Wednesday, April 22, 2015
මට කෙලවිය
ලද නිමේෂයකදී
අකුරු මුමුණා
ලිවූ වචන ටිකට
අහෝ..! කෙලවිය
මිරිකූ බොත්තම
නොදැනුවත්වම
මිරිකුවා සේ විය
මගෙ බොටු කද
හදවත පමණක්ද
ශරීර කූඩුවම වෙව්ලන්නට විය
තරහින් මගේම
නොසැළකිල්ලට
අහෝ.....මා දෙනෙත් පියා ගතිමි.
සිගරට්ටු දෙක තුනක්
බිබී ලිව් මගේ සිතුවිලි
වලට කෙලවිය
විස්සෙ පැකට්ටුවක්
නැත
බෝතලයක්ම අරගෙන
පැට්ටෙකුත් ඔතාගෙන
උඩම තට්ටුවට ගොස්
විදගනිමි හුදකලාවෙම
දැනුණු වේදනා...
ලොවම හිනැහෙයි
හිකි ගගා
තබේකට නොවටිනා දේ ගැන හඩ හඩා
වැලපෙන හැටි අසා
එසේ වූ මුත් අනේ දෙවියනි
අතුරුදන් වී ගියේ ඒ
ලියපු දේකුත්
ගොතපු දේකුත්
නොවේ ඒ මගෙ ආත්මය යැයි මට සිතේ...
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
අකුරු පද හැඩ වැඩ හින්දා
ReplyDeleteමිහිරි රසයක් වින්දා
මේ නුබේ ජිවිත කථාව හින්දා
මොකුත් නොකියමි හිත රිදෙන හන්දා
තෑන්ක්ස්
Deleteමොකෝ මේ එක පාරට???
ReplyDeleteකියල වැඩක් නෑ...දවස් ගානක මහන්සිය බං
Deleteලියල කෙලව ගත්තද
ReplyDeleteමටත් අනන්ත වෙලා තියන
බීමතට
හිත එකතැනක නැති කමට
කවුරුහරි සිහිය බින්දම
නොසැලකිල්ලට
හැබැයි ඔය එකක්වත් උඹට වෙන්ඩ බැ
බීමේ ආදින වලට හොදම උදාහරණේ තමා මේ....
Deleteරූපෙ..බලහංකො කියන ලස්සන විතරක්
Deleteසිහිය බිදිනව නෙමේ සමහරක් උන් අපෙ සිහිය විකනව අටං අයිය
Deleteසිහිය විකනවා ?????? ඒ කොහොමද බන් එක කරන්නේ
Deleteමුන් ඉන්නෙ අපේ ඔලු ගෙඩි අස්සෙ. ඒ ඉදගෙන හෙමීට හෙමීට මොල ගෙඩි හපා කනව
Deleteපලවෙනි පාර දන්නේ නෑති හින්දා...
ReplyDeleteදෙවැනි පාර අමතක වුන හින්දා...
තුනවෙනියට මිස් වුන හින්දා...
තව ට්‍රයි කරමු මැරුනු නැති හින්දා...
එහෙනං එහෙනං තවම මැරුන්නෑ නොවැ...
Deleteඉදල හිටල මටත් ඕකම වෙනව
ReplyDeleteබුකියෙ එහෙම කවි දාද්දි දාන්නෙ ඒ වෙලාවට හිතල ඒ වෙලාවෙම ඒ වගේ වෙලාවට මොකක් හරි මිස්ටේක් එකක් වුනොත් සොරි තමා
මොකෝ අර වචන මතකයි කියලැයි
කැන්ද ඇට කෑව රිලව වගේ බලං ඉන්නව ඇර
ඩිලීට් වෙලා ගියාට පස්සෙ....පට්ටම දුකයි මහේෂ්
Deleteඊට පස්සෙ උන්නෙ %රි කාපු රිලව වගේ හැබැයි
බොහෝම සුන්දරයි... රහයි
ReplyDeleteඅනන්තවත් මේ දුක විඳ ඇත්තෙමි..
ස්තූතියි..මාතයිය. අපි ඉතිං පෝස්ටුවක් දාන්නෙ අවාරෙට පොල් වැටෙන්න වගේනෙ ඒකටත් හෙණ ගැහුව වගේ උනාම පොඩි දුකක් එනව...අපි ඉතිං පොඩි උන්නෙ
Deleteමට සැරයක් එබුනේ බාගෙට ලියලා තියෙන එකක් සේව් කරනවා වෙනුවට පබිලිස් බටන් එක.....
ReplyDeleteඒක නං ඉතින් සැනසෙන්න පුළුවන්. ඒත් ඩිලීට් වෙනකොට....!
Deleteහපොයි බං කියල වැඩක් නෑ.. ආයි ඒවා ගන්නයැ.. මටත් සෑහෙන්න වතාවක් ඕක උනා..
ReplyDeleteමේ වගේ දේවල් වෙලා වෙලා අන්තිමේදී අපිටත් ගාණක් නැතිවේවි නොවැ
Deleteඋඔලා ලියන එවා උඔලාගේ විතරක් නෙමෙයි අපේත් ඡිවිත වගේ..ආත්මය වගේ. කමක් නෑ සහෝ දුමක් දාලා ආය ලියපන්.
ReplyDeleteඅනිව සංජීව දැන් පෙට්ටියක්ම ලගින් තියාගෙන ඉන්නෙ
Deleteමෙන්ඩා
Deleteඑල ද බ්‍රා
ගල් බලකායේ සම සභාපති
පිස්සුද බං ගල්
Delete///විස්සෙ පැකට්ටුවක්
ReplyDeleteනැත
බෝතලයක්ම අරගෙන
පැට්ටෙකුත් ඔතාගෙන
උඩම තට්ටුවට ගොස්
විදගනිමි හුදකලාවෙම
දැනුණු වේදනා...///
මොන වේදනාවක්ද බන්, මේ ටිකෙනුත් ඔය කියන වේදනාව සමනය උනේ නැතෙයි...
ලොකු පුතා සාදරයෙන් පිලිගන්නව වැව් ඉස්මත්තට...
ReplyDeleteමේ මොනව කියනවද..ටිකක් වෙලා යනකොට ලෝකෙ කැරකෙනව වගේ දැනුන...වේදනාව නැතිවෙලා ගියා...
මට ලියන්න දේවල් ඔළුවට එන්නෙම ගෙදර ඉද්දී නෙමෙයි එක්කෝ වැඩ කරද්දී එක්කෝ කොහේ හරි යද්දී.. කොච්චර ඔළුවේ තියන් ආවත් ගෙදර එද්දී සමහර දේවල් අමතකයි..
ReplyDeleteදිනේෂ් කිව්වට විස්වාස කරයිද දන්නෑ මට අදහස් එන්නෙම ටොයිලට් එකේ ඉදගෙන ඉද්දිනෙ
Deleteබ්ලොගර් එකටත් රීසයිකල් බින් එකක් දැම්මනං හරි. ඒත් එක්කො වැඩක් නෑ. ෂිෆ්ට් + ඩිලීට් ගහලනෙ මකන්නෙ.
ReplyDeleteඒකනෙ
Deleteකවි ගැන දැනුම අවමවුනත් කවි ලියන්නේ කොහොමද කියන එක ගැන ලොකු කුතුහලයක් තියන නිසා අහන්නේ.
ReplyDeleteකතාවත් හෝ වෙනත් ලියවිල්ලක් එහෙම නැතිවුනත් එය නැවත එලෙසින්ම හෝ ඊට කිට්ටුවෙන් ලිවිය හැකි ( කම්මැලි නැත්නම් , වෙලාව තියනවනම් ) වුනාට කවි එහෙම බැරිද?