Tuesday, March 31, 2015

රට අරක්කු නෙමේ අපිට කසිප්පු දීපල්ල....


මලනුවන් මිය ගොසින් ලද මුදලකින් තේ කඩයක් සදා
ටිකෙන් ටික එය වැඩි දියුණු කර ගත්තෙ මුළු දහිරිය යොදා
හදවතින් නොව බුද්ධියෙන් ඔහු වියාපාරය නිති හදා
සුදු වතින් ගිලිහී ගොසින් ඇත කලු වතට පැන විත් මෙදා

පුංචි ලාභය වටිනවා බඩු ගොඩක් විකුණන විටදි මාමේ
තාත්තට මගෙ කියූ හැටි මට තාම මතකය රෑක යාමේ
ලාබෙ වැඩි කොට දෙන්න බැරි විට අනිත් කඩවල් වැහිල යාමේ
ප්‍රවණතාවය වැඩි වෙලා අද එකම කඩයයි හත්වලාමේ

නියෝජිත තැන් බඩු බෙදා යන කියූ වදනකි මෙමට දිනයක
මගේ මිලටත් වඩා අඩුවෙනි ඔහුගෙ  බඩු මිල නොමැත සැකයක
වෙනත් කඩවල් ගමේ විකුණන සියළු දේවල් පුරා තෙමසක
මොහුගෙ කඩයේ විකිණිලා යයි පුදුම කරමින් එකම දවසක

ගමේ ඔක්කොම කුඹුරු හිමියන් ඔවුන්ගේ වී විකුණ ගන්නට
මොහුගෙ කඩයට යන්නෙ නිතරම ගත්තු ණය ටික ගෙවා ලන්නට
අහිංසක මිනිසුන්ගෙ මුදලින් මහා බිල්ඩිං කුඹුරු ගන්නට
කොච්චරක් නම් කපටි ඇද්දයි නොහැක කාටත් සිතා ගන්නට

ළතෙත් බව කාරුණික බව නම් දෙයක් නැත්තෙලු ජීවිතේ
බළල් මස් ගෙන විකුණලා හෝ මුදල් සෙවුමලු ජීවීතේ
බිරිද දරුවන් ඉන්නවාලූ කන්න නොමැතිව හාමතේ
උගන්වන්නට නැතිද කවුරුත් වටින බව මනු ජීවිතේ

මෑත දිනයක මගේ බිරිදට ඇසුණූ පුවතකි මෙමට කීවේ
සුරාසැලකට මුල පුරන්නලු සුරා බදු හා එකගතාවේ
පුරා හැම අත පොලු මුගුරු ගෙන  සුරාසැල වෙත ගම්මු ආවේ
සුරා සැල නැත පස් ගොඩක් ඇත ගම්මු ආගිය අත ගියාවේ.


31 comments:

  1. හෙහ් හෙහ්.......... බලන්න පින්වත්නි, ඒ මුදලාලි මහතාට ජනතා සේවයේ යෙදෙන්නට මේ ගමේ මෝඩ මිනිස්සු ඉඩ නොදුන් හැටි.

    අපූරු කවි පද බැඳුමක්.

    ReplyDelete
  2. උඹේ කවි නම් මල් මසුරන්...

    නොදකින් කාළකන්නි ගම්මු.. සිරිලක දේ සිරිසැප දේ කියන එක මේ කාළකන්නි දන්නේ නැද්ද හැබෑට...

    ReplyDelete
    Replies
    1. සිරිලක දේ කියන්නෙ කසියනෙ මාතයියෙ.....ස්තූතියි

      Delete
  3. සිරාම සීන් එකක්ද බං

    ReplyDelete
    Replies
    1. ටිකක් ඇත්ත ටිකක් බොරු.......ස්තූතියි
      .

      Delete
  4. කඩ වගේද බං සුරා.
    ගම බලාඉද්දි දියුණු වෙන්න තිබිච්ච අවස්ථාවනෙ නැති කරගෙන තියෙන්නෙ. :P

    ReplyDelete
    Replies
    1. දියුණුවද ...එහෙම නැත්තම් විනාශයද කියල කියන්නෙ කොමෙයි ප්‍රසන්න අයියෙ......ස්තුතියි ඔබට

      Delete
  5. සරා සලෙලු දන සතොසේ සුරා පාන කර සැනසේ කිව්වලුනෙ

    ReplyDelete
    Replies
    1. ගුත්තිල ඇදුරුතුමා නේද එහෙම කියල තියෙන්නෙ....අපෙ උන් ඔවට කැමති නෑ ඉංදික අයයෙ......ස්තූතියි

      Delete
  6. සතොසේ ලිකර් විකුනන එක නවත්තනවය කියලා තිබුනා..

    ReplyDelete
  7. චැහැ...වස වැරැද්දක් නොවැ වෙලා තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ මොකේ බිසි වගේ මේ දවස්වල අවුරුදු ලග හිංදා වෙන්ඩැති මගෙ හිතේ

      Delete
    2. යෙස් මචං..මේ විදිහට දිව්වොත් ගෑනියි ළමයයිත් මාව දාලා යනවා

      Delete
  8. ෂික්... ගමට සේවයක් කොරන්න දෙනවයැ මේ නසරානි?
    කවි පෙළ ඉස්තරම්! ආයි නෑ දොසක්නම්!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ.... ස්තූතියි මාධවී

      Delete
  9. කවි ටික මසුරං බං.. ලේසි නෑ මේ විදියට ලිවිල්ල..

    ReplyDelete
    Replies
    1. ටැන්කියු ටැන්කියු ටැන්කියු.............

      Delete
  10. මේ පැත්තේ ටවුමෙන් ටිකක් ඈතට වෙන්න ඉන්න ලොකු මුදලාලිලා ගොඩකගේ කතාව මේක තමයි බං.ඔතනට එකතුවෙන්න ඕනේ තව කට්ටියක් ඉන්නවා.ඒ තමයි මුන්ට උල්පන්දම් දෙන දේසපාලුවෝ.

    වැවා...උඹෙන් ඉල්ලීමක් කරන්නම්.පුළුවන් තරමට ඉශ්ඨ කරපන්.වෙන කොහෙන්වත් ගන්න පොටෝ කෑලී ඕකට දාන්නේ නැතුව උබ අඳින චිත්‍රෙකින් ඕක ලස්සන කරපන්.උඹෙන් චිත්‍ර කතාවක් බලාපොරොත්තු වුනාට ඒක තව ගොඩක් ඈතයිද කොහේද.එතකම් ඕකවත් කරපන්.ඒ හැකියාවත් අපිට පෙන්නපන්
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි උල්පන්දම් කාරයා ගැන කියන්න බැරි වුණානෙ.....දේශපාලන මුර බල්ලෙක් තමා හවුල් කාරයා.....

      02. කටුස්සො..උඹට පාට මාරු කරන්ඩ වෙලාව තිබ්බට ඔයකියන තරම්ම වෙලාවක් නෑ..බං....හිටපං හිටපං හිමින් සැරේ අදිමු...ඒත් ඉතින් ඔය කියන තරං මම දස්සයෙක් නෙවී බං....කවුරුවත් කියන ඒව ගනං ගන්න එපා උන් උඹව අන්දවන්නද කොහෙද හදන්නෙ

      Delete
  11. ඇත්තම සීන් එකක්ද මේක.. කෝම උනත් කවි ටික නම් මරු..

    ReplyDelete
    Replies
    1. චුටිටිත්තක් විතර.....ස්තූතියි දිනේෂ්

      Delete
  12. ///බළල් මස් ගෙන විකුණලා හෝ මුදල් සෙවුමලු ජීවීතේ///
    අද කාලේ බහුතරයක් මුදලාලිලාගේ කෙරුවාව තමයි......
    ලස්සන කවි ටික.......

    ReplyDelete
  13. ඉස්සල්ලා කරපු නසරානි වැඩවලට විරුද්ධ නොවී, අන්තිමට කරපු හොද වැඩේ සමතලා කරපු ගම්මු වැරදියි.
    කවි පද බැදීම නියමයි මලයා.

    ReplyDelete
  14. චඃ අපරාදෙ.ගමේ දියුණුවට තිබ්බ ස්වර්ණමය අවස්ථාවක් මග ඇරිල ගියා නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ හැලපෙ අයියෙ

      Delete