරිණාමයද කියලා කියන්න තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මං රිප්ලයි කරා ...කොහෙ ගිහින්ද...

      එක් පැත්තකින් පරිණාමය වෙනකොට තව පැත්තකින් විපරිණාමය වෙනවා.....යැයි සිතමි

      Delete
  14. මේකේ තව කොටසක් තියෙනවද ??........ නිකන් ඒ වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තව කොටසක් නෑ...නමුත් තිබිය යුතුයි..කියල මට හිතුණා දැන් කල් වැඩි මැලේ....තෑන්ක්ස් වැව් ඉස්මත්තට ගොඩ වැදුනට

      Delete
  15. මරු.රසය තීව්‍ර වෙන්නේ අර අන්තිමට තියෙන " ඈ ඔහේ බලාසිටියාය" කෑල්ලෙන්

    ReplyDelete
  16. තව දිග්ගැස්සුනානම් හොඳයි වගේ

    ReplyDelete